ස්වර්ණදීප පරවියනේ...!

පරවියන්ට කවුරුත් කැමතිය. උන් සාමයේ සංකේතයය. නූතනයේ කවුරුන් හෝ විසිකරන යමක් කා ජීවත් වෙයි. පාටින්ද විවිධය. ජනක රත්නායක කළු පරවියෝ කියා කථාවක්ද ඇඳීය. සුදු පරවියන් විරලය. රජගෙදර පරවියෝ නමින් චිත්‍රපටියක්ද විණි. පරවියන් මෙන්ම කොබෙයියන්ද එන්නේ රෑන් පිටින්ය. ඒත් එහෙම එන්නට ලේසි නැත. සර්පයින් නිසාය. මුලින් බොරු කියා හැම රැවටූ රැංගෝට තුවාලවුනු කුරුල්ලා මෙලෙස කියයි:

Wounded Bird: You killed bird.
Rango: Yeah. [laughs] Matter of fact I did.
Wounded Bird: Bird dead. Snake come.
Rango: Is it snake?

රැංගෝ නාගයා ගැන නොදනියි. එයට උත්තර දෙන්නේ සුහුඹුල් ප්‍රිසිලාය:

Priscilla: He means Rattlesnake Jake, Mr Rango. 
He never comes to town cause he's scared of that hawk, but might come now. 
May I have your boots when you're dead?

රැංගෝට චක්ෂුසය පහල වන්නේ මියෙම්වා රැකෙම්වා කියා අධිවේගය හරහා පාර පැන්න විටය.

උකුස්සන් සරන්නේ තනිවමය. රාජාලීන්ද එසේමය. උකුස්සන්ගේ සටන ඇත්තේ නාගයන් සමගය. පරවියන් සමග උනට සටනක් නැත. උකුස්සා පෙහෙළි කල මගට විසී කල, කෙතෙහි සිටවූ ආහාර පරවියන්ට රිසිසේ බුක්ති විඳිය හැක. උකුස්සන් එකිනෙකා අතර සටන් දැක නැත්තේමය. 'ගගන' සරන උකුස්සන් එකිනෙකා කා කොටා ගැනීමට සැලස්වීම හොඳ නැත. එය ඔට්ටුවට කුකුලන් කෙටවීම මෙන් නොවේය. නාගයනට බර හෑල්ලු වේ. ගොදුරු පහසු වේ!




අත රන්වන් පරවියනේ

තුඩ රන්වන් පරවියනේ
ගෙල රන්වන් පරවියනේ
පාට එරන් පරවියනේ
ස්වර්ණදීප පරවියනේ

ලස්සන රන් හිමවතිනේ
වී බරටම අහුලාගෙනේ
රෑණ පිටින් නුඹ ගොසිනේ නුබ කුසිනේ
ඉගිල වරෙව් පරවියනේ

ස්වර්ණදීප රන් පොළවේ
වී වපුරව් පරවියනේ
හිරු දෙවියන් සරණින්නේ
බාල ලියන් සමගින්නේ
මියුරස ගී ගයමින්නේ
කෙතට බසිව් පරවියනේ

29 comments :

  1. බොහොම පින් මේ කරන සේවයට.

    ReplyDelete
    Replies
    1. එක්ව සෙමින් යමු සුදසිංහ මහත්තයා...
      අපට ගොඩක් දුර ගිය හැකි වේවි...
      එකිනෙකාගේ කාන්සිය මකාගනිමින්...

      Delete
  2. මේ ගීතය ගයන්නේ කවුදැයි කියා දැනගන්න පුළුවන් ද,

    ReplyDelete
    Replies
    1. ගීතයේ නම සඳහන් තැනම ඒ විස්තර මම එකතු කරනවා අරුණ - උඩින්ම බැලුවොත් පෙනේවි
      සෝමරත්න පෙරේරා හා නීලා වික්‍රමසිංහ - ප්‍රේමකීර්තිගේ රචනයක්, තනුවත් සෝමරත්න පෙරේරාමයි

      Delete
  3. ඔෆීස් එකේ නිසා ගීතය අසා ගැනීමට නොහැකිව කුහුලින් හා ලතවෙමින්. ඇයි අපිව මේ වගේ අමාරුවේ දාන්නේ හැබෑට?

    ReplyDelete
    Replies
    1. කමීටනම් මේ ලාංඡන හොඳට හුරු පුරුදු ඇති!!!

      Delete
    2. අර ටාර්ගට් එකද...

      Delete
    3. ඒක ටාගට් එකක් වෙලා තිබ්බා කලකට ඉහත ලොකූ!

