කොබෝ ලීල මලක මිදුණු පිනි කඳුලැලි සේ..

මා කුඩා කල ඇසූ ලස්සනම ලස්සන ගීයක්... මම කොහොමත් ඇස් ගැන කියන සින්දු වලට කැමතියි... මා වශී කල ඒ දෑස් කාලයාගේ ඇවෑමෙන් ඒ වාගේම ලස්සන දෑස් හතරක් මට දායාද කලා... මගේ අතින් සිත් රිදවුනු කල, ඇගේ ප්‍රධානම භාව ප්‍රකාශන මාධ්‍යය වන කඳුලු වලට ගලායන්න ඇරලා ඉවතබලා ඉන්නවා... පියවි ලෝකයට එන මා දකින්නේ රතුවූ දෙනෙත් හා පිටි අල්ලෙන් පිසලන කඳුලු... සියලු අකාරයේ සමාව ඇයදීම්, ශපත කිරීම්, බැගෑපත් වීම් පලක් නොවුනු විට මා පාවිච්චි කරන අවසාන අවිය නම් ගීයයි... දෙවුරට දැත් තබා ගොරහැඩි මහහඬින් ගයන ගීය බොහෝ වෙලාවට "එපා, මට ඕන්නෑ" යි කීවද ඈව හිනස්සවනවා... මේ එවන් අවස්ථාවලදී යොදාගත් එක් ගීයක්...

කොබෝ ලීල මලක මිදුණු පිනි කඳුලැලි සේ...
මොකෝ කඳුලු පුරවාගෙන ලස්සන දෑසේ...

නුබට බබෝ කවුරු තැලූ...
ගම්මැදිබඩ ලමයි තැලූ...
ඇයි ලමුනේ බබුට තැලූ...
අපිට තැලූ අපිත් තැලූ...

එකටෙක කරනට හොඳනෑ ළමාවරුන්නේ...
වෛරෙන් වෛරය කිසිදින නෑ සන්සිඳුනේ...
එහෙනම් ඇයි සුදු අපහට කලුයි කියන්නේ...
ඒකයි අපි එලව එලව බබුට තලන්නේ....

ළමුනේ ඔබ මෙකෙන් තැලූ...
දලමැක්කෙන් පිටට තැලූ...
මින්මතු නොකියාවි කලූ...
පුංචි බබා වෙයි යාලූ...

සින්දුව අහන්න... ඕන්නම් බාගන්න... හිතේ තියන දෙයක් ලියලම යන්න....

43 comments :

  1. ලොකුඅයියේ ... අබුඩාබිය පැත්තේ කොහිල එහෙම නැද්ද ?
    ඔය කුකල් කේනිතිය පොඩ්ඩක් අඩුවෙන්ඩ ටිකක් එවන්ඩද ..

    ඔය කියපු අවස්ථාවලදී කියන අනිත් ගීත ටිකත් සැරින් සැරේ දානවද ? කාට හරි උවමනා වෙයි තව..

    මේ පොඩි තිසා වෙන්න ඇති නේද ? හරිම අපූරුයි.

    -ජය

    ReplyDelete
  2. යෝගි,
    අබුඩාබිවල වැඩිපුරම තියෙන්නෙ මුරුංගා ගස්.... මම හිතන්නෙ කොහිල නැතිව ඇති...

    මේක මාර case එකක්.. මම හිතන්නෙ අක්ක හොඳ වැඩියි.. එකයි මෙතන තියෙන ප්‍රශ්නෙ..

    ReplyDelete
  3. අම්ප මචං, අනිත් ගීත ටිකත් ඉක්මනට දාපන්. එතකම් මේක 'කියවන්නම්'. ළමුනේ වෙනුවට ලඳුනේ දාන එකයි තියෙන්නේ.
    ඒක නෙමේ මචං ගොකු අවුල, කඳුළු හරි පරක්කුයිනෙ. මට ඇ‍‍ඩෙනව ඊට කලින්.

