සරා සොඳුරු මල් පැටලී බිඳී නොයන ජීවිතයයි....

මේක "හන්තානේ කතාව" චිත්‍රපටියේ ගීයක්...පේරාදෙණිය කැම්පස් එක පසුබිම් වෙච්චි චිත්‍රපටියක්... රඟපාන්නේ ස්වර්ණයි විජයයි... හරිම සුන්දර චිත්‍රපටියක්... කියන්නේ නන්දයි, වික්ටරුයි... එක කාලෙක කේමදාස මාස්ටර් පැටලිලා හිටියා ඩබ් ඩී අමරදේව මාස්ටර් සහ ඩබ් ඩී ආරියදාස අතර හබයකට... ඒ වෙලාවේ හබය ගැන කියන ගමන් මේ සිංදුව ගැනත් කිව්වා... මේක මුලින් කියන්න හිටියේ වික්ටර් නෙවෙයිලු... ගණුදෙනු ප්‍රස්නයක් නිසා, එයාව හලලා වික්ටර්ව ගත්තලු... වික්ටර්ගේ මුල්ම කාලේ කටහඬ දැනටත් වඩා හරිම මිහිරියි... ඔබත් ආසද බලන්න... මේකේ පද වැල් ඉස්පාසුවෙන් කියවන ගමන් අහන්න... සසල හා නිසල හදවත් දෙකක් ගැන නේද මේ කියන්නේ....?

සරා සොඳුරු මල් පැටලී, බිඳී නොයන ජීවිතයයි
නුරා දියර ගඟුල් හැලී, සිහින සදන ජීවිතයයි

කැකුලු සිනා මුතු එලියේ අඳුරු ළෙනේ දොර මතුවේ
සැලේ මහද සැලේ... සැලේ…

වනේ මලට හද විමනේ, බඹරු වඩින ජීවිතයයි
පිපාසතවු මරු කතරේ, පොකුරු වසින ජීවිතයයි
ගලා හැලෙන සිලි සිලියේ, අමා කඳක සුව ගෙනදේ
නිවේ මහද නිවේ... නිවේ...

කුණාටු මැද බොල් අහසේ, එබී බලන සඳ පලුවයි
පුරා හඳට ඉඩ සලසන, අනාගතය ඔබ පමණයි
සැලේ මහද සැලේ සැලේ
අනාගතය ඔබ පමනයි… සැලේ මහද සැලේ... සැලේ…

සිංදුව අහන්න... ඕන්නම් බාගන්න

8 comments :

  1. akkenek ge Hadawataha Niwena kota ... Anith Hadawatha Selenne kohomada... Kohoma unath Sinduwanam Lassanai... movie akath lassanai...

    ReplyDelete
  2. ලැබෙන දෙයින් සං‍තෝස වෙන කෙනයි, ලබුණු දේ මදිවෙන කෙනයි අතර වෙනස නේද...? සරා සොඳුරු මල් පැටලෙන කොට බිදෙන්න නොදී ජීවිතය අල්ල ගන්න ඕනෑ...

    ReplyDelete
  3. My father wrote this. After the song "anantha vu derana sara", I like this song next. I think you know who this is. Sorry This did not let me paste my sinhala comment.

    ReplyDelete
  4. Dear friend... extremely sorry about my unawareness... little ashamed to say truely I don't know....please make me aware... as I blieve the lyrist is the mother of all songs...
    for pasting comments I assume you have to click several times my friend... please give my humble regards to father... it is a great honour to meet his son or daughter... please reply..

    ReplyDelete
  5. මේ සින්දුවේ "කුණාටු මැද" කියන තැන වික්ටර් ගෙ කටහඬ .. මම සින්දු වල ආසාම නිමේෂයක්.. වික්ටර් ප්‍රාතිහාර්යයක්..! ආදර පූජාසනේ .. (දෙවියනි ඔබ කොහිද චිත්‍රපටියේ) ඒ වාගෙම ඉන්ද්‍රජාලයක්..!

    ReplyDelete
  6. කියල වැඩක් නෑ හශිත... මමත් ආසම සින්දුවක් "ආදර පූජාසනේ..." මම පොඩි එකා කාලේ මගේ තාත්තා එක්ක ගිය ඕක බලන්න.... හරිම ලස්සන සීන් එකක් තිබ්බේ චිත්‍රපටියෙත්... අමුතුම වර්‍ගයේ සංගීතයකුත් ඒකේ තියනවා...

    ReplyDelete
  7. තිස්ස අයියා, මේ චිත්‍රපටියේ ස්වර්ණයි, විජයයි විතරක් නෙමෙයි ටෝනිත් ඉන්නවා..ඇත්තෙන්ම මේ ගීතයේ දර්ශන වල ඉන්නෙ ටෝනි. ඒකාලෙ ටෝනි රණසිංහ හරිම ලස්සනයි. ;)

    ReplyDelete
  8. මට මේ සින්දුව තියන විඩියෝ ක්ලිප් එක (චිත්‍රපටයේ දර්ශන තිනෙ) සොයා ගන්න බැරි වෙයිද තිස්ස අයියා

    ReplyDelete

 
Blogger Wordpress Gadgets