"අඩුක්කු ගන්න උන්නැහේ"ගෙන් පටන්ගෙන "ළමා බණ්ඩාර දෙයියන්"ගෙන් නිමවන "සිංහල දේව පුරාණය" කෘතියේ දෙවිවරුන් දෙසිය හතළිස් දෙදෙනෙකුගේ ලැයිස්තුවක් ඇත. කවුරු හෝ හිතවතකුගේ උදව්වක් ලැබ අපහසුවකින් ගොඩ ආ කල "අම්මප යකෝ උඹ නම් දෙයියෙක්" යනුවෙන් යක්ෂයාත් දෙවියාත් කළවමේ යොදාගෙන කෘතවේදීවීමට තරම් අප ජනයා නිර්මාණශීලීය.
මේ දෙවි දේවතා ලැයිස්තුවේ අපූරු නම් ඇති දෙවි දේවතාවුන් වෙති. "පට්ටියගෙදර කටුගහ බණ්ඩාර දෙයියෝ" (ඌව - කටුගහ), "බූතරුවන් බණ්ඩාර දෙයියෝ", "වතුරේගම දේවාලයේ රටගිය මුදියන්සේ" (දකුණ - වතුරේගම), "වැලිතර වැලිවත්තේ මුත්තා හාමුදුරුවෝ" (දකුණ - වැලිතර) හා "වඳුරු මා දේවී" එයින් කිහිප දෙනෙකි.
අදද 'වන සිවුපාවන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවන් වැනි මිනිසුන් ඇත' යන්න අවලංගු තර්කයක් නොවේ. යමෙක් දේවත්වයකට පත්වීමට අසමාන ගුණ බල තිබීමත්, ඒ ගුණ හා බල වලින් පිහිටක් ලබන පිරිසකුත්, ඒවා අගයන ජන සමූහයකුත් ඇවැසිය. සංකීර්ණ නොවූ සමාජ වටපිටාවක් තුල අර කී අසමාන ගුණ බල දේවත්වයකට නංවා සංස්කෘතියෙහි ඔබ්බවා තිබීම සම්බන්ධයෙන් අප පැරැණ්නන්ට ස්තුති පූර්වක විය යුතුය. කෘතවේදිත්වය නොපෙන්වන මිනිසුන් අප රටින් බැහැරව සිටිද්දීද මට කොතෙකුත් හමුවී ඇත. විටක් තැන්හී ඒ ඔවුනගේ අචාර ධර්ම පද්ධතිවල ඇති අඩුපාඩුවක්ම නොවූවද සංස්කෘතිකමය වශයෙන් ඇති වෙනස්කමකි.
මෙකි නොකී සියලු දෙවි දේවතාවන් අතර "විස්කම් දෙවියන්" ලෙසින් අප රට අද්‍යතනයේ වැඳුම් පිදුම් ලබන දෙවි කෙනෙක් ගැන දැනගන්නට අවස්ථා ලැබෙන්නේ අඩුවෙනි. හින්දු ආගමට
අනුව විශ්වකර්මයා සියලුම නිමැවුම් වලට අධිපතිය. එහෙමත් නැත්නම් මිනිසා
අතින් නිර්මාණය වන සියලු නිර්මාණයන්හි මූල බීජයය. ලෝකුරුවන්, වඩුවන්,
රන්කරුවන්, ගල් කැටයම් කරුවන් හා වාත්තු ශිල්පීන් විස්වකර්මයාගේ
දරුවන්ගෙන් මූලෝත්පාදවූ කර්මාන්ත ගුරුකුල යැයිද හින්දු සාහිත්‍යයේ වේ.
හස්තිනාපුර, ද්වාරක හා ඉන්ද්‍රප්‍රාසාද යන නගරද විශ්වකර්මයාගේ නිර්මාණයන්
බව කියැවේ. හින්දු දේව කථා, රාමයනය හා මහාභාරතය කෙසේ හෝ කෙළවරකින් සම්බන්ධ
කරගන්නා බැවින් ඒවායේ නොපැටලුනු තතු, ඒ පිළිබඳ වියත් විමැසුම් වල නියැලෙන
විද්‍යාර්ථීන්ගෙන්ම (සැබෑ වුවමනාවක් තිබේ නම්) අසා දැනගන්නවානම් යෙහෙකි.