    ReplyDelete
  4. හඃ හඃ හා අද අපි කතා වුනු දේ මේ පෝස්ට් එකට හේතු වුනා කියලා හිතෙනවා . . .

    හරිම ළයාන්විතයි මේ ගීතය මචං . . .

    හරි හරි හෙට උඹ බලන්න එනකොට නදීෂාට කියලා කොහිල මාලුවක් හදාගෙන එන්නම් . .. හික් හික් හික්

    කවුද කියන්නේ අබුඩාබි වල කොහිල නෑ කියලා . .. ජපානේ ඉන්න අය කොහොමද දන්නේ මෙහේ ඒවා නෑ කියල නේද බන්??

    ReplyDelete
  5. @චේජනා :
    මේ දවස්වල මුරුංගා බටර් ඒව මේවා ලොකු කතන්දර ගොඩක් යනවා.. මොනවා වෙනවද කියලා හිතාගන්ඩ බෑ..
    මට වැඩිපුර හොටදාන්ඩ බැරිඋනායින් ‍එකපාරටම මේවා අහපුවාම ටිකක් අන්දමන්ද වගේ.
    කවුරු හරි මේක පැහැදිලි කොරනවනං හොඳා

    ReplyDelete
  6. විවාහ ජීවිතේ ලස්සනම මතකයක් තමයි සැමියා විසින් (සමහව වෙලාවට ) කැත ම කැතට ගයන සිංදු..
    අපේ එක්කෙනා අවුරුදු 8ක් විතර හොයලා හොයලා සුපිරි තරුවකට පිංසිද්ද වෙන්න ගැලපෙනම සිංදුවක් හොයා ගත්තා..
    "ඉක්මන් කෝපය සුභ නැහැ සොඳුරිය.. කෙළවර වෙයි පසු තැවිල්ලකින්"

    ReplyDelete
  7. හික්...අනේ අනේ තිස්ස අයියේ...ගෑණුන්නට මායම් 64 යිලු...පිරිමින්ට කීයද ? අක්කත් ඕවට අහු වෙනවනෙ ඉතින්...
    සින්දුව කෙසේ වෙතත් අර පින්තූරයේ ඉන්න බබාට නම් ආදරේ හිතුනා...කවුද හැබෑට ඒ ?

    ReplyDelete
  8. මටත් කෙනෙක් ඔය වගේ සින්දුවක් එවලා තියෙනවා මීට අවුරුදු 2කට විතර කලින් මම වැඩ කරපු company එකේ එක කොල්ලෙක් හැමවෙලේම බොරුවටත් එක්ක මට කෝල් කරනවා. busy වෙලාවට ඉතින් මට මල...දවසක් මේ කොල්ලා මට සින්දුවක් email කරලා.song කියලා තිබුන නිසා මමත් DL කරලා බැලුවා. ඒහෙ තිබුනේ " හිතුවක්කාරයි නුඹ නම් සොඳුර මහ වැස්සක් වාගෙයි " කියන සින්දුව

    ReplyDelete
  9. කට්ටිය සිංදු ‍පොත්ම තමා දාන්නෙ නේද.. :)

    ReplyDelete
  10. @යෝගී: අනේ මන්දා බං... කාපුවායේ ප්‍රතිපලේකුත් නෑ වාගේ.....
    ඒ සිංදු වලට හරි ඉල්ලුම නොවෑ....
    පොඩිම තිසා...

    @චේජනා:මට නෙවේ නෙව ලියලා තියෙන්නේ...
    හ්ම්... හ්ම්... යෝගියා එක්කම බේරා ගන්නෑතෑ...

    @bandula - බන්දුල : ඉස්මනටම අනික්වාත් තැපැල්ම කරන්නංකෝ...
    ඔය අපිට කලින් ඇඬෙන එක වලක්වා ගන්න මං කොරන්නේ ආයුබොවං බාල්දිය පෙරලාගන්න ඉස්සෙල්ලා ගෙදර තියන කුඩ ආදිය වහං කරන එක.....

