Showing posts with label ඩබ්ලිව් ජයසිරි. Show all posts
Showing posts with label ඩබ්ලිව් ජයසිරි. Show all posts

නිදිකුම්බා මල් කැකුලී....

ඩබ්ලිව් ජයසිරි කියන කලාකරුවා මම හරියටම හඳුනා ගත්තේ, මතක හිටිනම විදිහට, කරන්නාගොඩ අප්පුහාමි ගේ චරිතයෙන්... ඒ තිලක් ජයරත්නගේ කඩුල්ල නාට්‍යයෙන්.... අසාමාන්‍ය කලා හැකියාවන් වලින් පිරුණු කෙනෙක් ඔහු... බඹරු ඇවිත් සිත්තරේට "උදුම්බරා හිනැහෙනවා.... ඉර අවරට හැංගෙනවා...." අදහන්න බැරි ගීය ලියා ඇත්තෙත් ඔහු.... මහ නගරංකාර චරිතයක් වන කරන්නාගොඩ අප්පුහාමි අවසානයේ  සල්ලිය බාගේ තියන මුදලාලිගේ අතකොලුවක් වෙනහැටි අපූරුවට නිරූපණය කරනවා ජයසිරි මහත්තයා.... කඩුල්ල නාට්‍යය නම් කිහිප වතාවක් වත් බැලිය යුතු නාට්‍යයක්....
කොහොම නමුත් ජයසිරි මහත්තයා ලියපු  මේ අපූරු ගීයත් ඔහුගේ ප්‍රතිභාව කදිමට විදහා පාන්නක්....

සුලං හමයි...
ලොව නැලැවෙයි...
නුඹ නිදියයි.... නිසංසලේ..
නිදිකුම්බා මල් කැකුලී...
නිදිකුම්බා මල් කැකුලී...

බිම වැතිරෙයි.. යාය නිදයි...
අතු හැකිලෙයි... පිණි බේරෙයි....
මගේ දුකට නුඹ නාඬන්...
නිදිකුම්බා මල් කැකුලී....

ලොව සසළයි... නුඹ නිසලයි...
ලොව නිසලයි... නුඹ හිනැහෙයි...
මගේ දුකට නුඹ නාඬන්...
නිදි කුම්බා මල් කැකුලී...
සුලං හමයි...
ලොව නැලැවෙයි...
නුඹ නිදියයි.... නිසංසලේ..

ගීය අහන්න... ඔන්නම් බා ගන්න...
Read More!
 
Blogger Wordpress Gadgets