කෝපි ගසට කෝපි මලට කෝපි පරවියෙක්...

මටමය කියල ජංගම දුරකථනයක් ගත්තේ රස්සාව කරන්න පටන් අරන් අවුරුදු අටක් විතර ගියහම ඒ කියන්නේ 2004 දී. සෑහෙන කාලයක් අර ඇඳ ඈඳ හිටියත් මූල්‍ය විරාමය ලැබුනේ 2004 දී කෙටි කාලීන රස්සාවකට කටාර් රාජ්‍යයට ගියහම. දැන්නම් ලංකාවේ ජංගම දුරකථන උමතුව නිමාවෙලාද මන්දා.

ඉගෙන ගත්තු දේ ශිෂ්‍යයන්ට කියාදෙන්ට, රස්සාව කරන ගමන් ඒ අංශයෙන්ම දේශන පවත්වන වැඩෙත් මම කරන් ගියා කාලයක් තිස්සේ. කණ්ඩායමෙන් කණ්ඩායම ලමයි අත තිබෙන දුරකථන වල අධි තාක්ෂණික බව ඉහල යන හැටි මම අවුරුද්දෙන් අවුරුද්ද දැක්කා. දිවා ආහාරයෙන් පස්සේ පවත්වන දේශන තරම් ලමුන්ට එපා කරපු දේශන, තවත් නෑ මයෙ හිතේ. නිදිමතට වඩා "බුදිමත" එන වෙලාව ඒක. බුදිමත යන්න කුඩා අතුරු කථා පවත්වන ඒ වෙලාවේ දවසක් මම ඇහුවා [මේ එතකොට 2005 හෝ 2006 වසර විය යුතුයි - ශිෂ්‍යයෝ තෙවැනි වසර අය] මේ අයගෙන් දැන් කී දෙනෙකුට ජංගම දුරකථන තියෙනවාද කියා. තිස්පහක් පමණ වෙච්චි ඒ ඔක්කොම ළමයි අත ඉස්සුවා. ඊට පස්සේ මම ඇහුවේ තමන්ගේ දුරකථන බිල තමන්ම ගෙවන අය කී දෙනෙක් ඉන්නවාද කියල. එතකොට නම් තුන්දෙනයි හිටියේ; දෙන්නෙක් උසස් පෙළ ළමයින්ට උපකාරක පන්ති කරලා ආදායමක් උපයාගන්න අය. තුන්වැන්නා අපූරු හාදයෙක් "මම සෙල්ෆෝන් විකුණනනවා" ඔහුගේ පිළිතුර වුණා.

දැන් නම් ජංගම දුරකථන ගනනට කැමරාත් මිනිසුන් අත ගැවසෙනවා. අන්තර්ජාලයට තමන් ගන්න ඡායාරූප එකත් කරන එක කදිම වැඩක්! විනෝද චාරිකාවක් ගියහම මේ වැඩේ ටිකක් සීමාව ඉක්මවෙන අවස්ථාවලුත් දැන් දකින්ට පුලුවන්. කෙනෙක් තනියම ගිටාරයක් වයමින් ගීයක් ගයනවා ගඟක් අද්දර. අනෙක් සියලුම සගයන් ගීයට එකතුවීම පැත්තක දාලා පොලවේ දිගාවෙලා, ගල් උඩ නැගලා වතුරේ අඩක් ගිලී සගයාගේ පින්තූරු ගන්නවා. බ්ලොග් සටහන් වලට රූ සටහන් එක්කරන කොටනම් තමන්ගත් කුමන මට්ටමේ හෝ ඡායාරූප එකතු කරන අය අඩුයි කියලයි මට හිතෙන්නේ. ඒත් එහෙම කරන අය ඒක අපූරුවට කරනවා - තමන් තබන සටහන් කදිමට තමන්ගේම සටහනක් වෙනවා එතකොට. තාම මටම කියල කැමරාවක් නැති මා වගේ බ්ලොග් සටහන් තබන්නනුත් ඉන්නවා. ඒත් බොහෝ වෙලාවට ඒ සටහන් වලට එකතු වෙන්නේ පිටදේශයක කෙනෙක්ගේ පින්තූර. ප්‍රේමය ගැන කථාකලත්, මිනිසුන් ගැන කථාකලත් බොහෝ වෙලාවට මේවාට එකතු වෙන්නේ විදෙස් පසුබිම්, විදෙස් පසුතල - අර අටෝරාසියක් පින්තූර ගන්නා තමන්ගේ මිතුරෙක්ගේ ඡායාරුවක්, අපේ රටේ දසුනක්, අපේ කාටූන් ශිල්පියෙක්ගේ කාටූනයක් එකතු කලොත් ඒ නිර්මාණකරුවන්ට, කැමරාකරුවන්ට එහෙම නැත්නම් ඒවාට පෙනී සිටින්නන්ට කුඩා හෝ සතුටක් ලැබේවි නේද?