    @දුකා: ඒ පාර උඹැහැත් ආවාද මට කොහිල බස්සන්න...
    එහෙනං... එහෙනං... මෙහේ නැත්තේ ඉතිං........නෙව..?

    @යෝගී: මේ බටර් මුරුංගා නෙවේ ...අර නිමන්තිලාගේ ගෙදර දර ලෝඩ් එක එහෙම්මම... ඉවරයක් කරපං බං....

    @පුරසඳ: පේනවා නේද කලාබර සැමියා අගයන හැටි, නමෝවිත්තියෙන් ඇවිත්.... ආයුබෝවං ගොඩවුනාට....

    @දිල්: හහ්... ඔය 64 පොරසිද්ධ කරගත්තු එකේ පාඩුව....
    පින්තූරේ ඉන්නේ මගේ හිච්චි එකා....
    ඉතිං එහෙම පසසාපු කොලුවට හැලපයක් වත් අරන් දුන්නේ නැත...?

    @Buratheno : හද ගී පොත කිව්වට ආයුබොවං මෙව්වා වෙලාවකට මායං ගී පොත....හෙහ් හෙහ්

    ReplyDelete
  11. මේ සුමේ අහවරවෙලා ඉරගල වැටෙන්න ඔන්න මෙන්න තියලා පැල් කොටේට ගෑටුවා......මේන් තිසා කොළු කොයි අහක තිව්ණ සී පදයක්ද මන් දන්නෑ....අමුණලා හීන් හැරේ මාරුවෙලා....සීවරන් දෙයියනේ මේ ගොයියා කොහෙන් මෙව්වා හොයාගන්නවාද මන්දන්නෑ...මන් නම් උපන්තේකට මේ ඇහුවමයි ආයිබෝo.....අර අපේ හාන්දුරුවෝ දෙසන්නැහෙ බොධිසත්ව කුමාරයාව නලවන්න මහමායා බිසොවුන් වහන්සේ ගොතපු එකක් වෙන්ටෑ...ඕo මන් පින් දුන්න...

    මේ ගොයියා අර නේත්‍රා දෙකක් ගැනැ නිතරම දොඩනව නෙව...ඉතින් මo ගැටය සන්දියේ ඔය මීන නේත්‍රා දෙකක් හොයාන ගිහිල්ල උන සන්ගදියක් ගැන කතා දමන්නයි හිත් දෙන්නේ...

    ඔන් අය්බෝo...මේ ඇත්තගෙ ගම් පොජ්ජ ඈත හිමේ නෙව..අර ඇපල වල දිහාවට දේදුන්නක් මෝදුවෙන්නැහෙ...හීන් දැලි රැවුල මෝදුවෙන කාලෙ..මෙ ඇත්ත කුකුළත් අතින් ඇන්න කන්දෙ දෙයියො සිහිකොරාන දුම් කෝච්චියට නැග්ග කියමුකෝ...කොළොන් තොට යන්න..මමත් ඉතින් අර කෙම්මුර දවස්වලට කන්දෙ දේවාලෙ ගිහින් පින් රැස් කොරගන්නැහෙ (පින් තමයි ...අර දෙවාලෙ ගල් පොත්තට හේත්තුවෙලා කැකුළියො ගණිනවා නෙව..) නේත්‍රා දෙක කරෝක කරෝක පොඩි වන්දනා පාරක් දැම්ම එහෙමයි...ඔo කැකුළියක්..! සීවරන් දෙයියනේ..සුද්දි පැන්න ඇල්ලහෙ කෙෂ කලාපෙ මේන් මෙතෙන්ට...නේත්‍රා දෙක අර සැලෝලයිඩ් වල මේම මේම දඟරපාන ඉන්දියාවෙ උඩැක්කිය (ශ්‍රී දේවිද කොහෙද )..ආන් එයාගෙ වගේමය් නෙත්‍රා දෙක දෙයියම් පල්ල...ඉතින් මේ ඇත්තටත් ආසාවෙ බෑ..ඒ ලක්ෂණ දෙකම මo ඇත්තො හොයන ඇත්තිට තිබෙන්න ඔනම නෙව...

