නෙත් සඟලින් කියාපන්කො....

"අපේ පරම්පරාවේ නම් දිගටම පුරුදු පුහුණුවීම් කරගෙන ආ සංගීතඥයෝ ඉඳලා නෑ.." 
කථාව පටන් ගැනෙන්නේ එහෙමය..

"1960 තමා මම ඉන්දියාවට ගියේ... ඒ කාලයේ ඉන්දියාවට යන්න වීසා ඕනෙත් නෑ... ඉස්සෙල්ලම ගමේ කනම්පැල්ලේ මහා විද්‍යාලයට ගියා... බද්‍යුදීන් මහමුද් විදුහල්පතිකම දාරපු කොස්ගම සුමේධ විද්‍යාලයට ඊලඟට ගියා... ඊට පස්සේ හංවැල්ල ශාන්ත ජෝන් බොස්කෝ එකට, අන්තිමේ හොරණ ශ්‍රීපාලියට... ශ්‍රීපාලියට මුල්ගල තියල තියෙන්නේ 1820 1934 රබීන්ද්‍රනාත් තාගෝර් මහත්තයා... විල්මට් පෙරේරා මහත්තයගේ නෝනා ශාන්ති නිකේතනයේ ඉගෙන ගන්න කාලේ විල්ම්ට් පෙරේරා ඉන්දියාවට යන එනගමන් තමා තාගෝර් තුමා එක්ක හිතවත් කමක් ඇතිවෙලා මෙහෙත් ශාන්ති නිකේතනය වාගේ ආයතනයක් පිහිටුවන්ට ඕනැයි කියන අදහස ඇවිල්ල තියෙන්නේ..." දැන් අප කථා නායකයාගේ වයස ගැන අනුමානයක් ඔබට ඇති කරගත හැකිය.


"ලයනල් එදිරිසිංහ, අනංගලාල් අතුකෝරාල, සූර්‍යශංකර් මොල්ලිගොඩ, චිත්‍රසේන, පණී භාරත වාගේ දැවැන්තයෝ මම යන කාලේ කාලේ ශ්‍රීපාලියේ ගුරු මණ්ඩලයේ හිටියා... විල්මට් පෙරේරා මහත්තයා තාගෝර්තුමාගෙන් කල ඉල්ලීමක් පිට එයාලා සෞන්දර්‍ය අධ්‍යාපනය හදාරන්න ඉන්දියාවට ගිහිල්ලා තමා ආපහු ඇවිත් ශ්‍රීපාලියට සම්බන්ධ වෙලා තිබුණේ... ගෙදරින් දොස්තර කෙනෙක් වෙන්න කියලා විද්‍යා විෂයයන් හදාරන්න කීවට මම ඒ මග අතහැරලා කලාවට බැස්සා..."

"බොහොම මුලදී ශ්‍රීපාලියේ සෞන්දර්‍ය විෂයට ගුරුවරු නැති නිසා ශාන්ති නිකේතනයෙන් ගුරුවරු ආවා තාගෝර්තුමා හරහා.. ගායන විෂයට වී. වී. වසල්වාර, නැටුම් වලට ශාන්තිදේව ගෝරිස් පඩිවරයා, චිත්‍ර වලට නන්දලාල් ගෝස්ගේ ගෝලයෙක් වාගේ පිරිස ආවා... මෙයාලා තාගෝර්තුමාගේ නෘත්‍ය නාටක (ඩ්‍රාමා) මෙහේ කරන්න ගත්තා.. පස්සේ මම ඉගෙන ගන්න කාලේ  හිටපු ගුරුවරු ඒවා සිංහලෙන් කරන්න ගත්තා... සාමා, චිත්‍රාංගනා, නයනානන්ද වාගේ ඒවා... මේවායේ ගීත ගායනා කරන්නත් මට අවස්ථාවක් ලැබුණා... ලංකාවේ ඒ කාලේ තිබ්බ ලොකුම විභාග තමා ලංකා ගාන්ධර්ව සභා විභාග... ලයනල් ඒදිරිසිංහ, ඩන්ස්ටන් සිල්වා, බී. එස්. විජේරත්න වාගේ මහත්තුරු තමා ඒවා මෙහෙයෙව්වේ... ඔය අතරේ රජයේ සංගීත විද්‍යාලයත් බිහිවෙනවා 1952 විතර... ඔහොම යනකොට ඔන්න 1957 විතර ගුරු තනතුරු ගැසට් කලාම ඒකට ඉල්ලුම් කරල මට පත්වීමක් ලබෙනවා කුරුනෑගල වෑබඩ මහා විද්‍යාලයට සංගීත උපදේශක හැටියට..."



