අමරදේවයනට මහගම සේකර විය. වික්ටර්ට, මර්වින් පෙරේරාට, ශ්‍රීමතී තිලකරත්නට ප්‍රේමකීර්ති සිටියේය. මහගම සේකරගේත් ප්‍රේමකීර්තිගේත් කිත් යසස් මැද වැළලී යන්නන්ද බොහෝය. ඒ මහගමසේකරගේවත් ප්‍රේමකීර්තිගේවත් වරද නම් නොවේමය.
ඉස්සර වූයේ නිතර දෙවේලේ දකින කුකුලාගේ කරමල ඉක්මණින්ම සුදු වී යාමයි. එහෙත් අද වන්නේ නිතර දෙවේලේ දකින කුකුලා 'බෝයාවක්' කරගන්නා සුහුඹුල් මාධ්‍යවේදීන් තමා ගිලෙන්නට නොදී මේ බෝයාවන්හි එල්ලීමය. [මේ බෝයාවේ කථා රසකර කියන්නේ දුෂාන් සොයුරාය! ඒවා පසුවට!!]
ගීත එක්දහස් හයසීයක් පමණ ලියූ, නීලා වික්‍රමසිංහයනට ගී පද මාලා උල්පතක් වූ, පසුවූ දශක දෙකහමාරක පමණ යුගයේ කිසිම ප්‍රසිද්ධ මාධ්‍යයක සාකච්ඡාවට, විභාගයට ලක් නොවූ ගීත නිබන්ධකයෙකු, ශබ්ද පරිපාලකයකු, නිවේදකයකු, සහාය සිනමා [දෙව්දුව, පරසතුරෝ, මිහිදුම් සිහින, මේජර් සර්, මධු සිහින] අධ්‍යකෂකවරයකු වූ එක් අපූරු මිනිසෙක් ගැන සොයන්නට බලන්නට මා පෙළැඹවූයේද ඔහුගේ ඒ අපූරු ගී නිර්මාණයි.
මීට දශකයකට පමණ පෙර අප්‍රිකාණු මහද්වීපයේ දකුණු කෙළවරටම වන්නට වී ගතකල කාලය තුල, කුමක් හෝ හේතුවක් නිසා මගේ මතකයට නිතරම ආ ගීයකි: එහි රචකයා ගැන එදා ඒ හැටි නිනව්වක් නොවිණි:
"සදා උකුළු තල - මා සුව යහනට
තොළගින් මැතිරූ - නැලැවිල්ලෙන්
හැරලා මා සුව - සිහින විමානෙට
නිදි ගන්වා මා - ඔබ තුරුලේ...."
දකුණු පයාගල උපත ලැබූ අපේ කථා නායකයාට වයස හය හත වන විට එස්රාජ් පුහුණුවට යන නැන්දාගේ තනියට ඇයත් සමග යෑමට සිදුවෙයි. මේ කම්මැලි රාජකාරියක් වුවද කථා නායකයාට මේ වටපිටාව සැකසෙන්නේ අප වන් රසිකයින්ගේ භාග්‍යයටමය. පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයේ සිට සාමාන්‍ය පෙළ සඳහා හේ කොළඹ ඉසිපතනට විද්‍යාලයට එයි. අද 'කිවි' දේශයේ වසන, එදා මේ අප තරුණ, කඩවසම් කිවියා, සිය කිවි කමින් නොසෑහී නිබයවම ප්‍රසිද්ධ ගායක ගායිකාවනට සිය ගීත ප්‍රබන්ධ ලියා, තැපැල් කර යවන්නේ පාසල් සගයින්ගේ ඔච්චම්ද මැද්දේය. "කෝ තාම උඹේ සින්දුවක් කීවේ නැද්ද කවුරුත්..?"
කාලය මෙසේ ගෙවී යද්දී අප කථා නායකයාට අතුල සෝමසිරිගෙන් "මල්ලී" ආමන්ත්‍රණයෙන් අපූරු තැපැල් පතක් ලැබේ. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, සිය බිරිය වන ලාලනී සෝමසිරිගේ සරල ගී වැඩසටහනකට අප කථා නායකයාගේ ගී තුනක් ගායනය කරවා පටිගත කර ඇති බවත්, අසුවල් දා, අහවල් වේලාවට ඒ විකාශනය කරවන බවත්ය.