ලඟදී මූණු පොතේ අහම්බෙන් දැක්ක අපේ බ්ලොග් සටහන් තබන්නියක වන "ජනූ" සොයුරිය නොබෝදා විවාපත් වෙලා කියලා.. මම කුමන හෝ කලා ක්ෂේත්‍රයක විචාරකයෙන් නුවූවුද ඇගේ විවාහ දින මේ පින්තූරය, අපූරු පින්තූරයක් ලෙස මගේ බොහෝ සිත් ගත්තා. කෑළි කෑලි වලට වෙන් නොකර සමස්ථයම රස විඳින්න පුලුවන් අපූරු පින්තූරයක් එය. ඇගෙන් අවසර ලබාගෙනම ඒ පින්තූරය මෙහි පලකරනවා. ඇයටත් සුභ පැතුම්.

කෝපි ගසට කෝපි මලට කෝපි පරවියෙක්
බමතෙයි පරවිය බමතෙයි
නෙළුම් විලට නෙළුම් මලට බමර කුමරුවෙක්
බමතෙයි කුමරුව බමතෙයි

සුභ නැකතින් මා අතගෙන තිරික්කලෙන් ඔබ යනකොට
ආල මගේ ආල මගේ ආල රත්තරන්
ආල රත්තරන් කරවට මාල රත්තරන්
කරවට මාල රත්තරන්

ඈත එපිට පුංචි පැලේ හෙට ලා සඳ නැගෙන වෙලේ
ආල නුඹේ ආල නුඹේ ලාතාවී
දෝත පුරා මල් අරගෙන නුඹ නලවාවී
අරගෙන නුඹ නලවාවී

ගීතය අහන්න... ඕන්නම් බාගන්න

ගායනය: සුජාතා අත්තනායක

41 comments :

  1. ජංගම දුරකතන ගැන මාත් එහෙමයි. ගුවන් සමාගමේ වැඩ කරන කාලයේ නිදහස නැති වෙනවා කියලා ගත්තේ නැහැ. මේ දේසේ ජංගම දුරකතනයක් නැතිව ඉන්න එකත්? මුල්ම උපකරනය 2004 දී ඒකත් රස්සාවට අත්‍යවශ්‍ය කී නිසා.

    බොහෝම කැමැති සින්දුවක්, නිවාඩුපාඩුවේ රසවිඳින්න ඕනේ. පිංතූරය නම් කලාත්මකයි, ලස්සනයි.

    ReplyDelete
  2. ෂහ් මේක මෙච්චර කාලයක් මට මිස්වෙලා තිබුන හැටියක්.ඔන්න තිස්ස අයියා මම මේක බ්ලොග් රෝලටත් දාගත්තා...

    ReplyDelete
  3. තාමත් ඔය හැන්ඩ් ෆෝන් උණ තියනවා.....

    ෆොටෝ එකයි සින්දුවයි දෙකම ලස්සනයි අයියා.....(මාමේ)

    ReplyDelete
  4. වැඩේ කියන්නේ අපි දෙන්නාත් අපේ මුල්ම ජංගම දුරකථන ගත්තේ 2004 දීනේ......... :)

    ලස්සන සිංදුවක් අයියේ..... පිංතූරෙත් හැබෑම ලස්සනයිනේ

    ReplyDelete
  5. සින්දුව නම් මීට කලින් අහලා තිබුනෙ නෑ..මේක අර මල් රැල්ලට ආව සින්දුවක් නෙවි නේද? :)

    //දෝත පුරා මල් අරගෙන නුඹ නලවාවී..//
    ජනූටත් සුභ පැතුම් ඔන්න....

    ReplyDelete
  6. නව යුවලට සුභ පැතුම්.. සිංදුවට ස්තුතියි තිස්ස අයියා..

    ReplyDelete
  7. මේක මම හෙන ආස සින්දුවක් තිසා . .

    ජනූට ත් සුභ මංගලම් කිව්වා එහෙනම් . .