"මේ වෙලාවේ සෞන්දර්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂක වුනු මකුළොලුව මහත්තයා රජයේ වාදක මණ්ඩලයක් ස්ථාපනය කරනවා... නිවාඩු මාසයක් හම්බවුණු ගමන් මකුලොලුව මහත්තය රෝයල් එකේ හරි ලුම්බිණියේ හරි ගුරුවරුන්ව ගෙන්නවගෙන පුරුදු කරවනවා ඒ මාසෙම... නිවාඩු කාලේ අපට මේ ඉගැන්වීම්, පුහුණුවීම් නිසා ගෙදර යන්නත් ලැබුනෙ නෑ... මොකද මාව තෝරාගෙන හිටියා සිතාර් වාදකයා හැටියට... මාව කොළඹට ලඟ ඉස්කෝලෙකට, කැළණියේ ධර්මාලෝකෙට මාරු කරවල ගත්තා 1959 දි විතර ඔය වැඩේට පහසුවෙන්න, මකුළොලුව මහත්තයම... සතිස්චන්ද්‍ර එදිරිසිංහ අටේ පන්තියේ වගේ හිටියේ ඒ ඉස්කෝලේ, එයාගෙ මල්ලිත් හිටියා පහල පන්තියක, දැන් ඔය මේ සින්දු කියන්නේ... ඉතින් මකුළොලුව මහත්තයා ඒ කාලේ මහාභිනිෂ්ක්‍රමණය, ගොයම් දා මගුල වගේ ගොඩක් ගීත නාටක හදල අපි ලව්වා පුරුදු කෙරෙව්වා..."

"මේ කථා අතර ඉතින් ලස්සන ලස්සන කතන්දර මැද තියනවා... ඒවා නැතුව මම මේ යන්නේ හරිද....? මේ පුහුණුවීම් යන අතරේ මකුළොලුව මහත්තය රෑ දහයට එකොළහට විතර කඩං පනිනව අපි පුහුණු වීම් කරනවද බලන්න.. ඔහොම ඉන්න අතර තමා මම 1960දී ශාන්ති නිකේතනේට යන්නේ... හැට හතරවෙනකොට එතැන ඉගනීම් ඉවර කරලා ලක්නව්, භාත්ඛන්ඩේ ගියා... ලක්නව් යන්න කලින් ශාන්තිනිකේතනයේදී ගායන, වාදන, නැටුම් ඒ කියන්නේ ඔය කතකලි, මනිපුරි වගේ එව්වා, සිතාර්, එස්රාජ්, ඔව්වා ඔක්කොම කලා... ලක්නව් වල සංගීත විශාරද, ගායන විශාරද කරල ඉවර කලා... හැට අටවෙන වෙනකොට අලහබාද් විශ්වවිද්‍යාලයට ගියා ඊට පස්සේ සංගීත හා වාදන ප්‍රභාකර් කරන්න... ඔය උපාධි පහ හයක් අරගෙන තමා මම හැට නමේදි විතර ලංකාවට ආවේ... එනකොට පොල්ගොල්ල ගුරු විද්‍යාලයටයි පත්වීම ලැබිල තිබුණේ... ඒත් විල්මට් පෙරේරා මහත්තයා 'පිස්සු නැතුව ඔයා ඇවිල්ලා ශ්‍රීපාලිය භාරගන්න' කීවා... එහෙමයි ඒකේ විදුහල්පති වුණේ..."


විල්මට් පෙරේරා මහත්තය මට මෙහෙම යෝජනාවක් කලා මම ලක්නව් ඉන්න කාලේ 'මේ ලංකාවේ ඉන්න දුප්පත් කට්ටියට භාත්ඛන්ඩේ යන්න බැරි නිසා මෙහේ බැරිද අපේ අයට ශාඛාවක් පිහිටුවන්න..?' කියල.. මම මේ ඉල්ලීම ඒ කාලෙම එහේ බෝඩ් එකට ලිපියකින් ඉදිරිපත් කලා... බෝඩ් එකේ හිටියේ රතනජංකර් පඬිතුමා, ගෝවින්ද නාරායන් නාඩු පඬිතුමා ඇතුළු කිහිපදෙනෙක්... කොහොම හරි මේක අනුමත වුණා... මම ලංකාවට එනකොට ඒ අනුමැතිය අරන් ඇවිත් විල්මට් පෙරේරා මහත්තයට දුන්නා 'ඔන්න සර් මම වැඩේ කලා..' කියලා... 1970 අපි මෙහෙම ශ්‍රීපාලියේ පිහිටුවාපු ආයතනය විවෘත කරන්න නාඩු පඬිතුමාත් ලංකාවට ආවා...