මේ එක්දාස් නමසිය හැත්තෑ එක වසරයි!
ගුවන් විදුලි යන්ත්‍රයක් තමන්ටය කියා නොතිබූ අප කිවියා ඩිස්ප්‍රීන් දෙකක් ගැනීමට යයි කියා සිය මිතුරු සිරිපාල සමග සිය නිවසින් එළියට බසින්නේ සිරිපාලගේ පියාට හිමි පිළියන්දල 'සිරි බේකරිය' අසලට යාමටය. ඒ එතැන ඇති ගුවන් විදුලියෙන් අර තමන් ලියූ ලාලනී සෝමසිරි ගැයූ ගීත අසන්නටය.
සියලු බලාපොරොත්තු ගිලිහී යන්නේ 'ප්‍රවෘත්ති' ඇසීමට සිරි මුදලාලි රේඩියෝව අනෙක් චැනලයට සුසර කිරීම නිසාය. අවසානයේ තම නිර්මාණ දිවියේ පළමු සජීවී ප්‍රචාරය ඇසීමේ භාග්‍යය ඔහුට අහිමි වේ. ගුවන් විදුලියෙන් තැටි වලට නොකැපුණු, නොනැගුණු මේ ගීත අද සොයා ගැනීමටවත් නොහැකි බව හෙතෙම කියයි. එහෙත් දුර්මුඛ නොවී ගී එක්දහස් හයසීයක් ඒ පන්හිඳෙන් ලියැවෙන්නේ කළු වලාවන්හි රිදී වනින් දිළිසුණු රේඛා හෙතෙම දුටු නිසාය.
සුළං කෝඩ වැහි වලා පෙළ ගැසේ
සිත් සමුදුරු අහසේ
කුණාටු විහඟුන් අඳුරු වලා මැද
රිදී වනින් දිළිසේ...
ඔබ සයුරේ මා අඳුරු පැල්පතේ
රළ නැගෙනයුරින් නුරා වේදනා
නැගී නැගී තෙරපේ සිත් සයුරේ...
වාරකන් සුළං සිත් සනහාලයි
නුරා වේදනා නිවී නිවී යයි
කුසගිනි සෙබලුන් හිස ඔසවාලයි...
[සංගීතය සේන වීරසේකර | ගායනය නීලා වික්‍රමසිංහ]
සහන නිවේදයකයෙක් ලෙස ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රාජකාරි කල සමයේ, සිරිමා බණ්ඩාරණායක අගමැතිනිය කතරගම ශුද්ධ භූමියක් කර සුදු ඇත් පැටියෙකු පූජා කරනා උත්සව අවස්ථාව ආවරණය සඳහා ඔහුට යන්නට ලැබෙන්නේය. ඒ, මැද මාස්ටර් (අමරබන්දු රූපසිංහ) හා පොඩි මාස්ටර් (ප්‍රේමකීර්ති) ට අමතරවය. සජීවී ප්‍රචාරය උදේ හත හමාරට පටන්ගන්නා බව දන්වා තිබූ නිසා මාස්ටර් කට්‍ටුව පාන්දරම වැඩ ඇල්ලීමට නික්ම ගොසිනි. එහෙත් නොසිතූ ලෙස සම්භාවනීය අමුත්තන්ගේ කලින් පැමිණීම නිසා එදා වැඩසටහන පෑ භාගයක් ඉදිරියට පැමිණෙන්නේය. රිජ්වේ තිලකරත්න පාලන සමය වූ එදවස වැඩසටහන් නිෂ්පාදිකාව වූ ජී. එස්. බී. රාණී මහත්මියගේ බලවත් ඉල්ලීම පිට කාරිය බාරගන්නා ඔහුට, හතරවාරයක්ම වැසිකිලි ගොස් වුවද සාර්ථක සජීවී ප්‍රචාරයක් ලබා දීමට හැකිවී ඇත. එදා එසේ වූයේ කතරගම දෙවියන්ගේ ආශීර්වාදය මේ සද්කාර්‍යය සඳහා නොඅඩුවම ලැබූ නිසාම විය හැකි බව අද හේ සිනාසෙමින් කියයි.
