ආයුබෝවන්...

කලක ඉඳල තිබිච්ච ආසාවක්...
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයට ස්තූති වෙන්න ඕනෑ ආසාව කුලුගන්වන්න උදව් දුන්නට...


ඉස්සර අපේ රසවිඳීමේ ප්‍රධාන මාධ්‍යය තමයි රේඩියෝව... ඊලඟට කියවන්න අහුවෙන ඕනෑම දෙයක්... සංකීර්ණ නොවෙච්ච සරල රසවින්දනයේ ඉඳලා ඉහල මට්ටමේ රසවිඳීමකට අපව ගේන්න ඒකාලෙ... ඒ කියන්නේ 70 ව දශකයේ.... ගුවන් විදුලිය සමත් උනා... නාලිකා කීයද තිබ්බේ...? එක වරක් අපේ වියත් කලාකරුවෙකු වන ලූෂන් බුලත්සිංහලගෙන් මනුස්සයෙක් ප්‍රස්නයක් ඇහුවා... "මහන්සි වෙලා ගෙදර එන අපට, ඔබේ ටෙලි නිර්මාණ අපට තේරුම් ගන්න බැහැනේ" කියලා... ඒකට ලූෂන් දුන්නු උත්තරය... "ඔබට මහන්සි නම් ටෙලි නට්‍ය බලන්න එපා... සිංදුවක් අහන්න" කියලා... සම්පූර්න ඇත්ත... හිතට දුකක් කරදරයක්, සතුටක් උනත්, දැනුනම, ඒ ආවේගය පිලිවෙලකට පිටකරගන්න පුලුවන් , ඒ කියන්නේ ගංවතුරක් නොවී, ලස්සන දිය ඇල්ලක්, දොළ පාරක් වෙන්න, පුලුවන් ක්‍රමයක් තමයි, ගී රස වින්දනය...


ලංකාවෙත් දැනට කොච්චර නම් ගීත බිහිවෙලා තියනවද...? දැන් දැන් කොච්චර නාලිකා තියනවද... නමුත් එකම ගීත සෙට් එක නේද නිතරම ඇහෙන්නේ... ලස්සන සංවේදී පසුබිම් කතාවල් එක්ක ගැට ගැහුණු, ලස්සන ගීත බොහෝමයක් දැන් අහෙන්නේම නෑති තරම්...


මගෙ අරමුණ ඒ නිතරම නො ඇහෙන ගීත පදවැල් අනෙක් අයත් එක්ක බෙදාගන්න... ජීවිතේ එක්ක යහමින් හැප්පුනු අය, ජීවිතේ මූණදෙන්න සිදුවෙන හැඟීම් වල සංකීර්ණ ස්වභාවය හොඳින් දන්නවා...දෙන්නෙක් අතර ඇතිවන ප්‍රේමයේම කොච්චර ප්‍රභේද තියනවද...


හිමින් සැරේ ඒ මුතු මාලයකට අමුණන්නම්... මට උදවු කරන්න...

[මේ අඩවියේ ගී වලින් වැඩිමනත් ප්‍රමාණයක් මියුරු ගී වෙබ් අඩවියෙන් ලබාගන්නා ලද ඒවා වේ. සොයාගැනීමට නොහැකි ගී විශාල ප්‍රමාණයක් ඒක රාශී කර ඇති ඒ අඩවියට මාගේ ගෞරව පූර්වක ස්තුතිය]

11 comments :

  1. onna mage subapathum..... ohomama yamu idiriyata

    ReplyDelete
  2. ඉතාම අගය කළ යුතු ප්‍රයත්නයක්. අපෙ සුභ පැතුම් !!!

