දඩයක්කාරයාට දඩයමට වඩා දඩයමේ යාම සතුටට කාරණයක් විය හැක.....
-----------------------------------------------------------------------------------------------------------------------
ගොම්මන් කළුවර හාත්පස වෙලාගත් පසු දැනෙනා පාළුව විටෙක උහුලාගනු නොහැකිය. ගණඳුර මතක් කරදෙන්නේ අනිත්‍යයද? අනිත්‍යය මතක් කර ගැනීමට අඳුර නිමිත්තක්ද? හෙන්රි කල්දේරාගේ ගීයක මෙලෙස ගැයේ "ඇන්ද රතු වලා සිතුවම් හකුළුවා තියා - සිතරු තෙම සැඳෑ අඳුරට ඉඩ තබා ගියා". අප්පච්චී මිය ගිය දා පටන් අම්මාගේ ලොවට හිරු පායන්නේම නැති සැටියකි. කෑමට ලුණු තුනපහ එකතු කරත්දීත්, පිගන් සෝදත්දීත් ඇ පිටි අල්ලෙන් කඳුලු පිසගනී. ඈ හා මීට වඩා වැඩි කාලයක් මට ගත කිරීමට ඇත්නම් කොපමණ හොඳද? අඳුරත් ආලෝකයත් අතර දෝලනය වන දවස් අතරට කඩා වැදුණු වගකීම් මා එයින් මුදවා තබයි. හුරු පුරුදු වේදනා නාශකය වන ගීතයකට සවන් දීමට සුදුසුම වේලාවකි.......
රැයේ සොඳුරු රැයේ - රැයේ
සිහිල් සුමුදු පියේ - පියේ
නිවා ගිමන කයේ - කයේ
දෙන්න සිහිල ලයේ - ලයේ
"භාවනාවක් වාගේ ගීයක් නේද?" අම්මාගේ අවධානය පැහැර ගන්නට පවා ඒ සමත්ය.
දිවා පුරා තැවුල් වඩා දිනිඳු අවරැ ගියේ - ගියේ
වෙළා දුවන මෙදුක් රැසින් මිදුම් පතමු රැයේ - රැයේ
ගීයේ පෙල එකින් එකෙහි සිත පටලැවෙන කල ලිහා ගත නොවුණු පද කිහිපයකි. අයිවෝ ඩෙනිස්ගේ කටහඬත් කුමරතුඟු බසත් පටලැවිල්ල ලිහාගැනීමට උදව් නොදේ. අයිවෝ ඩෙනිස් මහතාගෙන් පුද්ගලිකව විමසූ මුත් හරි අදහසක් නොලැබුනි. එහෙත් ගීය ලියා ඇත්තේ විශ්ව විද්‍යාල වල උගැන්මේ නිරත ඥානසිරි ගුණරත්න නම් මහතෙකැයි ඔත්තුවක් මා අත පත්කලේය.
වහා පිසැර නෙදුරු සමර ගහට ගතේ ලයේ - ලයේ
සදා එන්නැ නවමු මිහිර පවන් පහස රැයේ..... පවන් පහස රැයේ.......
ජයවර්ධනපුර සරසවිය ප්‍රියංකර තැනකි. වචනාර්ථයෙන්ම සරසවියකි. ඒ මගේ තක්සේරුවයි. කිහිප වතාවක්ම ආගන්තුකයෙක් ලෙස එහි ආ ගිය මට ඒ ගිය කාරියන් කරගන්නට මග පෙන්වූයේ සිසු දරුවන්ය. කුමන හෝ හේතුවක් නිසා ඒ දරුවන් මට බෙහෙවින් කරුණික විය. තමන් යෙදී සිටි ගමන් බිමන් පසෙක ලා මගේ වුවමනාව ඉටු කර දෙන්නට ඔවුන් උත්සුක විය. එහි පා තැබූ මට මේ විදුදය සරසවිය, විටෙක දරුණු ලෙස කලබල ඇතිවන තැනක් යැයි කිසිවිටෙකත් හැඟී නොමැත.