"ඉඟි බිඟි කරනා - තරු නෙතු වලට හොරා
සැඟව සිනාසෙමු - අප ලොව හිඳින තුරා"
'ඔබේ ගීත එකතු කරල පොතක් එහෙම නිකුත් කරන්න බාලාපොරොත්තුවක් නැද්ද?' මම විමසීමි. "අත් පිටපතක්වත් මම තියාගෙන නෑනේ... ඒත් ඉතින් මගේ ප්‍රියාදර බිරිඳ ඉතින් හෙමින් සැරේ මේව එකතු කරගෙන යනව...". රිඟින් ටෝන්ස් වලින් කෝටිපතියන් බිහිකරන සමාජයක මෙවන් මිනිසුන්ද අපිස් සතොස් බවින් යුක්තව විසීම හැබෑටම පුදුම සහගතය.
"ප්‍රේම යාතිකා - ඇති ඔබ ගැයුවා
ගායකයාණෙනි මන බඳිනා - මන බඳිනා
සෝ ලතැවුල් හද උතුරන අයුරින්
පෙම් ගී නොගයන් මතුදවසේ - මතු දවසේ.."
ඔහුගේ අසාමාන්‍ය සරල වාග් විලාශයට විෂය වන්නේ ප්‍රේමය පමණක් නොවන වගට ඉහත ගීය කදිම නිදසුනකි. ඒ වචනවල ඔහුටම ආවේණික ගුණයක් මම දකිමි. සාහිත්‍යමය ගුණයත්, ජනවහරත්, කටවහරත් එක මිටියට බැන්දු රන් හුයක් ලෙස මම ඒ අර්ථ දක්වමි. තවද ඒවායේ අතිශය සුගායනීය බවකුත්, නොගැටෙන නම්‍යශීලී බවකුත් මම දකිමි.
"ඔබගෙ සෙවනේ - දැනෙන සහනේ
වේවා සදා වාසනාවන්
ඔබගෙ සරණේ - නොහිමි සෙනෙහේ
සසර සරණ තුරුම වාසනා.."
[විජේසුන්දර මහත්මිය විසින් මේ කුලරත්න ආරියවංශයන් ගේ නිර්මාණයක් බව දන්වා එවා තිබුනා. නිවැරදි කරමි. කුලරත්න ආරියවංශයනට කණගාටුව පලකරමි]
ලංකාවෙන් බැහැර ගතකලත් වසරකට වරක් හේ සිය මවිබිමට එන්නේ නිකම්ම නොවේ. සිය ශක්ති පමණින් කිවි දේශයේ මිතුරන් හා එක්ව එක් රැස්කරගන්නා යමක් සිය මව්බිමේ කිසියම් පුණ්‍ය කටයුත්තක යෙදවීමටය. මව්බිමෙන් බැහැරවී, මව්බිමේ දොස්ම වයා සිටින්නට ඔහුට උවමනාවක් නැති සෙයකි. ඔවුන්ගේ සවියෙන් මවිබිමේ හිනා මල් කොපමණ මැවේද?
රෑහි රංචු හඬ අහලා හැන්දෑවට තරු බලන්න
බකිණි ගහේ ඉඟි කරනා කණාමැදිරි මල් ගණින්න
ඉස්සර වගේ ගොම්මනේට අම්මා එන මග බලන්න
අක්කණ්ඩී - ඉඳි වැට ගාවට යමුද හිනා මල් මවන්න...
කුප්පි ලාම්පුවෙ එළියෙන් බිත්තියෙ හෙවණැලි අඳින්න
ඉරටු ඉලක්කම් ගැනලා පුංචි කතන්දර අහන්න
කෝම්පිට්‍ටු ගෙදර ඉඳන් රණ්ඩු වෙවී ඇද කරන්න
අක්කණ්ඩී - ඒ පුංචි ලොවට යමුද හිනා මල් මවන්න...
[සංගීතය රෝහණ වීරසිංහ | ගායනය නීලා වික්‍රමසිංහ]
සොඳුරු නිර්මාණකරණයේ යෙදුනු / යෙදෙන මිනිසුන්ගේ මා දුටු සුන්දරම කරුණකි. එනම් ඔවුනගේ නිහතමානිත්වයයි. ඒ සිත් වශීකරවනසුළුය. අමාරුවෙන් තටමා නිර්මාණයක් දොට්ට දමා, සිය සියලු ශක්තිය යොදමින් එම නිර්මාණය මුදල් කර ගැනීමට දත කන යුගයක මෙවැනි මිනිසුන් තම තමන්ගේ සොඳුරු නිසංසල රජදහන්හි රජවී සිටියි!
