ශ්‍රී මුණිදා නමදිමු දැන් දොහෝත් නගා අපි සැවොමා...



1. බුදු මගුල ලඟම ඒවී බුදු ගීත වේ උදා... 
බුදු දහම සාමයේ දස අත දීප්ති වී නැගේ..
බැබැලෙන්නේ ලෝකයේ....
 -  සරත් විමලවීර / පී ඩී වින්සන් පෙරේරා / විවියන් ද සිල්වා බොරලැස්ස - 1950 - 

2. ජය සිරි මහ බෝධි රජා - මගේ හෙලබිම සෙවන කලා...
විශාලා වැව් සහ නෙක් අමුණු - සැදීලා පිරි උතුරා තිබුනේ....
ලක් මාතාවෝ සොම්නස් ගඟුලේ - ගැලී පිනා ගියෙ එදිනේ....
- සරත් විමලවීර / බී එස් පෙරේරා / චන්ද්‍රා ද සිල්වා - 

3. මහ බෝධි මුලේ  - විදුරස්මියේ ‍රැස් විහිදෙන්නා....
මහා සත් තුමාණෝ විදුරස්නේ වැඩ ඉන්නා....
- එම් ඩී ජොහාර්ෂා / 1947 -

4. මේ ලෝකේ නවාතැනවේ දෙදෙනයි මෙහේ වාසේ..
 මායා මමතා හැරදා හෙට යන්නට සිදුවේ...
- සිරිසේන විමලවීර / හින්දි තනු / සිසිර සෙනාරත්න / 1955 -

5. නිර්වානේ ධර්ම රසින් අසමානේ....
ලෝක ස්වාමී වීතරාගී පෑ සංසාරේ ප්‍රඥාභිමානී... 
- ඒ එම් යූ රාජ් -

6. ශාක්‍ය සිංහ සෑසි ලෝ පියා..
 සෑසි ලෝ පියා, මම පූජනීය ලෝ පියා....
- ජී එස්  බී රාණී -

7. සසර පරාජේ... දැක පරමාදේ...
 පිනෙහි යෙදේත්වා.....
- ඩබ්ලිව් මධුරාවතී /  1945 -

8. සිහිලැල් බුදු ගුණ ගඟුලේ... නෙත් කරුණා අමා ග‍ඟේ....
ඇසුණා ඔබ දෙසූ දහම්... සම්බුදු සමිඳේ....
- රූපා ඉන්දුමතී -

9. සිළුමිණි සෑය වඳිම් රම්‍ය තව්තිසා භවනේ....
පතමින ශාන්ත අමා සුන්දර සම්පත් නිවනේ.....
- අහමඩ් මොහිදින් - 

10. ශ්‍රී මුණිදා නමදිමු දැන් දොහොත් නගා අපි සැවොමා..
 මෙලොව සතූන් සසර දුකින් එගොඩ කලාවූ ඒ උතුමා...
- එම් කේ වින්සන්ට් -

11. තිලොවග රාජා භව සැරිසරලා ජනිතව මේ ලොකේ...
 බව දුක සිඳවා බුදුබව ලැබුවේ පිරිණිවනිය දැක්කේ..
- ඒ එම් යූ රාජ් / 1952 -

12. වඳිමු සුගත සෑසි පියා සුදු අරලිය මලිනි පුදා...
සසර දුකින් එතෙර වන්න පතමු නිවන් සැපත සැමා....
- වජිරා බාලසූරිය - 

13. වෙසක් කැකුළු අතු අග හිඳ නටන විලාසේ....
 ඉරෙත් සඳෙත් සිරි විඳ විඳ රඟන විලාසේ..
ගරු මර්සලීන් ජයකොඩි හිමිපාණන් / සුනිල් ශාන්ත /  ඉන්ද්‍රානි විජේබන්ඩාරඉන්ද්‍රානි විජේබන්ඩාර-

14. ශ්‍රී සෙත් සාදයි මෝක්ෂ පුරේ - ත්‍රිවිධ රත්නේ ආධාරේ....
ද්වාත්‍රීංශත්වර මංගල ශ්‍රී - බුද්ධං සරණං ගච්ඡාමී....
- වී පී ලීලාවතී ඇතුලු පිරිස / 1940 -


15. පුදමු මේ කුසුම්....
ත්‍රෛලෝක නාථ පාද පද්ම වැඳ බැතියෙන් ප්‍රීති සාගරේ...
- ආනන්ද සමරකෝන් සහ වී පී ලීලාවතී -


ගීත අහන්න... ඕන්නම් බාගන්න...

