හිතත් එක්ක ඔට්‍ටු සෙල්ලං කර තිබෙනවාද...? ගොඩක්ම පුංචි කාලෙදී "චොකලට් එකක් ඕනෙද, අයිස් ක්‍රීම් එකක් ඕනෙද" කියල කවුරු හරි අහපු කාලේදී ඉඳලාම හිත දෙගිඩියාවෙන් පෙලෙනවා නේද තීරණ ගන්න වෙලාවට... මොළේ ඇට්ටකුනා වෙච්චි කාලෙක නම් "චොකලට් අයිස්ක්‍රීම් එකක් කමු..." කියලා දෙකම ගොඩ දාගන්නත් තිබුනා... නමුත් වෙලාවක් එනවා, යම් යම් කාරනා වලදී, හිත ඇතුලෙම බලවත් ප්‍රතිවිරුද්ධ තාවයන් ගොඩ නැගෙන... එතකොට කොහොමද තීරණ ගන්නේ...? මට හිතෙන්නේ යම් යම් ක්‍රීඩාවලදී අසීරු කාර්‍යයන් කරන්න පුරුදු පුහුණු වෙනවා වාගේ, යම් යම් සංගීත භාණ්ඩ වයන්න පුරුදු පුහුණු වෙනවා වාගේ, හිතත් මෙයට පුහුණු කලයුතුයි කියා.... මොකද හිතේ කොටසක් A හරිය කියා කියනවා... තවත් කොටසක් B හරිය කියා කියනවා...එතකොට ඒ හිත තුලම ඉඳන් තමයි මේ දෙකෙන් තේරීමක් කරන්න වෙන්නෙත්... ඒ හා බී වලින් නතර වුනොත් හොඳා... තවත් බොහෝ විකල්ප එකතු වුනහම...? හිතේ දමනයකුත් නැතිවුණහම...?
ගතත් සිතත් එක්තැන් කරන ක්‍රීඩා වලිනුත් මේ සිත දමනය කරගන්න උදව් ගන්න පුලුවන් කියා මට හිතෙනවා... පිහිණීම, දිගු දුර දිවීම, සරල ක්‍රීඩා වුවත් සිතේ ශක්තිය, මෙල්ල කිරීම පුහුණු කරවන්න උදව් වෙනවා... බෝධිධර්ම භික්ෂුව විසින් ඉන්දියාව හරහා චීනයට, එතනින් ජපානයටත් ව්‍යාප්ත වුණු කරතේ ක්‍රීඩාවෙත් මේ වාගේ "නිසල මනස" [Peaceful Mind - Heian] නමින් "කාතා" වර්ගයක් තිබෙනවා... ඉංග්‍රීසි අයි අකුරේ හැඩයට චලනයන් දක්වන මේ "කාතා" සරලයි... නමුත් මානසික ඒකාග්‍රතාව වෙනුවෙන්ම වර්ධනය කල ඒවා වෙනවා... විශේෂයෙන් නවකයන් උදෙසා ලබාදෙන... යෝග ව්‍යායාමත් අනිවාර්‍යයෙන්ම සැකසී ඇත්තේ ඒ වෙනුවෙන්මයි මගේ හිතේ... අමාරු ඉරියව්වක විනාඩි දෙකක් ඉන්න, හිතේ බලවත් ශක්තියක් ඕනෑවෙනවා...
අසංවේදීව හිතත් එක්ක කරන ඔට්‍ටු සෙල්ලන් ජීවිතයේ එමට වුවත්, සිහියෙන් යුතුව සෙල්ලමක් කර බැලුවොත්... තමන්ට නතර කර ගත නොහැකි සමහර චර්යා... කෑමෙන් පසු ලොසින්ජරයක් කැම, සිගරැට්‍ටුවක් පානය, රැට අඩියක් ගැහීම... වගේ දෙවල් එක්ක අත් හදා බැලුවොත්....? මම හිතන්නේ ඒක අපේ හිතේ හයිය පිලිබඳ නියම "අම්ල පරීක්ෂාව - Acid Test" කියා... උප්පත්තියෙන්ම දැමුණු සිතැත්තන් ඉන්නා අතර වෙහෙසවී සිත් දමනය කරගත්තවුන්ද අප අතරම මා දැක තියනවා... ඔවුන් නියතයෙන්ම මට නම් මග එලි දක්වන්නන්... අවසන් පදයේ තණුව වෙනස් වන අයුරු නිස්කාන්සුවේ විඳින්න..
දලින් අනින පයින් මඬින රුදුරු සැහැසි කම් කල ඇතු....
අන්න බලන් සැදැහැ සිතින් කරඬුව ගෙන යනවා...
ආ.... කරඬුව ගෙන යනවා.... කරඬුව ගෙන යනවා....
දෙපයින් අහසට නැගෙමින හේෂාරව නද නැගු අසු....
අන්න බලන් ආදරයෙන් රජුට අසුන දෙනවා...
ආ... රජුට අසුන දෙනවා... රජුට අසුන දෙනවා...
අඟිනවුලා මුල් උදුරා ගුරු තවරා ගත් ගවදෙන...
අන්න බලන් මවක වෙමින් කිරි දෙන්නට එනවා...
ආ... කිරි දෙන්නට එනවා... කිරි දෙන්නට එනවා...
නින්දා රලු බස් පහරින සසල නොවී නිසසල වන...
අන්න බලන් දැමුණු දනා...
අන්න බලන් දැමුණු දනා නෙත රසඳුන් වෙනවා...
නෙත රසඳුන් වෙනවා...
සින්දුව අහන්න... ඕන්නම් බාගන්න....
Read More!