අතීතයේ අප රටද නොයෙක් වර්ග වල ශිල්පීන් විසින් අනෙකුත් රටවලට නොදෙවෙනි අයුරින් නිර්මාණ කර ඇතද විශ්වකර්ම දෙවි වන්දනාවක් පෙනෙන්නට තිබී නැත. නිර්මාණකරණයේදී බාහු බලය හා මනැස් බලය සියලු දෙවිවරුන් අභිබවා යන්නෙකැයි අපේ යක් නෑයන් සිතුවාවත්ද? ආර්‍යයනට අනුග්‍රහ පෙන්වූ මහාවංශ කථාකරුවන් කියනා පරිදි එක් රජ කෙනෙක් "ඔබ මේ චෛත්‍යය ගොඩ නගන්නට යන්නේ කවර හැඩහුරු කමින්දැ" යි උළු වඩුවකු විචාල විට විශ්වකර්මයා උළුවඩුවාට ආවේශ වී ඉනික්බිති වඩුවා ජලය පිරවූ බඳුනක ජල තලයට අල්ලට ගත් ජලය ස්වල්පයකින් දමා ගැසූවිට පැණ නැගි දිය බුබුල රජුට පෙන්වා ඒ ආකාරයෙන් සදනා බව කීයේලු.
මෑත යුගවලදීත් දේවේන්ද්‍ර, සුරේන්ද්‍ර, ආදී වාසගම් වලින් හැඳින්වූ දක්ෂ නිමැවුම් ශිල්පීන් අප රට සිට ඇත. අප ලක ජල විදුලි බලයේ පියා යැයි හඳුන්වන කීර්තිමත් ඉංජිනේරුවරයකු වූ ඩී ජේ විමලසුරේන්ද්‍ර මහතාගේ පියාද අතිදක්ෂ කැටයම් කරුවෙක් බව කියැවේ. වරක් බ්‍රිතාන්‍ය රාජකීයකුගේ ලංකාගමනය සිහිවනු වස් එතුමා ඇත්දළින් කල නුපුබුදු පොල් මලක අනුරුවක් පරිත්‍යාග කර ඇත. රාජකීයයා ඉතා සතුටට පත්වූවිට ජේෂ්ඨ දේවසුරේන්ද්‍ර විසින්පුවක් පොල් මල පහලින් ඇති බොත්තමක් ඔබන ලෙස ඉල්ලා ඇත. එය එබූවිට පොල් මල දිගහැරී පීදුණු පොල් මලක් ලෙස දිස්වී ඇත. ඒ සියල්ල ඇත්දල වලින් නිමවා කැටයමින් අලංකාර කර තිබී ඇත.
ආනන්ද කුමාරස්වාමි මහතාද ඇම්බැක්කේ දේවසුරේන්ද්‍ර මුහන්දිරම් ලවා රූපාවලියේ දැක්වෙන විස්තරය අනුව අපූරු විස්කම් දෙවි රූපයක් අන්දවා ඇත.
රූපාවලි විස්තර අනුව ශ්ලෝකය මෙසේය:
"සින්‍දුුරම් පඤ්ච-වක්ත්‍රම්, දශ-භුජ-සහිතම්,
පුස්තකම්, ලේඛ්‍ය, ඛණ්ඩම්,
ඛට්වාඞගම්, බීජපුරම්, වර-මාථ කලශම්,
කුණ්ඩකම් අක්ෂමාලම්
නාගම් පශං වහන්තම්, වරද-භය හස්තම්,
පීත යජ්ඤො-පචිතම්
විජ්ඤොතජ්ඤාත-මුක්තිම්, සුදර්ශන මහා
විශ්වකර්‍මම් නමාමී"
එහි තෙරුමද මෙසේ දක්වා ඇත.
"තිලක පහකින් යුත් මුහුණක්ද, අත් දයක්ද ඇති පොතක්,
පන්හිඳක්, වෑයක්, සිදරන් ගෙඩියක්, පැන් කළයක්, හා
අක වැලක් ගෙන නාගයකු පලඳා තේජස,
පරෝපාකාරය දක්වන මුද්‍රා ඇති, රන් පූන නූලක් පැලඳ සිටින, ශෝභන, ශ්‍රේෂ්ඨ, කීර්තිමත්,
ප්‍රඥාවත් විශ්මකර්මයින්ට මම නමදිමි"
අද දවසේ වෛකල්පික සායනික ක්‍රමයක්යැයි සැලකෙන බලි ශාන්තිකර්ම වලදී රූප සෝභාවින් අග තැන්පත් විස්කම් බලිය අපට හමුවේ. හින්දු සාහිත්‍යයේ පද්මාසන මත වැඩසිටියද අප විස්කම් දෙවිඳුන් වැඩ සිටින්නේ දෙපයින් සිටගනිමිනි. භූ පද්මයට පසෙකින් වෘෂභයකු සිටියි [අනාගත නිමැවුම් කරුවන්ට නොකල යුත්තක් ගැන අනතුරු ඇඟවීමක් කලාදෝයි නොදනිමි!]. සියළුම බලි රූප අභිබවා අතිශයින් සෝබමානව හා සියුම්ව නිමවා, රූ කම් කල විස්කම් බලිය වියත් දොලහක් උසින් හා වියත් හතරක පළලින් යුක්තය.