    ඉතින් ඔය තිස්තුන් කෝටියක් දෙයියන්ඩ පි සිද්ද වෙන්න කියලා හිතාන කිට්ටුකරා කියමුකෝ...ඔo..මo බලනව.. ඒ ඇත්ති අහක බලනව...මo බලනවා..ඒ ඇත්ති අහක බලනව...බෙල්ලත් අර කොකෙක්ගෙ වගෙ දික්වේගෙන ආවා නෙව..බැරිම තැන ඔන් නමෝ විත්තියෙන් කතාවක් දැම්මයි කියමුකෝ...දෙයියන්න ඔප්පු වෙච්චාවෙ මේ ඇත්ති දෙමළිච්චියක් නෙව...ඔය සන්දියෙ ඉතින් ඔව තඹේකට මායින් කරනවායැ...
    කදිරා සිළිඳි අක්කණිඩි උස්සන ආවහෙ මමත් අතෑරියේ නැහ...ඕන් ඉඟියෙන් බිඟියෙන් "හැටොන්"නැවත්මටත් ආවා කියමුකෝ...අර ගැටිස්සි මේන් ඒ සුනන්ගුවේම බැහැපි නෙව...මමත් ඉතින් මහ මූකලානේ ඕන පදන් කට්ටි පැනල ඇති නෙව..පැන්නා ජනේලෙන්...එතන කතා දමාන හිට්ය උන්ගෙන් සෝලි කෝටියයි..මේ ඇත්තොත් අර තනියට බයවෙලා දුවන්නැහෙ පස්ස නොබලාම අර ඇත්ති පස්සෙන් වැටුණා කියමුකෝ...මේ උඩිච්චි ගිහින් බදා ගත්තේ නැතෑ සද්දන්ත කුලේ මනුස්ස පරාණයක්ව...ඔයින් ගියා මදෑ...මන් ඉතින් වෙන අහක යන්නැහෙ ආපහු හැරුණා...මෙන්න බොලේ හුටු හුටු ව ඇදල යනව...සීවරන් දෙයියන්ට ඔප්පු වෙච්චවයි..කකුල් දෙකට වැඳ වැඳ යාර සීය දුවල අන්තිමෙ දොරේ එල්ලුනා කියමුකෝ..අර සුදු ඇඳලා කොඩිය වනන මනුස්ස පරාණෙගෙන් හොඳ කුණු හබ්බ දෙකකුත් අහගත්ත....ඉතින් මදි නොකියන්ට...

    ඕo මo ගියා ...අයිබෝo...කිව්වා...

    මේ...

    සුලා...

    ReplyDelete
  12. අයිබෝන්o

    ReplyDelete
  13. ඔක්කොම කතා ඉවරවෙලා ඔයා ගෙදරත් ගිහින් මම එනකොට තිස්ස පුතා ද මෙ...?

    තිස්ස පොඩි පුතාද..
    තිස්ස ලොකු පුතාද....?

    ReplyDelete
  14. This comment has been removed by the author.

    ReplyDelete
  15. අය්යන්ඩි උත්තර දෙන්නෙ නෑ නෙ...
    ඒ හින්දා මම ම උත්තර දෙන්නම්කො...

    යෝගි, ඒක කවිත් ගොඩක් ලියවුනු සොඳුරු අවනඩුවක්..
    ඒත් කනගා‍ටුවට කාරනය නම් ඒක දැන් ඉවරයි..

    ඊයෙ අවනඩු අතීතයට ගොස්
    හිරු තව දවසක් අරන් ඇවිත්
    නන්නාදුනනා මේ නිල් අහසට
    වැලි කතරට මව්බිමට අපේ..