    ශ්‍රි ලාංකීය සංගීතයෙ මොනතරම් ප්‍රභේද තිබුනත් ඒ හැම ආරකම උසස් රස වින්දනයක් ලැබිය හැකි ගීත තියෙනවා. ශස්ත්‍රීය, නාට්‍ය ගී, පොප්, බයිලා, කැලිප්සෝ හා වෙනත් විවිධ ගී බොහොමයක් තියෙනවා, සිත නිවන, සිත් පහන් කරන සහ සිත් ප්‍රබෝධමත් කරන. අවාසනවකට වගේ මේ ගීත අද අපෙ මාධ්‍යයන්ගෙන් ප්‍රචාරය වෙනවා අඩුයි. ඉතින් ඒ නිසා මේ උත්සාහය ඉතාම වටිනවා.

    ReplyDelete
  3. මචන් තිස්ස,

    උඹට ස්තුතියි.. කරගෙන පලයන් දිගටම..

    අද රේඩියෝ , ටීවී වල තියෙන සින්දු අහන්න බැහැ. අද තියෙන්නෙ සින්දු නෙවෙයි , අමුතුම බිස්නස් එකක්.
    ට්‍රැක් එක.....විශුවල්... ඇල්බම් එක රිලීස් කරනවා......හිට් වෙනවා... ....

    මගෙ පුද්ගලික කැමැත්ත මචන් වචන දෙක තුනක් තියෙන පරන සිම්පල් සින්දු...

    මර්වින්, ක්ලැරන්ස් (ඒ දවස් වල ප්‍රබුද්ද කට්ටියට තුප්පහි සින්දු කියපු ) .....

    ගමෙන් ලියුමක් ඇවිල්ලා..
    අක්කගෙන් වාගේ..
    මොකක් කියලාද දන්නැ..
    එහෙ ගියෙත් නැහැනේ..

    ගෙදර අය සතුටින් සිටින්නේ
    මල්ලි දැකගන්නයි
    කාලෙකින් මෙහෙ ආවෙනැත්තේ
    වැඩත් වැඩි වෙන්නැයි
    ලගදි එනවානම් හොදයි
    නිවාඩුව දැන් දැන් ලගයි..

    පහල කුඹුරේ නිල් ගොයම් දැන්
    හරිම සරු සාරයි
    වැසි වැටී වැව් ලිං පිරීලා
    හරිම සිරියාවයි
    තවත් ආරන්චී ගොඩයි
    ලියන්නට ලැජ්ජයි....

    අවුරුදු ගානකින් ඇහුනෙ නැහැ.. පුලුවන් නම් මෙකෙ දාපන්.

    මංජුල

    ReplyDelete
  4. බොහොම පිං මචෝ ලිරික්ස් වලට... ඉක්මනටම අප්ලෝඩ් කරන්නම්... උඹේ අදහස් එක්ක මම සියයට සියයක් එකඟයි...

    ReplyDelete
  5. Machan Tissa,
    Mamaht hitanne , meka ithama vishishta ganaye hekiyawak saha watina samaja sewayak.
    Apage subapethum,,,,,,,,,,,,,,
    support Loriyak Bannan!!!!!!!!

    ReplyDelete
  6. මගෙන් සුභ පැතුම් අයියා.....!!!

    ලස්සනයි සින්දු ටික......
    හරිම නිර්මාණශීලි අදහස් එකතුවක්....

    ReplyDelete
  7. ස්තූතියි නංගා... මම දන්නවා ඔය දෙන්නටත් සහෘද හදවත් තියන බව...