ඔබ සිටින්නේ සිතට සිතාගන්නට බැරි තරම් ඈතක නොවේ. ඔබ විසින් නිමැවූ සියළුම ගී නිර්මාණ ඔබ ඔබේ ගුණ සුවඳ රැගෙන මේ ගුවන් ගැබේ සදා ඇදෙනු ඇත. ප්‍රියානන්ද විජේසුන්දරයාණෙනි; ඔබට නිදුක් නිරෝගී සුවත්, දීර්ඝායුත් පතමි. මෙතැනට එන සහෘදයන්ගේද නියත පැතුමත් එය වන බව මට විශ්වාසය.
"සිතක සිතා ගන්නට බැරි - දුරක නොවේ ඔබ ඉන්නේ
අතක දුරක පෙනෙන තැනක - සඳ එළියේ ඔබ ඉන්නේ
ඔබේ සුවඳ අරන් ඇදෙන - සුළං රොදක පැටලීගෙන
ගත දැවටුනු මගේ සළුව - ඔබ පහසට ඉගිලෙන්නේ
ගතේ පබා කැල්ම දුටිමි - නෙතේ සරා බැල්ම දුටිමි
ඔබ අසලට දිව එන්නට - දෙපා ගිගිරි පොරකන්නේ"
[සංගීතය පී. ඩන්ස්ටන් ද සිල්වා | ගායනය නීලා වික්‍රමසිංහ]

ස්තුතියි. බේකරිය ගාව සිද්ධිය හරිම සංවේදියි. නොහැකියාව හා බලය හමුවේ තමන්ගේ ආසාව යටපත් කරගත් අහිංසක මිනිහෙකුගේ සිතක් මට කියවන්න ලැබුනා ඒ වෙලාවේ..
ReplyDeleteකියල වැඩක් නෑ දේශකයා. අදටත් ඒ මහත්තය ඒ ගැන කියන්නේ කිසිම විස්සෝපයකින් තොරව. ඒ සිත් මොන තරම් අපූරුද?
Deleteහොඳ විස්තරයක්.
ReplyDeleteඇත්තටම මාධය මගින් ගායකයව විතරක් උලුප්පල පෙන්නන එක අසාධාරණයක්.
හේතු විමසල බැලුවම පතුලෙම තියෙන්නෙ සොයන්න බලන්න මහන්සි වෙන්න තියන මැලිකම
Deleteඉතාම ස්තූතියි ඔබට. මං එදත් කීවෙ, මට මේ බ්ලොග් අඩවිය නිධානයක් වගෙයි. බ්ලොග් අවකාශය තුල මා කියවීමට මෙතෙක් කල් සෙවූ අඩවිය මට හමුවී ඇත.
ReplyDeleteස්තූතියි සඳරුවන් අපි එකතුවෙලා වැඩේ ගෙනියමු!
Deleteස්තුතියි...මෙතන තියෙන ගීත වලින් නම් අහල තියෙන්නෙ දෙකයි...රෑහි රංචු..සින්දුව හුඟක් දේවල් මතකයට අරගෙන ආවා.....
ReplyDeleteහැන්දෑවට අම්මා එන මග බලා නොහිටියත්,
කුප්පි ලාම්පු එලියෙන් නැතුව ච්මිනි ලාම්පු එලියෙන් සෙවනැලි ඇන්දත්,
මගේ අක්කන්ඩිගෙත් මගෙත් ළමා වියේ සුන්දර මතක,
උදේ හවස කාර්යාලයට යනෙන ගමන් රථයේ රේඩියෝවෙන් මෙවන් ගීත රචකයන් ගේ ගීත නොඇහෙන කණගාටුවට එකතු වෙලා ඇහැට කඳුලක් එක්කම
ඒ සින්දුව අමුතුම ගීයක්... පල්ලෙහා ජේ පී කියා ඇතුවා වාගෙම ඒ බන්ධනයෙන් ගැලවෙන්න බෑ... අද ගොඩාක් කාර්‍ය බහුල වෙලා ඉන්න මගෙ වැඩුමල් සහෝදරීවත් මට නොසෑහෙන්න මතක් වුණා... රචකයා මායාකරුවෙකි!