නිදි දිවඳුන් දරා අතින් කළු තුරඟුන් රියේ - රියේ
මුදු සිහිලස් පවන් රැළිමැ නගා එන්නැ රැයේ - රැයේ
මා ගියේ මහැදුරු සුනිල් ආරියරත්නයන් හමුවන්නටය. අවාසනාවකි! ඔහු එදින පැමිණ නැත. සිංහල අධ්‍යයන අංශයේ දොර ලෑලි වල ඇති නාම පුවරු කියවමින් ලතැවෙනවා දුටු කාර්‍යාල සේවිකාවක මා ආ කාරිය විමසා ඇදුරු රත්නසිරි අරංගලයන් වෙත යොමු කරවූවාය. එතුමා බොහෝ කාර්‍ය බහුලව තිබෙද්දීද මගේ කාරිය සාවධානව අසා ඔහුගේ අර්ථ දැක්වීම ලබා දුනි.
දඩයක්කාරයා තවම තෘප්තිමත් නැත!!
රෑ කුමාරි නවපුල් මල් සුවඳ දිදී දියේ - දියේ
සිව්කොණැ කළු වියන් මහරු එළා එන්නැ පියේ..... එළා එන්නැ පියේ.....
සුමංගල ශාලාවේ සිට ආපසු එන මග මිටි තාප්පයේ වම්පසින් පොත් ලැල්ලකි! කෙටි තාප්පය පනින්නට දඩයක්කාරයාව දෛවය විසින් තල්ලු කරන ලදී!
පොත් ලෑල්ලෙහි මූලිකව ඇත්තේ 'සංස්කෘති' සඟරාය. "අපේ පොත් කිහිපයක් අරන් අනුග්‍රහය දක්වන්න" කියමින් පොත් විකිණූ තරුණයින් දෙදෙනාට කථා කරන්නට ඉඩක් නොතබාම දැක හුරු පුරුදු මහත්මයෙක් ඉදිරියට ආවේය... " මහත්තයව දැකල පුරුදුයි මට හොඳට..." මම කීවෙමි. " මම ජයන්ත අරවින්ද.... ඔයා මොන ෆැකල්ටියෙද?" තැනින් තැන පැසී තිබෙන මගේ හිස කෙස් ඔහු නොදකින්නට ඇති!
රුදා දැවිළි සියොලඟ සෙද පෙළා නගී රැයේ - රැයේ
සරා නුවරැ ලැගුම් රිසින් ආ ඔබ වෙතැ පියේ - පියේ
පොත් පත් තෝරනා අතරතුර මා මෙහි ආ කාරිය ඔහු මගෙන් විමැසීය.
"ඥානසිරි ගුණරත්න මහත්තය අපේ සංගමයේ සාමාජිකයෙක්නේ. මේ තියෙන්නේ එයාගේ විස්තර"
ගමන පිටත්වන්නට ඇත්තේ හොඳ නැකතකිනි!
"අපිත් එක්ක එකටම තමා විශ්ව විද්‍යාලයෙ හිටියේ - අපි කීවේ ප්ලේටෝ කියල - ඒ මොකද මේ ලෝකේ ඒවා නෙමේ එයාට කල්පනා වෙන්නේ"
ජයන්ත අරවින්දයන් මගේ දඩමග එළි පෙහෙලි කරයි!
එලා පවන් සිහිළැල් මුදු වහා ගතේ ලයේ - ලයේ
නිවා නුවන් නිදි මී බිඳු වෙහෙස කඩා රැයේ...... වෙහෙස කඩා රැයේ......
----------------------------------------------------------------------------------------------------------------------
මා එනතුරු ඔහු පාර අද්දරට වී බලා සිටියේය. මුලින් දුරකථනයෙන් කථා කල විට " මගේ මළකුණ බලන්නද එන්න අහන්නේ " යැයි සෝපහාසයෙන් ඇසුවද මගේ බලවත් ඇවටිල්ල මත මා හමුවීමට එකඟ විය.
