ඔබ දකින්නට කාලෙකට මම මුහුදු වෙරලට එන්නේ නෑ....

"ක‍ටුනායක...!"
මිහිරිම මතකයනුත් අමිහිරිම මතකයනුත් අතර අනිවාර්‍යයෙන්ම ‍රැඳී ඇති නගරය... ලංකාවේ සිටින විට වුව ගෙදරින් බැහැර යාමට මනාපයක් නොදක්වන මට, මේ ගව් ගනනක් දුරු රටක සිරවීමට සිදුවීම කෙතරම් රුදුරුද...? තීරණය අප දෙදෙනා විසින්ම එකල තුබු කාරණා තුලනය කොට අනාගතය වෙනුවෙන් ගත්තකි... කාටවත් දොස් පැවරිය නොහැක... අවුරුදු දෙකකට හෝ අවුරුද්දකට වරක් ගම රට බලා යන්නට වුණු ‍රැකියාවක් විණි නම් මා මෙහි නො එන්නට බොහෝ ඉඩ කඩ තිබුණි...

පොඩි හාදයා සුබ පතන්නවත් වඳින්නවත් ලඟට නාවේය... ඇඳුම් මල්ල සකස් කරන විට "මම මේකට බැහැලා ඔයත් එක්ක එන්නද...?" මගෙන් ඇසී... කෙසේ නම් ඉවසා ඉන්නද...? ඔහුගේ සිත මට තේරේ... හිතේ දුකක් ඇති කරගෙන මට සමු දීමට ඔහු නොකැමතිය... ලොකු හාදයා හිත තද කරගෙන ඉන්න පුරුදු වෙනවා වැනිය... මගේ හිසට ඈ විසින් සිඳ සකස් කෙරූ තැඹිලි තෙල් ඩිංගක් දමා කදිම සම්බාහනයක් ඔහු විසින් යනදා උදේ මා වෙත තිළිණ කරන ලදී... මා ඔහු වැලඳ ගත් විට "පරිස්සමින් ගිහින් එන්න තාත්තේ..." කියන්න තරම් දැන් ඔහු මෝරා ඇත... එය සිතට යම් සහනයකි...

"ඔන්න ඉතින් පොරොන්දු වුනා නේද...?"
ඇය තරම් මා දක්ෂ නැත... උගුරෙන් මතුවන ඉකිය මට වලක්වා ගත නොහැක... ඇයගේ ස්වරයද හැඩුම් බරය... ඉමහත් වගකීම් සම්බාරයක් ඈ මත පැටවුනද, මේ දින කිහිපය මා සතුටින් තබන්නට ඈ ගත් මහන්සියට අලගු තබන්නට වත් "සෙනෙහස ගැන සිතා, මද්දහනේ ගොස්, කර ලන්නට ගෙනා රිදී පොටට" කිසිසේත් නොහැකිය...

ලංකාවට පා තබා නිවසට ගොඩවූ සැණින් මා පිලිගන්නට ආ ඇයව, වැලඳ ලයට තුරුලු කර නිමේශයක් දෙකක්, අප එදා ගත් තීරණය නිවැරදි දයි මෙනෙහි කළෙමි...
"පව් අප්පා..."
මා අසාමාන්‍ය වේලාවක් එලෙස ගතකර ඇති බව මට මට එවෙලෙහි අවබෝධ වුනේ ඇගේ ඒ වදනත් සමගය...

ඉක්මණින්ම මේ යාම් ඊම් වලට සමුදිය යුතුය... මරණය මීලඟ මොහොතේ වුව අපකරා ලඟාවිය හැක... එහෙත්...

දුකිනි තනිවම ඉවත යන්නේ... මගේ ගම රට හැරදමා....
හරිම ආසයි යන්න ඇත්නම්... තවත් සැරයක් ඔබ බලා....
මාගේ රන්කඳ පිය ලඳේ... කාලෙකට මම එන්නේ නෑ...
ඔබ දකින්නට කාලෙකට මම... මුහුදු වෙරලට එන්නේ නෑ....

සුදට සුදු පෙණ සෙමර සලමින්...වෙරළ සිප එන හැටි පෙනේ....
මුහුදු රළ පෙළ බොලඳ මියුලැස... ඔබට මුතු මාලා ගෙනේ...
මාගේ රසවති සඳවතී....කාලෙකට මම එන්නේ නෑ...
ඔබ දකින්නට කාලෙකට මම... මුහුදු වෙරලට එන්නේ නෑ....

සුමුදු පාණී ඔබේ අත ගෙන... බඹර ‍රැව් පෙම් ගී ගයා...
යොවුන් මල්බර වසන්තයෙ ඔබෙ... නමට බැන්දෙමි රස සොයා...
මාගෙ සිරි ළියේ පෙම් ලියේ... කාලෙකට මම එන්නේ නෑ...
කාලෙකට මම ඔබ දකින්නට මුහුදු වෙරළට එන්නේ නෑ...