"ඔය අතරෙදි 1974 විතර රජයේ සංගීත විද්‍යාලය කැළණිය විශ්ව විද්‍යාලයේ සෞන්දර්‍ය ආයතනය බවට පත්වෙනවා... මාව ඒකේ අංශාධිපති කරලා ගත්තා ඒක මම ඒකට ඉල්ලුම් පත්‍රයක් දැම්මම... සංගීත, නැටුම්, චිත්‍ර අංශ තුනේම අංශාධිපති... 78දී විතර ශ්‍රීපාලිය හොරණ මණ්ඩපය බවට පත්වෙනවා... ඒකෙත් පරිපාලනය මට පැවරුණා..."

"ඔය අතරේ හරි අපූරු වැඩත් වුණා... කටුබැද්ද විශ්වවිද්‍යාලයේ වයිස්චාන්සලර් අපේ සාකච්ඡාවකදී මගේ ඇහුවා 'ප්‍රොෆෙසර් මේ ලමයි ටිකක් හීලෑ කරන්න සංගීතය පාවිච්චි කරන්න බැරිද කියල...' අපි මේ වැඩේ අවුරුදු හතරක් විතර ලමයි එකතු කරගෙන කලා ඉංග්‍රීසි බාසාවෙන්.. පරාභව සූත්‍රය, මහා මංගල සූත්‍රය වාගේ එව්වා පාදක කරගෙන මම යම් යම් නිර්මාණ කලා... අපි හැට දෙන්නෙක්ගේ විතර ඔකෙස්ට්‍රා එකකුත් හැදුවා..."


"අපි මේ භාත්ඛන්ඩේ ආයතනය පිහිටුවල මුල් කාලෙ වෙනකොට ඉස්කෝලවලට සංගීත අංශයෙන් ප්‍රවීනතා තිබ්බ ගුරුවරු නැති නිසා සාමාන්‍ය පෙල දක්වා සුදුසුකම් පසුබස්සවන්න වෙලා තිබ්බා අමාත්‍යාංශයට... අද වෙනකොට භාත්ඛන්ඩේ ආයතන දහයක් විතර පිහිටුවල තියනව ලංකාවේ... දැන් සංගීත ගුරු පුරප්පාඩු නැති තරම්... අපේ ආයතනයෙන් විතරක් අපි දහසය දාහකටත් වැඩියෙන් ගුරු පුරප්පාඩු මේ වෙනකොට පුරවල තියනවා... මම තමා මේ වෙනකොට ලංකාවේ සංගීත විභාග පාලක... ලංකාවේ මේ භාත්ඛන්ඩයේ සංගීත පද්ධතිය ව්‍යාප්ත කරන්න කල සේවය නිසා මාව ඉන්දියානු පරීක්ෂකවරයෙක් විදිහටත් බඳවා ගත්තා... ඒකට තව හේතුත් තිබ්බා...මට ඉන්දියානු බාසා අටක් විතර කථා කරන්න පුලුවන්... තාගෝර් සංගීතය හදාරනකොට කොහොමත් බෙංගාලි බාසාව එහෙම ඉගෙන නොගෙන බෑ..."

"මම 1952 ඉඳන්ම වාගේ මම ලියාපුම ගීත කීවා... හැත්තෑගනන් වල තමා ඩෝල්ටන් අල්විස්ලා, සේකරලා වගේ අය ලියාපු ගීත කියන්න ගත්තේ.... මම පොත් ලියන කාලේ පාන්දර වෙනල් සෝදුපත් බැලීමේ වැඩ කරනවා... මෙහෙම නිදි මරලා වාහනේ එලවලා දවසක් අනතුරකටත් මූණ පෑවා.. ඒ අනතුරෙන් පස්සේ මගේ හඬේ තිබ්බ 'මිහිරි බව' පොඩියක් අඩුවුණා... දැන් මගේ හඬ ටිකක් වැඩියි... ටිකක් උඩ තලයක තමා මට කියැවෙන්නේ..."


"මේ ලංකාවට අපි කල දේවල් ගොඩක් ලොකු පිංකම් පුතා... ලොකු දේවල් විතරක් නෙමේ කුඩා මට්ටමිනුත් අපි වැඩ කරල තියනවා...ඒකාලේ ශ්‍රීපාලියේ හිටියා මාසික ගාස්තුව වෙන රුපියල් පහ ගෙවාගන්න බැරි අය හිටියා... ඒ අයට අප ගානේ අපි ඉගැන්නුවා... අද ලංකාවේ ප්‍රසිද්ධ ගායිකාවන්ට ඒකාලේ ශිෂ්‍යාවන්ව ඉන්න කාලේ මම මාසික ප්‍රවේශපත්‍ර පවා අරන්දීලා තියනවා බස් එකේ යන්න... අනෙක් කාරණේ තමා මේ කලාවේ ව්‍යවහාරයේ ඉන්න ඕනෑ... රවි ශංකර්ට මාසයක් සිතාර් ගැහුවේ නැත්නම් එයාට වුණත් අඩුපාඩු වෙනවා..."