    ReplyDelete
  8. ගල්මල්: මෙහේනම් අමාරුයි තමා

    තීර්ථ යාත්‍රිකයා: ජයවේවා

    සීනි: ඔය උණට අර රථගාය වාගේ නමක් හදන්ට ඕනෑ

    රූ: හප්පා නෑ නෑ මේක බොහොම පරණයි - මගෙ හිතේ රබන් පදවගයකින් හදාපු සින්දුවක්

    චතුර: ජයවේවා මල්ලී..

    දුකා: ඉස්තූතියි බොස්..

    ReplyDelete
  9. ඉස්සෙල්ලම ජනූලට මගෙත් සුබ පැතුම්..

    මේ පාර සින්දුව නං මමත් ආස විදියෙ සින්දුවක්...

    අනික මම කැම්පස් යන කාලෙ ෆෝන් බිල ගෙව්ව මහපොළෙන්, මම මගෙ මහපොළෙන් කළේ ෆෝන් බිල ගෙවන එකයි බෝඩිම් ෆීස් ගෙවන එකයි..

    ReplyDelete
  10. ජනූ අක්කාට සුභ පැතුම්....

    පින්තූරෙ හැබෑම ලස්සනයි.

    ReplyDelete
  11. අලුත් යුවලට සුභ පැතුම්...මම හිතන්නෙ මීට ඉස්සරත් මම කොහෙදි හරි සුභ පැතුමක් එක් කලා...
    සිංදුව නම් අහලම බලන්න ඕන...
    ජංගම දුරකත්නයක් මුලින්ම ගත්තෙ මට මතක විදියට 2002 විතර මොබිටෙල් සම්භන්ධතාවයක් එක්ක. රැකියාවට ගිහින් ටික කාලෙකට පස්සෙ..මල් පාත්තිය තිබුනෙ ටිකක් දුර බැහැර නිසාත් රැකියාව කලේ මහමග නිසාත් මල් කැඩීමේ පහසුවට දුරකතනයක් ඕනම වුනා ..ඊට පස්සෙ 2003 ගත්ත ඩයලොග් පසුගෙවීම් පැකේජ් එක සමග අංකය තවමත් පාවිච්චි කරනවා...බාහිර බලපෑම් නිසා දුරකතනනම් හතරකට විතර මාරුවුනා...නැත්නම තවමත් කැමති Nokia 1100 ට තමයි.

    ReplyDelete
  12. පින්තුරේ ලස්සනයි, සින්දුවත් රස වින්දා.
    මනාල යුවලට කලකට ඉස්සෙල්ල සුභ පැතුව මතකයි.

    ReplyDelete
  13. ජනූටත්, එයාගේ පෙම්බරයාටත් සුබ පැතුම්.
    පින්තූරෙටම ගැලපෙන සිංදුවක් කියලා හිතුනා. :D

    ReplyDelete
  14. ඔය ජංගම දුරකථනවල තත්වෙ අදටත් ඔහොමමයි කියලයි මට හිතෙන්නෙ. විස්වාස කරහන් තිසා, මගෙ රස්සාව නිසා අනූ අටේ විතර ඉඳන් ඔව්ව පාවිච්චි කරනව ඒත් තවම එකක් සල්ලි දීල අරන් නෑ. ඒ හින්ද මං ගාව අද තීන දුරකථනෙ එදා 98 මුල් මෝටරෝල එකට වඩා වෙනස ජී එස් එම් වීම, කලර් ඩිස්ප්ලේ හා ප්‍රමාණය පොඩි වීම විතරයි :D

    මංගල යුවලට සුභ පැතුම්...ඔය සින්දුවනං අහල තිබ්බෙ නෑ වගෙයි මීට කලින්! ස්තූතියි බෙදා ගත්තට.

    ReplyDelete
  15. තිසා අය්යෙ මුණු පොතේ පණිවිඩේ දැක්කාම මට හිතුනෙවත් නෑ මේ වගේ වැඩකට කියල.. අනේ බොහොම ස්තූතියි අපි වෙනුවෙන් මේ විදියට සුබ පැතුවට.. ලස්සන සින්දුවක් නෙ...
    තිසා අයියට විතරක් නෙවෙයි.. සින්දුව රස විදින්න ඇවිල්ල අපි දෙන්නට සුබ පතපු හැමෝටමත් බොහෝම ස්තූතියි!!!

    ReplyDelete
  16. නව යුවලට සුබ පැතුම් !
    සින්දුවත් ලස්සනයි.

