Showing posts with label ස්වර්ණලතා කවීශ්වර. Show all posts
Showing posts with label ස්වර්ණලතා කවීශ්වර. Show all posts

නැලවිළි ගී පද මා මුමුණන සඳ....


නිමිත්ත:
රූ.... said...
හද ගී පොතේ මෙවන් පිටු කියවද්දී නිබ්බුත පද නිතරම මතක් වෙන්නේ ඇයි?
බිරිඳ සැමියා ගැන දුටු විදිහ ගැන කියන ගීයක පෝස්ටුවකුත් දාන්න තිස්ස..
කථාව ලිවිය යුත්තේ ඔබය....
 

නැලවිළි ගී පද මා මුමුණන සඳ
ඒ ගී පදයට තනුව ගෙනෙන ඔබ
ඔබ සෙවනේ ඉඳ ගයනෙමි ඒ ගීතේ...

නීල නෙතු පියන් මවෙත හෙලන සඳ
ඒ නෙත් යුග තුල සැතපෙන්නෙමි මම
ඔබ නෙත් යුග මට සුව යහනෙකි මිහිරේ...

ඈත ලොවක සිට දෑත වනන සඳ
සිහින කවුලුවෙන් මා වෙත එනු මැන
ඔබ අත් යුග මට සුව යහනෙකි මිහිරේ...


 
 
ඔබ ලියූ පසුවදන... ස්තූතියි දිමුතු...

Dimuthu said...
තිගැස්මෙන් බලාපොරොත්තුවෙන් සහ වදන් කල නොහැකි හැඟීම් ගොන්නකින් පිරී තිබු...ඒ රාත්‍රිය

රාත්‍රිය මට දිගු එකක් කලේ කොන්ද දිගේ වරින් වර නැග ආ වේදනාව........

නිදාගන්නට හිතක්වත් නොමැතිව මගේ දෙපා උකුල උඩ තබා අතගාමින් සිටි නුඹට ඒ රාත්‍රිය දිගු එකක් බවට පත් කලේ කුමක් විය හැකිද??

ඊටත් පැය ගානකට පසු මා රෝහලට අතුල් වූ කල,

ආණ්ඩුවේ ඉස්පිරිතාලයේ රැඳී සිටීමට නොහැකි බව දනිමින්ම
නැවත මා වෙතට පැමිණිය හකි හෝරාව එනතෙක්ම මට පෙනෙන දුරින් සිටගෙනම සිටි අයුරු.....

සූතිකාගරය තුල මා එතෙක් විඳි වේදනාව ක්ශණිකව ප්‍රහර්ශයක් බවට පත් වූ මොහොතේ මට සිහිවුනේ නුඹේ නෙත්යුගයි

ඒ වසර දෙකකට පෙරයි අද.... පුන්චි අලු හාපැටියාද තුරුලුකොට මා අසලින් නිදන පුතු වෙනුවෙන් මා ගයනා ගීතයට,ගීතය නොමතිව වුවද රස විඳිය හැකි මේ සොඳුරු තනුව ලියූවේ නුඹම නොවේද?

Read More!
 
Blogger Wordpress Gadgets