අරවින්ද මහතා කීවා හරිය. හේ ග්‍රීක, ලතින්, ඉංග්‍රීසි, පාළි හා සිංහල වියතෙකි. "ඕක ලීවේ විජිරාරාම පන්සලේ බංකුවක් උඩ තියාන" හේ කථාව අරඹයි. "Marlowe ගේ Charioteers of the Night කියන කවියේ ඡායාවක් අනුව තමා ඕක ලීවේ". තනිකඩ ඔහුගේ කාමරයේ කදිම බළල් සුරතුලුන් කිහිප දෙනෙකි. "කවි ලියල ලියල අවුල් යයි කියල අම්ම මගෙ කවි පොත් ඔක්කොම පිච්චුවා. ඉතිරි වුණේ ඕකයි 'සට සට වැහි බිඳු වැස්ස වලාවේ' (සුනිල් ශාන්ත) ගීයයි විතරයි. ඒ දෙක නැත්නම් මම කියල කෙනෙකුත් නෑ අද" හේ කුඩා ළමයෙක් සේ සිනාසෙයි.
" ඔයා අමරදේව ගැන මොකද හිතන්නේ..." මා ගියේ ඔහුගෙන් වත ගොත දැන ගන්නටය, හේ මා පිරික්සයි. "කැමතිම කවියා කවුද?" මේ ඔහුගේ ඊලඟ ප්‍රස්නයයි. මහත්වූ ග්‍රීක ලතින් පාලි ඉංග්‍රීසි පොත් සම්භාරයක් ඔහු සතුය. ඒවා අපිළිවෙලට රාක්ක වල අසුරා තිබිණ. "මේවා පිළිවෙලක් කරගන්න ගුණරත්න මහත්තයට හිතෙන්නේ නැද්ද?" "ඔන්න ඔහෙ තිබිච්චාවේ" තෘෂ්ණාවෙන් විනිර්මුක්ත පිළිතුරෙකි. " සමහර පොත් මම එංගලන්තෙන් ඕඩර් කරල ගෙන්න්න ගත්තු ඒවා - ඒ කාලේ දෙදාස් පන්සීයක් විතර වුණා සමහර ඒවා".
සුනිල් ශාන්ත ගැන ඔහුට ඇත්තේ ඉමහත් පහන් හැඟුමකි. "සුනිල් ශාන්තගෙ ආරය ගෙනියන්න කවුරුවත් ඉතිරි වුනේ නෑනේ" දුක් වෙයි! "මේ බළල්ලු මෙහෙම හිටියට වෙලාවකට මට කේන්තියි. මේ පොත් අස්සේ හිටි මම ඇති කරාපු හූනෝ ඔක්කොම කැවනේ" ඉන්පසු රොස් මුහුණෙකි! "ඔයා චීනෙ ගැන හිතන්නේ මොකද?" නැවතත් විමසුමෙකි!
ඔහු මට ලබා දී තිබූ පැය තුල අපි බොහෝ දේ කථා කෙරුවෙමු. සැත්තෑවිය පසු කර ඇති ඔහු කුටුම්බ රක්ෂණය, දරුවන් උස් මහත් කිරීම, කාම සම්භෝගය වැනි මාතෘකා පිළිබඳව අපූරු අදහස් ඇත්තෙකි. "ඔය සින්දුව සැහෙන කාලෙකින් අහුවෙ නෑ.." කෝකටත් කියා රැගෙන ගිය පරිගණකය පණගන්වා ඔහුගේ ගීය ඔහුටම ඇසෙන්නට සැලැස්වීමි!!

Great work Tissa! Keep it up!
ReplyDeleteThis is a wonderful song Tissa! Your mother was correct, this is like a 'bhawana'. ...and the research you have done in search of the lyricist! Many thanks for all your efforts and sharing this gem of a song with all of us, as always!
ReplyDeleteබොහෝ විට මගේ හිතේ රැඳෙන්නේ ගීයක තනුව පමණයි නමුත් ඔබ මේ ව්‍යංගයෙන් ලිහා දෙන ගීයේ තේරුමත් සමඟ එය ඇසූවිට ගීයේ මිහිරි බව වැඩියි.
