ඔබ යන ගමනේ මාවත අවුරා ගැරහුම් අවමන් අවි ඔසවා ඇත...
කැට මුගුරෙන් රළු පහර වැදී ලෝහිත ගංගා ගලා ගියාවේ..
මලණුවනී නොසැලෙන් මලණුවනී...
කඳුලින් උපන්නෙමී ගැරහුම් අසමින් ඉණූ කඳුලකින්...
ලෝකය හැඳින්නෙමී...
ඵල ඇති ගසටයි පහර වැදෙන්නේ සඳු දැක සිව්පාවුන් මොරදෙන්නේ...
කටු පඳුරින් දස දෙසම වැසී හදවත් ඉකිබිඳිමින් හැඬුවාවේ...
මලණුවනී නොසැලෙන් මලණුවනී...
කඳුලැල් විඳින්නෙමී ගැරහුම් අවමන් මල්දම් සේ ගෙන...
නව මං සොයන්නෙමී...