Deleteදකුණු පයියාගල මාර පොරවල් නේ ඉපදිලා තියෙන්නේ.
ReplyDeleteඒ පැත්තේ වැඩ කාරයෝම නේන්නම් ඉන්නෙ
Deleteවලානට වෙනම ස්පෙෂල් යුනිට් එකක් දැම්මෙත් ඒකනේ ;-)
//සිරිමා බණ්ඩාරණායක අගමැතිනිය කතරගම ශුද්ධ භූමියක් කර සුදු ඇත් පැටියෙකු පූජා කරනා උත්සව අවස්ථාව ආවරණය සඳහා ඔහුට යන්නට ලැබෙන්නේය. //
ReplyDeleteසුදු ඇත් පැටියෙක්? ඇත්තටම? එහෙම නැත්නම් ගුවන් විදුලිය ඌ සුදු කලාද?
ප්‍රා ජේ ගේ පොයින්ට් එක වැදගත්... මට වැරදුනාදැයි රේඩියෝවට වැරදුනාදැයි නැවත විමසීමක් කරන්නම්. ස්තුතියි මචං.
Deleteකතරගමට මෙහා හම්බන්තොට සහ මත්තල නම් මේ වෙනකොට සුදු අලි අඩු වශයෙන් දෙන්නෙක්ම ඉන්නවා!
Deletesuperb wit Kasu!
DeleteThumbs up!!
තිස්ස අයියා මේ තනිවම කරන්නේ ගුවන්විදුලිය, රූපවාහිණිය, ජාතික පුවත්පත් ආදි සුවිසල් ප්‍රාග්ධනයක් හා හැකියාවක් තිබෙන ආයතන විසින් කල යුතු (ඒත් නොකරන, කවදාවත්ම කරයි කියලා හිතන්ටත් බැරි) භාරධූර වැඩක්. මෙන්න ඒ වෙනුවෙන් අපි හැමෝගෙන්ම මල් මිටක්.
ReplyDeleteආත්මාර්ථයකින් පටන් ගත්ත වැඩෙන්, පොඩි සටහන් ටිකක් සිංහල වෙබ් අවකාශයට එක්කහු කරන්න ලැබීම සතුටක් බුරා. දිගටම කරගෙන යන්න බුරාලගෙන් ලැබෙන ධෛර්‍යය, සම්පත් දායකත්වය, මහත්ම රුකුලකි.
Deleteඉතාමත්ම අගෙයි තිස්ස.....
ReplyDeleteනලීන් මේ විජේසුන්දරයන්ගේ මීලඟ ලංකාගමනයේදී හැකිනම් හමුවන්න..
Deleteහැකිනම් ඔබ මාධ්‍ය සබඳකම් වලින් යමක් කරන්න
ඔවුන් මහරු මිණිය...
A very very interesting and great post brother!
ReplyDeleteඔබ මේ ගී රස විඳින බව නොඅනුමානයෙන්ම දනිමි!
Deleteලස්සණයි. සමහර සිංදු අහලා තිබ්බට ලීවේ මෙයා කියලා දැනගෙන හිටියේ නෑ තිස්ස...
ReplyDeleteප්‍රියානන්ද මහත්තය වටා දැනට ඉන්න පිරිසවත් ඔහුගේ මේ අසාමාන්‍ය පරාසයක විහිදුනු ප්‍රතිභාව දන්නවාදැයි සැකයි
Deleteතිස්ස
ReplyDeleteමේ සටහන කියවන්නට සති අන්තය තෙක් තබා ගත්තේ එය හොඳින් රස වින්දිමටය . රසය හොඳින් ම වින්දෙමි .
ඔහු ගේ ගීත රචනා කියවූ විට ඔහුගේ නම ඔහුට හොඳින් ම ගැලපෙන බව සිතුනි. ප්‍රියා නන්ද !
කුප්පි ලාම්පු ගැන කෑල්ල , නොස්ටලාජික් මාවතක සිත ඈතට ගෙන ගියා .