අප කථානායක ප්‍රේමදාස මුදුන්කොටුව මහතා කලාභූෂණ සම්මානයෙන් සම්භාවනාවට පාත්‍රවෙද්දී කියැවුණු හේතුපාඨයෙන් කොටසක් සටහන් කරමින් මේ සටහන නිමා කරමි.

"විශ්ව විද්‍යාල ආචාර්‍යවරයෙකු වශයෙන්ද විශිෂ්ට සේවයක නිරතව බරණැස හින්දු විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති හා සංගීතපති උපාධි හිමිකර ගනිමින් කල්කටා විශ්ව විද්‍යාලයෙන් ආචාර්‍ය උපාධියෙන්ද පිදුම් ලැබීය. මේ අනුව ලංකාවේ සංගීත ක්ෂේත්‍රයට මෙන්ම විශ්ව විද්‍යාල අධ්‍යාපනයට අදාලව අතිවිශිෂ්ට මෙහෙවරක යෙදෙමින් සුවහසක් ඇදුරන්ගේ හා සිසුන්ගේ සම්භාවනීය ආචාර්‍යවරයා වශයෙන් නිර්වචනය කළ හැකි පරිද්දෙන් ගෞරවාදරයට පාත්‍රවෙමින් ලාංකේය සංගීත කලාවේ යුග පුරුෂයෙකු ලෙස සම්භාවනාවට පාත්‍රවිය."



නෙත් සඟලින් කියාපන්කො
අනේ නෑනො කියාපන්කො
මට නොකිව්ව ලස්සන ගීතේ

මම කොහොමද එය කියන්නෙ
හිතේ කවුද කවි ලියන්නෙ
මලේ රුවට මල වට දුන්
බඹර විලාපේ... 
බඹර විලාපේ...

හිත පාළුයි නෙත පාළුයි
මට පාළුයි කියාපන්කො
නෙත් සඟළින් නොකිව්ව ගීතේ
මට නොකිව්ව ලස්සන ගීතේ

කනේ තෝඩු කරේ මාල
ඉණවට සළු සේල නැතිව
පැලේ පිළේ තනියම ඉඳ
මම කොහොමද එය කියන්නෙ

මා නොකිව්ව ලස්සන ගීතේ
මට නොකිව්ව ලස්සන ගීතේ

54 comments :

  1. බොහොම ස්තුතියි තිස්ස අයියා..

    ReplyDelete
    Replies
    1. දිරි ගැන්වීමට ස්තූතියි චතුර මල්ලී...

      Delete
  2. ඔබනම් ගීත පුස්ථකාලයක්. මා කොච්චර කාලයක් මේ ගීතය හෙව්වද? අනේ මන්ද ස්තූති කරන්න වචන නැහැ.

    ReplyDelete
    Replies
    1. සුදසිංහ මහත්තය මේක දිගින් දිගටම සෙවීම මම දැක්කා..
      මේ ලිපිය ලියන්න ආසන්නම හේතුවත් ඒකයි - ඔබටත් ස්තූතියි එනිසා
      මුදුන්කොටුව මහත්තය ලඟ එයා කියූ එක ගීයකවත් පිටපත් නෑ..
      මේ ගීයත් සොයාගත්තේ වෙන මාර්ගයකින්..

      Delete
  3. බොහොම රසවත් විස්තරයක් . මේ ගීතය බොහොම කලකින් අහන්න ලැබුනේ නෑ .

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගිම්! ඔබත් මේ පැත්තේ ටික කලෙකින් :-)

      Delete
  4. [මේ ලංකාවට අපි කල දේවල් ගොඩක් ලොකු පිංකම් පුතා...] මෙවැනි ගීත දායාද කිරීම ම ජාතියට දෙසවන් , ඇසීම දීම වැනිය. තිස්ස මහතාණෙනි ඔබට පින් !

    ReplyDelete
    Replies
    1. මේ මහත්තුරු අදටත් බොහොම කරුණාවන්ත අය..
      එතුමා ලියාපු පොතක් එතුමගෙ අත්සනින් සරසල මට දුන්නා...

      ප්‍රතිපත්ති සැලසුම් සාදන තැන්වල ලඟින්ම තබාගත යුතු අය යැයිද සිතේ...

      Delete
  5. කරුණාකර මෙම ගීත බාගත කර ගැනීමට හැකි මගක් දක්වන්න.

    ReplyDelete
    Replies
    1. මම ඔබට පණිවිඩයක් ලබා දෙන්නම්

      Delete
    2. @ Aruna Ranawaka

      ඔබ Internet Download Manager මෘදුකාංගය ඔබේ පරිගණකයේ ස්ථාපිත කරගෙන තිබෙනවානම් මේ පිටුවෙන්ම එය බාගත කරන්න පුළුවන්.