බලි ශාන්තිකර්ම වලදී විස්කම් දෙවිඳුන් අගැයෙමින් ගැයෙනා ගීයක් මෙලෙසය.
සුරත පොත කඩු සමග පන්හිද - නෙළුම් කල තව කටුයුතේ...
වමත කලසද කෙන්ඩි ත්‍රිශුලවි - සමග පාෂාවකි අතේ...
නැවත අඹමින් අභය හස්තය - සියල් හරණින් සැදි ගතේ...
නගිත ගවයෙකු දේව විස්කම් - බලිය මේ ලෙස බබලතේ....
නොහැර
ගත ගුම්
පැහැය
බබලා
සුසැට භරණින් සැදෙමිනා...
පතර
භූ පද්මයක
පිට හිඳ
සැදී දෙව් විමනක යුතා...
නිතර
දඬු මඩු
කම්
ගෙවල් කර
එයින් පැමිණුන දොස එතා....
මෙවර
විස්කම්
දෙවිඳු
සිරි දී
රකිති නිතියෙන් සෙත් පතා.....
විවිධාකාරයේ කර්මාන්තවල, නිර්මාණකරණයේ, යෙදෙමින් දෑ දියුණුවට උරදෙන සියලු සොයුරු සොයුරියනට විස්කම් දෙවිඳුගේ බැල්මාරක්ෂාව ලැබේවායි පතමි!
ඇසුරුකලා:
• සිංහල දේව පුරාණය - කේ එන් ඕ ධර්මදාස / එච් එම් එස් තුන්දෙනිය - රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව
• මධ්‍යකාලීන සිංහල කලා - ආනන්ද කුමාරස්වාමි - ජාතික කෞතුකුකාගාර දෙපාර්තමේන්තුව
• බලි යාගය - විනි විතාරණ - ජාතික අධ්‍යාපන ආයතනය
මේ දෙවි දේවතා ලැයිස්තුවේ අපූරු නම් ඇති දෙවි දේවතාවුන් වෙති. "පට්ටියගෙදර කටුගහ බණ්ඩාර දෙයියෝ" (ඌව - කටුගහ), "බූතරුවන් බණ්ඩාර දෙයියෝ", "වතුරේගම දේවාලයේ රටගිය මුදියන්සේ" (දකුණ - වතුරේගම), "වැලිතර වැලිවත්තේ මුත්තා හාමුදුරුවෝ" (දකුණ - වැලිතර) හා "වඳුරු මා දේවී" එයින් කිහිප දෙනෙකි.
අදද 'වන සිවුපාවන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවන් වැනි මිනිසුන් ඇත' යන්න අවලංගු තර්කයක් නොවේ. යමෙක් දේවත්වයකට පත්වීමට අසමාන ගුණ බල තිබීමත්, ඒ ගුණ හා බල වලින් පිහිටක් ලබන පිරිසකුත්, ඒවා අගයන ජන සමූහයකුත් ඇවැසිය. සංකීර්ණ නොවූ සමාජ වටපිටාවක් තුල අර කී අසමාන ගුණ බල දේවත්වයකට නංවා සංස්කෘතියෙහි ඔබ්බවා තිබීම සම්බන්ධයෙන් අප පැරැණ්නන්ට ස්තුති පූර්වක විය යුතුය. කෘතවේදිත්වය නොපෙන්වන මිනිසුන් අප රටින් බැහැරව සිටිද්දීද මට කොතෙකුත් හමුවී ඇත. විටක් තැන්හී ඒ ඔවුනගේ අචාර ධර්ම පද්ධතිවල ඇති අඩුපාඩුවක්ම නොවූවද සංස්කෘතිකමය වශයෙන් ඇති වෙනස්කමකි.
