සඳ කිණිති නැමී, විල් දියට එබී...

ලක්ෂ්මන් විජේසේකර ගේ හඬේ තියෙන්නේ හරිම ආකර්ශණීය ගතියක්... රේඛා ටෙලි නාට්‍යයේ චන්ද්‍රලේඛා සමග ගැයූ ගී බොහොම ජනප්‍රිය වුනා ඒ කාලේ...මට හිතෙන්නේ තවමත් ජනප්‍රියයි... මම ඔහුගේ තවත් කැමතිම ගීයක් තමයි රත්නාවලී නාටකයේ ගීයක් වන "ඇයි තරහින් මානක්කාරී..." ගීතය... මම පොඩි කාලේ ඕකේ තියන "අල්ලා ස්වාමිනි දකුණත ඈගේ..." කියන කොටස ගැන හිතාගෙන හිටියේ හරියට "එයා මගේ දකුණු අත..." කියන්න වාගේ අර්‍ථයෙන්... මේ ගීයත් වැඩිපුර නොයන ඔහුගේ මියුරුම ගීයක්... මගේ බිරින්දෑත් ඉතාම කැමතියි මේ ගීයට.... මම ආසම කොටස තමා "සසර පුරා සැරි සරන තුරා, බලමි ලොව ඔබේ නෙතින්..." කියන කොටස...

සඳ කිණිති නැමී, විල් දියට එබී, සොයයි සේයාව සඳේ...
ඔබෙ නෙතට එබී, මගේ නෙතද සදා, සොයයි සේයාව මගේ...

සසල නොවී විල තිබෙන තුරා, දිලෙයි සඳ දියට යටින්...
සසල දිය වෙලා දිය කැලඹුණු දා, බි‍ඳෙයි සඳ කැබිලි පිටින්...

සසල නොවී ඔබ හිඳින තුරා, පෙනෙයි මා ඔබේ නෙතින්...
සසර පුරා සැරි සරන තුරා, බලමි ලොව ඔබේ නෙතින්...

සිංදුව අහන්න... ඕන්නම් බාගන්න... ඔබේ සිතැඟිත් ලියලම යන්න...

17 comments :

  1. හරිම ප්‍රේමාන්විත ගීතයක්. මමත් ඉතා ප්‍රිය කරන ගීතයක්. ලක්ෂ්මන් විජේසේකරයන්ගේ ළයාන්විත හ‌ඬ නිසා මේ ගීතයේ මිහිරියාව තවත් ඔප් නැංවිලා තියනව. මෙතුමා චරිතා ප්‍රියදර්ශනී මහත්මිය සමග ගායනා කරන "සිනා පිපෙනා මේ වසන්තය" ගීතයත් මම ඉතා ප්‍රිය කරන ගීයක්.

    ReplyDelete
  2. හැබැටම ඔව් Raven ඒ ගීයේ "මගේ ලොව වෙත ඔබයි ගෙන ආවේ..." කියන කෑල්ලට මම හරීම ආසයි...මම දාන්නම් ඒ ගීය "ඔබ කැමැති ගී..." ටැබ් එකට... ඔයාගේ නමින්... ඔයගේ සහෘද රසිකත්වයට ඉතාම ස්තුතියි...

    ReplyDelete
  3. හා හා මම අද දැක්කා හද ගී පොතේ හද රැදි සේයාව...

    ReplyDelete
  4. ආදරේ තියන ආත්මාර්ථකාමී බව පේනවා මේ සින්දුවෙන්. ආදරේ කරන කෙනා තුලින් තමාව දකින්න හදන්නේ ඒකයි."ඔබෙ නෙතට එබී, මගේ නෙතද සදා, සොයයි සේයාව මගේ..."
    අනිත් කෙනාත් ඒකටම හරියන නිසා හොදයි. මොකද එයා කැමති "සසර පුරා සැරි සරන තුරා, බලමි ලොව ඔබේ නෙතින්..."
    එයා තමන්ගෙම නෙතින් ලෝකෙ දකින්න කැමති වුන කෙනෙක් නම් ... අන්න ලෙඩේ

    ReplyDelete
  5. හ්ම්ම්... මම හිතන්නේ ඇහැ හරහා හිතේ ඉන්නවද කියල බලනවා කියලයි... ආත්මර්තකාමීකමක් නැති ආදරයක් මොටද...? මොනව උනත් "එවන් දසුන් මා දු‍ටුවේ... ඇය නිසාය..."

    ReplyDelete
  6. ...................hada malagamada mama walapem, viduliya se yali sina novan.............. That is my favorite of Laxman Wijesekara ,,,,like to hear that song.............mama-kasun

    ReplyDelete
  7. ok kasun... I will put it in "ඔබ කැමති ගී..." tab...just for you..are youfeeling sad...? take care my friend...

    ReplyDelete
  8. Thank you very much.I was sad a long time ago, now I am happy and all that belongs to history .But those two lines are still kicking me

    ReplyDelete
  9. ok i put it... enjoy my brother... Yes, what to do...If you love someone from the bottom of your heart it is very difficult to get rid of it...

    ReplyDelete
  10. යමුනා මාලනීගෙ ගීත රචනා හරිම සුන්දරයි. මේ ගීයත් ඇගේ තවත් සුන්දරම නිර්මණයක්.

    ReplyDelete
  11. ස්ස්ස්...මචෝ මේක එතුමියගෙද...? ශා ශා...බොහොම ස්තූතියි තොරතුරට... මේක පස්සේ කාලෙක හොඳ තොරතුරු ගබඩාවක් වෙයි....

    ReplyDelete
  12. සුන්දර ගීතයක්... මම හුගක් කැමති ගායකයෙක් ලක්ශ්මන් විජේසේකරයන්..... බොහොම ස්තුතියි දැන් දැන් ඇහෙන්නෙ නැති ගීත අපි එක්ක බෙදා ගන්නවට....... චන්ද්‍රලේඛා පෙරේරා මහත්මිය එක්ක ගායනා කරන ' දැල්වූ පහන්' ගීතයත් මේ වගේම ප්‍රේමාන්විත ගීතයක්.....

    ReplyDelete
  13. ඔහ්... ස්තූතියි wish...ඒ සින්දුවත් "රේඛා" ටෙලි නාට්‍යයේ තමයි... ඒ නාට්‍යය හරිම ලස්සනයි... ලක්ෂ්මන් විජේසේකර එහි රඟ පෑවා, චන්ද්‍රලේඛාත් එක්ක...

    ReplyDelete
  14. හ්ම් ඇත්තටම ලස්සනයි එත් මං කලින් අහලා නම් නැ වගේ.
    මාත් ආසයි රේඛා එකේ ගීත වලට දැල්වු පහන් හරිම ආසයි

    ReplyDelete
  15. හරි ... නුවන්සියි, wish දෙන්නම කැමති නිසා මම ඒ සින්දුව දාන්නම්, ඔබ කැමති ගී වලට OK...?

    ReplyDelete
  16. අම්මෝ අයියේ, මං අදනේ මේ පෝස්ට් එක දැක්කේ, දෙයියනේ මගේ ප්‍රියතම ගිතයක්, අද ඊයේ නෙමෙයි ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම............ මේ ගීතය කවදා හරි අර්ථවත් වෙනවා දකින්න මං හීන දැක්කා........... :)

    ReplyDelete

 
Blogger Wordpress Gadgets