      Delete
  6. මුදුන්කොටුව මහත්තයා කරපු සේවය ඉතා වටිනවා. ස්තුතියි

    ReplyDelete
    Replies
    1. තමන්ගෙ වැඩක් කරාගෙන නිස්සබ්දව ඉන්න අය අතරේ මේ මහත්තේලා යෝධයෝ නේද දේශ්?

      Delete
  7. Excellent work Tissa. The pioneering work of Mr Mudunkotuwa laid the foundation for generations that followed. It is a pity that he was more successful as an educator than as a musician. Let’s don’t forget the work of Mr Wilmot Perera, a MP of the first parliament (as an independent socialist), who invested his own money and time to create a Sri Lankan Shanthi Nikethana.

    ReplyDelete
    Replies
    1. ඔබ මෙය සංක්ෂිප්තව විස්තර කලා...
      විල්මට් පෙරේරා ගැනත් රටේ මිනිස්සු කථා වෙනව අඩුයි..
      දැන් ජිජැක් ලා ඉන්නවානේ වනන්න...

      Delete
  8. නියමයි තිස්ස අයියා.

    ReplyDelete
    Replies
    1. මං ඉතින් මේ උපන් හැටිනේ මල්ලී ;-)

      Delete
  9. ප්‍රේමදාස මුදුන්කොටුව යන නම අහලා තිබුණත් ඔහු ගැන මෙච්චර විස්තරයක්. අයියෝ ඒ ගීතය මෙච්චරකල් අහන්න නොලැබුනේ කොහොමද? බොහෝම ස්තූතියි හද ගී පොත..

    ReplyDelete
    Replies
    1. මුදුන්කොටුව මහත්තේලාගෙන් යස්ටිය ගත්තු ඈයෝ කල හරිය නිසා තමයි ඉතින් කමී!

      Delete
  10. Lovely old song . . . and also the story about a great person.

    ReplyDelete
    Replies
    1. ආකාස කුසුම්ටනම් මෙව්වෑ පද නිකම් අතැඹුලක් සේ මතක ඇති

      Delete
  11. රටක් වටින කොමළ සිනාවෙන් මා හා සිනාසුනා
    කාගෙ කවුරුදෝ නොදනිමි ඒ සියුමැලියා..! :D

    ReplyDelete
    Replies
    1. හෂිතට පියසිරි විජේරත්න මහත්තයගෙ සින්දුවක් මතක්වුණේ කුමාරි බෝතොට මහත්මියගෙ තරුණකාලේ පින්තූරේ දැකලා වෙන්ටෑති නේද?

      Delete
  12. මම නම් කවදාවත් අහල නැති සිංදුවක්. මේ අපුරු මිනිසා ගැනත් කවදාවත් අහල තිබුනේ නෑ.. බොහොම ස්තුතියි තිස්ස අයියේ මේ විස්තර වලට...

    ReplyDelete
    Replies
    1. ඇයි කිරි අප්පේ අර "සඳ තරු මල් මට දන් දුන්" කියනා සමිතා නෝනාගේ මව් පිය දෙපල නෙවෑ මේ!!!
      ඔය පින්තුරේ ඉන්නා කුමාරි බෝතොටගේ කපාපු පලුව නෙවෑ සමිතා නෝනා...

      Delete
  13. ඉතිහාසයක් එක මිටට . බොහොම ස්තුතියි තිස්ස අය්යාට. මම නම් ගීතය අහල තියෙනවා. හැබැයි කාලෙකට ඉස්සර. නමුත් මෙතුමා ගැන නම් මෙපමණක් කොහොමත්ම දැන සිටියේ නැහැ. අගෙයි

    ReplyDelete
    Replies
    1. මේ ගීතය ගැන මට හිතෙන්නේ සරල නමුත් හොඳ තේරුමක් තියෙන වග. තරුණියකගේ ආදරය ඉල්ලන තරුණයාට ඇය දෙන්නේ යස පිළිතුරක්. ආලය සම්පුර්ණයෙන් ලබන්න නම් නිසි ලෙස මනාලියක කොට කැන්දන් යා යුතු බව. වෙන වචන වලින් කියනව නම් කෙල්ල ස්මාර්ට්. :D

      ලාංකීය සිනමා සංරක්ෂණයේ දී ති.නා. සේම අනාගතයේ පැරණි ගී සංරක්ෂණය කල බවට ති.දො. අනාගත පරපුර විසින් මතක තබා ගනු ඇත.

      Delete
    2. සහතික ඇත්ත.
      හැබැයි ති.දො. ඒ මුළකුරු ගෙඩි අකුරෙන් හැම රූප රාමුවක දාලා නිර්මාණ රසවිඳීමට බාධා කරන එකක් නම් නෑ!

      Delete
    3. ඔබ දෙපලම වචන නාස්ති නොකරන උදවිය නිසා මේ ස්තුතිය සතුටින් භාර ගනිමි.