27 comments :

  1. Thanks for the nice Buddhist songs.

    Wish you Happy Vesak!!!

    ReplyDelete
  2. ඔබතුමියටත් එසේම වේවා!!!

    ReplyDelete
  3. හොඳ ගී එකතුවක් . සමහර ඒවාට මන් ගොඩක් කැමතියි

    ReplyDelete
  4. බැති ගී පෙළක්ම! වෙසක් කැකුළු ගීයට මම හුඟක්ම ආසයි. අර ශ්‍රී සෙත් සාදයි මෝක්ෂ පුරේ කියන ගීය දැක්කෙ අද. මම අහල තිබුණෙ ඕකට වෙන වචන දාලා ට්‍රිප් යනකොට කියන ගීයක්

    ReplyDelete
  5. බින්දි: ඔව් එක තැනක තිබ්බම පසු කාලෙක වුණත් කාට හරි ප්‍රයෝජනයක් වේවි කියල හිතුන

    නලිනි: ඒකේ රුක්මනී කියන වර්ෂන් එකකුත් තියේ
    "තේ පැන් දින දින වැඩි වැඩියෙන් - බීමෙන් සිරුරට සැප වැඩියේන්" කියල

    ReplyDelete
  6. හප්පද බොලේ, මේ තියෙන්නෙ තිස්ස අයියා විසින් සාර්ථක 101වෙනි වරටත් දෙනු ලබන මහා සිංදු දන්සල..

    මේ ලැබුවා වූ වෙසගේ මහ විසාල පිනක් නොවැ කරගෙන තියෙන්නෙ.. ඕං අපි බානවෝ..!!

    ReplyDelete
  7. මේ ගියපාර දාපු සෙට් එකමද?

    සිරිමුණිදා සින්දුව යන්නේ මෙහෙමයි..

    ශ්‍රී මුණිදා නමදිමු දෑ දොහොත් නගා අපි සැවොමා...

    ඔතන දෑ කියන්නේ මට හිතෙන විදියට සක්ක පදයක්. මාත්‍රා හරියන්න දාපු?

    ReplyDelete
  8. බුරා: ජය!

    කසූ: නෑ නෑ මහත්තයෝ වෙනම සෙට් එකක්
    එතැනට යන පාර මෙතැනින්
    ස්තූතියි එය මතක් කලාට - මට ඔය ලින්ක් වැඩේ අමතක වෙනව

    සමහර පොත් වල ඒකට "දැන්" කියලත් දාල තියේ
    "දෑත් දොහෝත් නගා" කීවම දෙවාරක් උනත් අවුලක් නෑ කියල සිතේ

    ReplyDelete
  9. ඇත්තටම සිංදු දන්සැලකට ආවා වගේ තමයි. පිං සිදු වේවා!!!!

    වෙසක් කැකුලු ආසම සිංදුවක්...:)

    ReplyDelete
  10. ලස්සන සිංදු ටිකක්.

    ReplyDelete
  11. අපි බැති ගී දන්සැලක් කියමු, මේ එකතුව ගොඩාක් වටිනවා.

    කාලෙකට කලින් වෙනත් රටක ඉන්න කාලේ මෙවැනි අවස්ථා වල පිහිට වූ සිංදු එකතුව මතක් වුණා.

    ReplyDelete
  12. පරසිඳු කලා කාරයන් ගෙන්වා පවත්වන ලද වෙසක් බොදු බැති ගී ප්‍රසංගය වෙනුවෙන් තිස්සට ගොඩක් පින්..

    ReplyDelete
  13. Podi Kuma: වෙත්වා සියලු සත්හුම - සුවපත් වූ සිතැත්තෝ

    Praසන්ன: ස්තූතියි ප්‍රසන්න - ඔව් සින්දු අනර්ඝයි - කොච්චර පරණද නේද?