හින්දු ආගමික විශ්වකර්මයා |
අතීතයේ අප රටද නොයෙක් වර්ග වල ශිල්පීන් විසින් අනෙකුත් රටවලට නොදෙවෙනි අයුරින් නිර්මාණ කර ඇතද විශ්වකර්ම දෙවි වන්දනාවක් පෙනෙන්නට තිබී නැත. නිර්මාණකරණයේදී බාහු බලය හා මනැස් බලය සියලු දෙවිවරුන් අභිබවා යන්නෙකැයි අපේ යක් නෑයන් සිතුවාවත්ද? ආර්‍යයනට අනුග්‍රහ පෙන්වූ මහාවංශ කථාකරුවන් කියනා පරිදි එක් රජ කෙනෙක් "ඔබ මේ චෛත්‍යය ගොඩ නගන්නට යන්නේ කවර හැඩහුරු කමින්දැ" යි උළු වඩුවකු විචාල විට විශ්වකර්මයා උළුවඩුවාට ආවේශ වී ඉනික්බිති වඩුවා ජලය පිරවූ බඳුනක ජල තලයට අල්ලට ගත් ජලය ස්වල්පයකින් දමා ගැසූවිට පැණ නැගි දිය බුබුල රජුට පෙන්වා ඒ ආකාරයෙන් සදනා බව කීයේලු.
මෑත යුගවලදීත් දේවේන්ද්‍ර, සුරේන්ද්‍ර, ආදී වාසගම් වලින් හැඳින්වූ දක්ෂ නිමැවුම් ශිල්පීන් අප රට සිට ඇත. අප ලක ජල විදුලි බලයේ පියා යැයි හඳුන්වන කීර්තිමත් ඉංජිනේරුවරයකු වූ ඩී ජේ විමලසුරේන්ද්‍ර මහතාගේ පියාද අතිදක්ෂ කැටයම් කරුවෙක් බව කියැවේ. වරක් බ්‍රිතාන්‍ය රාජකීයකුගේ ලංකාගමනය සිහිවනු වස් එතුමා ඇත්දළින් කල නුපුබුදු පොල් මලක අනුරුවක් පරිත්‍යාග කර ඇත. රාජකීයයා ඉතා සතුටට පත්වූවිට ජේෂ්ඨ දේවසුරේන්ද්‍ර විසින්
ආනන්ද කුමාරස්වාමි මහතාද ඇම්බැක්කේ දේවසුරේන්ද්‍ර මුහන්දිරම් ලවා රූපාවලියේ දැක්වෙන විස්තරය අනුව අපූරු විස්කම් දෙවි රූපයක් අන්දවා ඇත.
රූපාවලි විස්තර අනුව ශ්ලෝකය මෙසේය:
දේවසුරේන්ද්‍ර මුහන්දිරම් විසින් අඳින ලද විස්කම් දෙවිඳු |
පුස්තකම්, ලේඛ්‍ය, ඛණ්ඩම්,
ඛට්වාඞගම්, බීජපුරම්, වර-මාථ කලශම්,
කුණ්ඩකම් අක්ෂමාලම්
නාගම් පශං වහන්තම්, වරද-භය හස්තම්,
පීත යජ්ඤො-පචිතම්
විජ්ඤොතජ්ඤාත-මුක්තිම්, සුදර්ශන මහා
විශ්වකර්‍මම් නමාමී"
එහි තෙරුමද මෙසේ දක්වා ඇත.
"තිලක පහකින් යුත් මුහුණක්ද, අත් දයක්ද ඇති පොතක්,
පන්හිඳක්, වෑයක්, සිදරන් ගෙඩියක්, පැන් කළයක්, හා
අක වැලක් ගෙන නාගයකු පලඳා තේජස,
පරෝපාකාරය දක්වන මුද්‍රා ඇති, රන් පූන නූලක් පැලඳ සිටින, ශෝභන, ශ්‍රේෂ්ඨ, කීර්තිමත්,
ප්‍රඥාවත් විශ්මකර්මයින්ට මම නමදිමි"
අද දවසේ වෛකල්පික සායනික ක්‍රමයක්යැයි සැලකෙන බලි ශාන්තිකර්ම වලදී රූප සෝභාවින් අග තැන්පත් විස්කම් බලිය අපට හමුවේ. හින්දු සාහිත්‍යයේ පද්මාසන මත වැඩසිටියද අප විස්කම් දෙවිඳුන් වැඩ සිටින්නේ දෙපයින් සිටගනිමිනි. භූ පද්මයට පසෙකින් වෘෂභයකු සිටියි [අනාගත නිමැවුම් කරුවන්ට නොකල යුත්තක් ගැන අනතුරු ඇඟවීමක් කලාදෝයි නොදනිමි!]. සියළුම බලි රූප අභිබවා අතිශයින් සෝබමානව හා සියුම්ව නිමවා, රූ කම් කල විස්කම් බලිය වියත් දොලහක් උසින් හා වියත් හතරක පළලින් යුක්තය.