      ඒත් මේ සංරක්ෂණ කටයුතු වලට අදාල සංගීත ඥාණයත්, තාක්ෂණික ඥාණයත් නැති ඌනතාවෙන් මම පෙලෙනවා. ලකිඳු පීරිස්, ඉසුරු උදයංග, ආචාර්‍ය නිමල් රත්නායක, පොලොන්නරුවේ ජයන්ත අමරතුංග වැනි අය සංරක්ෂණ කටයුත්ත වඩා හොඳින් කරන හා අවබෝධයක් ඇති අය. මම කරන්නේ අවධානයට ලක්නොවුණු හොඳ ගීත හා ඒවායේ නිමැවුම් කරුවන් අවධානයට ලක්කිරීමට උත්සාහයක්. එයින් රසිකයන්ගේ ගී රස වින්දනය [රසිකලොජි කීවත් හරි අලුත් පන්නෙට :-) ] මුවහත් වෙනවනම් ඒක අමතරව ලැබෙන ලොකු වාසියක්. කෙනෙක් මෙතන කමෙන්ට් කිරීම වැදගත් වන්නේ ඒ නිසා. ඒ සියල්ල සද් භාවයෙන් මට මේ වැඩේට උදව් කරන අය හැටියටයි මම භාරගන්නේ. ඊට අමතරව බුරතීනො, දුෂාන්, වගේ අය මේ වැඩේ ටිකෙන් ටික හරි තවත් ඉහල මට්ටමකට ගන්න නිරතුරුවම මා හා සංවාදයේ යෙදෙනවා. ඒ වගේම තමන් දන්න තොරතුරු මා හා නොමසුරුව බෙදාහදාගෙන මේ නිමැවුම් කරුවන් සොයායන්න උදව් කරන සුජාතා අතලගේ මහත්මිය, දොස්තර චාන්දනී වගේ සහෘදයන්ටත් මේ එක්කම මගේ ස්තුතිය.
      ප්‍රතිලාභය මූල්‍යමය නොවන නිසා දොඹගෙඩි අකුරින් ති.දො. දාන්න දැනට නම් වුවමනාවක් නෑ රසික. වැලේ වැල් නැතිවෙච්චි කාලෙක ඒත් අපත් එතෙන්ට තල්ලු වෙයිද මන්දා :-)

      Delete
  14. මේ ගීතය ගුවන්විදුලිය ඔස්සේ බොහෝ වාර ගණනක් අහන්න තරම් ඒකාලේ අපි වාසනාවන්ත වුණා. ඒ විතරක් නෙවෙයි. මෙතුමා සමග පවත්වන ලද සජීවී සංවාදත් මා ගුවන්විදුලියෙන් අසා තිබෙනවා. අද වගේ තමයි එදත්. විවිධ ගුරුකුල අතර ගැටුම් නිසා ගහගන්න අකමැති මෙතුමා වැනි අය පැත්තකට වුණා.

    ReplyDelete
    Replies
    1. මුදුන්කොටුව මහත්තයගෙ මේ ඉගෙනීමේ පිපාසය නම් අසාමාන්‍යයි.
      ඉන්දියාවේ යම් යම් අධ්‍යාපන ආයතන වල ඉන්න කාලේ යම් යම් සමිති සමාගම් වල තතුරුත් දැරුවලු. ඒ වගේ කාලෙක ඉන්දියාවේ ගතකරන ජීවිතය කොපමණ ගැහැට වලින් සමන්විත වෙන්න ඇද්ද? ඒවා ගැන වගක්වත් නෑ ඒ මහත්තයට. අදටත් එතුමා හිතන්නෙ ඉස්සරහට කල යුතු යම් යම් කාරිය ගැනයි.

      Delete
  15. මට හිතෙන්නෙ සමිතාට කොච්චර දුරක් යන්න තිබුණාද කියල මේක කියෙව්වම තිස්ස..

    ReplyDelete
    Replies
    1. කෙටියෙන් කිව්වත් සරත් මහත්තය වෙනම දොරක් විවෘත කලා
      ඉන්දියාවේ යම් යම් දක්ෂතා සුරැකෙන්නේ දරු මුණුපුරන් හරහා
      අපේ රටේ කලාකරුවන්ගේ දූ පුතුන් යන්නේ ඔවුන්ට රුචි මං පෙත් වල මිසක දෙමව්පිය ආරෙටම නොවේ.
      විවාහය ගැන වුණත් එහෙමයි. කොපමණ අනුවේදණීය ඉන්දීය ප්‍රේම කථා තිබුණත් අද වුනත් ඉන්දියාවේ වැඩිමනක් තරුණ තරුණියෝ සහකරු / සහකාරිය කරගන්නේ දෙමව්පියන් සොයාදෙන කෙනෙක්.
      අපේ මිනිස්සු ස්වාධීන වීම ගැන සතුටක් තිබ්බත් මැලවී යන සිප් සතර ගැන නම් ඇත්තේ දුකක්!

