ප්‍රියේ නුඹම උපනූපන් ජාති හමුවේවා

ඊලඟ ගීතය මගේ ප්‍රිය බිරිඳ වෙනුවෙන්... සම්පූර්ණ සිංදුව විරහ වේදනාවක් ගැන උනත් මුල් කෑල්ලට මම හරිම ආසයි... මේක රේඩියෝවේ ගිය කාලයක් මතක නැතිතරම්... ප්‍රේමකීර්තිගේ සුන්දරම රචනයක්...- ගායනය - වික්ටර් රත්නායක

මගේ ගෙටත් උඩ ඔබේ ගෙටත් උඩ...කැලුම් දිදුලවන සරා සුපුන් සඳ...
එක වහළක් යට එකට දකින්නට...පූරුවෙ කල පින් මහිම කියන්නට...
ප්‍රියේ නුඹම උපනූපන් ජාති හමුවේවා...

කපුරු ගොඩක් සේ අළුවත් නොරැඳී... පැතූ පතුම් පෙල දැවී ගියාවූ...
ජීවිතයට ඔබ අලුතින් එක්වී...මා ජීවත් කර සතුට ගෙනාවූ...
ප්‍රියේ නුඹම උපනූපන් ජාති හමුවේවා...

කිළිටි මගේ අත ඔබට සුදූසු නැත...එබැවින් වෙනතක බැඳුනද කම් නැත...
එනමුඳු මෙලොවේ නැවත උපන් කළ...ඒ අත් භවයෙන් එළිය දකින්නට...
ප්‍රියේ නුඹම උපනූපන් ජාති හමුවේවා...

සිංදුව අහන්න... ඕන්නම් බාගන්න..

17 comments :

  1. අපූරු වදන් පෙල....හරිම සුන්දරයි.

    ReplyDelete
  2. thanks Pali... I know you have a sensitive poetic mind...

    ReplyDelete
  3. මම ඇත්තටම මේ සින්දු අහල තිබ්බේ නැහැ. මහගු සේවයක්

    ReplyDelete
  4. සොඳුරු සිත් සොඳුරු දේම සොයා යනු ඇත...

    ReplyDelete
  5. Me sinduwa Baganna berida...

    ReplyDelete
  6. ඔන්න සොඳුරු සිත... බාගන්න

    ReplyDelete
  7. අනේ බොහොම පිං .... සටහන් කරපු සින්දු වලින් ලස්සනම සින්දුව......

    ReplyDelete
  8. ඒවයින් ගෙන් නම් මගෙත් ප්‍රියතම ඕක තමා...

    ReplyDelete
  9. Thanks for uploading, i was searching for this song for ages.......! Thanks again.

    ReplyDelete
  10. මෙහෙම කියන්නම් "ආදරණීය ප්‍රේමකීර්තියනි ඔබ නිවන් දකින්නත් මා ආදරණිය වික්ටර් රත්නායකයාණනි ඔබට ආයු බොහෝ වන්නටත් කියා.."
    ඔබට ස්තුතියි මෙවැනි ගී ගෙන හැර දැක්වීමට තරම් සංවේදි වීම ගැන

    ReplyDelete
  11. ඔබටත් ස්තූතියි ගොඩවැදිලා ගියාට සබඳ...

    ReplyDelete
  12. අති අනර්ගයි බොහෝම ස්තුතියි

    ReplyDelete
  13. දිලුම්May 5, 2016 at 7:06 PM

    අහන එක හොඳද මන්දා! තිස්සම කියපු නිසයි අහන්නේ, ඔබමත් මෙහෙම වැඩක් කළාද? මේ සිංදුව ගුවන් විදුලියේ නොයන්නේ නැහැ. වෙළඳ සේවයේ මම පහුගිය දවස්වල ඇහුවා. පරණ විදියටම ලස්සන සිංදු යනවා. අනේ මේ ගීත රචකයා මරලා දාපු සාහසිකයෝ අද කතා කරන්නේ මලින් උපන්නා වගේ!

    ReplyDelete
    Replies
    1. "ඔබත් මෙහෙම වැඩක් කලාද?...."

      නැහැ කියල තමයි කියන්න වෙන්නේ

      Delete
  14. ගීතය කොතරම් අසා ඇතත් රැයේ මැදියමේ හදිසියේම ඇස ගැටුණු මේ ගීතයේ පදවැල් දුටු විට දැනුණු හැගීම් කොතරම් බලවත් දැයි යන්න මට පැහැදිලි කිරීමට වචන ගලපා ගන්නට බැහැ.

    ප්‍රියේ නුබම උපනූපන් ජාති හමු වේවා...

    ReplyDelete
    Replies
    1. ඔව් හසිත පදවැල අසාමාන්‍යයි...

      Delete

 
Blogger Wordpress Gadgets