බලි ශාන්තිකර්ම වලදී විස්කම් දෙවිඳුන් අගැයෙමින් ගැයෙනා ගීයක් මෙලෙසය.
විස්කම් බලිය |
වමත කලසද කෙන්ඩි ත්‍රිශුලවි - සමග පාෂාවකි අතේ...
නැවත අඹමින් අභය හස්තය - සියල් හරණින් සැදි ගතේ...
නගිත ගවයෙකු දේව විස්කම් - බලිය මේ ලෙස බබලතේ....
නොහැර
ගත ගුම්
පැහැය
බබලා
සුසැට භරණින් සැදෙමිනා...
පතර
භූ පද්මයක
පිට හිඳ
සැදී දෙව් විමනක යුතා...
නිතර
දඬු මඩු
කම්
ගෙවල් කර
එයින් පැමිණුන දොස එතා....
මෙවර
විස්කම්
දෙවිඳු
සිරි දී
රකිති නිතියෙන් සෙත් පතා.....
විවිධාකාරයේ කර්මාන්තවල, නිර්මාණකරණයේ, යෙදෙමින් දෑ දියුණුවට උරදෙන සියලු සොයුරු සොයුරියනට විස්කම් දෙවිඳුගේ බැල්මාරක්ෂාව ලැබේවායි පතමි!
ඇසුරුකලා:
• සිංහල දේව පුරාණය - කේ එන් ඕ ධර්මදාස / එච් එම් එස් තුන්දෙනිය - රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව
• මධ්‍යකාලීන සිංහල කලා - ආනන්ද කුමාරස්වාමි - ජාතික කෞතුකුකාගාර දෙපාර්තමේන්තුව
• බලි යාගය - විනි විතාරණ - ජාතික අධ්‍යාපන ආයතනය
ලියවිල්ලයි, ගීයයි දෙකම එක වගේම රසවත්.
ReplyDeleteදෙවිවරුන්ට තියෙන අත් ගොඩ නේ...
//"බූතරුවන් බණ්ඩාර දෙයියෝ"//
'බූරතිනෝ' එන්නේ මේ පරම්පරාවෙන්ද මන්දා...:P
බුරතිනෝ එන්නේ දෙල් ලෑලි පරම්පරාවෙන්.. හැක්..
Deleteදරුවන් රැක බලාගෙන මුලු ගෙදරම ඒ සමාජිකයින්ට යහපත් තැන්ක් කරන අම්මලාටත් ඒ වගේ අත් බොහොමයකි කුමාරිහාමි. දෙවියනට ඒ නිසා වැඩ අඩුය
Deleteබුර(ටි)තිනො නම දාගෙන ඉන්නේ ඇයි කියල තේරෙන්නේ නෑ. දේශ් කීවා වාගේ දිග උල් නහයක්වත් තියනවද මන්ද! දේශ් ඔත්තුවකුත් දීලා තියෙන්නේ 'දෙල් ලෑලි' ඔරිජින් කියල :-)
'දෙල් ලෑලි' ඔරිජින් "ට"යනුරට නේ? සමහර විට හබරා හිටපු පැත්තෙ?
Deleteබුරතීනෝ පැවත එන්නේ 'පයින් කොට' පරම්පරාවෙන්. දෙල් ලෑලි පරම්පරාවට කිසිදු සම්බන්ධයක් නැත.
Deleteරුක් වඩුවෝ - ලී කපලා - යතු ගාලා - හැඩ දාලා
Deleteඋල් - දිගු - සොඳ නහයක් ඇති - බුරාව සැදුවා
අවයව දික් වීම එතකොට?
Delete“පයිං කොට“ කිටයද කිව්වේ...??
Delete'කොට' ද එත'කොට' ?
