නිවාඩුවට ගෙදර එනවිට ගෙනෙන තැගි බෝග අඩුක්කුව ඈ විවෘත කරනවා බලාසිටීම මා ඉමහත් ප්‍රිය කරන කාරියකි... එහෙත් මෙවර මට යමක් අමතක වී තිබුණි... "මේ මොකක්ද අප්පේ මේක... මොකක්ද මේ... පින්තූරයක්ද...? හ්ම්ම් ලස්සනට ඔතලත් එක්ක..." "ආහ්.. ඒක මේ මගේ යාලුවෙකුට...ඒක වෙනම තියන්න..." "හොඳයි හොඳයි..." වෙනදා මෙන්ම වැඩිදුර පුරස්න නොමැතිව ඈ ඉතිරිය අස් පස් කරන්ට පටන් ගත්තාය...
-------------------------------------------------------------------------
පාන්දර පහයි ගණනට ජංගම දුරකථනයේ එලාමයත් සමගම මාද අවදි විණි... මදුරු දැල ඈත් මෑත් කල ඈ බිමට පැන්නාය... ලොකු කොලූගේ සංගීත විභාගයත්, පොඩි කොලූගේ අමතර පන්තියකුත් පැවැත්වෙන අද, සෙනසුරාදාවක් වූවද ඇයටනම් නිවාඩුවක් නැත්තේමය... කෑමට බීමට අතොරක් නැති ජල්ලි අල්ලන පොඩි හාදයාට උදෙන්ම කිරි බෝතලයක් පොවා නොගතහොත් උදේ කෑම වෙලාවට කිරි පෙවීමට නම් දෙයියන්නාන්සේටවත් බැරිය... ඇය බිමට පැන්නේ ඒ සෑදීමට විය යුතුය... "කිරි එක දීලා ආයේ එනවා නේද...?" මම ඇසීමි.. "එන්නං.. එන්නං..."
ලද අවසරයෙන් ඇඳෙන් බිමට බට මා අල්මාරියේ සුරැකිව තැබූ, මා විසින්ම දින ගණනක් තිස්සේ අඟලෙන් අගල කපා සකසා රාමු කර රැගෙන ආ පින්තූරයත්, ඈ වෙනුවෙන්ම ඉතිරි කරගත් මුදලින් ගත් තෑග්ගත් කණ්නාඩි මේසය මත තබා නැවතත් ඇඳට පැන බොරු නින්දකට අවතීර්ණ විමි....
"ආහ්...?? මේ මොනවද...???"
මම දෙනෙත් නෑරීමි....
නිමේශයන් කිහිපයකට පසු... මගේ උරිස සෙලවූ ඈ... "ඒයි මොකද මේ තෑගි දීලා නිදාගන්නේ...?"
බොරු නින්දෙන් එළියට බට මා අපගේ විවාහ සංවත්සරය වෙණුවෙන් ඇයට සුභ පැතීමි...
ඇයගේ දැස් තෙමී යනු මට දැනේ... "අනේ මන්දා මේවට කොහොම ස්තූති කරන්නනද මම.. ඔයා හැම විශෙෂ දවසකටම මට මොනවා හරි දෙයක් දෙනවා..."
"ඔව්... ඒ වුනාට ඔයා මාව දිනපතාම සතුටින් තියනවා... එතකොට ඒ තෑග්ගද මේකද වඩා වටින්නේ....? "
ඈ මාගේ ලය මත මුහුණ හොවාගත්තාය... ඇගේ කඳුලින් මගේ ළය තෙත්වනු මට දැනේ...
දෑත දෙපය වාරු නැති වූ දාක මේ මතකයන් මා ප්‍රබෝධයෙන් තබනු ඇත...
දූ දරුවන් ජීවිතයේ තරඟ කාරිත්වයට අවතීර්ණව ජීවිත අවුල් කරගන්නා දාක ජීවිතය සරල සතුටින් පුරවන මෙබඳු අවස්ථා ගැන මට කියා දිය හැක...
රාමුකල පින්තූරය අතට ගත් ඈ ඒ දෙස බල සිටින්නට වූවාය....
කිරි බෝතලය හමාර කල පොඩිත්තා දිවවිත් ඇගේ අසළින් දිගාවී පින්තූරයේ අකුරු එකින් එක පුරුද්දමින් කියවන්නට විය....
"එ-යි-න් මි-දෙ-න මං-පෙ-ත සො-ය-නා ස-ඳ...
ඔ-බෙ-න් ලැ-බි-ණ නි-බ-ඳ-ව-ම සි-ය-ලු වෙ-ර..."
සිනාසුනු මා "ඔන්න එහෙමනම් තෑග්ග සම්පූර්ණයි හොඳේ..." කිවෙමි...
"චිත්‍රපටියක වගෙයි දෙයියනේ..." කී ඈ බෙහෙවින් තෙත්වූ දෙනෙතින් පොඩිත්තා වැලඳ ගත්තාය....
ජීවන ගංගා ඉවුරේ අපී... ඇවිද යමු ප්‍රියේ...
පායන හිරුට හාදු දී මල් පිපී තියේ..
