ජපනුන් සමග රාජකාරී කිරිමෙන් බොහෝ දේ උගත හැක... මා ඔවුන් ගෙන් උගත් වැදගත් දෙයක් නම් විවේච්නයට හා වාදයට ඇති නොකැමැත්තයි... ආයතනයේ දෙපාර්තමේන්තුවක නම් අංශ ප්‍රධානියාගේ අණ අවසාන තීරණයමය.... ආයතනයේ සාමාන්‍යාධිකාරීවරයාගේ අණ අංශ ප්‍රධානීන්ගේ විවේචනයට භාජනය වෙනවා මා දැක නැති තරම්මය, මගේ මේ සේවා කාලය තුල.... කුඩා කණ්ඩායමක් පවා අණ පිලිපදින හේවායන් සමූහයක් මෙන් කලින් තීරණය කල අරමුණු සාක්ෂාත් කරගැනීම පිණිස වෙහෙස වෙයි... ලංකාවේ රාජ්‍ය සේවයේ යම් අංසයක් භාරව කටයුතු කල කාලය මට නිතැතින්ම මතක් වෙයි... යම් තීරණයක් ප්‍රකාශයට පත් කල දා සිට ඒ තීරණයේ නිරවද්‍යතාවය කෙතරම් වුවත් තීරණය ක්‍රියාත්මක කිරීම පසෙක ලා ඒ විවේචනය කරන්නවුන්ගේ කල්ලි ගැසීම් ඇරඹේ... කාලයත් සම්පතුත් අපතේ හරිමින් මේ කියාවලිය දීර්ඝ කලක් තුල සිදුවේ... අදාල කාරියට අත්දකීම් ඇත්තන්ගේ විවේචන සැබැවින්ම තීරණ ඔපමට්ටම් කිරීමෙහිලා ප්‍රයෝජනවත් වේ... නමුත් එක් මසක් පමණක් සේවය කලවුනුත්, බරක් නැති වචන වලින් පාලනාධිකාරීන් මට්‍ටු කරන්නට සැරසෙන විට නිතැතින්ම මුවඟ සිනහා නැඟේ....
මේ විවේචන ක්‍රියාවලිය ඔද්දල් වූවිට එය පවුල් ජීවිතය තුලටද හෙමින් සීරුවේ රිංගා යනු මා දැක ඇත්තෙමි... ජීවිත අත්දකීම් පොතපතින් ලබා ගත නොහැකි බව මම තරයේ විශ්වාස කරමි.... පවුල්ජීවිතයට මුහුණ දිය යුත්තේ විවෘත මණසකිනි... අනෙකා තේරුම් ගැණීම පසෙක ලා තමා තමාම තේරුම් ගැණීමම යහපත් පවුල් ජීවිතයකට අඩි තාලම වන්නේමය... බොහෝ ගැහැණුන් පිරිමින් නිතරම් සිතන්නේ තමා අනෙකාව හෝ අනෙකා තමාව තේරුම් ගැනීම පවුල් ජීවිතයේ හරයය කියාය... මා තුල ඇත්තේ තරමක් වෙනස් අදහසකි... අපි යම් මානසික හෝ නීතිමය පදනමකින් බැඳුනාවූවෙමු.... ඒ බැඳීම යම් මිහිරි බවක් ජීවිතයට එකතු කලානම් ඒ වෙනුවෙන් ඉන් මත්තෙහි ඇතිවන සිත් රිදවීම් කරදර කම් කටොලු සියලු දේ ඉවසීමම දීර්ඝ කාලින සන්තුෂ්ටියට හේතුවන බව මම අදහමි... අත්දැකද ඇත්තෙමි... වරකුත් කියූ පරිදි වහා ඇවිලෙන සුලු හයිඩ්‍රජන් හා ඔක්සිජන් ගුණ ඇසුරෙන් ඒ දෙක සංයෝග වී සැදුනු ජලයෙහි ගුණ නිර්වචනය කිරීමට ඉක්මන් නොවෙමි....
තිබූ අනේක ආර්ථික අවහිරතා හමුවේ, බොහෝ පමාවී තිබූ, ලොකු දරුවා වෙනුවෙන් දළදා හාමුදුරුවන්ට වී තුබූ භාරයක් ඔප්පු කරන්නට මහනුවරට දුම්රියෙන් ගොස් ආ ගමන මට සිහිපත් වේ... දරුවාට ගමන් මහන්සියට අසුන මතම නින්ද ගොසිනි... ඇයද ආහාර සූදානම් කරන්නට පාන්දරින්ම නැගිටි නිසාත් ගමන් මහන්සිය නිසාත් තෙහෙට්‍ටුවෙනි... ඇ මගේ උරිස මත හිස තබා ගත්තාය... මට අප පෙම්වතුන් ලෙස මෙලෙස ගතකල කාලය මතක් විණි... මම අගේ මුහුණ දෙස හොඳින් බැලීමි.... දුම්රිය බිංගෙයකට අතුලුවිණි....
"හොරා........!!!"
සිනාසුණෙමි මම, අවිහිංසක ඈ කෝල බැලුම් හෙලුවාය......
ජීවිතය ඔබෙන් දැන, ආදරයෙන් සිඹ...
ළඟ ම තබාගෙන, මුතු කැටයක් ලෙස...
මේ කුළකින් රිංගන, තරු එළියක් ලෙස...
මිහිර විඳින්නම්, ළඳුනි දයාබර...
කාලයක් අයාලේ පාවී ගිය සිත...
ලැගුම් සොයයි, උණුසුමින් කැදැල්ලක...
ආදරය තරම් සුවයක් මිහිමත නැත...
කියා ගයයි දුර ඉඳන් ලිහිණියක...
සාගරය තුරුල්ලේ, යාවී ගං දිය...
විඩා නිවයි, සිඳු රළින් හැඟුම්බර...
ස්නේහයක උපන්, කවියක් කැටතලයක...
ලියා තබමි නුඹ නමින් සනාතන...
සිංදුව අහන්න...
ඕන්නම් බාගන්න...
පසු ලිපි: ගීතයේ නිර්මාතෲන් ගැන
මෙතැනින් කියවන්න