      Delete
  4. තිස්ස
    අදනම් වචනයක් දෙකක් එහා මෙහා වෙලා වගෙයි

    මටනන් ඇහෙන විදිහට මෙන්න මේ වගෙයි

    ලස්සන රන් හිමවතිනේ
    වී බරටම අහුලාගෙනේ
    රෑණ පිටින් නුබ කුසිනේ
    ඉගිල වරෙව් පරවියනේ


    ඉතින් හිමවතේ වී බරටම අහුලාගෙන ඇවිත් ස්වර්ණ දීප කෙත සරු කරන්නේ කවදාද ?

    ReplyDelete
    Replies
    1. හැදුව සුසර - බොහොම ස්තූතියි!

      Delete
    2. මේ ගීත වල වටිනාකම දැන් බොහොම දැනෙනවා.ස්තූතියි.

      Delete
    3. හදපු වචනයත් එක්ක වැරදි වචනය එතන තියෙන්න අරිනවට වඩා ඒක මකල දාන එක හොඳ නැද්ද තිස්ස අයියේ...

      Delete
    4. ස්තූතියි ගිම්හානී!
      අඩුපාඩුව පෙන්නල දීපු කෙනා වෙනුවෙන් එහෙම තියෙන්න ඇරියා ලොකූ!

      Delete
  5. "තිස්ස තිස්ස මේ ගීතය හැර තවත් මෙවැනි ගීත තිබේද ? " .....හාහ්
    තිස්ස අය්යේ බොහොම පින් ඔබතුමා කරන මේ පින්කමට .
    අර නිහාල් නෙල්සන් මහත්තයත් කියන්නේ පරවියා මිනි මරපු හැටි ...
    උඩ කරණම් බිම කරණම් ගහන පරවියා..
    වැඩිහිටියන් පොඩි ළමයින් කරන පරවියා...
    ගහ ගනිමින් බැන ගනිමින් හදන පරවියා..
    සාමයෙ සළකුණ ලු පරවියා ...

    කොමන් ටැන් ටේල් නමින් සුදු කළු පුල්ලි වලින්
    හොඳ ජාතියේ වටිනා පරවීයෝ රෑනක්
    වටපිට ගමෙන් ගොඩෙන් ගෙනැවිල්ලා
    හරි ආදරෙන් හැදුවා යාලුවෝ දෙන්නෙක්
    හොදින් හිලෑ කරලා ඉතින් - අරගෙන කුඩු දෙකෙන්
    කරනම් ගහන හොදට පරවී ජෝඩුවක්
    අත මිට ගුලි කරමින් උඩ ගහලා - හරි ප්‍රීතියෙන් දුන්නා අත්පුඩි පාරක්
    ඒ පරවියෝ දෙන්නා - දිගටම උඩ යන්නා
    යාලුවෝ දෙන්නා - බිම හෙම්බත් වෙන්නා
    රෑ බෝ වෙන්නා - නැ පරවියෝ දෙන්නා
    බැලුවම උන්නා එකෙකුගේ කුඩුවේ දෙන්නා

    මගේ සතා මම ගන්නම් ආයෙත් හෙට එන්නම්
    කියමින් කුඩුවේ දොර ඇරියා එක්කෙනෙක්
    අනෙකට තරහා ගිහින් ඔරවාලා
    හරි කෝපයෙන් ඇහුවා මෙහෙම ප්‍රශ්නයක්
    උඹේ සතා මොකටද බන් මගේ කුඩුවට දමන්
    එකේ සත්තු ගන්න උඹට නැනේ අයිතියක්
    ඇතිවුන කතාබහෙන් වැරදිලා
    සාමයේ සලකුණෙන් එතන උනා මරණයක්
    මේ සාමය පෙන්නා අපට සලකුණු දෙන්නා
    මේ ලෝකේ ඉන්නා මිනිසුන් වැනසෙන්නා
    යාළුවො දෙන්නා පරලොව යන්නා
    පරවියෝ දෙන්නා එකට කුඩුවේ ඉන්නා ..

    ගායනය - නිහාල් නෙල්සන්

    ReplyDelete
    Replies
    1. මෙන්න සින්දු ! නැද්ද ඇනෝ ?
      පරෙයියෝ පෙන්නලම ගේම දෙන එකයි වැඩේ

      Delete
  6. ලස්සන සින්දුවක්
    මියුසික් එකනං ටිකක් වලියකට ගැලපෙන එකක්. :D

    ReplyDelete
    Replies
    1. උදාගීයකට හුරු ගතියක් නේද?

      Delete
  7. වියයුතු පරිදිම කළින් අසා නොමැති ලස්සන සින්දුවක්...

    ReplyDelete
    Replies
    1. ඔව් මේක සොයාගත්තේ බොහොම අමාරුවෙන් ලොකූ!

      Delete
  8. //ලස්සන රන් හිමවතිනේ// වෙන්නෝනෙ නේද?
    දැනුයි ඇහුවේ.. :) නීල වුනාට නන්දා මාලිනියගේ හඬ වගේ ඇහෙන්නේ. අදහස ගොඩ දා ගත්තා උඩ කොමෙන්ට් ටික කියෝලා.. මේ ලාංඡන නම් ඒ හැටිම හුරු නෑ.. ඔය කොහෙ හරි නැංගුරමක්වත් ඇමිණිලා තිබුණ නම් ඔන්න.. හැක්..