හෙලවෙන්න බැරි විදිහට රීන්ෆෝස් කරාපු කේබල් එකකකින් බැඳල දැම්ම වගෙයි ජේපී...
Deleteහරිම නොස්ටැල්ජික්!
ඔබේ මේ බ්ලොග් අඩවිය හැබෑවටම අපූරුයි. වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම මෙය හද ගී පොතමැයි. එමතුද නොවේ කාලයේ දුහුවිල්ලෙන් වැසී ගිය සිංහල ගී මුතු ස් ඔබ මතුකරන හැටි අගෙයි - මා සොයමින් සිටි ගීය සමගින් ඔබ එය ගීයක වරුණෙහි සටහන් නොකලා නම් මේ මුතු මා නෙත නොගැටෙනු ඇත. ඔබට බෙහෙවින් තුති. මේ අගනා මුතු මතුකර දුන්නාට. ප්‍රියානන්ද විජේසුන්දරයන් ගැන සිංහල ගී රසිකයාට අමතකව ගොස් ඇතැයි සිතෙන කලක මේ මේ සටහන වෙසෙසින් අගී. නැවතත් ඔබට තුතු පුදමි බොහෝසේ.
ReplyDelete'හිමින් සීරුවේ ගොඩක් දුර' යාම සඳහා විඩා නිවන්නේ මෙවැනි ප්‍රතිචාරමැයි!
Deleteඔබට ස්තුතියි!
තිස්ස.
ReplyDeleteප්‍රියාගෙ ගී රචනා ගැන දැන උන්නට ඔහු නිවේදකයෙක් වෙච්චි බව දැනං උන්නෙ නෑ. ජෝතිපාලගෙ ඉඳල විශාල පිරිසක් ඉස්සරහට ගෙනාව "හඩු වැඩ" නොකල ජී.එස්.බී රාණි මහත්මියගෙ "අත ලද" තවත් පිනැත්තෙක්.
ඔබේ මේ සටහන තවාත් ලස්සන වෙයි මෙයට "සිංහල ගීයෙ විරහී හඬ" කපුගේ නම් ගායකයා බිහිකල "දෑස නිළුපුල් තෙමා" නම් රියාගෙ ගීයත් ඇතුල් උනානම්.
ප්‍රියා ලියූ ගී වලින් මම කැමතිම "බෝමලුවේ මල් සුවඳක පැටලී" කියන ගීය. මම දන්නෙ නෑ මේ තරම් අනගි ගී ලියූ මිනිසෙක් ඇයි ඒ තරම් ප්‍රසිද්ධ නැත්තෙ කියන එකනම්!
* තවාත් * තවත්
Delete* රියාගෙ ගීයත්* ප්‍රියාගේ ගීයත්
ඒ විතරක්යැ: ශබ්ද පරිපාලකයෙක් සහ සහාය අධ්‍යක්ෂ වරයෙක්!
Deleteඔක්කොටම වඩා නිහඬ නිහතමානී 'මනුස්සයෙක්'!!
ඔබ ඔයනා ගී ඇතුළු අනෙක් බොහෝ ගී ප්‍රතිචාර විදිහට වැටෙයි කියලයි බලාපොරොත්තු වුණේ ඉන්දික - ස්තූතියි ඔබට.
//සජීවී ප්‍රචාරය උදේ හත හමාරට පටන්ගන්නා බව දන්වා තිබූ නිසා මාස්ටර් කට්‍ටුව පාන්දරම වැඩ ඇල්ලීමට නික්ම ගොසිනි.//
ReplyDeleteමෙන්න මෙතන මට පොඩ්ඩක් කොයිල් උනා.මම හිතුවෙ උදේම වැඩ කරන්න ගිහිං කියලයි,ඒත් පුද්ගලයො දෙන්නගෙ නං දැක්කම කොහෙද ගියෙ කියල තේරුණා.ගුවන් විදුලියෙ හිටපු මාස්ටර්ල කට්ටිය ගැන සමන් අතාවුදහෙට්ටි ඔහුගෙ පොතෙත් ලියල තියෙනවා.
පුදුම ජාතියෙ මිනිස්සු නේද?