ReplyDeleteපස ද පයට පෑගේ මුත් නොගත්තේ
ReplyDeleteබොරළු ද පයට පෑගේ මුත් නොගත්තේ
වැලි ද පයට පෑගේ් මුත් නොගත්තේ
මිණි නම් පයට යටවනු පෙර අරගත්තේ
Wow තිස්ස අයියා! ඒක නම් සුපිරිම දඩයමක්.
ReplyDeleteදඩයමට වඩා දඩයමේ යන එක කොහොමත් හොඳයි හේතු ගොඩක් හන්දා...:D
ReplyDeleteඅම්මා කියලා තියෙන්නේ ඇත්ත. 'භාවනාවක් වගේ ගීයක්'...!!!
• ස්තූතියි රෝහිත. ඔබ කොහොමත් අයිවෝගෙ ගීත වලට කැමතියි නේ. 'පෝදා දහම් සිහිලේ' එකත් ඉල්ලා ගත්තා මතකයි
ReplyDelete• ස්තූතියි සත්‍යා අයියා. මේ වැඩේ කරගෙන යන්න ධෛර්‍යයක් ඔබගේ අගෑයීම
• වං. දේ. ජානක: හෑබෑටම රචකයා සොයා යාමට මා පෙළඹවූ එක් කාරනයක් තමා මේ ගීයේ යටි පෙළක් තිබේදැයි තේරුම් ගැනීම. මේක ශෘංගාරාත්මක ආරාධනාවක් යැයි ගන්නටත් ඉඩ කඩක් මම දැක්කා.
• ගමයා: ෂහ් ඒකනම් අපූරුම කවියක් (හැබෑටම කවුද ඔබ???)
• බුරා: තිස්සලා දඩයමේ ගොහින් ලබාගත්තදේ බොහෝයි ;-)
• කුමාරිහාමි: මේං මැරියන් වාගේ කෙනෙක්. ඔව් අම්මාගේ කථාව ඇත්ත
සුන්දර දඩයක්කරුවෙකුගේ අවිහිංසක සටහනක්.
ReplyDeleteහරිම අපූරු ගීයක්. ඔබ මුලින්ම එසේ නොකියුවානම් එසේ නොසිතේවිද මන්දා. ඒත් ..
ReplyDeleteඅයිවෝ ඩෙනිස් මා කුඩා කල , වයස නවයක් දහයක් කල මා ප්‍රිය කල එකම ගායකයා. ඒ සන්දියේ මට ගායිකාවෝ , ප්‍රේම ගීත අසාත්මිකයි.
දඩයමට වඩා , දඩයමේ යෑම හා දඩයමේ සටහන් කියවීම කොහොමත් රසවත්
සද්ද නොකර ඉඳල දඩයමේ ගිහින් අපි කවදාවත් අහල නැති සිංදුවක් හොයාගෙන ඇවිල්ල.. කවිය කියවන එක පැත්තක දාල කතන්දරේ කියෙව්වා..
ReplyDelete• ගල්මල් මහත්තයත් එක්ක ටික ටික හරි නිතර කථාබහ කරන්න නැතිවීම ලොකුම අඩුවකි :-(
ReplyDelete• JP: ඒ මොකදෑ අප්පේ ඒ? සංසාරික හේතු ඇති නෙවද
• ඒකනම් එහෙම්මමය සුසර මහත්තයෝ. දෛනිකව කරන රාජකාරී වලින් කිසි සතුටක් නොලැබේමය.
"වහා පිසැර නෙදුරු සමර ගහට ගතේ ලයේ" : බොහෝ දුරුවූ මතකයන්, ගතේ හා හදේ පීඩාවන් පිසදා එන්න සොඳුරු වූ රාත්‍රිය...
පැතුම් ස්ද්ද කර කර දඩයමේ කෙසේ යම්ද?
ReplyDelete
ReplyDeleteතිස්සලා දඩයමේ ගියේ අදක ඊයෙක නෙමෙයිනේ . ඒ දඩයම් ගමන් වලින් මොනතරන් දේවල් ලබිලද
සංස්කෘතික වනාන්තරයක දඩයමේ යාම හරිම අපූරු අත්දැකීමක්.