Deleteකියලා වැඩක් නැත.. ස්තුතියේ උපරිම දේනනේ කෝමදැයි මම කල්පනා කරමි.. විස්කම් දෙවිඳු යන නම පමණක් මීට පෙර මා අසා තිබුනෙමි..
ReplyDeleteහෘදයංගම වචනයක් තමා ලොකුම ස්තුතිය දේශ් - ඔය නොමසුරුව දීලා ගිහින් තියෙන්නේ!
ReplyDeleteදොඩන්ගොඩ මහත්තගෝ මටනං කියන්න තියෙන්නේ ඔබ තුමා "දෙයියෙක් නෙවී දේවාලයක්" කියලා තමා, මේ වගේ ලිපියක් ලිව්වට ඔබතුමාට බොහොම ස්තුතියි, මේවා අපෙන් අද ඈත වෙලා යන දේවල්, කෘතීම පොෂ් බවක් මවාගෙන නොදන්නා මෙලෝම රහක් නැති පිටි කොටන හඳට සමාන සබ්දත් එක්ක හිස්ම හිස් වචනමාලාවල් අහන්න වීම ගැන අපේ සිරා අයියා ලියලා තියෙන කොට ඔබතුමා අව්‍යාජ ගැමි රහ ඒ රසය අපිට ගෙනල්ලා, ලිපිය වගේම ඒ ගීයත් අපුරුයි, ඇත්තම කියනවනම් මටනම් පට්ටම රහයි. ඔබතුමාට ගොඩක් ස්තුතියි.
ReplyDeleteබොහොම ස්තූතියි සොමි යා
Deleteමෙතනට ගොඩවෙන JP කියන සහෘදය දවසක් මගෙන් අහනව "බෙර සද්දයක් අහෙනකොට මොකද මේ වෙන්නෙ?" කියල. ඒක වෙන්නෑති අපේ කම කියන්නෙ. මේව ජීවිතේම අංගයක් නොවී මේවායින් නොසෑහෙන්න අපගමනයවුනු ජීවිතේක හිරවෙන්න වෙච්චි එක හිතට තියන විසාල කණගාටුවක්
විශ්වකර්ම යන නම අහල තිබුණට මේ තරම් විස්තරයක් දැනගෙන හිටියෙ නෑනෙ.
ReplyDeleteස්තුතියි තිස්සයියා මේ ගැන සඳහනක් කළාට.
ශාන්තිකර්ම විතරක්ම ගත්තම පුදුම සාහිත්‍යයක් තියෙන්නේ නේද ප්‍රසා - පලාතෙන් පලාතටත් පොඩි පොඩි වෙනස්කම් කරල ගන්න තරම් මිනිස්සු දක්ෂයි
Deleteඇඹීම්, කවි, චිත්‍ර, ගොප් සැරසිලි, ඇඳුම් ආයිත්තම්, නැටුම්, ගායනා, වාදන සියල්ලෙන්ම කුළු ගන්වලා අන්තිමට ආතුරවූ කෙනෙකුට ශාන්තියකුත් ලැබ දෙනව - සාමාන්‍ය මිනිස්සුන්ටම විස්කම් දෙයියන්ගෙ ශක්තිය ලැබ දෙනව
මිත්‍යාවක් කියල බැහැර කරපු ගමන්ම අර කලා ශිල්ප වලට මොකද වෙන්නේ? විස්වකර්ම නිර්මාණ වලට මොකද වෙන්නෙ?
In a word an excellent article Please keep it up
ReplyDeleteතිසා දන්න විස්තර ගැන ඉරිසියත් හිතෙනව... අර "උඹ නම් යකෝ දෙයියෙක්" කියපු කතාව නම් මරේ මරු .. "සල්ලි කියන දේ සතපහකට ගනන් ගන්නෙ නැති" උන් වගේ තමා...
ReplyDeleteපොඩි ටයිපෝ එකක් තියෙනව .. පොල් මලේ බොත්තම එබුවම පුවක් මල ඇරෙන තැන...
සින්දුව නම් අහල නෑ.. ස්තුතියි තිසා..
මෙන්න ඉතිං අගේ පෙන්නනව. අප මොනවද දන්නේ තමුන්නැහැ දන්න ඒවත් එක්ක
Deleteඅර හැදුව ඒ වෙලාවෙම
ස්තූති මචං
විස්වාශ කලා හෝ නොකලා හෝ මිශ්‍ර සංස්කෘතික නිර්මාණ උනත් මේව රැකගන්න ඕනෙ. අධ්‍යාපන ක්‍රමේ වැරද්ද හිංද අද කාලෙ එවුං මේවා දන්නෙ නැහැ. ඉතිහාසය හරියට ඉගනගෙන හිටියනම් මේ වෙන ජාතිවාදී ප්‍රශ්නත් නැහැ. තිස්සගෙ දැනුමත් කැපවීමත් ඇගයිය යුතුයි.