    ReplyDelete
    Replies
    1. ඒකත් ඔන්න හැදුව කමී
      නීලා ගොඩක් මුල් කාලේ කටහඬ ඔය
      දියකාවන්ට උකුස්සන්ගෙන් නොමද සහයක් ලැබුණා ඒ කාලේ මට මතක හැටියට!!!

      Delete
  9. Many thanks Tissa. If I remember correctly this song belong to the 70s. I do not remember any other songs of Somaratne Perera. He was a talented musician

    ReplyDelete
    Replies
    1. තියනව තියනව
      1. "කැල්මෙනා සඳෙස සදිසි - ඇයගෙ වත මනා"
      2. "මල් මදහස රැඳුණු තොලේ - මල් ගෝමර ඉසුනු බඳේ"
      3. "ආදරයේ සනාතනික - සංකල්පය අම්මා"
      මේ ඔක්කොම සෝමරත්න පෙරේරා මහත්තයගෙ. උඩ තියන "මෙතෙක් ගී සියල්ල" කියන පිටුවට ගිහින් සෝමරත්න පෙරෙරා යටතේ 1 හා 2 සින්දු සොයාගන්න හැකි.

      Delete
  10. තිස්ස කරන වැඩේම මටත් කරන්න හිතෙනවා හඬ පටයක් එල්ලලා හැම ලිවිල්ලකටම.. එතකොට හැමෝටම දෙපාරක් මගෙ අඩවියටත් එන්න වෙයි.. ඉතින් බලමුකො.. මේක අහන්න ආපහු එන්න වෙනවානෙ.

    ReplyDelete
    Replies
    1. හිමින් සීරුවේ පොඩි 'ඉයර් ෆෝන්' යුවලක් නැත්නම් 'නිල්-දතක්' ගහගත්තනම් සින්දුවත් අහන්න තිබ්බා... :-)
      මේ අඩවියේ විස්තරය තනි පේළියකින් දමා ඇත්තේ 'සිංහල ගීතාවලියේ කාලයේ දුහුවිල්ලෙන් වැසීගිය මිණි නැවත මතුකරන්නට....' විදිහට.
      ඉතින් ඕක තමා කෙරෙන්නේ.
      දැන් මේ ගීය අවුරුදු ගානක් පරණ වුණත් දැන් කොහෙවත් අහන්න නෑ සරත් මහත්තයෝ..
      මේවා අහන්නට නැති කමින් ලතැවෙන කට්ටිය නොසෑහෙන්න ඉන්නවා...
      ඉතින් ඒ අයට වෙනුවෙන් විශේෂයෙන් මේ උත්සාහය... ලියැවිල්ලයි ගීයයි සමහර විට පෑහෙනවා... එකිනෙකට ආලෝකය සපයනවා...සමහර විට දෑතක යනවා... කියවන්නගේ උත්සාහයෙන් ගැටගහගන්න වෙන අවස්ථාත් තියේ :-)

      Delete
  11. මමත් මිට කලින් කවරදාකවත් අසා නැති ගීතයක්.

    ReplyDelete
    Replies
    1. ඔව් මනෝජ්... ඒක තමා මට ඇති චැලේන්ජ් එක :-)

      Delete
    2. සිංගප්පුරුවේ බහුල පක්ෂියෙකි. උන්ට කෑම දමන්නට එපා කියා දැන්වීම් ගසා ඇත. පරවියෙක් වුණත් නිකන් කන්න බලන් ඉන්නවාට වඩා අහුලන් කන එක හොඳ නිසා වන්නට ඇත. පරවියන් වුණත් කන්න බොන්න දී වැඩියෙන් බෝ වුණ විට කුරුළු උණින් මිය යන්නට ඉඩ ඇත. සුදු ,කළු පරවියන් මෙන්ම සුදු කළු ලප සහිත උන්ද දැකිය හැක.
      ඉස්සර අපේ පැත්තේ පරවියන් ඇති කලේ "රස්තියාදුකාර" කොල්ලන්ය. පරවියන් ගැසීම උන්ගේ විනෝදාංශය විය.
      මේ බ්ලොග් එකට ආවිට මට මා වයසට ගොස් ඇති වග මතක් වේ. ඒ මේ පරණ සින්දු අසා ඇති නිසාය.

      Delete
    3. අදටත් පරවියන් ගැසීම කරති
      හැබැයි රස්තියාදුකාර කොල්ලන් නොවේ
      උගත් වැදගත් මහත්වරුන්ය - ආදායම හොඳ බැවිනි!

      Delete

 
Blogger Wordpress Gadgets