    ReplyDelete
  8. කාලෝ අයංතේ.....
    නියම කාලය ඇවිත්....
    කාලයේ නියම අවැසි බවට උඹ හොදින් උර දීලා. අගය කලයුතු ප්‍රයත්නයක් අගය කරන්නට පමා වීම කාලය පිළිඹද ප්‍රශ්ණයක් මිසක අගය පිළිඹද ප්‍රශ්ණයක් නොවන බව උඹ පසක් කරගන්න බවට හිතේ කුකුසක් තියගන්නේ නැහැ මම.
    උඹ මෙහි අමුණන හැම ගී පද වැලකම පුදුම සුපුරුදු බවක් මටත් තියෙන්නේ.
    ඒ හැම ගීතයකම පදවැල් වැඩි ආයාසයකින් තොරවම මටත් මිමිනෙන්නේ නොදැනුවත්වමයි. ඒ අපි එකම කාලයක එකට හැදිච්ච හොද මිතුරන් නිසාම වෙන්න ඇති.
    ඒ සුන්දර අතීතෙ සිහිනෙන් ගෑ සුවදක් වගේ කියලා මට හිතුනේ වරක් දෙවරක් නෙමේ. පොල් වත්තේ නැත්නම් ගල් වලේ....ක්‍රිකට් පිත්තෙන් පන්දු වලට වැරෙන් තලමින්..පිළිමළුන් සමග ගැටෙමින් ලෝක කුසලානයක් දිනන්නට මෙන්...ටෙනිස් බෝල දෙකක ඔට්ටුවකට තරග කල හැටි.. ගීතයකින් දෙකකින් දිනුම සමරපු හැටි....
    ඒ සුන්දර අතීතය තාමත් මට මතකයි. මගේ අහිංසක දරු පැටවුන්ටත් නැත්තෙත් අපට තිබූ ඒ සුන්දර ළමා වියම තමයි. ඒ ගැනනම් මගේ හිතේ තියෙන්නේ සියුම් වේදනවක්.
    කොහොම උනත් උඹ මේ අත ගහලා තියෙන්නේ පිලිල වලින් වැහිලා තියෙන ගහක පිලිල අයින් කරලා ගහ මතු කරගන්නවා වගේ වැදගත් දෙයකට. මේ සුන්දර අරුත් බර ගීත රැකගන්න එක අපෙන් වියයුතු වගකීමක්. මොකද ඒ තුලින් අපි අසීමිත වින්දනයක් ලබපු නිසා. ඒක උඹෙන් උනත් මගෙන් උනා වගේම තමයි. මට ඒකෙ වෙනසක් නැහැ. ඒ සතුට එක වගේමයි.

    ReplyDelete
  9. ෂහ්... පොතක් කියෙව්වා වාගෙයි...අම්මපා මම දැනන් හිටියේ නෑ ඇත්තටම... උඹට මෙච්චර හොඳින් ලියන්න පුළුවන් කියලා... මක් කරන්න්නද රවී...ලංකාවේ ඉඳලත් මගේ දරුවන්ට ඒ ලෝකය අහිමියි...දුක් ගන්න කාරි නෑ... දවසක් එයි... බලාපොරොත්තු දල්වාගෙන ඉමු එතකල් ....

    ReplyDelete
  10. තිස්ස තිස්ස බිය නොවන්න... ඔබගේ මේ උත්සාහය අනාගත ලෝකය මහත් ආදරයෙන් වැළඳ ගෙන ඇත... නොඇසෙන ඉපැරණි ගී සඳහා ඔබ ලියන පූර්විකා සහ ඔබ යොදන පින්තූර අනාගත වැසියන්ගේ සිත් සතන් දැනුමෙන් සහ අවබෝධයෙන් පුබුදුවාලීමට සමත් වී ඇත... "මූ මේවා කොහෙන් හොයා ගන්නවා දැයි" ඔවුන් තැන තැන කසු කසු ගාමීන් මේ මොහොතේදී ද ඔබේ නිර්මාණ අගය කරමින් සිටිති... නොබෝ දිනකින් ඔබ කරනා මේ සේවය උදෙසා ඔබට අනාගත රටවැසියන්ගේ උපහාර ලැබෙනු ඇත.. නොපැකිළව ලියන්න තිස්සය...


    ටක ටකාං ජිහ් බිහ් ටැං ටීන්.. අනාගතයෙන් පැමිණි පාඨකයාගේ කාල යානය අතුරුදන් වෙයි...

    තිරය වැසෙයි

    ReplyDelete
  11. හෙහ් හෙහ් හෙහ් පැතුම් මල්ලී ඒක සිරාම සිරා..!!!

    උඹ කොහොමත් ටයිම් ට්‍රැවල් වලට කැමතියි නෙව :-)

    ReplyDelete

 
Blogger Wordpress Gadgets