නිකං යාලේ සෆාරි යනවා වගේ මතුපිටින් නොගොස් ඇත් පාරවල් හොර පාරවල් දිගේ විමසිල්ලෙන් සීරුවට මාරුවට යනකොට .... මොන මොන දේවල් දකින්න විඳින්න පුලුවන්ද?
හරිහමන් දඩයමක් නොලැබුනත් මොකද?,
මමත් නොදැන සිටි ගීතයක් සහ දැනගතයුතුම එහෙත් නොදැන සිටි කෙනෙක් හඳුන්වා දුන්නාට පිං.
අපූරුම සටහනක් තිස්ස.. මේ ගීත ටික විවේකීව අහන්න ඕන ස්තුතියි..
ReplyDelete• ඒකනම් එහෙම්මමය සුසර මහත්තයෝ. දෛනිකව කරන රාජකාරී වලින් කිසි සතුටක් නොලැබේමය.
ReplyDelete"වහා පිසැර නෙදුරු සමර ගහට ගතේ ලයේ" : බොහෝ දුරුවූ මතකයන්, ගතේ හා හදේ පීඩාවන් පිසදා එන්න සොඳුරු වූ රාත්‍රිය....
• ස්තූතියි නලීන් - ඔව් ඔව් කලබලෙන් මෙව්ව හම්බවෙන්නෙත් නෑ රස විඳින්නත් බෑ - හැබෑව!
එහෙම නෙමෙයි ඒ කාලෙට ඔය වචන වල තේරුම තේරෙනවනේ . ඉතින් පොඩ්ඩක් ලැජ්ජයි කියන්න ඒ වගේ සින්දු .ගෑණු ළමයින්ට තමයි වැඩියෙන්ම බය ඒ දවස් වල :)
ReplyDeleteමට අහන්න බැරි උනා , සිංදුව ඇහුවම ඔහු මොකද කිව්වේ කියලා
තිස්ස මේක අපිට ගෙනෙන්න ලොකු ව්‍යායාමයක් කරලා .ඒත් ඒකෙ සංතෘප්තිය හොඳටම විඳින්න ඇති.. අපූරු චරිතයක් අනාවරණය කරලා තියෙන්නෙත්.. තව පොත් ගනනක් බ්ලොග් පුරවන්නට දැණුම ඇති ඔහු ලඟ..
ReplyDeleteසංගීතභාණ්ඩ කප්පරක් යොදාගෙන ගයන ගීතවලට වඩා මේ ගීය කොච්චර සුන්දරද ? අද නම් කටහඳ ගන්නට දෙයක් නැති අයත් තාක්ෂණයට පිං සිද්ද වෙන්න ගායකයෝ..
සුනිල් මගෙ ප්‍රියතම ගායකයා. සුනිල්ගෙ ගී ටික එක්ක සංයුක්ත තැටි ගුවන් විදුලි සංස්ථාවෙ තියෙනවා..මං අපෙ මචමාට කිව්වද කීපාරක් මට අරං දෙන්න කියලා. ඌට හැමදාම අමතකයි..
• JP : "හරි ලස්සන සින්දුවක් නේද?" ඔහු මගෙන් ඇහුව අනෙකෙකුගේ සින්දුවක් ගැන කථාකරනව වගේ. මේ වියතුන්ගේ නිහතමානිත්වය මාව නිතරම පුදුමයට පත්කරනව JP
ReplyDelete• ඔව් සරත් මහත්තය හරියටම හරි. මේ වගේ උදවිය ගුවන් විදුලියෙන් හරි රූපවාහිනියකින් හරි පොඩියක් සාකච්ඡාවට සහභාගී කරවනනම් කලාකාමී රසවතුන්ට, තරුණ නිර්මාණැකරුවන්ට ගොඩක් දේ ඉගෙන ගත හැකිවේවි.
(ඔබට අවශ්‍ය නම් මම ඒ සියල්ල එවන්නම් - දන්වා එවන්න)
ඉස්තූතියි බෙදා හදා ගැනීමට ...!
