මංගල කසී සළු මාලා...

මංගල කසී සළු මාලා
දෑතේ රන් වළලූ
හැඳ පැලැඳ මා
සිටියා ඔබගේ
අතිනත ගත් දිනයේ
අතිනත ගත් දිනයේ 
මල්සර මිණි බුබුළු දිලිසී
සිහිනෙන් නොදුටු රැයේ
නීල තරු පොකුරූ මා දුටුවා
නීල තරු පොකුරූ මා දුටුවා

ජීවන ගීය ලොවේ මියුරූ
සවනට නොදී සැලේ
සියොතුන්ගේ ගීතේ මා ඇසුවා
සියොතුන්ගේ ගීතේ මා ඇසුවා

28 comments :

  1. පද ටික කියවා මනමාලි බලා ගියෙමි..

    ReplyDelete
  2. සුජාතා අත්තනායකගෙ මව් ගුණ ගී ගැයෙත්දි දැනෙන හැඟීම ඇගේ අනෙක් ගීත වලදි දැන්නෙ නෑ. කොහොම උනත් ඕක විශේෂ සින්දුවක් මම අහල තියෙන විදියට සුනිල් ආර් ගමගේගෙ පලවෙනි ගී රචනාව.

    ඔය වගේම හැඟීමක් දෙන සින්දුවක් තමයි සමිතගෙ "ගුමු ගුමුව වදුලේ" කියන්නෙ.

    ReplyDelete
    Replies
    1. සුජාතා අත්තනායක සෑහෙන පරාසයක සින්දු කියා තිබේ
      ඇගේ ගොඩක් ගීත තාක්ෂණයේ දියුණු කම මදි නිසා අසාධාරණය ලක්වී ඇතැයි සිතමි
      ගුවන් විදුලි සංස්ථාවෙන් ප්‍රචාරය වන ගී වල ඇගේ හඬ පෙළහර එන්නේම නැත
      ඇගේ ගී සංරක්ෂණය ඈ කරන්නේද නැත
      "සඳ මුතු මල්දම් සිරස පැලඳ ගෙන", "කෝපි මලට.." "සුදෝ මම ආදරෙයි" ගීත, ටිකක් හෝ හොඳ තත්වයේ ඒවා සොයාගන්නට ඉතා අපහසුය.
      ඉන්දික හරි - සුනිල් ආර්ගෙ විස්තරේ උඩ ප්ලේයර් එකට යට ඇති කුන්ඩලිය ඔබල බලාගත හැක
      "ගුමු ගුමුව..." අපූරුම ගීයකි. සමිතා කෙටි දුරකින් නිර්මාණ කටයුතු නිම කල එක අපරාදයකි!

      Delete
    2. මම දැන් මේ සින්දුව මුමුණන්න ට්‍රයි කරාට එන්නෙම නෑ. පස්සෙ කන ගමන් කල්පනා කරාම තමා තේරුනේ වික්ටර්ගෙයි සිසිරගෙයි සින්දුව එක්ක මේක පටලැවිල කියල. ඉන් පස්සෙ ඒ සින්දුව මතක් කරත්දි ඒක ජෝති එම් එස් වික්ටර්ගෙ ස්වයංවර ගීතෙ එක්ක පැටලෙනව. ලොකුම අවුල මේ සින්දු ඔක්කොම අත ගාව තිබිලත් අහල ප්‍රශ්ණෙ විසඳගන්න බැරිකම. දැන් ඉතින් ඉවසපන් පපුව කෑමට යනතුරු.

      සමිතා කෙටි දුරකින් "නිර්මාණ" කටයුතු නිම කල එක :D

      Delete
  3. මගුලෙන් පස්සෙ දෑතේ නැති රන් වළලු දැන් බැංකුවෙද?

    ReplyDelete
    Replies
    1. මගුලක් කථා කරාට කෙලවර වෙන්නේ ඔතනින් තමයි ප්‍රසා!
      දෙයියන්ගෙ මල්ලි!

      Delete
  4. කාලෙකට පස්සෙ මේ ගීය ඇහැවුවෙ.

    අර මක්කැයි අර සුනිල් ආර් ගමගේ ගෙ විස්තරේ හංගලා දාලා තියෙන්නෙ!?