    ReplyDelete
  17. උඹත් දැන් පදුරු තලනවා වැඩියි වගේ...
    පටන් ගත්තේ ෆෝන් එහෙකින්..ඊට පස්සේ ෆෝන් එකේ කැමරාව අස්සෙන් ගිහින් පොටෝ ගැන කියලා..පොටෝ එකක් පෙන්නලා අන්තිමේදී ජනූ කෙලී ගාවින් නැවතුනා... ඊටත් පස්සේ බමන පරෙයියෙක් ගැන සින්දුවක් දැම්මා...අනේ මංදා..

    ගමන් යන එකයි..පොටෝ ගහන එකයි විවේචනය කරන්න ආවොත් මෙයිට වඩා දරුණ කොමෙන්ට් දානවා ඕන්න කල් ඇතිවම කිව්වා.. ටිකක් බය වෙයං හරිද..?

    සින්දුවනං පංකාදුයි...

    ReplyDelete
  18. ගීතය නම් මල් මසුරන්
    ලියුවේ කවුදැයි කියල හොයා ගන්න සෑහෙන උත්සහයක් දැම්මා එත් බැරි උනා. සංගීතය ගැනත් එසේමැයි.
    සුජාතාවගේ සැමියා වූ නවරත්න අත්තනායක යන්ගේ දෝ කියලත් හිතෙනවා එහෙත් හරියටම දන්නේ නැහැ .
    තිස්සට හිතුනේ නැද්ද මේ වචන වල අමුත්තක් ඇති බව බොහෝ තැන් වල එකම වචනය තුන් සරයකටත් වඩා යොදලා.
    පුනරුක්තිය දෝෂයක් හැටියට සලකපු කලෙක මෙවැනි පදමාලාවක් ඇත්තටම පෙරළිකාර වැඩක් වෙන්න ඇති ..

    මට ඉස්සරින් කොමෙන්ටුවේ තියෙන පඳුරු තලන කතාව නම් ඇත්තක් වගේ. ඒ අර්ථයෙන් ගත්තම මේ දවස් වල ජනප්‍රියම පඳුරු තලන්නා අපේ බන්දුල නානායක්කාරවසම් සහෘදයා. ඔහුගේ රෑ ඉර පානේ සුන්දර අනන්‍යතාවය ඇත්තේ ඔය පඳුර වටේ යාමේ තමයි .
    කොහොම උනත් මගේ පැතුම නම් බන්දුල අයිය එහෙම උනාවේ. තිස්ස මෙහෙම උනාවේ

    ReplyDelete
  19. කෝ මේකේ පොටෝ කෑල්ලක් නෑ නේ

    ජනූට නම් ඉතින් සුබ පතනව ආයෙත්....

    මම මුලින්ම පෝන් කෑල්ලක් ගත්තේ 2002 හැබැයි 2004න් පස්සෙ අද වෙනකන් එක ෆෝන් එකක් වත් සල්ලි දීලා අරගත්තෙ නම් නෑ.
    රස්සවෙන් ලැබෙන වරප්‍රසාද නිසා.

    ReplyDelete
  20. තව පොඩ්ඩෙන් අමතක වෙනවා
    අලුත් යුවලට සුබපතන්න
    මේ මනාලියට සුබපතන්නටත් හොඳම ආකාරය මේ වැනි ගීතයක් තෑගී දීම ම තමයි .

    ReplyDelete
  21. ලස්සන සිංදුවකුයි,ලස්සන පොටෝ එකකුයි... මට නිදි මතකුයි...

    ReplyDelete
  22. පෙර නෑසූ ලස්සන ගීතයක්....

    ReplyDelete
  23. මට සුජාතා අත්තනායකගේ ගිත නම් වැඩිය අහල පුරුදු නෑ. ගීත දෙක තුනත් විතරයි ඇය ගැයූ ඒවායින් මතකයේ තියෙන්නේ.

    පැරණි ගීයක් වුනත් අද තමයි පළමු වරට ඇසුවේ...

    ReplyDelete
  24. ෆෝන් එකයි කැමරාවයි දෙකටම ඇබ්බැහි වෙලා දැන් නම්.. මගුල් කෑ යුවලගේ ජායාරූපය වගේම ගීතයත් හරිම රසවත්

    ReplyDelete
  25. මම සෑහෙන්න කැමති සින්දුවක්.. ස්තුතියි බොස් මතක් කළාට..

