ඇයි සොයුර ඔබ එහෙම කලේ... ? තමන්ගේ දෝතින්ම ගෙනල්ලා, මලානිකව තිබිච්ච ඒ ලදලු පැලය, ඔබම නේද අලුත් පසක ඉන්දෙව්වේ...? ඔබටත්, සැමටත් සෙවන දෙන, අතුපතර විහිදුන, ඩිඩාවෙන් බරවූ විට හිස තියා හාන්සි විය හැකි, මහා වෘක්ෂයක් වෙනකල් ඉවසන්න බැරි වුනේ ඇයි...? එය ලස්සන මල් පොහොට්‍ටු පුබුදුවාලූයෙත් ඔබ වෙනුවෙන්මයි...! අන් කිසිවෙකුටවත් නොවේ... ගස මෝරන්නටත් කලින්ම එහි පලයම ඉල්ලා හඬන්නට තරම් ඔබ සැහැසි වූයේ ඇයි සොයුර...? නියගයටත්, වරුසාවටත් එකසේ ඔරොත්තු දී තිබු ඒ ගස සුවඳැති මලින් තොර කලේ ඔබමයි....! අසලින් යන මගී අපටත් ඔබ ඒ සුන්දරත්වය අහිමි කලා... ඔබට සාප වේවා...
(එක් බෙරයකින් තවත් බෙරයකට...! ගායනය නිරංජලා සරෝජීනී ගේ සුමියුරු හඬින්)
දිය පිට ඈන්දා ආදර සිතුවම්...
කල්ප විනාසය තෙක් පවතින්නට, වෙරලේ ලිව්වා දහසක් පෙම් කවි...
ඉරහඳ පායන තෙක් නොමැකෙන්නට....
ලොවම අසිරිමත් වී නෙත් පියවී අන්ධ වුනා මා අන්ධ වුනා...
සුමිහිරි ගීයෙන් දෙසවන් පිනවී බිහිරි වුනා මා බිහිරි වුනා...
අනියත කිසිවක් නොදිටිමි ලොව තුල පාරාදීසෙක මා සිටියේ...
නටබුන්වත් නෑ රුසිරු සිහිනයේ ධූලි වලා සේ බිඳී ගියේ....
සිංදුව අහන්න... ඕන්නම් බාගන්න... හිතේ තියන දෙයක් ලියලම යන්න
Read More!