    ReplyDelete
    Replies
    1. මම රෙකෝඩ් කරාපු හද්ද පරණ කැසට් එකක තියල හම්බ වුණේ.
      මේ වර්ෂන් එක ඔරිජිනල් වාගෙ
      පස්සේ සී ඩී එකේ මියුසිකුත් හොඳයි
      ටිකක් පේන්න තිබ්බම ගොඩක් විපරම් කරණ හින්ද එහෙම දැම්මෙ ;-)

      Delete
  5. මචාං......
    ජාතික ගීයෙන් පටන් ගත්තම ගොඩක් ගීත වලට මගේ නම ඇතුල් කරන්නේ මට උපහාර පිණිසද මචාං

    ReplyDelete
    Replies
    1. හෙහ්හ් හෙහ් හෙහ්... ඒක හැබැයි නේද?
      ජීවන ගංගා ඉවුරේ අපී
      ජීවන මේ ගමන
      මේ ජීවනයේ
      ජීවන සුවඳක් දැනෙනවා
      මේ ජීවන ගංගාධාරයේ
      ජීවන විල මැද
      හම්මේ කොච්චරද..........

      Delete
  6. කවිය ඔබ ගීය ගැන සුනිල් ගමගේගේ කථාව...

    "ආකෘතිමය වෙනස්‌කම් කළ ගීතයක්‌. මාත්‍රා පහකින්, වචන දෙකකින් මෙම ගීතය පටන් ගන්නේ. එම වචන දෙකෙන් එහාට ගීතයේ ශක්‌තිය තිබෙන්නේ තනු නිර්මාණ ශිල්පියාගේ අතේ. රෝහණ වීරසිංහ ගීතය ඉතා ඉහළින් කරනවා. මගේ බොහෝම ගීත ආකෘති වෙනස්‌කම්වලින් යුක්‌තයි. මම නිතරම ස්‌ථායි කොටසේ ආකෘතික වෙනස්‌කම් කරලා තියෙනවමයි. අන්තරා කොටස තමයි සාම්ප්‍රදායික විරිත් ලක්‍ෂණ රැකගෙන තියෙන්නේ. මගේ හැම ගීතයකම මෙම ලක්‍ෂණ තියෙනවා. මේකත් ප්‍රශ්නයක්‌. මොකද ආකෘතික ලක්‍ෂණ වෙනස්‌ කරපු ගීතවලට තනු නිර්මාණ කරන ශිල්පීන් හරිම අඩුයි. රෝහණ වීරසිංහ කියනවා එක අවස්‌ථාවකදී මම තියන තිත් පේළියත්, දිග ඇර, කෙටි ඉරත් තේරුම් ගන්නවාලු. එතන විරාමයක්‌ තියන්න අවශ්‍ය බව."

    ReplyDelete
    Replies
    1. සංගීතය දන්නා අයට වැදගත් කරුණක්
      ආයුධයක් පණපොවනව වගේ වැඩක්!

      Delete
  7. කාලෙකින් ඇහුවෙ හිතේ තිබ්බ තරමටම සංගීතය නැතත් ඔහොමවත් අහන්න ලැබුන මදැයි. තිස්ස අයියා රේඩියෝ එකේ වාදනය වෙද්දි රෙකෝඩ් කල එකක් මයෙ හිතෙ

    ReplyDelete
    Replies
    1. ඔව් සෑහෙන කලකට ඉස්සර - අවුරුදු 20 කට කලින් විතර.
      මේ සංගීතය එක්ක, මේ ටෙම්පෝ එකත් එක්ක නෑ පසුව නිකුත් කල ඒව මගෙ හිතේ

      Delete
  8. ලැජ්ජාවෙන් වගේ හොරෙන් බලන ඒ මනමාලි කවුද? :D

    ReplyDelete
    Replies
    1. මනමාළියි ලැජ්ජාවයි කියන්නෙ හොඳට පෑහෙන දේවල් නේද?
      දැන්නම් හැබැයි පෝරුවෙන් බැහැල සාරිය උස්සන් නටනවත් නේද?
      ලංකාවේ මනාලියන් ඉන්න වෙබ් පිටුවකින් ගත්තෙ!

      Delete
  9. හදගී පොතේ අනිත් අයගේ සින්දු වගේම තමන්ගේ සින්දුවකුත් නිර්මාණය කරන්න තිස්සට යෝජනා කර සිටිනවා..(සින්දු ගායනා කරන්න බැරිනම් ලියන්න හරි පුළුවන්නේ)

    මමම ඒක ස්ථිර කරනවා..