    ReplyDelete
  26. සින්දුව ලස්සනයි . යාලුවන්ගේ නෑයන්ගේ පින්තුර දාන්න වුනත් අවසර ගන්න ඕනනේ . කවුද දන්නේ කැමතිද කියල . මටත් යු ටියුබ් එකේ සින්දු හෙම දකිද්දී සමහර වෙලාවට එපා වෙනවා . පිටරට ඒවා වුනත් සමහර ඒවා ගැලපෙනවා . සමහර ඒවා නම් අන්තිමයි . උදාහරනෙකට දෙනෝදාහක් නුවන් අතරේ ගියට ''Twilight '' එකේ දර්ශන දාල තිබුන .
    වෙනද වගේම මන් පරක්කුයි . දුරනේ ඉන්නේ

    ReplyDelete
  27. චේජනා: හනේ හනේ මහපොල දෙන්නේ ටැලිපෝන් බිල් ගෙවන්නදෑ?

    නිසූපා: ඔන්න ආදර්ශ ගන්නවනම් ;-)

    ලකී සිරි: මල්පාත්තිය / බාහිර බලපෑම්; මෙව්වා මේ විෂයට අදාල වචනදෑ? ;-)

    ඔබ්ස්: කලකට ඉස්සෙල්ලා? හුටා මේ දෙවැනි වතාවද?

    ඉන්දික උපශාන්ත: හෙහ් හෙහ් හෙහ් අන්තිමට බලන් ගියහම අනුන්ගේ සල්ලි වලින් තමා ඔක්කොමල මිලාධික දුරකථන ගන්නේ. හැබෑටම මචන් ලයිෆ් එක පට්ට කම්ප්ලෙක්ස් වෙනව ගැජට් වැඩි ෆෝන් එක්ක.

    හංසකිකිණි: හෝ හෝ සර්ප්‍රයිසස් සර්ප්‍රයිසස්..
    අනේ දරුවෝ ඕක මොකක්ද - මහත්මයාත් බොහොම ඍජු පෙනුමක් ඇත්තෙක් නෙව - ඒ ඔක්කොමත් එක්ක තමා පින්තූරේ ලස්සන වුනේ...

    මාහෝ: හහ් හහ් හහ්.. නෑ නෑ මම කෙසෙල් ගස් වලට නොකොටමි

    සුසර: මේක අපූරු ගීයක්; මගේ මව්ත් බොහොම කැමති ගීයක් මේක; ඒක නෙවෙන්නම් මට හිතෙන්නේ රබන් පදයක් වාගේ

    නිශ්: පොටෝ එක දැන්නම් පෙනෙන්න ඕනැ... මෙන්න තව හාදයෙක් සල්ලි නොදී ෆෝන් දුවන...

    පැතුම්: අර නලවාවී කියන කැල්ලට වෙන්ටැති නිදිමත ආවේ...

    ලොකු පුතා: ජයවේවා..

    දයා: හපොයි.. ගෝල්ඩන් වොයිස් එකක් නෙව... අහන්ට අහන්ට.. ජාලයේ එමට සුජාතා නෝනා ගේ සින්දු...

    වෙනී: ටිකකලකින් ඇබ්බැහිය යාවි... ;-) කොයි දේත් පීක් එකේ තියන කලක් තියේනේ... ඇත්තටම කියන්න මටනම් ඔය ෆෝන් එක හරිම වදයක් වෙනී...

    ReplyDelete
  28. ඉස්සෙල්ලම ජනූලට සුභ පැතුම්. මෙන්න තවත් ෆෝන් එකක් පාවිච්චි නොකරන යාළුවෙක්, ලෝක ජනගහනයට වඩා ෆෝන් විකිණිලා තියෙද්දි. කවුරුහරි එකෙක් දෙකක් අරන් ඇති! (:P) අර තමන්ගෙ මිතුරෙක්ගෙ, අපේ රටේ, පින්තූර ඒ වගේම කාටූන් බ්ලොග් වලට යොදාගන්න එක මම නම් කරනවා. කාටූන් නම් මගෙමයි.

    henryblogwalker the Dude

    ReplyDelete
  29. ඉස්සෙල්ලම ජනූලට සුභ පැතුම්. මෙන්න තවත් ෆෝන් එකක් පාවිච්චි නොකරන යාළුවෙක්, ලෝක ජනගහනයට වඩා ෆෝන් විකිණිලා තියෙද්දි. කවුරුහරි එකෙක් දෙකක් අරන් ඇති! (:P) අර තමන්ගෙ මිතුරෙක්ගෙ, අපේ රටේ, පින්තූර ඒ වගේම කාටූන් බ්ලොග් වලට යොදාගන්න එක මම නම් කරනවා. කාටූන් නම් මගෙමයි.