ReplyDeleteහරිම අපූරැයි තිස්ස මහතානෙනි ඔබගේ වියමන. අහම්බෙන් ගොඩවුනේ. මින්පසු දිගටම එනවා. මේ ලිපිය මගේ මුහුණු පොතට එක්කරගන්න උත්සහා කළා. ඒත් එයට ඉඩ දුන්නේ නෑ. ඔබට ජය! හොඳින්ම වින්ඳා!!!
ReplyDelete• ස්තූතියි ඩ්‍රැකී මාව දිරිගන්වනවට
ReplyDelete• ස්තූතියි චන්දන මහත්තයා - මමත් ඒ "සඳුන් සෙවණට" ගොඩ වැදුණා...
තිස්ස,
ReplyDeleteඅර සුනිල් ශාන්තයන්ගෙම මේ වගේ තව සින්දුවක් තීන්නෙ ඝාන්ටරයක නාදයකින් විතරක් සංගීතය දෙන. අන්න ඒක මතක උනා. පුදුම සින්දුවක්. ඇත්තටම සුනිල්ශාන්ත ලකුණ තීන සින්දුවක්.
දඩයක්කාරයට රැවටුන එක සිස්සයෙක් කියල! මීට මාසෙකට කලින් ඔය කතාව මම උනත් විස්වාස කරන්නෙ නෑ. නයෙක් කියල හිතෙයි.
ඉරිසියා හිතුන අවංකවම, උඹ ලබාපු ( ලබාගත්තු ) අනගි අවස්ථාව ගැන හිතෙනකොට.
අපූරු තනුවක් හා පෞරුෂයෙන් පිරි කටහඬක්...ඒත් ඇත්තම කියනවා නම් ගීයේ පදරුත් ගැන තවමත් සැකයකි ඇත්තේ..
ReplyDelete(මෙච්චර බරපතල දේ ලිහාගන්න සිංහල භාෂා දැනුම මදිවගේ..)
• ඉන්දික ඒ "පෝදා දහම් සිලිලේ - නැහැවේ හදේ සුවදේ" ගීය
ReplyDeleteමෙන්න මෙතන ඒක තියේ
• රූ නෝනේ මේ රැය ගැන කියනා ගීයක්
ගතේ, සිතේ, හදවතේ තියනා තැවුල් පිසදා, නිද්‍රා අංජනයන් දෑතින් ගෙන කළු අස්වයන් බැඳි රියකින්, සිව් කොණින් මතුවෙන වියනක්සේ රැයට එන්න කියලයි මේ කියන්නේ
දඩයමේ ගිය ගමන රසවිඳලා ඉවර වෙලා අඩුවක් දැනුණු නිසා කල්පනා කලා.. දඩයම ගැන විස්තරයක් කරලා නැහැනේ. මේ තරම් රසවත් දඩයම් ගමනක් යන්න බලකල දඩයම කොච්චර රසවත් ඇතිද? මෙ අන්තිම කොමෙන්ටුවෙන් පොඩි ඉඟියක් දීලා තිබ්බට... දඩයම ගැනත් විස්තරාත්මක සටහනක් තිබ්බා නම් හොඳයි කියලා මට හිතෙන්නේ...
ReplyDeleteඅන්තිමට තිසරට අහුවුණා!
ReplyDeleteහැමෝම ගමන් විස්තරයෙන් සෑහුනා වගේ නෙවෙද?
ගැට පද මෙහෙම ලිහා දමමි
"වහා පිසැර නෙදුරු සමර ගහට ගතේ ලයේ" - නෙදුරු: බොහෝ දුරුවූ - සමර : මතකයන් - ගහට: පීඩාවන්
"නිදි දිවඳුන් දරා අතින් කළු තුරඟුන් රියේ" - නිදි දිවඳුන්: නින්ද නැමැති දිව්‍ය අංජනයන්
"රෑ කුමාරි නවපුල් මල් සුවඳ දිදී දියේ" - නවපුල් මල්: අලුතින්ම පිබිදුනා වූ මල් (මෙතැනදී තමා මට සැකයක් මුලින් ඇතිවුණේ මේ ව්‍යංගයෙන් කියන ආරාධනාවක්දෝ කියා!)