    ReplyDelete
    Replies
    1. හපොයි රූ නෝනේ.... ඕවා සෙල්ලම් වැඩද?
      ලඝු ගුරු මාත්‍රා විරිත් වියරණ මෙළෝ සංසාරයක් හරියට නොදැන??
      මම මේ බෝතල් පත්තර වැඩේ කරාන ඉන්නම් :-)

      Delete
    2. ළඝු ගුරු මාත්‍රා විරිත් වියරණ මක්කටැයි සින්දු ලියන්ට? ඒවා ඕනැන්නෙ කවි ලියන්ට නේ. සින්දුවක් ලියනවා කියන්නෙ හරියට සැහැල්ලු නිසඳැසක් ලියනවා වගේ වැඩක් නෙවැ. බැහැයි කිය කියා ඉන්නෙ නැතුං ඔය නිදහසේ ඉන්න වෙලාවක හිතට එන ඒවා ලියලා දාන්ට. පස්සෙ වෙලාවක හිමින් සැරේ ඒ ලියාපුවා කියෝන ගමන් එඩිට් කරන්ට. ඔහොම ටික කාලයක් යනකොට හොඳ පදමාලාවක් මතුවෙලා එයි. :-)

      Delete
  10. මේ ලඟකදී ඉඳන් මමත් සුජාතාගේ හා අමරා රණතුංගගේ සින්දු අහන්න ගත්තා . ඒ කාලේ දැනුන නැති දෙයක් දැන් දැනෙනවා . මම අහලා තියෙනවා අපි අපේ අප්පච්චිලා වෙනකොට එහෙම වෙනවාලු (when you become your father) .

    සමිතා ගේ ස්වයං නිර්මාණයක් නොවුනාට මේ සින්දුවෙත් මොකක්දෝ සිත ඇලෙන ගතියක් තියෙනවා

    https://www.youtube.com/watch?v=4K-WonJXRjw

    ReplyDelete
    Replies
    1. ඒකනම් මරු ඩෙෆිනිෂන් එක ජේපී...
      සුජාතාගේ ඔරිජිනල් ඒව තියේනම් අපටත් එවන්න

      සමිතාගෙ කටහඬෙන් වැඩක් ගත්තේ නෑ හරියට
      සමිතගෙ "මල් නෑනී මං....." වගේ සින්දුත් ලක්සනයි බෝම

      අහමඩ් මොහිදීන්ගෙ ඔරිජිනල් "සිළුමිණි සෑය වඳිම්.." අහනවනම් මෙන්න තැන!

      Delete
    2. යූ ටියුබ් ඒවා තමා. ස්තුතියි ලින්ක් එකට . නිහාල් නෙල්සන් වර්ශන් එක අහල තියෙනවාදSilumina seya/Nihal Neson/Clarence Wijewardane/Su…: http://youtu.be/UfUyudLrGFs

      Delete
  11. සුනිල් ආර් ගමගේ ලියූ මංගල කසූ සලු ගීතය වගේම පෙම්වත තරහ වෙලා ගීතයත් සුජාතාගේ ගී එකතුවේ මනරම් ගී ගණයට වැටෙනවා

    තිස්ස. චන්ද්‍රිකා සිරිවර්ධන ගැයූ සුනිල් ආර් ගමගේ ලියූ“ මා මුව පියුමේ කඳුළැල් තවරා“ ගීතය ඔබ සතුව ඇත්නම් මෙහි පෝස්ට් එකක් විදියට දාන්න. ඒ ගීතයේ ඉතාමත් විරල අපූර්ව කතාවක් කියැවෙනවා. මම ඒ ගිතය වරක් හෝ දෙවරක් ඇසූ බව මතකයි

    ReplyDelete
    Replies
    1. ඔව් දයානන්ද මහත්තය. සුජාතා හොඳ සීඩී කිහිපයක් කරන්න හිතන්නෙ නැත්තෙ ඇයිද මන්ද.
      හරිම සුමිහිරි කටහඬක් ඇයට තියෙන්නෙ.

      ඔබ කියූ සින්දුව සොයාගන්න බැරිවුණා. උත්සාහය අත් නොහරිමි.

      Delete
  12. File not Found බව පෙනෙන නිසා මේ ලින්ක් එකෙන් මුල් ගීතය අහන්න:
    https://www.youtube.com/watch?v=ZuCLppzzMqg&ab_channel=NadeshwariSujathaAttanayake

    ReplyDelete

 
Blogger Wordpress Gadgets