    henryblogwalker the Dude

    ReplyDelete
  30. කාලෙකින් සුජාතගේ සින්දුවක් ඇහුවේ. ඒ වගේම මම මේ සින්දුව අහලම නෑ කවදාවත් මීට කලින් .සමහර විට පරණ එස් එල් බී සී එකේ මේව යන්න ඇති ඒ කාලේ . සින්දුව නම මම පොඩි එකා කාලේ ලියවිච්චි එකක් ඒ කියන්නේ හැත්තෑව දසකේ වෙන්න ඕනේ .පද රචනාවේ විලාසේ නිසා එහෙම හිතුනේ .ජනුයි එයාගේ පෙම්බරයයිත් කෝපි මල් දෙකක් වගේම ලස්සනයි හැඩයි.ස්තුතියි තිස්ස මේ සින්දුව හඳුනවලා දුන්නට

    ReplyDelete
  31. TG: TG නෝනෙට ආයිබෝං කිව්වා මේ පැත්තේ ආවට ඉතින් - TG නෝනෙත් ඉතින් හොඳ රසිකාවියක් නෙව මේ පරණ සින්දුවල - එන්ට ඉතින් එහෙමනං ආයේ මේ පැත්තේ ඉඩෑති වෙලාවට

    ReplyDelete
  32. වැඩිය හද ගී පොත පෙරලන්නේ නැතුව තමයි මේ ලියන්නේ ඔන්න .සමහර විට මෙවා තියෙනවා වෙන්නත් පුලුවනි .

    නරකද දේවානන්ද වෛද්‍යසේකර මහත්තයගේ සින්දුවක් දෙකක් රසවිඳින්න සටහනක් ලිව්වොත්.මම හරි ආස සින්දු තමයි

    වාසනාවේ රිදී පහන අරන මගේ පැලට එන්න

    මොකද මැණිකේ හනික යන්නේ තාම නෑනේ රෑ වෙලා

    නීල නුවන් මානෙල් මල් ගමනින් පුන්සඳ වාගේ

    පවන් සුසුම් රැලින් වෙලී අනුරාග ගී රාව නංවා

    සතුට විලයි සැපත මලයි

    අන්තිම සින්දු දෙක නම් ටිකක් ඇහෙනවා ඇහෙනවා .ඒත් අනික්වා නම නැති ගානයි.වැඩිය ප්‍රසිද්ද ගායකයෙකුත් නෙවේනේ.

    ReplyDelete
  33. @TG...

    සමාවෙන්න ඔයින් එක සින්දුවකට අපේ තිස්ස මහත්තයා මේ වෙනකොටත් විචාරයක් ලියා තිබෙනවා..හැබැයි ඒක තාම තියෙන්නේ නොපල විචාර ගොඩට ඇතුලත්ව..හුදී ජන ලාම්පු සංවේගය පිණීස ඔන්න මං ඒක මෙතන පල කරන්නම්...

