රිදී නිම්නය...
කඳුලු නිම්නය....
ඔබය මගේ ජීවිතයේ...
නොදුටු නිම්නය...
ඔබය මගේ ජීවිතයේ...
මී විතෙන් තොල්, මත්ව යනවා...
ඉන්ම හදවත, නිසල වෙනවා...
නිසල සිතුවිලි විකල් වෙනවා...
එයින් දිවියම සසල වෙනවා...
කවුරු කවදා කෙලෙස කීවද...
තඹුරු හිරු දුටු විගස නොපිපෙද...
බඹරු වෙනසක් නැතිව සැරුවද...
අපට හිමි සැනසුමක් කොහිවෙද...
රිදී නිම්නය... කඳුලු නිම්නය....
ඔබය මගේ ජීවිතයේ...
නොදුටු නිම්නය...
ඔබය මගේ ජීවිතයේ...
ගීය අහන්න... ඔන්නම් බා ගන්න...


24 ප්‍රතිචාර:
මේක නම් මගේ ප්‍රියතම සින්දුවක්..
බොහොම ස්තූතියි.. ඔන්න ගීතය බා ගත්තා.
:)
ගීතයට වඩා රූපයටයි. ඒ පික්තූරය අයිති චිත්‍රපටයටයි මම කැමති.
"කෘතිම බුද්ධිය " "AI" කෙනෙක් ගැන තිබ්බ දුකම දුකම දුක හිතෙන පිල්ම් එකක්... යකඩ රොබෝලට වුනත් ආදරේ දැනෙනව ආදරේ ඕන වෙනව...
" හිත් අමාරු කාරයා හිත් අමාරු හොද කරන් එන්නකෝ"
මෙන්න ආයි පාරක් අපේ ටෙලිපති.
බන්දුල විජේවීරගේ සී ඩී එක කේස් එක මඟේ ලඟ ඉතුරු වෙලා සී ඩී නැතිවෙලා ගොඩක් කල්.
ඊයේ පරන සී ඩී එකක් හොයද්දී ඒ කේස් එක දකලා මතක් වුනේම මේ සින්දුව.
මෙන්න උඹ ඒක හද ගී පොතේ දාලා . .
නියමයි මචන් . .
මගේ ප්‍රියතම සින්දුවක්. ප්‍රේමකීර්ති ද අල්විස් තමයි මේක මට මතක විදියට ලියල තියෙන්නේ. බන්දුල විජේවීරගේ "මාමා-බෑනා" චරිත වලින් මිදී, භාවමය ගීතයක් ගයන්නට ගත් උත්සාහයක් විදියට මම මේ ගීතය දකින්නේ. ඒ උත්සාහයේදී බන්දුල සෑම අතින්ම සාර්ථක බව මට නම් හැඟෙනවා. රිදී නිම්නය කියන්නේ වටින තැනක්. ඒකම කඳුළු නිම්නයකුත් වෙනවා, එනම් ඈ සමහ බද්ධව පවතින දුක එයින් කියැවෙනවා. ඒ වගෙම මේ නිම්නය කලින් නොදුටු එකක්. එක්කෝ ඇය ගැන පවත්නා ඒකපාර්ශවික ආදරයක් වෙන්න ඇති. එහෙම නැතිනම් තේරුම් නොගන්නා කම ගැන වෙන්න ඇති. මේ පද පේළි තුන තුල තමයි මුලු ගීතයේම භාවයන් පවතින්නේ. බොහෝම ස්තූතියි තිස්ස!
මෙ දවස්වල අතුරුදහන් කියලා ආරංචියක් ලැබුණා.
කොහේද ඉතින් මටත් වෙලාවක් නැති උනා හොයලා බලන්න.
සින්දුව නම් මාත් කැමති එකක්.
මට පේන හැටියට කාව හරි ෂේප් කරගන්න දාපු එකක් වගේ...
ඔන්න පිස්සත් බා ගත්ත. අහන්න වෙන්නෙ නම් ගෙදර ගොහින් තමා
රිදී නිම්නය...
කඳුලු නිම්නය....
ඔබය මගේ ජීවිතයේ...
නොදුටු නිම්නය...
ඔබය මගේ ජීවිතයේ...
මමත් ආස කරන ගීයක්. ලස්සනයි.
මැණික්(සුළඟ)
හ්ම්...අද මොකද වැඩි විස්තරයක් මුකුත් නැත්තේ...
කලබලෙන් කරපු වැඩක් වගේ...
ජයවේවා!!!
ලස්සන සින්දුව. මාත් කැමති එකක්
නියමයි අයියේ. කියල වැඩක් නෑ. තදින්ම හිතට වැදුනා.
"පමණ ඉක්මවූ මී විත පනම නොඉක්මවූ ආදරයට හේතු වේ" කියන්නෙ ඕකට තමා....
nice.....
මමත් ගත්තා අහලාම කියන්නම්..
සින්දුව අපූරුයි. එත්..සුපුරුදු කොමෙන්ට් එක නොදැක්කහම පොඩි අඩුවක් දැනෙනව වගේ.
ඇති යන්තන් උඹ පෝස්ට් එකක් දාලා. ඔය ඇවිත් තියෙන්නෙ නියම සින්දුවක් එක්ක. මේක හරිම ලස්සන ගීතයක්. ඇත්තටම බන්දුල විජේවීර කියන්නෙ හරියට අපි අඳුරගත්තෙ නැති ඉතාමත් දක්ෂ ගායකයෙක්.
මමයි බෑනයි ඩුබායි සහ අබුඩාබි වල ප්‍රසංග තියපු දිනවල මටත් ඔවුන්ව ලඟින් ඇසුරු කරන්න ලැබුනා. ගම හාමිනේ ප්‍රසංගයේ අත්වැල් ගායනා කලා. රෝහණ බැද්දගේ ඇරෙන්න අනිත් කලාකරුවන් සමග මීවිත ටිකක් තොල ගාමින් අල්ලාප සල්ලාපයේ යෙදෙන්න ලැබුනා. ඒක ඉතාමත් සුන්දර අත්දැකීමක්.
දක්ෂ ගායකයෙක්ගෙ ලස්සන සින්දුවක්.........බන්දුල හුලවාලි චිත්‍රපටයට ගායනා කරපු "කුලගෙදරින්" ගීතයත් හරිම අපූරු ගීතයක්. රෝහණ වීරසිංහ සහ ලක්ෂ්මන් විජේසේකරත් එහි අත්වැල් ගායනයෙ යෙදෙනවා.
මෙතරම් නිහඬියාවක්............????
ගම රට ගියාවත්ද.......?
රැකියාව කාර්ය්‍ය බහුල වීද......?
අඹු දරුවන් "අපි වෙනුවෙන් වැඩිපුර කාලය යොදවන්න" කිවුවා වත්ද.....?
රොක්, රැප්, හිපොප් සංසදයකින් "පරණ සිංදු දැම්මොත් බලාගෙනයි" කිවුවා වත්ද.....?
අපි අතින් වැරදිලා හරි හිත රිදෙන දෙයක් කියවුනා වත්ද.....?
?????
ලස්සන මේලඩි එක...
ස්තූතියි වැඩේට... ඔන්න මමත් බෑවෝ...
එල එල මම මේ සිංදුව හොයමින් හිටියේ
ජයවේවා !!
ස්තුතියි සහෝ... මගෙත් ප්‍රියතම සිංදුවක්...
කිමද ගොළුවී . . . හදේ ගී උල්පත ?
නොයන් හැරදා . . . ගුගුල් බස් වෙත !!
Post a Comment