    ඒත් ලොකු අය්යෙ.. අර ඊට යටින් පේලිය නම් ලිව්වෙ ඔයාට... යෝගිට නම් නෙවෙයි...

    ReplyDelete
  16. @සුලා: අනේ මලේ කියනා තැනකට වඳින්නං... ලියහං කෝ බ්ලොග් එකක්... ආසාවේ බෑ කියවං යන්න....
    මේකා, කොයි දීපංකරේක එකෙක් ද අප්පා...? උඩහ පලාතේ වාගේ...
    හැබෑව... ඔය ගිනි කන වැ‍ටුනහම අයේ ඉතින් උන්හිටි තැන් අහිමි වෙනවා නොවෑ....

    @රවා: මූ අමුතුම පවුලක් හදනවා... හෙහ් හෙහ් හෙහ්... පොඩි එකා මලේ...

    @චේජනා: එහෙනම් ඒ පේලියටම උත්තරත් ලියන්නම්කෝ...

    "සප්ත වර්ණ හිරු කිරණින් සප්තස්වර ‍රැව් දේවා...
    සප්ත ගිරින් හිරු එන විට මුලුලොව ගීයක් වේවා...
    රිද්මයකට කිරණ විදා හිරු අහසේ හිනැහේවා...
    එකිනෙක මල් විකසිත වී ලොව මල් උයනක් වේවා" යි තමා හද ගී පොතේ පැතුම......

    ReplyDelete
  17. ලස්සන සින්දුව, නරක නැහැ සින්දුව යොදා ගන්නා තාලේ....

    මතක් වුණා තාලෙ වේග වුනත් අපූරු පදවැක් ඇති MSගේ "මැණිකේ මම ආයේ ගෙදර එනවා..." නොකීවට කී දෙනෙක් කොච්චර නම් නැවත නැවත වාදනය කර අත්ද?

    දමිල භාෂාවේ කියමනක් "කෙන්තිවෙන එකාටලු සෙනේහේ තියෙන්නේ".

    පූර්විකාව පංකාදුයි යාලු.

    ReplyDelete
  18. යෝගී අයිය කිවුව වගේ ඔය සැරින් සැරේ කියන ගීත ටික දැම්මොත් නම් හොඳයි තමයි.
    පොඩි තිසා ඉන්න උජාරුව..හෙ‍හෙ. දැන් නම් ඉස්කොලෙ එහෙමත් යනව ඇතිනෙ.
    ලස්සනයි ගීතයත්.

    ReplyDelete
  19. කිවුවත් වගේ හිච්චි පුතාගෙ ඇස් දෙකනම් ලස්සනයි අයියෙ.... ඉක්මනට ලංකාවට ආවනම් හොඳයි නේද...... මේ පොඩි එකාව දකින්නත් ආසයි.... ලොක්කගෙත් පින්තූරයක් දාන්න අයියෙ නැත්නම් විසුමක් වෙන එකක් නෑ..... ;).....

    අපේ එක්කෙනාට නම් තාම සින්දු කියන්න අවස්ථා උදා වෙලා නෑනෙ ..... බලන්න ඕනෙ ළඟදිම...... :D


    අනිත් සින්දුත් දාන්න අයියෙ.... ඔව්වා ආදර්ශෙට ගන්න කට්ටිය ඉන්නවා ...... ලස්සනයි ගීතය......

    ReplyDelete
  20. අපි නොහිතුවට හුඟක් ගීත අපේ ජීවිත වලට එක් එක් ආකාරයට සම්බන්ධ වෙනවා.
    සුළඟ

    ReplyDelete
  21. @විශ්මි :
    අපේ Raven මලය එහෙම නෑ නෙ‍වද ? ඒකට ඕව ‍ඕන වෙන එකක් නෑ...

    ReplyDelete
  22. @යෝගි අයියා...අනේ නෑනෙ අයියෙ.... ආසාවට විහිළුවටවත් තරහ ගන්නෙ නෑනෙ මා එක්ක..... :(

    ReplyDelete
  23. පූර්විකාවයි ප්‍රතිචාරයි කියවගෙන යද්දි තවත් ලස්සන සින්දුවක් මතක් වුනා ඉන්ද්‍රාණි බෝගොඩ ගායනා කරපු.

