උඩරට මැණිකේ දුම්රිය මැදිරිය ඇයගේ සුවඳින් නෑවෙනා...

දුම්රියක හඬ පසුබිමට ඇරන් නිර්මාණය වෙච්චි ලස්සන ගී දෙකක් මගේ මතකයේ තියනවා... එකක් මේක... අනික රූපා ඉන්දුමතී ගයන "විදුලි දුම්රියේ චංචල නාදය..." මම කෝච්චි වල නම් වැඩිය ගොහින් නෑ.... හැබැයි ඒ කාලේ බස් එකේ එකට වාඩි වෙලා ඇවිත්, ඈ බැහැලා යනකොටනම් ඉවසන්නම බෑ... මේ ගීය පෙම්ව්තියටම නොවූවත්, දුරස්ත ප්‍රේමයක් ගැන කතාවක්... කදිම තනුවක්, කදිම සංගීතය... රස විඳලම බලන්න

උඩරට මැණිකේ දුම්රිය මැදිරිය, ඇයගේ සුවඳින් නෑවෙනා...
ආලකමන්දා පුරයකි ආදර, පුරහඳ දහසක් පායනා...

දිවයන තුරුවැල්, හිනැහෙන දියවැල්, දිව මල් දිව සලු තාරකා...
ඇගේ දෙනෙත් මැද මා නෙත් ගිනිගෙන, චංචල මංගල චාරිකා...

රිය නැවතුන සඳ, දෑත වනා ඈ යන්න ගියා මැකිලා....

උඩරට මැණිකේ දුම්රිය මැදිරිය පාලු වලාවකි පාවෙනා,
කෝ රණ මොණරුන්, මිහිලොල් බඹරුන්, ගුමු ගුමු පෙම් ගී ගායනා...
උඩරට මැණිකේ දුම්රිය මැදිරිය පාලු වලාවකි පාවෙනා....

කැරකෙන රියසක ගොරහැඩි හඬ මැද හදවත කලඹයි වේදනා...
යලි හෙට දවසේ, සැන්දෑ යාමේ ඇගේ නුවන් යුග වාසනා....

සිංදුව අහන්න... ඕන්නම් බාගන්න...

10 comments :

  1. ලස්සන සිංදුවක්.. ස්තුතියි.. :)

    ReplyDelete
  2. ඔබතුමා නම් අදහන්න වටින කෙනෙක්... වයස අවුරුදු විසි හතරක් වෙලත් අපි තාම මේව අහල නැති හැටි!

    ReplyDelete
  3. @කණිෂ්ක: ස්තූතියි , මාව දිරිමත් කරනවට...
    @සමීර: හප්පොච්චියේ... IT Guru කෙනෙක් ගෙන් මේ වාගේ දෙයක් අහන්න ලැබීමත් ගෞරවයක්... ස්තූතියි සමීර..

    ReplyDelete
  4. අඩවියට එබිකම් කලත් කොතැනින් පටන් ගන්න ද සිතුනා...

    නිකම්ම වගේ 2010-ජනවාරි වලට ගියාම, ෂාහ් ලස්සන සින්දුවක්...

    දශක දෙකකට වඩා ඈත ගුවන් විදුලිය මතකයට ආව...

    ReplyDelete
  5. ආයුබෝවේවා මැතිතුමනි... ගෞරවයෙන් පිලිගනිමි....

    ReplyDelete
  6. ලස්ස.න සිංදුවක් තිස්ස අයියා..
    සනත් නන්දසිරි ද කියන්නේ...?

    ReplyDelete
  7. ඔව් ඔව් උඩ ලේබලේ තියනව දාලා :-)

    ReplyDelete
  8. Thanks Tissa, I listened to this song after about 30 years. This is a song I loved those days too and somehow gone away from memory. Your effort to bring these back to memory is highly appreciated.

    ReplyDelete
  9. I have been looking for this song from Sanath Nandasiri for a long time. But never been able to find it. Also I have to comment on lyrics as in the first phrase it is not "Ma neth Ginigena". It should be corrected as " Ma neth Hinahena". This cannot be downloaded from the link mentioned.

    ReplyDelete
  10. සිංහල සිනමාව වගේම ගුවන්විදුලි සංගීතයෙත් හොඳම කාල පරිච්ඡේදය තමයි 70 සහ 80 යුගය.එම යුගයේ ගුවන් විදුලියෙන් අපි අහපු හොඳම සිංදු ටික තමයි මේ බ්ලොග් එකෙන් විචාරය වෙන්නේ. දැන් යන සිංදු වගේද ඒවා. හරිම මිහිරියි. මේ විචාරයන් නිසා නැවත නැවතත් අපිට ඒවා අහන්න හිතෙනවා. මගේත් සිංදු බ්ලොගයක් තියෙනවා. නමුත් මට මේකට පුදුම ආසාවක් ආවා. ස්තුතියි මේක මෙහෙයවන මහත්මයාට.

    ReplyDelete

 
Blogger Wordpress Gadgets