මොනවටද කැලේ මෝටර්....?

මදෑ ඉතින් "දල්වව් බැති ආදර පෙම් - ජාතිය පොබයා ලෝ තුල්" කිය කියා හිටියා. කාලේ තාලෙට හැඩනොගැසෙන්නාට වෙන්නේ අලාභයක්ම කියල ඒකාලේ සිංහල පොතක අන්තිමට වගේ තිබ්බ "හණමිටිය" කවි පන්තියේ උගන්නල තිබ්බ. පොඩි රීමිස් පාරක් දාලා රවීන්ද්‍ර රූපසේන ගයාපු මේ ගීය මේ වැඩේට කදිම ආරම්භයක්. "හෝස්-පවර්" අස්සයො ඇරුණම වෙන සතුන්ගෙනුත් ගන්න පුලුවන් කියල තේරුණේ "විද්‍යාව"ට පින්සිද්ධ වෙන්න. එකෙක් මදිනම් දෙන්නෙක් දාලත් අදින්න පුලුවන් "පවර්" එක වැඩි කරගන්න...

ජහ් මහ් මගෙ වයිර පුතා... 

මේ ගමනට කියපු සතා...
තණකොළ දෙනවා දිය නාවාලා...
වැඩි දුර නෑ හනික යමන්...

මගෙ මේ රේස් කරත්තේ....
මේ පෙරේද ගත්තේ
මේ ගම පැත්තේ
ඒකයි බලා සිටින්නේ.....
ඔය කාර් එක වාගේ වියදම නෑනේ
වයිරා තමයි අදින්නේ....
ජය මගුල් පරස්තා
කොයික වුණාදෙන්
මේකෙන් මගේ ගමන්....

තාර පාරේ වැල්ලේ....
මඩ වගුරේ හෝ
කළුගල් ලෑව පාරේ ඔහේ දුවාවී....
මහ රෑ තිස්සේ  - හෝ වැස්සේ
වයිරා මගේ දුවාවී....
වැඩේට හරියයි මෙය මාගේ
මොනවටද කැලේ මෝටර්....





24 comments :

  1. ඒකනෙ අප්ප. ඔය කාර් වැඩිකළැයි කියල අඬන උදවියට ඔය තියෙන්නෙ ඔප්ෂන්ස්.
    ට්වින් ඇන්ජින් එකක්ම ගන්න පුලුවන්නෙ. හැක්..

    ReplyDelete
    Replies
    1. ඒකනේ ජෙනරල් ලක්ෂරි (GL) ඇන්ඩ් සුපර් ජෙනරල් ලක්ෂරිත් (SGL) තියේ!

      Delete
  2. මේ හින්දි තනුවට මේ පදවැල ලියවී ඇතිබව අමතකව ගොස්‌ තිබුනා තිස්‌ස

    තනුවට වචන යෙදීම තරමක අසිරු කටයුත්තක්‌ යෑයි අසා තිබෙනවා

    මානවසිංහ මහත්තයා රුක්‌මණි දේවි ට ලියලා දුන්න දේ ට වඩා මෙතන වඩාත් තනුවට ගැලපෙන දේ ඇති බවයි පෙන්නේ

    මොකද බරබාගේ තාලයට මේ තනුව වඩාත් සුදුසුයි කියලා හිතෙනවා අර වගේ දේශාභිමානී පදවැලකට වඩා

    ReplyDelete
    Replies
    1. ඔව් "දේකො කම් හේ.." කියන එකට "මං පොඩි කාලේ දැක්කට පස්සේ.." තනුව දැම්ම වගේ... අර්ථය ගැලෙපෙන්නේ ඒ වාගේ යන ඒවට තමා..

      Delete
  3. කවදා කොහේදි මගේ හිතට මුලින්ම ආවද කියලා මට මතක නැති උනත් සතුන් ලවා කුමන හෝ මිනිස් වැඩක් කරවා ගැනීම දකිද්දි ලොකු දුකක් දැනෙනවා මිනිස් සතා ගැන.. ඔය තැන් දෙක මාරු උනොත් ......

    ReplyDelete
    Replies
    1. ඔව් නිතවිහිද ඒත් මිනිස්සුන්ගෙනුත් වැඩගන්නෙ වැටුප්දීල වුණත්...
      තමන්ගෙ දරුවන් වයසක් දෙමව්පියන්ට දාලා යන්නෙ බලාගන්න..
      මිනිහත් කපුටා වාගේ සතෙක්.....