    "මගේ නීල නෙතු සඟලින් මොනවද ඔබ ඉල්ලන්නේ......"

    ReplyDelete
  24. @ගල්මල්-Coral: හෙහ් හෙහ් හෙහ් ෂහ්.... නියම සින්දුව ඒක ... අර දෙමල ප්‍රිජිනල් කියමන් හොයගන්න ඕනේ ... නියම කියමන් නේ...අමූලික ඇත්ත...

    @Raven: හපෝ ඌ මුලු ගෙදරම හොල්ලගෙන ඉන්නේ... රෑට පූස් පැටව් කාමරේම තියාගන්නවා...... හැමෝගෙම හුරතලා වෙලා ඉන්නේ...

    @විශ්මි: උඹ වාසනාවන්තයි නංගියේ එහෙම මෘදු හිතක් ලබන්න....

    @සුලඟ: සහතික ඇත්ත....

    @Pali: ඔන්න උඹ නිලයක් ඇල්ලුවා...
    ෂෙල්ටන් පෙරේරා කියපු "ඔබේ නීල දෑස දිහා සරාගයෙන් එදා බලා, පව් කල මා සංසාරේ නිරාදුකින් ගිනි වැදිලා..." සිංදුවට ලියැවුනු උත්තර ගීයක් වාගේ ඒක...
    මම ඒ කාලේ ඔය ඇස් ගැනම ලියවිච්චි සිංදු දොලහක් විතර කැසට් එකකට දාලා ලස්සන ඇස් කියලා ලේබල් එකකුත් ගහලා ඇයට දුන්නා....

    මතක හැටියට...
    1. චන්ද්‍ර බිම්බ යුරු ඔබේ වත පවසයි...
    2. රත්තරන් නෙත් දෙකින් සලා සිහිල් පවන් ...
    3. ඔබේ නිල් නුවන් තලාවේ...
    4. ආදර නිල් දෑසේ...
    5. මගේ නීල නෙතු සඟලින්...
    6. මීන නුවන් යුගින් බලන්...
    7. මා හද අසපුව කුසුමින් එලි කල ඒ නිල්මිණි දෑසයි...
    8. ඔබේ නීල දැස දිහා...
    9. රුවන් තාරකා නුවන් පායලා... ඉඳින් හදවතේ ‍රැඳී වේදනා නිවා...
    10. නීල නයන කිඳුරු ලතා, නළල පැලඳි කියඹු ලතා...
    11. ඔබේ දැසයි, ඔබේ දැසයි නීල චංචල සොඳුරු දෑසයි...
    12. ...(මතක නැ‍තෝ...)

    අවුරුදු දහනමයක් ගිහිල්ල එකක් අමතක වුනාට කමක් නෑනේ පාලියෝ...?

    ReplyDelete
  25. @තිස්ස:
    ඒක දෙමළින් මෙහෙමයි ලොක්කා "රෝසම් උල්ලවන්නක්කු පාසම් ඉරික්කුම්"

    රෝසම් = කේන්තිය
    පාසම් = සෙනේහය
    උල්ලවන් = තැනැත්තා, ඇත්තා; උල්ලවන්නක්කු = ඇති එකා
    ඉරික්කුම් = තියෙනවා, ඇත

    ReplyDelete
  26. @ගල්මල්-Coral: හා හා එල එල...

    අදම පාඩම් කරගන්නවා...

    "රෝසම් උල්ලවන්නක්කු පාසම් ඉරික්කුම්"

    බොහොම පිං....

    ReplyDelete
  27. "රෝසම් උල්ලවන්නක්කු පාසම් ඉරික්කුම්.." දවසේ කියමන.. මැක්සා.. :)

    ReplyDelete
  28. ම් අයියා ... අද පාටි එක ජයද ආහ්...