      Delete
  16. අසා නැති විස්තරයක් වගේම අසා නැති අපුරු සිංදුවක්...
    මේ දේවල් කොහොම හොයා ගන්නවද කියන එකත් විමසිය යුතු දෙයක්.

    පෝස්ට් එකට අදාළ නැති උනත් පෝස්ට් එකේ දෙවෙනියට තියෙන පින්තුරේ මම හිතන්නේ දැන් අවුරුදු 50 ක් 60ක් පරණ ඇති, ඒ කාලේ පෙට්ටි කැමරාවෙන් ෆොටෝ ගහල Dark Room වල ලැගගෙන නෙගටිව් සුද්ධ කරලා, Touch-up කරලා, වොට් 100 ද කොහෙද බල්බ් එකේ එළියෙන් තත්පර ගාන ගැනලා ගහපු ෆොටෝ කිට්ටුවටවත් තියන්න බැහැ අද කාලේ ගහන කළුසුදු ෆොටෝ.

    ඒ දෙවෙනි ෆොටෝ එකේ පුදුම ජීවමාන ගතියක් තියෙනවා. හරියට 3-D වගේ.

    ReplyDelete
    Replies
    1. ලංකාව කුඩා රටක්. මාධ්‍ය ආයතන නිස්සර දේවලට වියදම් කරන මුදල් කන්දරාව බැලුවහම එයින් දහයෙන් පංගුවක් යොදා ඔවුනටත් මේ වැඩේ අපූරුවට කල හැකි ලොකූ.

      ඔය පින්තූරේ මම ගත්තේ එතුමගේ කලාගාරයක් බඳු නිවසේ තබා ඇති රාමුකල පින්තූරයකින්. පින්තුරය රාමුවෙන් ගලවා මට පින්තූරයක් ගන්න උදව් කරන්න හැදුවත් මම තිබුණ විදිහටම ගත්තා. ඔබ කියන එක සම්පූර්ණ ඇත්තක්. මොකද මේ වේගන යන්නේ තාක්ෂණික දියුනුව කිය කියා ලොකූ? නිර්මාණ වල ප්‍රමිතිය බාලවීමද එහෙම නැත්නම් 'කොස්ට් ඉෆෙසක්ටිවිටි' 'සස්ටේනබිලිටි' 'ප්‍රිසවේෂන් ඔෆ් රිසෝසස්' කිය කිය කොයි දේවලත් තිරිත්තුවක් නැතිව යාමද??

      Delete
  17. ඇයි මම දාපු කමෙන්ට් එක පේන්න නැත්තේ?

    මේව මෙයාල කොහොම මතක තියාගන්නවද මන්දා... මම කියන්නෙ එතුමාගෙ අධ්‍යාපනයේ පටන් තොරතුරු ඕව දින වකවානු එක්ක ඔයා එක්ක කියාගෙන කියාගෙන ගියාද අයියා? පොත් පත්තර උදව් කරගෙන හිට හිට කිව්වද? කෙටියෙන් ඇහුවොත් මේ සම්මුඛ සාකච්ඡාවට කොච්චර වෙලා ගියාද?

    (මම සමහර දාට ඔෆිස් එද්දි සරමක් පමණක් ඇදන් පාරෙ ඉන්නවා දැකල තියේ මෙතුමා... සරලකම කොපමණ වටීද මිනිහෙකුට.. )

    ReplyDelete
    Replies
    1. ආන්න ඒක තමා වැඩේ තනෝජා නගේ!!!
      හාමුදුරු කෙනෙක් බණක් කියන්නැහෙ කිසි පැටලිල්ලක් නැතිවම කියාගෙන ගියා
      සම්බන්ධ අවස්ථා ආහම එතෙන්ට අදාල පින්තූරේ ලඟට එක්කන් ගිහින් ඒකත් පෙන්නනවා...
      මගේ වීඩියෝව පෑ දෙකහමාරක් තියේ...
      මේ කථා කල හැම කලාකරුවෙක්ගෙම අඩු වැඩි වශයෙන් මතකය එහෙමයි
      මේ උදවිය ගාවට ගිහාම මාව මටම නොසෑහෙන්න පොඩියට පේන්න ගන්නවා....

      Delete
  18. එතුමා ගැන මේ තරම් විස්තරයක් දැන ගත්තේ තිස්ස අයියාගෙනුයි.මෙතුමා සමිතා මුදුන්කොටුව මහත්මියගේ තාත්තා බව දැනගෙන හිටියා.ඊට අමතරව මෙතුමා ලංකාවේ පළමු සංගීත විශාරදවරයා කියා අසා තිබෙනවා.

