ජන සේනා...!

ජන ජන ජන සේනා
ජය ගොස එන්නා
රණ ගී මැද්දේ පෙරට ගලන්නා
ගොවි කම්කරු ගංගා... ගංගා... ගංගා...
ජන ජන ජන සේනා....

තප්පර පැය වී ගතවෙන දවසේ
වැඩපල වල ගොවි බිම්වල වෙහෙසී
සටන් පෙරමුණේ ඩා බිඳු වගුරා
ජය ගී මැද්දේ පෙරට ගලන්නා
ගොවි කම්කරු ගංගා... ගංගා.... ගංගා...

හෙට දවසක සුභ නිමිති දකින්නේ
තෙරපෙන දෑසක සතුට දකින්නේ
නොරටක දේ ගැන නැහැ වෙහෙසෙන්නේ
අහේනියක් නැත එළඹෙන්නේ....

ජන ජන ජන සේනා
ජය ගොස එන්නා
රණ ගී මැද්දේ පෙරට ගලන්නා
ගොවි කම්කරු ගංගා... ගංගා... ගංගා...
ජන ජන ජන සේනා......


22 comments :


  1. අපේ ලාංකේය ටෙලිවිෂන් ඉතිහාසයේ විකාශය වූ මුල්ම සිංහල ගීතය මෙය බව සඳහන් කරන්නේ නිහතමානී අාඩම්බරයකිනි. එ් නොබැඳි ජාතීන්ගේ සමුලුව වෙනුවෙන්. තිස්ස දොඩංගොඩ සොහොයුරාට ස්තුතියි මා ලඟ නැති මේ ගීතය මට සොයා දුන්නාට.
    ප්‍රියානන්ද විජේසුන්දර

    ReplyDelete
    Replies
    1. හප්පා ගීයේ නිර්මාතෲම කමෙන්ට් එකක් දාපු පළමු වතාව...
      ඔව් මේක ඩී ඩී ගූණසෙනයන් වෙනම කිව්වට මේ මුල් සමූහ ගීය වාගෙ ඔද තෙද ආවෙ නෑ....
      ඔබතුමාට බොහොම ස්තූතියි මේ පැත්තට ආවාට..

      Delete
    2. Many thanks Tissa. Listening to this song took me back years to a bygone era. I faintly recall it being played on Sinhala Swadeshiya Sevaya (as it was known then). This is the perfect balm for the soul of someone who is living far away from Homeland. I hope Mr Wijesundara will visit this heavenly corner of Cyberspace, where we find our roots, whenever he can and enrich the discourse.

      Delete
    3. thanks for the nice comment...
      yes I think Sri Lanka has not appreciated Mr. Priyananda well enough...
      I am pushing him for a while to publish his work for new generations...
      He seems be occupied by other work but yet...

      Delete
    4. Apologies for posting something unrelated but I just wanted to alert you and other faithful followers to something interesting. I chanced upon an Irish Folk song called “Johnny I hardly knew ye” which is said to be 250 years old at https://www.youtube.com/watch?v=wFUTHcjiZGo&list=PL6Gl5saQ8SO7P7EcAKX9-z_gDocFafssj&index=11 which has a reference to Ceylon at the end - “I'm happy for to see ya home From the isle of Ceylon”. How on earth the Irish got to know about the fair Isle of Ceylon, I cannot fathom. Wouldn’t it be ideal if we can collect references to Ceylon/Sri Lanka in different genres of music.

      Delete
    5. that is a lovely song...
      "Wouldn’t it be ideal if we can collect references to Ceylon/Sri Lanka in different genres of music?" Hell yeah..!
      I need a pre-retirement :-( !!!
      There is so much to look into...

      Delete
  2. Replies
    1. ඔබටත් ස්තූතියි මේ පැත්තෙ ආවාට

      Delete
  3. රතුපාටිංම දාල තියෙන්නෙ.

    ReplyDelete
  4. ස්තූතියි තිස්ස මහත්මයා මේ ගී අපට අහන්න ගෙනාවාට.
    ඔබගේ අමුතු සින්දු යටතේ ඇති ගීත වල ලින්ක් වැඩ නොකරන නිසා ඒවා යාවත්කාලීන කරන්න.