      Delete
    2. ඒක ඇත්ත .. මට අදයි තේරුනේ "නිතවිහිද" කිව්වෙ ඇයි කියල.. එක ලස්සනයි. ස්තුතියි. කපුටා කූඩු හැදුවා වගේ තමා ගොඩක් මිනිස්සුන්ගෙ වැඩ..

      Delete
  4. කොහෙන්ද කොහොමද මේ පරණ සින්දු හොයා ගන්නේ.. මෙහෙම හොයාගන්න පුලුවන් විදිහට ආරක්ෂා වෙලා තියන එකත් පුදුමයි අපේ සිරිලංකාවේ..

    ReplyDelete
    Replies
    1. ඔයා ලංකාවෙද අඟහරු ලෝකෙද? නෙට් එකේ සර්ෆ් කරලා බලනවකො පරණ සිංහල සින්දු කොච්චර තියනවද කියලා.

      Delete
    2. ඔව් නිතවිහිද ගොඩක් අය කරන්නෙ අන්තර්ජාලය කාල් ගගා එක තැනකින් අනෙක් තැනට දාන එකයි...
      ආසාවක් උනන්දුවක් තියන අය කොහෙන් හරි සොයාගන්නවා අර දුර්ලභ කාසි එකතු කරන අය වාගේ!

      Delete
    3. .හින දකින්නි
      ...අවුරුදු 25 කට අධික කාලයක් ඔස්ට්‍රේලියාවේ දිවි ගෙවන ඔයාගේ චූටි මාමාගෙන් (ඒ කිව්වෙ අම්මෙග බාලම මල්ලි ) අපිට ලැබුණු උපදෙස අනුව හොයලා බලන්න

      Delete
  5. මේක ලිවේ ඇයි කියල අපි දන්නවා. නියමයි තිස්ස අය්යා

    ReplyDelete
  6. අපේ පෙදෙසෙ මාගාල වගේ නම් ඇති තැන්වටලට අරුතක් එපැයි. කරත්ත නැතත් සතා නම් රැල පිටින් ඉන්නවා හරියට ගාල් කරලා.

    පහුගිය වැහි සමයේ ඔරුගොඩවත්ත කියන එක තේරුම් කරලා තිබුණා. හලා-වත, ල-තැවිල්ල, පා-නම්-පත්තුව වචන වලටත් ඒ මොඩල් එකේ තෙරුම් නරක නැහැ.
    හැබැයි කොන්ක්‍රිට් කොලම් උස්සලා සිටියට කොලොම්-තොට කියාවි වරද්දන්නේ නැතිව.

    ReplyDelete
    Replies
    1. කදිම සතා - ටිකිරි සුදා
      අපෙ හොඳ ගොන් වස්සා - මේ අපෙ හොඳ ගොන් වස්සා
      බරබාගේ - ඇදලා කරනා අපෙ මුලු පවුලම රක්ෂා!

      Delete
    2. දෙහිවල ඇලන් ඇවනියු එකේ ( යූසී එක පහුවුනාම ) ඉස්සර ගාලුපාරෙ ආව කරත්ත ගාල් කරපු තැන

      Delete
  7. me sinduwa rap eka neda ara "pilli gonaa purudhu karayaa" :P

    ReplyDelete
  8. දින කීපයකට පෙර මඩකලපුවේදී සේබු/බ්‍රාහ්මින් ගොන්නු දෙනෙක් බැඳපු කරත්තයක් දැක්කා, ඔය පින්තූරෙ ඉන්න හරක්ටත් වඩා උසයි උන්. පින්තූරෙ මෙතන දාන්න මං දන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. If you need to add any image or picture in your Blogger comment, we will need to use the tags below BEFORE and AFTER the address of your image:

      [img]your-image-url[/img]

      Delete
  9. මටත් මතක් වුනෙත් දුකා උඩින් කියලා තියෙන "පුල්ලි ගොනා පුරුදු කාරයා"සිංදුවනේ තිස්ස අයියේ,
    කරත්ත පොඩ්ඩක් ප්‍රමෝට් කරලා ගත්තා නම් කාර් ගැන බර බර ගාන්න ඕනෙත් නැහැනේ එහෙනම්.

    ReplyDelete
  10. ඉතාම හොඳින් පැහැදිලි ශ්‍රවණය කළ හැකියි, ගීතය පැරණි එකක් වුවත්. ස්තුතියි.

    ReplyDelete
  11. ස්තුතියි තිස්සයෙනි

    ReplyDelete

 
Blogger Wordpress Gadgets