Deleteමම වැඩ කරපු රාජ්‍ය අංශයෙත් මට ඔය වාගෙ මිනිස්සු හමුවෙලා තියේ. මොන පුද්ගලික චර්‍යාවක් තිබ්බත් තමන්ගෙ රාජකාරිය අකුරට නිර්මාණශීලීව කරනව. ඒත් ඇබ්බැහිය දීර්‍ඝකාලීන වුණහම නම් සිරුර දක්වන ප්‍රතිචාරත් එක්ක මෙයාලගේ රාජකාරිත් අතෑරෙන බවත් අත්දැක තියේ.
උදේ හතහමාරටත් කලින්...?
Deleteමේක නං අන්විශ්වාසබල්. උදේ දහයමාරෙන් මෙහා ඔය වැඩ ඇල්ලිලි කරනවාද?
ඔහුට ගීත ක්‍ෂේත්‍රයෙන් ඈත් වෙන්න "හේතුවක්" තියෙන්න් ඉඩ තියෙනවා...!!!
ReplyDeleteකෙසේ වෙතත් ඔහු ඔය නිව්සීලන්තයේ සිට ලංකාවේ ඒ කාලේ කතා ඇතුලත් කර ලියූ ලිපි කීපයක් මා කියවා තියෙනවා.
මා ලියූ ගොළු හදවත හෙවත් මොන්ටිසෝරි ආදරේ කතන්දරයේ ප/ලි ය කියවන්න. එහි නේම් ඩ්‍රොපින් නැතුව සඳහන් වෙන්නේ මේ ගීත රචකයා ගැනයි.
http://kathandara.blogspot.com/2012/06/montessori-love-affairs.html
ඔහු ගේ ඒ පිළිතුරු ලිපියට මං "සිලි-හදවත හෙවත් මුල්ලේරියා ආදරේ" නමින් සරදම් බසින් ප්‍රති-පිළිතුරක් ද ලිව්වා. මෙන්න ඒක.
http://kathandara.blogspot.com/2012/06/love-rejection-arrack-and-cemetery-or.html
මගේ මිණුම් දණ්ඩේ හැටියට 'විශිෂ්ඨ නිර්මාණ' බිහිකල උදවියගේ කලා කටයුතු වලින් බැහැර පුද්ගලික කරුණු නොසෙවීමට මා පොළඹවන ලද දෙදෙනෙකි. එක්කෙනෙක් නම් ඔබමය කසූ. අනෙකා නම් මා බෙහෙවින් ගරුකරණ මිතුරකු වන දුෂාන් ආධිත්‍යවිදානයි. කිසිසේත්ම ඍජුවම නොවූවද ඔබ දෙදෙනාගේ ලියැවිලි අනුසාරයෙන් මා ඒ ගුරුහරුකම ලබාගත්තා.
Deleteකුමන ආකාරයක හෝ පුද්ගලික කරුණක් උදෙසා මැදිහත් වීමක් සිදු කරනවානම් මා ඒ කරණුයේ අදාල කලා කරුවාට අපෙන් යමක් වියයුතු අවස්ථාවකදී පමණි.
බොහොම අගනා පුද්ගලයකු ගැන බොහොම අගනා සටහනක්. මේ ගීත අපි තරුණ කාලේ ගුවන්විදුලියෙන් නිතර ප්‍රචාරය වුණා. ඒ කාලේ අපේ පරපුර පෙම්පත් ලිව්ව නිසා මේ ගීත කොටස් ඒ පෙම්පත්වල සඳහන් වුණා.
ReplyDeleteමට පුංචි මතකයක් තියනවා ප්‍රියානන්ද විජේසුන්දර නීලා වික්‍රමසිංහගේ සැමියා කියලා. මා වැරදිනම් නිවැරදි කරන්න. තවත් පෞද්ගලික තොරතුරු ඇතත් ඒවා මෙතනට අදාළ නොවේයැයි හිතනවා.
ඔබ මෙහි සඳහන් කර ඇති ගීත වලින් එකක් හෝ දෙකක් මෙන්න මෙතන තියනවා.
http://www.topsinhalamp3.com/artists/neela-wickramasinghe-mp3-songs.php
පෙම්පත් එක්තරා සාහිත්‍යයයක් නේද? දැන් එස් එම් එස් වලත් ඒවාට ආවේණික සාහිත්‍යයක් තියෙනව නේද? අපේ මී මුණුපුරන්ට අපේ දරුවෝ එස් එම් එස් ගැන මෙහෙම කියාදේවි සමහරවිට.