    "Tissa Dodangoda - සම්ප්‍රදාය අනුව යමින් අතිෂෝක්තිය, වන්දිභට්ටකම් ඉස්මතුකරන්නට යාම නිසා ඔද්දල් වූ ගීයකට කදිම උදාහරණයකි. අනර්ඝ කලාකරුවන් කිහිප දෙනෙකුගේ සංයෝගය නිසා කිසිවෙකුත් මේවායේ දොස් කියන්නට මැළි වෙති. පවන නම් පවනය - සුසුම නම් සුසුමය. පවන් සුසුම් වන්නේ කෙලෙසකද? සුසුම් දැළක් සේ විහිද නොයන බව සත්‍යයකි. එය බොහෝ විට Laminar Flow ආකෘතිය ගනී. අබමල් රේණුවක් වත් විද්‍යාව නොදත්තකු මේ ගීය රචනා කර ඇති බව පෙනේ. වේගයෙන් හෘදය ස්පන්දනය වන අවස්ථාවක් ප්‍රතිරූපනය කලාවත්ද? මතක හටියට මෙය සෙමින් ඔරු පැද යන දර්ශනයකි. සිංහල ගීයේ රචකයන්ගේ නූගත් බව මෙසේය. ඇස් වලින් ඇතිවන හැඟුම් නින්නාද වන්නේ කෙළෙසකද? සරසුලක් භාවිතයෙන් අනුනාද පරීක්ෂණය එකළ දහය වසරේ සිසුවෙක් පවා දනී. මෙය කනට ගෝචර සංවේදනයක් පමණි. සියල්ල අවුල් කරගෙන ඇති සැටියකි. "ප්‍රසන්න" වැව්තෙරේ යන්න ඉතාමත්ම අවියත් යෙදුමකි- මින් පෙර කිසිම ලෙසකින් නොයෙදුනු භාවිතයකි. "ප්‍රසන්න" යනු ප්‍රස්තුතයට අදාල චිත්‍රපටියේ පෙම්වතියගේ පෙම්වතාවත් වූවානම් " ප්‍රසන්න වැව්තෙරේ" යන්න උත්ප්‍රාසයකින් වුව යොදාගන්නට තිබිණ. තරංගා චිත්‍රපටියේ "ප්‍රසන්න" කෙනෙක් නැත. උණුසුම් වර්ෂාවන් මේ විශ්වයේ කොතැනකවත් ඇතිද? ටොම්බෝ සහ ජෝන් ක්ලයිඩ් යන විද්වතුන් දෙපල ප්ලූටෝ සොයාගත් කල එහි උණුසුම් උල්කාවර්ෂා බොහොමයක් ඇති බව් සොයාගති - එහෙත් "සීත වර්ෂාව" යන්න යෙදීම නිසා මේ බරපතල පුනරුක්ති දොසට අසු නොවෙත්ද? අප දන්නා පරිදි "අනුරාග" නමින් හෝරාවක්වත් "අභිෂේක" නමින් යාමයක්වත් ජෝතිෂ්‍යයේ වුව නැත. "මාරයාගේ හෝරාව" නමින් අන්වර්ථනාමයෙන් බ්ලොග් ලියන්නකු පමණක් දනිමු. ඊලඟට මෙය බලන්න "සිහිනෙන් පැතූ පෑ" දිහා - මෙයින් මෙළෝ අර්ථයක් ජනිත වේද - සක්ක පද බොහොමයකි. තනුව සදා වචන එබ්බවූ කසිකබල් කරුණාරත්න අබේසේකර යුගයට නැවත සිංහල ගීතය මේවායින් ‍රැගෙන යයි. "අනුරාග හෝරාව එළැඹී තිබේ" හා "අභිෂේක යාමේ උදාවේ" යන්න නිර්මාණශීලිත්වයේ ඌනතාව නිසා නැවත නැවතත් යොදා ඇති සැටි බලන්න. මෙබඳු ගීත, ‍රැල්ලට අනුව යමින් අගය කරන්නන්ට සිනා නගනවා හැර කරන්නට දෙයක් නැත. සංගීතය හා ගායනය හැරුණුවිට මෙහි ගතයුත්තක් ඇත්තේම නැත"

    ReplyDelete
  34. තිස්ස අයියේ කොහොමද වැඩේ...නන්නත්තාරයි නේද..?:D:D:D

    ReplyDelete
  35. මම දන්නේ නෑ මේ විචාරෙ නම් මොකක්ද කියන එක .නමුත් අර ඉහලින් කියල තියෙන ගායකයත් ,ඒ සින්දු හැම එකක්මත් විශේෂයෙන් ඔය විචාරේ ලියවිලා තියෙන සින්දුව ගැන මට පර්සනල් ටච් එකක් තියෙනවා .තිස්ස මාත් ආස විදියේ 1960-1970 කාලේ සින්දු ගැන කතා බහ කරන රස විඳින කෙනෙක් නිසයි මම ඔහුට මේ අදහස දුන්නේ .නමුත් ලිවීම හෝ නොලිවීමත් බ්ලොග් එකේ අයිතියත් ඔහු සතු දෙයක් .ඔබලා වගේ ගොඩාක් බ්ලොග් ලියන්න හෝ කියවන්න මට කාලේ ලැබෙන්නේ නෑ .ඉඳ හිට විවේකයක් ලැබුනම මෙහෙම රසවත් සටහනක් නිසා අතීතෙට යැවෙනවා 70 සින්දු මට අහන්න පුරුදු කලේ මගේ ලොකු මාමා .ඔහුත් තිස්ස වගේම කාලයක් වැලි කතරේ හිටියා .ඒ කාලේ සී ඩී පටි නැති නිසා එයා මේවගේ ගොඩක් ලස්සන සින්දු මට කැසට් පටි වලට පටි ගත කරලා ලංකාවට එනකොට ගෙනැත් ඩුන්නා අහන්න .ඒ මගේ ගැටවර කාලේ .අහල අහලම ඒ කැසට් නරක් වෙලා දැන්.ඔය ගායකයගේ සින්දු රෙකෝර්ඩ් කරපුවත් එහෙමයි .ඔය නිසා මට සින්දුවක් විචාරය කරනවා හෝ රසවිඳීම කියන්නේ ගොඩක් අතීත මතක එක්ක ගනුදෙනුවක් ඒ නොස්ටැල්ජික් මෙමරීස් නැතිකරගන්න මම කැමති නෑ .මම ආස හැමදාම ඒවා මා එක්ක තියාගන්න .