ReplyDeleteඒකම තමා මගෙත් මතේ
Deleteස්තූතියි ඔබට
මේ දෙවිවරුන්ගේ නම් වල ලස්සන.තිස් තුන් කෝටියක් දෙවිවරු ඉන්න රටේ තව.තව කොයි කොයි වගේ නම් ගම් ඇතිද ඔය දෙවිවරුට.?
ReplyDeleteඅර පොතේ අපූරු විස්තර තියෙනව මනෝජ්
Deleteරසවත් කථා එව්ව
බොහොම ස්තූතියි තිස්ස පුතා මං ගැන ලිව්වට..................
ReplyDeleteඑහෙමයි එහෙමයි - ඔබවහන්සේ හමුවෙන්න තියන අමාරුවක් :-)
Deleteබොහොම ස්තුතියි ලිපියට. තව දුරත් මෙවන් පර්යේකෂණාත්මක ලිපි කිරීමට ලැබේවා. විශ්වකර්මයා කියන්නේ හින්දු දෙවියෙක් කිව්ව එකට නම් දුකයි. එයා සිංහල දෙවියෙක්. ඒක දෙවියෙක්ට වඩා තනතුරක්. එහෙම කිහිප දෙනෙක් ඉදලා තියෙනවා. යක්බෙරය, රබාන, වෙස්මූණු ආදී සිංහල නැටුම් සම්ප්‍රදායේ එන බොහොමක් විශ්වකර්මයා කල බවයි උපත් කවි වල කැයැවෙන්නෙ.
ReplyDeleteඑහෙම්මම කීවේ නෑ අසුරයා
Deleteඑහෙත් මීට කිට්ටු / සමාන ඇදැහිල්ලක් හින්දු ආගමේ අදටත් සජීවීව තියන එකයි කීවේ
තනතුරක් කියල හිතන්න මාත් කැමතියි
අර විස්තර ටිකක් සොයාගන්න ඕනෑ - මෙතනම අප්ඩේට් කරන්න
අසුරයාට බෝම ස්තුති
සහෝදර තිස්ස අයියන්ඩියේ ,
ReplyDeleteතමුන්නැහේ කොහොමත් පොස්ටුවක් දානකොට ඒවායේ අලුතෙන් ඉගෙන ගන්න වගේම රසවිදනයටත් උපරිමයෙන් අටුවා ටීකා බොහොමයි නෙව.වන්නි හත්පත්තුවේ බණ්ඩාර දෙයියෝ ගැන රසවත් කතන්දර එමටයි .අපේ රැහේ උන් දෙවියන් පිදුවේ අවට ගියාට නෙවෙයි .උන් මහා පඬිවරු.ඔය දේවත්වයෙන් සලකන බොහොමත්ම බණ්ඩාර දෙවිවරු මනුස්සයෝ නෙව. ඒ උත්තමයන්ලා මනුස්සකම් ඉක්මවා රැහැයියන්ට ලෙඩට දුකට පිහිට වෙච්චිකොට, දිවිදෙවනි කොට රැහැ ආරක්ෂා කලා කොට ,ගුණ ධර්ම ප්‍රගුණ කලකොට රැ හැ ට වගේම සතාට සිව්පාවට ,මහා හිමේට එකවගේම සැලකුවාකොට ගන්තුලානට දෙවියෙක්ම උනා අයිබොන්.
ඔය වන්නි හත් පත්තුවේ එක බණ්ඩාර දෙයි හාමුදුරු කෙනෙක්ගෙ වග දැන් පෝය දෙකතුනක ඉදන් රූපැ පෙට්ටියේ දිගරෙනවා ඕන්.එකලාසයක් තියෙන වෙලාවක බැලුවනම්.
බණ්ඩාර දෙයි හත්කට්ටුවේම පිහිටයි ආරක්ෂාවයි .
මේ සුලා.....