ලඳේ මේකයි කදෝකෙමි නිල්.. පබලු ඉහිරෙන රසික කාලය....
මගේ මුලු ළය මඬල නලවන... ගීතවත් වුනු උමතු ආලය...
මාගේ පබසර රසවතී... කාලෙකට මම එන්නේ නෑ...
ඔබ දකින්නට කාලෙකට මම මුහුදු වෙරළට එන්නේ නෑ...

සින්දුව අහන්න... ඕන්නම් බාගන්න...
Read More!

උඩට උඩු වියන් පාවඩ පයට අතුරලා...

මගේ යුග දිවියට වසර දහතුනක් අද සපිරෙනවා... මගේ කුලුඳුල් ප්‍රේමයට වසර විස්සක් පිරුනෙත් මේ මාසෙමයි... ඇයට යම් තිලිණයක් දෙන්න මට උවමනාව තිබුනා... ඇයව විස්මයට පත් කරන්න උවමනාව තිබුනත් එයට වඩා ඇයගේ කැමත්ත අනුවම යමක් ‍තෝරා ගන්න ඉඩ දෙන්න මට හිතුනා... ඊයේ ටවුමට යන විදිහට දෙන්නත් එක්කම එලියට බැස්සට, මගදී සියලුම සැලසුම් වෙනස් කොට හිමින් සීරුවේ ඇයව තැනකට එක්කන් ගියා...නැත්නම් කවදාවත් කරන්න ඉඩ දෙන්නේ නෑ... ඇයට රුචි යමක් තොරාගන්න කිව්වා, මංගල මාලය ‍තෝරාගත් දිනයේ වාගේම... නමුත්... ඒ ඇයමයි... අවුරුදු දහතුනකට පස්සෙත්... චාම් අලංකාර මුදුවක් ‍තෝරාගන්න ඇයට ඒ හැටි වෙලාවක් ගියේ නෑ... අදත් එහි මිල මගේ සූදානමෙන් භාගයයි...

අද උදේ ඇයට එය පළඳවා "ස්තූතියි හැමදෙයක් වෙනුවෙන්ම..." තෙත් වූ දෙනෙතින් කීවෙමි...
යුගදිවියක උපරිම සන්තුෂ්ටිය අත් වින්දෙමි...

උඩට උඩු වියන් පාවඩ පයට අතුරලා....
දෙපස මල් යහන් ආසිරි දසත පතුරලා...

නැකත යන සුබයි... ඔහු පෙරට පය තබයි...
ලොවම ජය ලබයි... යන ගමන ඇය සුබයි...
මිහිරි පෙම් කතා රහසින් කනට කොඳුරලා...
සෙනෙහෙ ගඟ ගලයි හදවත් ඉවුරුතල තලා...

සිහිල උණුසුමයි... පැල ඇතුලෙ එක තමයි...
අමිල හදවතයි... අගේ අමිල හදවතයි...
ඔහු පතන සැනසුමයි...ඔහු පතන සැනසුමයි...
තිලිණ කොට පිදූ පිවිතුරු හදවතක් විනා....
නොමැත ඇය සතූ සම්පත් මුතු මැණික් ගෙනා....
මුතු මැණික් ගෙනා...

සින්දුව අහන්න... ඕන්නම් බාගන්න.
Read More!

මා සතුටින් බව ඔබට පෙනේ නම්...

සුනිල් පෙරේරා (ජිප්සීස්) ගායනා කල මියුරු ගීයක් මගේ සවනත වැකුණා මේ නොබෝදා... බොක්ස් ගිටාරයක් පමණක් පාවිච්චි කරමින් රූපවාහිනී වැඩසටහනකට ඔහු මේ ගීය මනරම්ව ගැයුවා... කුමක් හෝ අසා ඇති හුරු පුරුදු බටහිර ගීතයක තනුවක්ද මගේ හිතේ ඡායාවක් සටහන් කර ගියා... දෝරේ ගලා යන ආදරයකින් නහවත්දීත් "ඔබේ සෙනෙහස මට තුබුණත්, නැතත් කම් නැත... මා මගේ මග යන්නනෙමි..." කියනා කෙනෙක් වෙනුවෙන් ගැයුනු ගීයක් ලෙස මට මේ ගීය දැනේ...

මා සතුටින් බව ඔබට පෙනේ නම් එය වැරදියි රත්නේ...
නිතරම කඳුලෙනි මා පසුවන්නේ මට අයිතිය කඳුලයි...

පාලුව තනිකම, මට වද දෙනවිට...
කෙලෙසද ඉවසන්නේ...
කියන්න සොඳුරිය.... කියන්න සොඳුරිය...
ඇයි මට මෙහෙම වුනේ....