    ඒකනෙමෙයි අයියා. මහ හයියෙන් හිනා වෙන. කිසිම තාලයක් නැතිව සින්දු කියන. මැටි පාගන්න වගේ නටන. කුකුළ් කේන්ති කාරයො ඉන්නව නේද? අන්න නියම සෙනෙහෙස තියන පිරිමි උදවිය. අයියෝ කියල වැඩක් නැහැ දැන් මතක් වුනාමත් හිනහයි.

    මහහයියෙන් බනින්න පටන්ගන්න කොටම ඉකි දෙකක් ගහල හොස් ගාලා ඈඩුවම දන්නෙම නැතිව නිස්සද වෙනව.

    හැබැයි අයියා එහෙම අය අපිව දාලා ගියහම කියා ගන්න බැරි පුරව ගන්න බැරි හිස් ඉඩක් තියල තමයි එයාල යන්නෙ.

    මගේ තාත්තාත් එහෙම කෙනෙක්

    ReplyDelete
  29. ගෝනි බිල්ලෝ වගේ සද්ද නොකර ඉන්න පිරිමි ඉන්නව නේද????

    අම්මෝ න්‍යෂ්ඨික බෝම්බ. අයියල නිකම් රත්ඥ්ඥයක් වගේ...

    සද්දෙ දැම්මා. ඒක එතනින් ඉවරයි. ඒත් න්‍යෂ්ධික බෝම්බ වල ප්‍රතිපල පරම්පරා ගානක් විදවනව...

    ReplyDelete
  30. @wath

    සොයුරිය රත්ඥ්ඥයක් රතිඤ්ඤා වෙන්න ඇති නේද.

    UCSC එකේ
    GN = ඥ්
    KN = ඤ්

    ReplyDelete
  31. අනේ ඔවු තැන්කූ. අදහස දැනෙනව නම් ඒ ඈති

    ReplyDelete
  32. අනේ මන්දා මේ හඳ ගී පොතේ තියන සිංදු වැඩි හරියක් මම අහලා නැති ඒවා..ඉතින් ලියන්න දෙයක් නැහැ ලස්සනයි කියනවා ඇරෙන්නට

    @යෝගී
    පොලීසිය දීලා තියන පැය භාගෙට මල්ලී ලොකු වැඩ කොටසක් කරනවා නේද.??හරිම දක්ශයි මේ ළමයා නම්..
    කෝ ඉතින් අර තියනවා කියපු වැඩ ගොඩ දැන් ඉවරද?
    තාම post එකක් ලියන්න හිතලවත් නැති පාටයි..

    ReplyDelete
  33. කොබෝ ලීල මලක මිදුණු පිනි කඳුලැලි සේ...
    මොකෝ කඳුලු පුරවාගෙන ලස්සන දෑසේ...

    me peli dekata mama godak asai...

    ReplyDelete
  34. @තිස්ස : එකක් අමතක වුනත් එකොළහක් මතක තියාගත්ත එකම මදැයි මෙච්චර කාලයක්. මැරෙන්න මොහොතකට කලින් ඒ දෑස් දිහා බලලා කියන්න එක සින්දුවක් හරි මතක තියෙන්නෙ නැතෑ ඒ වෙනකොට.

    @වත් : මමත් කේන්ති නොයන කෙනෙක් නංගි, හැබැයි පරමාණු බෝම්බයක් නම් නෙවෙයි :)

    ReplyDelete
  35. වත් අක්කට...
    එ කියමනත් හරියට "පපුවෙ මයිල් තියන අය ගෙ හිත මෘදුයි" කියන්න වගෙ තමයි.. හැමතැනදිම සත්‍ය වෙන්නෙ නැහැ.. මට නම් ගොඩක් තරහා ගියාම වෙව්ලනවා.. හැබැයි මට අන්තිමට තරහා ගියෙ ..මල්ලිත් එක්ක .. විතරයි..