    ReplyDelete
  36. :D

    හපොයි නැහැ ටීජී..ඕක තිස්ස අයිය අතින් ලිය උනේ වෙනස් පසුබිමකදී..ඒ කියන්නේ ඒ දවස්වල එක්තරා අඩවියක ගියා හරි අපූරු බහුබූත විචාරයක්..අපි කවුරුත් ආසා කරන සුන්දර ගීයක් සම්බන්ධව..ඒ වෙලාවේ තිස්ස අයියා ඕක ලිව්වෙත් උපහාසාත්මක විදියට...එහෙම නැතිව ඔය තිස්ස අයියාගේ මතය කියලා නෙවෙයි...

    ඕක දාපු වෙලාවේ දුකාත් කඩාගෙන ආවා..අහක ඉදන් බලං හිටිය මට හිනා ගියා... ඒත් එක්කම මං ඕක මතකේ තියං හිටියා කවදා හරි බලලා හිනා වෙන්න පුළුවන් දෙයක් නිසා..ඒක අද ටීජී මතු කරපු ගමන් මට එදාට වඩා අද හිනා ගියා..ඒකයි ගෙනත් මෙතන අතෑරියේ..අනික අද තිස්ස අයියා පේන්න නැහැ..එහෙම වෙලාවක මෙහෙම දේවල් දාලා ඔය හාදයව නැතිබංගස්ථාන කරලා දාන එක අපි මේ හිතවත් කොමට කරන දෙයක්..උන්දෑ ආවම මං සද්ද නැතිව ඉන්නවා මේවා පේන්නේ නැහැ වගේ..එච්චරයි..ඕනනං බලන්නකෝ කොයි දිග්බාගෙන් හරි උන්දෑ ආවම මෙතන නටන ජල්ලිය...:D:D:D

    ReplyDelete
  37. මට දැනුනා අවුසන්න මැදට පැනල ඇති කියල ඒත් මට නම් ඒ විහිලුවට එකතුවෙන්න බෑ ඔන්න .ඒ නිසයි මම දෙවෙනි කමෙන්ට් එක දැම්මේ .මේ මනුස්සයගේ බ්ලොග් එක වනසන්නේ නැතුව මොනවහරි හොඳ යමක් ලියන්නකො .

    ReplyDelete
  38. ස්තූතියි නුවන් - දරුවන් හදද්දී අප සැම අමතක කරණ දෙයක් තමා නුවන් කියල තියෙන්නේ - ආභාෂය - කොච්චර ෆීඩ් කලත් වැඩක් නෑ වට පිටාව අවුල් නම්..

    රංජනී ඇගේ සොයුරිය. මෙතන තියේ රංජනී මහත්මියගේ සී ඩී එක එළිදැක්වුණදා මම ගත්තු ෆොටෝ

    ReplyDelete
  39. සමාවෙන්න අයියේ
    වැරදිමකින් ඒ කමෙන්ට් ඒක මගේ අතින් මැකුනා (ආයෙත් දාන්නම්)

    සුජාතා අත්තනායක කියන්නේ මගේ ප්‍රියතම ගායිකාවන්ගේ ලැයිස්තුවේ ඉහලින්ම ඉන්න කෙනෙනෙක්.මට පියානන්ගේ පාර්ශවයෙන් ඇයට නෑදැකමක් නිබුනත් ඇයව මට කිසිදිනක මුණගැසි නැ.ඒත් පියා ඇයව ලගින් ඇසුරු කලා .ඒ ඇයගේ කලා කටයුතු වලට මගේ පියා දායක වු නිසා.මේ පියාගේ අභාෂය නිසාම මටත් හරවත් ගීත ඇසිමේ අශාව ඇති වුනා කියලයි මම හිතන්නේ

    අත්තනායක මහත්මියගේ ගීත 75 ක විතර එකතුවක් මා සතුයි.ඒ අතර මේ ගීතයත් තියෙනවා.මම දන්න විදියට මේ ගීතයට සහාය ගායනයෙන් රංජනී පෙරේරා මහත්මියත් එකතු වෙනවා

    ReplyDelete

 
Blogger Wordpress Gadgets