    මේ ගීතයත් පළමු වරටයි දුටුවේ.

    ReplyDelete
    Replies
    1. ඒ කාරණා නිවැරදියි මනෝජ් මල්ලී
      ස්තූතියි මේ පැත්තේ ආවට

      Delete
  19. කාලෙකින් මේ පැත්තෙ ආවෙ.. පරණ post ටිකත් කියවන්න ඕන..වටිනා ලිපියක්.. මෙතුමා ගැන රෑ ඉරපානෙදි ද කොහෙද කියැවුනා වගේ මතකයි..සමිතා කුඩා අවදියෙදිම විශාරද වුනත් ඇයට ලොකු ගමනක් යන්න තිබුණා මීට වඩා

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නම් මම මේ බැලුවේ මක්කා වෙලාදෝ කියා

      සමිතා ගැන විතරක් නෙමේ ගොඩාක් අයට අමාරුකම්ම තමා දියුණුවට මග පාදන්නෙ
      ජීවිතේ සුව/සැප දායක වුනහම ඉදින් කිසිවක් අලුතින් සිතෙන්නෙ නෑ නේද?

      Delete
  20. මෙතුමාගේ දක්ශතා අනූව සමිතා දුව වෙලත් මෙතුමාගෙ අහලකටවත් යන්න බැරි උනා,,පත්තරේකින් මෙතුමා ගැන අහලා තියනවා,,එක පාරක් අහම්බෙන් මේ සින්ද්වත් අහලා තියනවා,,ස්තූතී තිස්ස අයියේ සටහනට

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්... දෙමාපිය දක්ෂකම් දරුවන්ට එනවා අඩුයි ලංකාවේ...
      මොකක් හරි සංස්කෘතික හේතුවක් තියේ මේකට...

      Delete
  21. අගේ ඇති ගීතයක් සේ ම අගේ ඇති සටහනක්... නිර්මාණ ශිල්පියෙකු හෝ සංගීතඥයෙකු ගේ නිර්මාණ දිවිය පිළිබඳව සටහන් තබන්නෝ එයින් නොනැවතී ප්‍රේක්ෂකයාට කිසිම අදාලත්වයක් නොමැති පෞද්ගලික තොරතුරු වලට මුල් තැන දෙන මෙවන් යුගයක ඔබේ සටහන අතිවිශිෂ්ටයි...මුදුන්කොටුව මහතාගේ නිර්මාණ දිවිය, ඔහු සිංහල සංගීතයට කළ මහඟු මෙහෙවර චිත්‍රපටියක රූප රාමු සේ ඔබේ වදන් හරහා ඇස් ඉදිරිපිට දිගහැරුණා...
    ඒ චිත්‍රපටියේ ප්‍රධාන පසුබිම් ගීතය ගැන විස්තර කිරීමට නම්.......
    "මම කොහොමද එය කියන්නෙ
    හිතේ කවුද කවි ලියන්නෙ........................"
    හිතේ ඇතිවුණු හැඟුම් මෙසේ කෙටි කරමි.....
    ආශ්වාදජනකයි....අති සුන්දරයි........අති විශිෂ්ටයි....!!
    ස්තූතියි...ඔබට පිං..!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඩිනලී... ඔබ අපි එකතුවෙලා වෙබ් පහුරු ගාලා තොරතුරු සොයන මාධ්‍ය ආයතනවලට කරුණු සපයමු!

      Delete
  22. ගොඩක් වටින විස්තරයක්. මේ නම දැනන් හිටියට විස්තර දැනන් හිටියෙ නැහැ. මේ වගේ තොරතරු අපිට කියවන්න සැලස්සුවට බොහොම ස්තුතියි ඔබතුමාට.
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මල්ලී.
      මම දැන් ඒ පැත්තේ එන කෙනෙක් :-)

      Delete
  23. Excellent piece of work and love this old song..keep writing

    ReplyDelete
    Replies
    1. ඔබ මේවාට කැමති වග දන්නවා :-)

      Delete
  24. සිංදුව කියන ගෑනු ලමයා කවුද? එයාගේ පින්තූරේ රාණි මුඛර්ජි වගේ ගතියක් තියෙනවා...:)

    ReplyDelete
    Replies
    1. නිල වෙදකමත් දන්නව වගේ ;-)

      ඔය ඉන්නෙ කුමාරි බෝතොට මහත්මිය - සමිතා මුදුන්කොටුවගේ දයාබර මෑණියෝ - එයාම තමා ඒ සිංදුව කියන්නෙත්

      Delete
  25. ගීය මසුරන් .දුවට පෙනුම එන්නේ කාගෙන්ද කියලා පෙනේ . මට මතකයි සමිතා මුලින් ගී ගයන්න ආ කළ හරි හැඩයි ඈ .

    ReplyDelete

 
Blogger Wordpress Gadgets