    ReplyDelete
    Replies
    1. මේ නොමිලේ දෙන අඩවි වලට උඩුගත කරන කොට ඔන්න හිටිගමන් එයාලා ඒ නොමිලේ බව අහෝසි කරනවා.. දැන් දෙපාරක් මේ වැඩේ වුණා... මගෙම සර්වර් එකක් හදාගන්න කල් මේ ප්‍රස්නෙ තියෙනවා... සමාවෙන්න...

      Delete
  5. මැයි දිනය හා වත්මන් ම-ඇයි දිනයක වෙනස.

    පදපෙල ජීවමාන වෙන දිනයක් උදාවුනොත්...

    ReplyDelete
  6. අපූරුයි! මම ඒත් බැලුව ගෝල්ෆේස් ගැනවත් ද කියල සිංදුවෙන් කියවෙන්නේ.. හැක්.

    ReplyDelete
    Replies
    1. ;-) මේක 1970 ගනන්වල ගීයක්
      ගීයෙහි රචකයාම උඩම කමෙන්ට් කර තියෙනවා...

      Delete
  7. ලස්සන පින්තූරෙ. ඒකාලෙ අක්කරයට කීදෙනෙක් පුරවන්න පුලුවන්ද? හෙල්ල ඇනෙන නිසා අඩු ඇති

    ReplyDelete
    Replies
    1. :-D
      හොඳ වෙලාවට ඒකාලෙ අක්කර තිබ්බෙ නැහැල්ලු :-)
      චිත්‍රෙ හඟුරන්කෙත විෂ්ණු දේවාලෙ දේව අංගම් පැතිකඩේ එනඑකක් -
      සෙනරත් දිසානායක මහත්තයගෙ 'දියතිලක නුවර' ග්‍රන්ථයෙන් ගත්තෙ

      Delete
  8. අහපු ගමන් හරි පුරුදු බවක් දැනුනා... පස්සෙ මතක් උනේ..
    අසි අසි අසි.. අසිපත අතගත් අසරුව සෝරෝ.. සෝරෝ.. සෝරෝ..
    කියල කාටුන් එකක තේමා ගීයකුත් තිබුන නෙ.ඒක නම් තනිකරම මේ ගීය උඩ මයි හදල තියෙන්නෙ.
    ජයවේවා..!!

    ReplyDelete
  9. ඔහ් එහෙමද?
    අහලා බලන්න ඕන එහෙමනම් ඒකත්
    මේක කේමදාස මහත්තයගෙ තනුවක් - කොපි කරන්න මැලි වෙන්නෙ නෑ කවුරුත් :-)

    ReplyDelete
  10. පරක්කුවෙලා නොවැ දැක්කේ හැබැට ..............

    මට මේක මගහැරිලා ගිහින් .....

    කවරයේ කථාව ක් නම් මග‍නොහරි යැයි සිතනවා ඊලග සැරේ

    ගීතය නම් පංකාදුයි ..... කේමදාසයන් හැර තව කී දෙනෙකු සිටීද මේ ආකෘතියේ සංගීත රටාවට ...........

    ස්තුතියි තිස්ස ....

    ReplyDelete
  11. " මුල් සමූහ ගීයේ ඔද තෙද.. " කියල අදහස් දැක්වීමක් තියෙනව. අපි කුඩා කාලෙ ගුවන් විදුලියේ සමූහ ගායනා කියන වැඩසටහන පටන් ගන්නකොටම අපි තුන්දෙනා "අපෝ" කියනවා. ඇත්තෙන්ම අපේ අක්කලා දෙන්නගෙ ප්‍රතිචාර මට ඊට සම්බන්ධ වෙන්න තරම් හයියක් නැති වයසේ එතකොටත්. සමූහ ගී, අත්වැල් ගායනා ඒවයෙන් ගම්ය වෙන දේවල් ගීතයට ගීතයේ අර්ථයට දෙන උදව් යම් තරමකට තේරුම් යද්දී අව්රුදු 40ක් 50ක් විතර ගෙවිල ඉවරයි. සමූහ ගීයක ප්‍රතිලාභ තිස්සගේ ඒ කෙටි අදහස් දැක්වීම ඇතුළෙ තියනවා.

    ReplyDelete

 
Blogger Wordpress Gadgets