ජීවන ගංගා ඉවුරේ අපී... ඇවිද යමු ප්‍රියේ...
පායන හිරුට හාදු දී මල් පිපී දිලේ...
නිම්නෙහී... සෞම්‍ය වේ... ගතෙහි සිතෙහි සුව සැදේ...
සුවඳින් පිරී... සිසිලෙන් සැදී...
සන්තානේ සංතෝසේ මෝදුවේ...
රුවැති ගුණැති දූ පුතුන් පිය කුසුම් වගේ..
පැහැද සුවඳ වී ගලා විහිදුවා ලෝ තුලින් නැගේ...
අනාගතේ ඔවුන් අතේ තබමු සතුට වේ සිතේ...
දුකින් මිදී... සැපෙන් සැදී සැනසීමෙන් සතුටෙන් ලෝ හිඳී...
ඉන්පස්සේ යන්නේ උදානයේ නිම්නේ බලා ඔබේ...
අවසානේ ගමනේදී යමු අපී..
ගංගා තීරේ ඔහේ...
ජීවන ගංගා ඉවුරේ අපී... ඇවිද යමු ප්‍රියේ...
පායන හිරුට හාදු දී මල් පිපී තියේ..
සින්දුව අහන්න... ඕන්නම් බාගන්න...

අපෙන් සුබ පැතුම්!
ReplyDeleteලස්සන සිංදුවක් වගේම සිංදුවට පසුබිමත් ලස්සනට ලියල තියෙනව.
ReplyDeleteඅපූරුයි අයියා...
ReplyDeleteආදරේ කියන්නේ කෙනෙක් ජීවත් කරවන්න පුළුහන් වගේම කෙනෙක් නැත්තටම නැති කරවන්න පුළුහන් අමුතුම හැඟීමක්...
කියන්න වචන නෑ අයියේ...පෝස්ටුවයි ගීතයයි හැගීමයි ආදරෙයි මේ ඔක්කොම යස අගේට ගැලපිලා....
ඇස්වහක් කටවහක් නෑ.. අයියාගෙයි අක්කාගෙයි ආදරේට මොන උපමාද.....
හදවතින්ම වෙනදා වගේම සුභ පතනවා....
තිස්සයියේ. උඹ අදහන්න වටින සිරාම පොරකි. අමුතුම ආකාරයක එකෙකි. මට නම් හිතා ගන්නටවත් නොහැකිය. එච්චරටම උඹ ඩයිනමික් ය. උඹලා දෙපලට තව චිරාත් කාලයක් වැජඹෙන්නට ආසිරි!!!
ReplyDeleteමාරයි තිස්ස . .
ReplyDeleteමාර ම හැඟීම්බර විදිහට ලියලා තියෙනවා.
සිංදුව ත් මින් පස්සේ කලින් ඇහුවාට වඩා වෙනස් තේරුම් ගොඩක් එක්ක අහන්න පුලුවන් වෙයි . .
අද ද සංවත්සරේ?
එහෙනම් මගෙනුත් සුභ පැතුම් ඕන් . ..
මෙව්වට කියන්න වචන මං ගාව නැහැ බං...
ReplyDeleteඋඹට ඇයත් ඇයට උඹත් ගහට පොත්ත සේ සැමදාම බැඳී සිටීවා...!
තිසා, උඹලට සුභම සුහ ඇනිවර්සරියක් වේවා !! උඹලාගේ ලෝකේ සදාකාලික සාමයෙන් සතුටින් පිරී ඉතිරේවා !!
ReplyDeleteසින්දුව මාර ලස්සනට අද ඇහෙනවා.....!
සදා ජය... පවුලටම සියළු සැප සම්පතින් ආඪ්‍ය අනාගතයක්.....
ReplyDeleteඒත්. තිස්ස අයියා මේ වෙලාවේ ලංකාවෙද?
ඔබලාගේ ජීවිත සදාකල් සතුටින් පිරේවා!
ReplyDeleteමේ සින්දුව මම් අදමයි ඇහුවේ,
සුභම සුභ ඇනවසරියක් වේවා අයියේ!
ReplyDeleteඊයෙ රෑ පුංචි සාදයක දි හමුවුන කෙනෙක් තිස්ස අයියගෙ බ්ලොග් එකේ ලස්සන සින්දු තියනවා කිව්ව නිසයි මමත් මේ පැත්තට ගොඩ වුනෙ. ඉස්සර වෙලාම ගොඩවුන දවසෙ මෙන්න මෙහෙ පාටි.හිතට වදින පොස්ට් එකක්...
ReplyDeleteඔන්න මගෙනුත් සුභ පැතුම්.
දෙන්නටම සුභම සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනව. ඔය ආදරය, සතුට හැමදාම රැඳෙන්න ඕන.
ReplyDeleteඅපි ඒත් බැලුවා කොහේ ගිහින්ද කියලා . ඔය පින්තුරේ හදන්න නේද මෙච්චර දවස් ගත්තේ. හරිම සංවේදියි. ලස්සනයි ..වචන මදි ඒ ගැන කියන්න . සැමදාම ඔය ලෙස සතුටින් ඉන්න.
