කලින් පෝස්ට් එකේ වුනු සංවාදය මගේ හිත පැහැර ගත්තා...නිර්ණාමික කමෙන්ට් ගැන පොදුවේ මගේ පැහැදීමක් නැතිවුනත්, ඒ තැනැත්තා හැබැයි කවුරු වුනත් යහපත් සංවාදයකට මග පෑදුවා... හිතේ නරකක් නපුරක් නැතිව, මට තේරුණු විදිහට...
සිතින් නොසිතින් හිටියත්, මාලු දැල අදින්නෝ, තම වීරිය අවංකවම දැලේ වරපට මත මුදාලිය යුතුමයි... නැතිනම් සියලු දෙනාගේම අඩු වැඩි වන වීරියත්, කාලයත් අපතේ... කලින් වතාවක කිව්වා වාගේ, මම කිහිප වතාවක මාලු දැල් අදින්න අත් උදව් දීලා තියනවා... ලේසි වැඩක් නෙවෙයි.... රිද්මය නොබිඳිය යුතුයි... නැත්නම් අනෙක් අයගේ ශක්තිය විසින් ඔබව ඉවතට තල්ලු කරනවා... මෙහෙයවන්නාට සවන් දියයුතුයි... නැත්නම් පිටුපසට ඒමත් පැත්තට ඒමත් කල යුත්තේ කොයි වෙලාවේද කියා තේරෙන්නේ නෑ... අවංකව ශක්තිය මුදා හල යුතුයි.... අඩමානෙට අල්ලන් හිටියොත් තමන්ගේම අත කැපෙනවා... අපිත් පුංචි පහේ දැලක් ඇද්දා නේද?
ලක්ෂ්මී පෙරෙරා හා මැතදී අප අතරින් වියෝවූ රෝහිත විජේසූරියන් ගායනා කල මේ මනරම් ගීතය මගේ හිතේ කොණක තැන්පත්ව තිබුණා....
ඈත කඳුවල ගලන දොල බඳ...
ගොලුවෙලා හද ආදරේ...
වසන්තය යලි උදාවනදා...
පතන්නෙමි ඔබේ ආදරේ...
ළහිරු එළියේ කුරුල්ලන්ගේ මියුරු ගී රද ආදරේ...
අපට එක්විය නොහැක එනමුදු සදා නොමියයි ආදරේ...
සැන්දෑ අඳුරේ පුරුදු බටලී රාව මතුකල ආදරේ...
ඇසේ කඳුළැලි සුසුම් අතරින් නිවෙයි හද පිරි ආදරේ...
සින්දුව අහන්න... ඕන්නම් බාගන්න... හිතේ තියන දෙයක් ලියලම යන්න...