    තිස්ස අයියා..
    වැඩ අධිකයි වගෙ.

    ReplyDelete
  36. @Wath: මාර මීටර් අප්පා ඕගොල්ලෝ...
    හ්ම්ම්... එව්වනම් එහෙම්මම තමයි නංගියේ.... විඳදරාගන්න බැරිම අටලෝදහමනම් මටත් ඉතින්, "පියේහි විප්පයෝගෝ දුක්ඛෝ තමා....
    හහ් හහ්..හහ්... මරුම කතාව.....න්‍යෂ්ඨික බෝම්බ....

    @nimanthi :දෙන්නෙක් එක්ක හටන් පාසලක් පවත්වනවා කිව්වාට වැඩි වයසක් නෑ වාගේ නංගීයාට....

    @Yasela Sumanasinghe : ඔන්න එහෙනම් ඔබටත් දැනුනා....බොහොම සතු‍ටුයි....

    @Pali: හොඳටෝම පාලියෝ.... හොඳටෝම ඇති.....

    @රවා: නැත්තෙමත් නෑ මල්ලියේ... උඹත් හොඳින් නේද...?

    ReplyDelete
  37. හපොයි ඔව් මම ඉන්නේ සටන් පාසැලක ගුරුන් දෙදෙනෙකුට මැදිවු හොඳම හා එකම සිසුවිය මමයි. මේ දවස් වල පාසැල නිවාඩුයි ඉතින් සටන් පාසැල පැය 14-15 පැවැත්වෙනවා.
    වයස මොනාටද?? අප්පේ :-(
    [රවානේ වයස හොයන ක්‍රීඩාවට දක්ශ..මගේ වයසත් හරියටම කිව්වා ඔන්න.]
    @රවා කිව්වොත් බලාගෙනයි කාට හරි හී..හී..

    ReplyDelete
  38. මචන්; ගොඩ දවසකින් මේ පැත්තේ ආවේ.. අනේ ඉස්සර ළමා රංග පීඨය යි ළමා ගී යි අහන්න බලා උන්නු කාලේ මතක් වෙනවා. රන්ජන්.. ජිල්ජෝන් හා වැන්ද බෝනා

    ReplyDelete
  39. @nimanthi: හ්ම්ම්ම්.... රවාව පොඩ්ඩක් කැලැත්තුවානම් හරි වාගේ....

    @හෂිත: හහ් හහ් හහ් දැනුත් තියනවා ඒ වෙනුවට...
    SpongeBlob, Ben Ten, Transformers....

    ReplyDelete
  40. දෙවන පේළිය “කම්මැලි මට ළමයි තැලූ“ කියලයි මෙච්චර දවස් හිතාන හිටියේ අයියා...

    තාමනම් ඔයාගෙ මේ ලීපොත ඉවරෙට තියා බාගයක් වත් මම බලල නැහැ... ඉවර තියෙන හැටියට ආයෙ ආයෙ එනවාමයි...

    ReplyDelete
  41. ලීපොත නොවේ ගීපොත.. සමාවෙන්න ඕනා මගෙ නොසැලකිල්ලට

    ReplyDelete
  42. "ලී පොත" හොඳ නමක් නේ...

    හැබැයි එතකොට "හද ගී" නෙමෙයි... "සුහද ලී".... මෝල...!

    ReplyDelete
  43. ලී පොතෙත් ලියල තියෙනවා නේද ඒ කාලේ? (ගල් ලෑල්ල)

    අපේ office එකේ සුහද කෙනෙක් සහ සුහදනී කෙනෙක් ඉන්නවා... මාර වැඩේ.. ඔයාගෙ ලී මෝලට නඩු දායි බලාගෙන ...පැමිණිලි කාරයෝ දෙන්නෙක් ඉන්නකොට ටිකක් බරපතලයි නේ... අනේ අපේ තිස්ස අයියා!!! ඉහි ඉහි ඉහි :(

    ReplyDelete

 
Blogger Wordpress Gadgets