    ගල්මල්-Coral: ඒ අදහසට මම කැමතියි :-)

    රූ: හැබෑටම මට රූගේ කමෙන්ටුව දැක්කම මතක් වුනේ ග්‍රැමෆෝන් යුගයේ දැන්වීමක් - කොහොමද තමුන්ගේ කාලයට ගොඩක් එපිටින් දේවල හුරුවක් ලැබුනේ?

    ReplyDelete
  14. තිස්ස අයියා & කකා,

    මටත් හිතෙන්නෙ (සහ මම මෙච්චර කල් ඕක කිවුවෙ) "ශ්‍රී මුණිදා නමදිමු දැන්.." කියලා තමා. :)

    ReplyDelete
  15. ගොඩක් වටිනවා අයියේ....

    පොසොන් එකට භක්තිගීත කියන්න හොඳ ගිත ටිකක් හොය හොය හිටියේ.....

    ReplyDelete
  16. හප්පා සීනිව දැක්ක කල් :-)
    ඔව් ඔව් විසේසයෙන්ම ඔය වාගේ උවමනාවල් එන අයට කියා තමයි වැඩිමනත්ම මෙව්වා දැම්මේ
    ජයවේවා නගේ!

    ReplyDelete
  17. ඒකනේ අයියේ...අයියා ඉතින් පෝස්ට් එකක් දැන්මෙත් ගොඩ කාලෙකින්නේ.....

    ReplyDelete
  18. තිසා .. හරිම වටින වැඩක්... සිළුමිණි සෑය වඳිම්.. ඔරිජිනල් වර්ෂන් එක කාලයක් හෙව්ව හම්බු වුනේ නෑ... පිනක් කරගත්තෙ මේක දාල... මේක කෑවනෙ පස්සෙ කට්ටිය...කිත්සිරි ජයසේකර තරමක් හොඳට කියනව අහල තියෙනව...

    ReplyDelete
  19. ශ්‍රීමාල්May 6, 2012 at 10:19 PM

    හරිම අනර්ඝයි තිස්ස අය්යේ. මුල්පිටපත් වල හඬවල් දැන් අහන්න වෙන්නේ හරිම කලාතුරකින්.
    ගොඩක් ම පින්.

    ReplyDelete
  20. බා ගත්තා.. මෙවුව අහනකොට මතක් වෙන්නේ අම්ම තාත්ත එක්ක ජීවත් උන කාලේ.. පැරණි ගී සංරක්ෂණය කරන්න කියල අලුත් ගායක ගායිකාවෝ ඒවා කනවානේ..

    ReplyDelete
  21. නියමම එකතුවක්. බැති ගී කියන්න අවස්තාවක් ආවොත් යොදා ගන්න පුලුවන්. ආස කරන පරණම සින්දු ටිකක්.

    ReplyDelete
  22. නියම වැඩක් අයියේ

    ReplyDelete
  23. වෙසක් භක්ති ගීත සංදර්ශනයක්නෙ.

    (ඒ වුනාට පරණ, උඹ උත්තර නොදී මග අරින චෝදනාව එහෙමමයි. "උඹ කම්මැලියා වෙලා".)

    henryblogwalker the Dude

    ReplyDelete
  24. තිස්ස අයියා තමයි තිස්ස අයිය... ඇත්තටම අහන්නෙ කොහෙන්ද මේ සිංදු හොයා ගන්නේ... මම නම් ජීවිතේට අහල නැති ඒව මෙතන තියෙනවා.. මොහිදීන් බෙග් මාස්ටර් ගේ සිංදු ටික දාල නැත්තේ ඒව නිතර ඇහෙන නිසා ද..

    ReplyDelete
  25. අදමයි මේ පැත්තේ ආවේ. මේකේ තියන ගොඩක් සින්දු වලට තබ්ලා ගහල තියනවා මම දහම් පාසලේ බක්ති ගීත ප්‍රසංග වලදී. ;)

    ReplyDelete

 
Blogger Wordpress Gadgets