Deleteමගේ දැනුම අනුව විජේසුන්දර ඇයගෙ සැමිය නෙමේ.
මිනිසුන්ගෙ ගැඹුරු සංවේදී සිතුවිළි ස්පර්ශ කිරීමේදි දක්වන සංයමයට මගේ ස්තුතිය ඔබට.
මේ යොමුව අපූරුයි නෙව විචාරක මහත්තය. මට අහුවෙලා තිබ්බෙ නෑ කළින්!
ඔබට අමතක වුනාද ප්‍රියානන්දයන් ගේ ගුරු භූමිකාව .
ReplyDeleteමම දන්නා කාලයේ සිටම එතුමා හොරණ විද්‍යාරතන යේ ගුරුවරයෙකු ලෙස සේවය කලා.
ඉගැන්වූයේ විද්‍යාව වගෙයි මතක. එතුමාගේ ගෝල පිරිසක් ඒ අවට සිටිනවා.
මේක මම නොදැන හිටි කාරණයක්
Deleteවටිනා සින්දු කීපයක්..
ReplyDeleteමේ සේවාව දිගටම කරගෙන යන්න හදගිපොතේ පාඨක අපෙන් සුභ පැතුම්..
හැමදාම වගේ ස්තුතියි තිස්ස..
මෙහෙම ඉඳල හිටල හරි ගොඩවෙන අයගෙන් තමා කහට එකක් වත් බොන්න වියදං ලැබෙන්නෙ රූ නෝනේ
Deleteහද ගී පොත ජීවයෙන් උතුරා යමින් තිබේ . මේ වගේ සොඳුරු පුද්ගලයන් හා මියුරු ගීත මතක් කර දෙන්නේ වෙන කවුරුන්ද . අගෙයි තිස්ස!!
ReplyDeleteබොහොම ස්තූතියි තිලක මහතුන්!
Deleteකාලෙකින් ගොඩවදින්න වෙලාවක් හම්බවුනේ.(වෙලාවක් තිබුනත් බ්ලොග් පැත්තේ එන්න හිතක් දැන් නැති එක වෙනම කතාවක්.)
ReplyDeleteආස ගීත කීපයකම නම් තිබුන නිසයි කවුද මේ කියලා හොයලා බැලුවේ...... අයියා දාපු සිංදු වලින් නම් කීපයයි අහලා තියෙන්නේ. ඒ අතරින් ඔබගේ සෙවනේ ගීතය නිසාම තමා වැඩ පැත්තක තියලා කියෙව්වේ.. ඉන්දික අයියා කියපු සිංදු වල හැටියටනම් නම ගම නොදැන හිටියට ඒ ගීත වහවැටිලා අහනවනේ කියලයි මං මේ කම්පනා කලේ.
මේං ආපු කාලයක්. හප්පා. බ්ලොග් අරහං වෙන්ට කාරනා කිම්?
Deleteඉන්දික උපශාන්ත කියන්නෙත් ඉතින් හොඳ රසිකයෙක් තමානෙ.
රසවිඳින්න ආයේ මුල් ඕනෑම නෑ. ඒත් මෙව්වා හැදූ වැඩූ අයට කෘතඥවීම යෙහෙකි නෙව
Dear Tissa
ReplyDeleteAs usual an excellent post. These are the songs of our halcyon days (70s to 80s) Carefree days we spent, roaming around our small home town, knowing not what the future holds for us. Music played an important part in our lives. Of course romance was not far away, mostly one-sided. සිතක සිතා ගන්නට බැරි - දුරක නොවේ ඔබ ඉන්නේ was one song that captured our mood perfectly. Today when I look back on those days from the cold and drab London I cannot help feeling nostalgic. By the way if I remember correctly Payagala is the home town of Daya Alwis as well, another artist who (according to Tissa Abeysekara) never gained the recognition due to him
thank you very much for the lovely comment.
Deletetwo radio channels for the whole country, were more than enough then.
Nostalgia is a tranquilizer!!
http://www.sarasaviya.lk/2017/11/02/?fn=sa17110218
ReplyDelete