ගම රට ආවා වාගෙයි මේ කමෙන්ටුව දැක්කම සුලා
Deleteබලන්න ඕන ඔත්තුව දීපු අහ
තිස්ස අයියා
ReplyDeleteඔබේ සටහන් කියවන්න සති අන්තයටම තියා ගන්නේ උපරිමටය රසවිඳින්න .
උඹ නම් දෙයියෙක් . .. ගත ගුම් එකෙන් ගත ගුම් වෙච්ච මගේ සිතුවිලි පෙරහරක් වගේ තාමත් ඈතට යනවා . අම්මපා මේ බෙර සද්දෙට නැටවෙන මගේ හිත .. ගිය ආත්මේ මම පෙර හැරේ ගිය අලියෙක්ද මන්දා .
දෙවියෝ කියන්නේ මනුස්ස කාලේ දේව වැඩ කරපු මිනිස්සු නේද ? ඒ දෙවිවරුන්ගේ නම් වලින්ම එලියට එන ඒ මිනිස්සුන්ගේ අහිංසක කම රාජාවලියට , මහා වංශයට එහා ගිය අපේ රටේ මිනිස්සුන්ගේ කතාව කියනවා නේද කියලා මට හිතුනා .
එත් එක්කම අර ගීතයේ තියෙන සියුම් තාල වෙනස් වීම් කොච්චර අගනේද ? දැන් ඔන්න මගේ සිත කියනවා ගජාගා වන්නම , වෙසසන්තරේ කවි කීපයක් අහමු කියලා
පෙරහැරේ ගිය අලි බ්ලොග් වල නෑ ජේ පී! - කොටං ඇද්ද අපි අපිම තමා :-)
Deleteඔව් මේවායේ මේ දේවාභරණ පවා යම් යම් දැනුමක් සන්නිවේදනය කරනව
මටත් හරියට හිත ගියා ඒ ගීයට
අරවත් හෙමි හෙමීට දාමු
ඔපීසියේ ඉන්න ගමන් පෝස්ට් එක උඩින් පල්ලෙන් කියෙව්වා,
ReplyDeleteගීත ගායනය අහන්න එන්නම් වෙන වෙලාවක.
මමත් සඳුදා ගිහාවට ආපහු ලියන්න පටන් ගන්න කියලයි බැලුවේ.
ජය හා සතුට.....
සිංහලෙන් හරවත් යමක් ජාලයට එක්කහු කරන තරම හොඳා
Deleteඔබටත් ජය!
ගීතයටත් සවන් දුන්නා. හරි අපූරුයි.
Deleteඋඹනං යකෙක් බං... :P
ReplyDeleteදෙයියෙක් නෙමේ කියල මෙහෙමත් කියතෑකි :-P
Deleteබලියක් නිසානෙ දස්කොන්ටත් කෙල උනාය කියන්නෙ. මෙහෙ අපේ බාස්ල ඉන්නව අල්ලපු රටේ අය, උන්ගෙ වාසගම "විශ්වකර්ම". වැඩත් ඒ වගේම තමා.
ReplyDeleteඅර තුම්මුල්ලෙ විස්කම් නිවස තාම තීනවද?
කලින් විස්කම් නිවස තිබ්බ තැන මතකද - රෙදි මෝල කිට්ටුව?
Deleteඒකනම් සතොසත් එක්කම කෙලම වෙලා ගියා
තුම්මුල්ලේ එකනම් පසු කාලෙකත් තිබ්බ වගෙ මතකයි
දැන් නම් නිනව් නෑ
ඔය කියන්නෙ අර මාය ඇවින්‍යු එක පටන් ගන්න තැන පාර මැද තිබ්බ එකද? ඒ සළුසළ නේද? වෙන එකක් මට මතක නෑනෙ!
Deleteවිස්කම් දෙවිඳු ගැන ලිව්වට පස්සෙ දස්කම් නැත්තෙ මොකද?
ReplyDeleteතිසා, අද තමයි විස්කම් දෙවිඳු සැමරෙන දවස. විශේෂ පූජා එහෙමත් තීනව නේපාලෙ, උතුරු ඉන්දියාවෙ.
Deleteඅපුරු ගීතයක්. පද මාලාවත් එයටම මුසුවූ සරල මිහිරි සංගීතයත් තෘප්තිමත් භාවය තීව්‍ර කලා. wrap කිරීමේ ආදීනවයෝ නෙවේද මේ...!!!! මගේ හිතට ආ හිතිවිල්ලක්..බෙදා හදා ගැනීම ගැන ස්තුතියි ඔබට ..!!!
ReplyDelete