ReplyDeleteනියම පෝස්ට් එකක්නෙ. ජය වෙවා.
ReplyDeleteමගෙන් සුබ පැතුම් තිස්ස අයියෙ....
ReplyDeleteහැමදාම මේ සෙනෙහස රැඳේවා !
ආදරේ මෙන්න මේ වගේ... තිස්ස අයියේ... හරිම සතුටක් දැනෙනවා.. ඔය රාමු කළ පින්තූරේ කොයි තරම් නම් වටිනවද කියා හිතා ගත හැකි.. සමහර විට ලෝකෙ වටිනම දියමන්ති මුද්දටත් වඩා අක්කා අගය කරාවි... හරිම ආඩම්බර ඇති අක්කා ඔබ ගැන.. හරියට ඔබ අක්කා ගැන ආඩම්බර වෙනවා වගේම...
ReplyDeleteකාලයත් සමග අප කෙමෙන් වියපත් වෙද්දීත් වයසට නොයන ආදරේ ගැන ලියුව සත්‍ය කතාවක පරමාදර්ශී සටහනක් කියා කියන්නම් අයියේ....
ඈස්වහක් කටවහක් නෑ... මේ සොඳුරු කතාව කියවද්දී කඳුලු ආවා... ජයෙන් ජයම වේවා මේ සොඳුරු දෙපළට සහ පවුලටම !!!!
ඔන්න එහෙනම් මමත් ඔය දෙන්නට සුබ පතනවා. ඒ වගේම නිදුක් නිරෝගි සුව ලැබෙන්න කියලාත් පතනවා.
ReplyDeleteඔන්න අපිත් සුභ මෙවුවා එකක් වේවා කිවුවා
ReplyDeleteපට්ටම පට්ටයි තිස්ස අයියා.. කියන්න වදන් නෑ..
ReplyDeleteඉතිං ඉතිං, මෙච්චර දවස් කොහෙද වහං වෙලා හිටියෙ..?? අපි උන්නා ෆුල් බිසී වෙන්ටැති කියලා..
මගෙනුත් සුභ පැතුම්! තිස්ස අයියට.. සිංඳුවට වඩා අයියගෙ ලිපිය ලස්සනයි..
ReplyDeleteඔන්න තිස්ස අයියා මාත් සුබ පැතුවා. තවත් බොහෝ කාලයක් ජීවත් වෙද්දී ඔබේ කැදැල්ලේ ඇති ආදරය, සොඳුරු බව තව තවත් වැඩිවේවා... සිංදුවත් අහලා බලමුකෝ...
ReplyDeleteසුබ පැතුම්. ඔබ ඇයට දුන් ත්‍යාගය නම් මිල කළ නොහැකියි කියලයි මට හිතෙන්නේ.
ReplyDeleteමැණික්
සුභම සුභ පැතුම් තිස්සයියා...!!
ReplyDeleteසිංදුවත් පට්ටයි... මම මේ බාන ගමන්...
ජය වේවා...!!
ප.ලි - පරක්කු වුනා ටසොරි වෙන්න ඕන...
තිස්ස, සුබ ම සුබ ඇනි-යක්.
ReplyDeleteමාත් මාසෙකට විතර කලින් ඔය වගේ හැඟීම් ගොඩකින් ඔහොම දවසක් සැමරුවා.
පහුවෙලා මේ පැත්තේ ආවත්...අක්කගෙයි අයියගෙයි ජීවිතේට මගෙනුත් සුභ පැතුම්....
ReplyDeleteතිස්ස මහත්තයා, කාලෙකට පස්සෙ බ්ලොග් එක පැත්තට ආවෙ ඔයාගෙ පෝස්ට් එකක් තියෙනවද කියලා බලන්නමයි කියලා මම කිව්වොත් ඒක විස්වාස කරනවද? ඒත් ඒ ආපු ගමනට තේරුමක් ලැබුණා වගේ දැනුණා. බොහොම ස්තුතියි.(යන ගමන් බිඟු අයියයි වත් අක්කයි හසිත මල්ලිවයිත් බලාගෙනම යන්න ඕනේ.) :)
ReplyDeleteජීවිතේ කොච්චර සුන්දරද.....ඔව්,අපි එහි කිමිදී නැහැවෙමු.
ReplyDeleteAr u a membr of RCU? '88 Batch?
ReplyDeleteයකෝ, මෙන්න මම ඊලඟට විචාරය දාන් හිටපු සින්දුව තිස්ස අයියා දාල! කමක් නැහැ, ඒ වුණාට. මේක ගති සින්දුවක්. මේක අහන කොට අපි ඉස්සර කියන්නේ "කණේ වැලි" කියල. පුදුම මිහිරි තනුවක්. අපි පාසලේදී ඩෙස් වලට තඩි බබා මේ සින්දුව කියනවා. සන්තුෂ් මේ සින්දුව ලස්සනට බටහිර ආරයට ගායනා කරනවා ඒ දවස් වල. ඔබ ආයෙත් මාව අවුරුදු 20ක අතීතයට අරන් ගියා.
ReplyDeleteආ ඒ වගේම සුබ පැතුම්!