"සිව්කොණැ කළු වියන් මහරු එළා එන්නැ පියේ" - හාත්පසින්ම කළුවර කරමින් (මෙයට අමරසේකරයන්ගේ කවියක ආභාෂය ලැබුවයි හෙතෙම කියයී
"රුදා දැවිළි සියොලඟ සෙද පෙළා නගී රැයේ" - සෙද: බොහෝ
"ඇඟේ අමාරුවයි හිතේ අමාරුවයි යන්න ඉක්මණින් රෑවෙලා නින්ද යනවනං" - යන්න අපූරු කවියෙක් දුටු අයුරක්!
The hidden real meaning of this `dhadayama` is DHANAYA and PUJAWA.......what a great and meaningful words.....yes that's a BHAWANAWA.
ReplyDeleteතිස්සගේ සටහන් මම කියවන්න කැමති වෙන්නේ තිස්ස ජීවිතය දකින සෞම්‍යමය පැවැත්ම නිසාද මන්දා. මම තිස්සව කියෙව්වා. මෑතකදි අතහැරිලා. මට හරි හමන් තාක්ෂනික දැණුමක් තිබුනේ නැහැ කොහොමද බ්ලොග් රෝලක් දාගන්නෙ කියලා. මම දැන් දන්නවා.
ReplyDeleteතිස්ස...අයිවෝ ඩෙනිස් ගැන ගුණරතන මහත්මයා දක්වන ආකල්පය මොකක්ද? මම සංහිඳ වැඩ සටහන තුල නවක ගායකයින් කීප පොලක් දැක්කා සුනිල් ශාන්ත ගීතයන්ට තම හැකි පමණින් වටිනාකම් එකතු කරන. එක්කෙනෙක් තමයි තිස්ස ජයවර්ධන. හොඳ තරුනයෙක්.
මම ලැජ්ජාවට පත්වෙනවා තිස්ස මෙවන් ගීයක් අසා නොතිබීම ගැන. ගී පද රචකයාටත් , සංගීත නිර්මාපකයාටත් ගෞරව කරනවා. පියනෝවෙන් ඇහෙන ඒ වාදනයන් හිතට සමීප වෙනවා. තිස්සගේ ආදරණීය මෑණියන් නිහඬ රසවිඳින්නියක් විය යුතුයි. අම්මලාගේ හැටි එහෙමයි.
හරිම සහෘද ප්‍රතිචාරයක් අරු_!
ReplyDeleteගුණරත්න මහත්තය සුනිල් ආරියරත්නයක් ගැන "ප්‍රේම ගොහොරුවේ ගිලුණා නේද?" කියල අහන ගමන් සුනිල් ශාන්තයන් ගැන " හරි පුදුම මනුස්සයෙක් නේද?" කියල අහනව.
ගායකයින්ට වඩා ඔහුගේ සිත නිර්මාණකරුවන් ගැන දිවයන බවයි, සිතන බවයි මට හැඟුණේ...
ඔහු ගායක ගායිකාවන් ගැන කථා කලේ නැති තරම් - ඒත් අවසන මෙහෙම දෙයක් කීවා - "දැන් මේ කොල්ලෝ කෙල්ලෝ ඉන්නවනෙ ලස්සනට සිංදු කියන" - අපූරු චරිතයක්!
අම්ම හරියට සින්දු මුමුණනව මම පොඩි කාලේ "ගොවිඳේ වොරැඳේ ඔදපා..." "දල්වව් බැති ආදර පෙම්.." "පිය මදහස මුව මුකුළු මවා.." වාගේ ඒවා මුමුණනවා අද වගේ මතකයි... මේ සින්දු ගොඩක්ම හිතේ රැඳිලා ඇත්තේ අනායාසයෙන්... මගේ රසවින්දයට මම දෙමව්පියන්ට ගොඩක් ණයයි...