මා අමතක කොට, ඔබ ගත් නව මග...
ඔබහට සුව දේ නම්...
කුමක් වුනත් මට ඒ ගැන කම් නැත...
තනිවම මා ඉන්නම්...

සින්දුව අහන්න... ඕන්නම් බාගන්න.

ඡායාරූප ස්තූතිය චමිල වික්‍රමසිංහ සොයුරාට....
Read More!

රත්තරන් කූඩුවේ, ඉන්නෙ රන් කිරිල්ලියේ...

රත්තරන් කූඩුවේ, ඉන්නෙ රන් කිරිල්ලියේ....
දැන් ඔයාගේ දුකට සැපට ඉන්නෙ මං තමයි... ඉන්නෙ මං තමයි....
සුන්දරයි ජීවිතේ ඉන්නෙ රන් විමානයේ...
ඔව් ඔයාගේ දුකට සැපට හිටියෙ මං තමයි....


කුරුලු ජීවිතේ රහා දැන් ඔයාට මතක නෑ....
මේ බලන්න මා සිටින්නේ රන් විමානයේ....
විලඳ මී පැණී අමා... කිරිදියෙන් කවා පොවා....
මේ බලන්න මා සිටින්නේ රන් විමානයේ....


මල් විනෝද බල බලා... ඈත අහසෙ පියඹලා....
ගී ගයන්න යන්න එන්න රන් කිරිල්ලියේ....
විලඳ මී පැණී අමා... කිරිදියෙන් කවා පොවා....
මේ බලන්න මා සිටින්නේ රන් විමානයේ....

සින්දුව අහන්න... ඕන්නම් බාගන්න.
Read More!

අඹරේ අද නැත පුන්සඳ....

"ඕ... අද එන්න පරක්කු වුනා නේ...?, අද ඇප්‍රේසල් එකක් කරන්න තියන හින්ද රෑ වෙනකල්ම ඔ‍ෆිස් එකේ... එපා වෙලා හිටියේ..."
"අයියෝ මේ චූටියාට සනීප නැති වෙලානේ... එයත් එක්කම නින්ද යනකල් ගොඩක් වෙලා ඉන්න වුනා ඇඳටම වෙලා... මොකද අද අනෙක් යාලුවෝ නැද්ද..."
"ඒ මොකද්ද ඒ කතාව... චූටියාට දැන් කොහොමද..."
"හ්ම්ම්... එයාටනම් සනීප වෙයී....."
"මොකද අද හරහටම කථාව... "
" මගේ මොන හරහක් ද... ඒක නෙවෙයි කවදද ඉතින් ගම් පලාතේ යන්නේ...."
"ඇයි මොකටද අහන්නේ....?"
"නෑ ඉතින් ඔයා යන්නේ ඔයාගේ සුදු මැණිකේ බලන්නනේ..."
"ඔව් ඉතින්....?"
"හරි හරි අපෝ මම විහිලුවක් කළේ....මේ අද වැල් වටාරම් ගොඩක් බෑ හරිද... මට ඉස්සරහට නිතර ඔන්ලයින් එන්නත් බැරිවෙයි...."
"එහෙනම් අද මොකද ආවේ...."
"හපෝ.... මොකද ඔය මූලග්ගින්න...?"
"මම ඉතින් එහෙම තමයි..."
"හරි හරි එහෙනම් මම යනවා අදට... ඕන වෙලාවක මට ලියන්නකෝ.... අමනාප නෑනේ...?"
"හ්ම්ම්..."

අඹරේ අද නැත පුන්සඳ.... කෑලි කැපෙන ගනඳුර මැද....
එන්න සොඳුර පාලුව බිඳ පැල් කවි කියමු...
සඳය කියන කොමළ අඟන තරු දරුවන් සමඟ නිදන...
අමාවකේ පොහොය මෙදින පාලුව ඒකයි...
පාලුව ඒකයි....

ඇල් හාලේ බතක් උයා... කිරි හොද්දක් ලිපේ තියා....
මුලුතැන්ගෙයි දොරග තියා එන්න මිහිරියේ....
එන්න මිහිරියේ....
සිරි පොද ටික ටික වැටෙනව... චිරි චිරි චිරි හඬ ඇහෙනව...
සුලඟ කවුලුවෙන් එබෙනවා.... හොඳටම සීතයි...
හොඳටම සීතයි....

ඈත කොවුල් දූතිකාව.... ගයයි ඇගේ ගීතිකාව....
එන්න මගේ රූපිකාව... ඉන්න මා ලඟින්....
ඉන්න මා ලඟින්....
අහස යකින්නියක වගේ... ඈ විදුලිය දත් නියවයි...
ගොරහැඩි ලෙස හෙණ හඬ දෙයි.... හද ගැස්සෙනවා...
හද ගැස්සෙනවා...

සින්දුව අහන්න... ඕන්නම් බාගන්න...
Read More!
 
Blogger Wordpress Gadgets