අපමණ සිහින මවණ...

මල්ලිකා කහවිට... අපේ සිංහල ගී ඇල්ලට ඉතාම ලස්සන ගීත එකතු කල කෙනෙක්...ඇයගේ, දැන් කිසිම නාලිකාවක, වාදනය නොවන ගීයක් මෙන්න...බලන්න වදන් වැල කොච්චර සුන්දරද කියලා...

අපමණ සිහින මවණ සිතුවිළි පෙළ පියපත් නම්
මට ඔබ රැගෙන වෙනම ලොවකට යන්නට හැකිනම්

තිමිරෙන් පිරුණු බිමක් වූවද එහි අඳුර නැතී
ඔබගේ දෙනෙත් තුලින් වලින් නැගෙන එළිය ඇතී
අපමණ සිහින මවණ…

මිනිසුන්ගෙන් දුරුවුනු සතුන් සරන එම උයනේ
මම මියුලැසියක ලෙස ලැගුම් ගනිමි ඔබ සෙවනේ
අපමණ සිහින මවණ…

පෑරෙන පැසෙන සිතට මම දෙන්නෙමි සහන් ඔසූ
ඔබ මෙතුවක් නොකියූ ගී කිව මැන එයින් මතූ...

සිංදුව අහන්න...

11 comments :

  1. මල්ලිකා කහවිට වගෙම තවත් ගායිකවක් තමයි නන්දා පතිරණ. මම එයාගෙ ගොඩක් කැමති සින්දුවක් තමයි "ලන්ද දිගේ හැංගි හොරා සැඳෑ කාලයේ" කියන ගීතය.

    තවත් එවැනිම ගායිකවක් තමයි ත්‍යාගා එන්. එඩ්වඩ්. එයගෙ ලස්සන සින්ඩුවක් තියෙනවා "බඹර තුඩින් නෙලුම් මලක ලා අඳුරේ" කියන ගීතය. අවාසනවකට මට ඒ ගීත දෙකේම වචන මතක නැහැ. මම උත්සහ කරලා බලන්නම් හොයාගන්න.

    ReplyDelete
  2. පාලි... මට උඹව හොඳටෝම මගහැරිලා තියෙන්නේ... මගෙත් ප්‍රියතම ගායිකාවන් දෙන්නෙක් ඔය... සින්දු දෙකම මාගාව තියනවා... මම බ්ලොග් එකට දාන්නම්...

    ReplyDelete
  3. Thissa, this is great.
    I cannot hear the song. It keeps buffering, but no success. Any idea what the problem might be.

    Pubudu

    ReplyDelete
  4. Ooops... Pubudu, I've just checked... it runs in my lap... some bandwidth issue may be...
    check other songs too mucho...
    thank you very much for the feed back...

    ReplyDelete
  5. මල්ලිකා කහවිට, නන්දා පතිරණ, ත්‍යාගා එන් එඩ්වඩ් වගේම තවත් ගායිකවක් තමයි පුණ්‍යා කත්‍රිආරච්චි. ඇය එඩ්වඩ් ජයකොඩි සමග ගැයූ අගනා ගීයක් තමයි මේ.

    ගැ: බකිණි ගහේ බකිණි මලෙන් පාර අසන්නේ
    කුරුන්ද ළඟ දෙල් ගහ යට නිවස තිබෙන්නේ
    කවදද එන්නේ....කවදද එන්නේ

    පි: කවදවත් නාව නිසා සිත පැටලෙන්නේ
    මම ආවොත් දෙමාපියන් නැතිද බනින්නේ
    තනියෙම එන්නේ.... තනියෙම එන්නේ

    ගැ: කැකිරි වැලේ මල් පිපිලා ගෙයි පිලිකන්නේ
    ඒ මල් පෙති වලින් ඔබට පවන් සලන්නේ
    දෙමාපියන්නේ....වරද නොවන්නේ

    පි: මාල වලලු රන් පවලම් නැතිවයි එන්නේ
    හදේ සුවඳ ආදරයයි අරගෙන එන්නේ
    හනිකට එන්නේ....හනිකට එන්නේ

    ගැ: බකිණි ගහේ....

    ගැ: කවදද එන්නේ....කවදද එන්නේ
    පි: හනිකට එන්නේ....හනිකට එන්නේ
    ගැ: කවදද එන්නේ....කවදද එන්නේ
    පි: හනිකට එන්නේ....හනිකට එන්නේ

    ReplyDelete
  6. තිස්ස,,
    මෙක හරිම ලස්සන පරන සින්දුවක්,,,,,කවියක් හා සමානයි,,,,,

    ReplyDelete
  7. කියල වැඩක් නෑ මචෝ... අහන හැම වතාවකම ගෙදර දුවල යන්න හිතෙනවා... උඹේ සහෘද හදවත මටත් බොහොම කිට්‍ටුයි...

    ReplyDelete
  8. that lyrics were unbelieveble.It made me so cool and calm.Oh I miss that old pasioned GUWAN VIDULIYA

    ReplyDelete
  9. would you mind looking for the song "MAGE SITHA THANPATHYA,THANPATHYA,THANPATHYA. MAGE SITHA PIVITHURUYA,SANSUNYA,THANPATHYA.It always used
    to be played in the mornings when we were kids. I think NALINI RANASINGHE is the one who sings this song.[correct me..]I APPRICIATE your good work.To be honest, you have a great taste which is very rare to be found THANK YOU

    ReplyDelete
  10. sure I would... I love songs of nalinee ranasinghe too... thanks for the kind appreciation dear friend... I will soon upload the song you requested in the siction of "ඔබ කැමති ගී..." in this web site... if you can put your name here, I can put your name as the requester... who knows may be we can form a group of "Old Fashioned Music Lovers" no...?

    ReplyDelete

 
Blogger Wordpress Gadgets