සමිඳුනි ඔබ සෙවණැල්ලේ
අමා සුවය සදනු මැනවි...
ඔබ නියරැස් ගඟුලැල්ලේ
අමාවතුර සලනු මැනවි...
නටබුන් වී වල්මත් වූ
ඔරු පාවේ භව සයුරේ...
රුවන් නිවන් දිවයින වෙත
නැළවි නැළවි ඇදී ඇදෙයි
තනිවූ ජීවන නෞකා...
ලවණ කඳුලු නදිය ගලා
දෙතොල් තෙමී වියැලෙනවා...
කතර පිපාසයෙන් පෙළී
ගිලන් හැඟුම් හදේ මැවෙයි
ජීවිතයම හඬා වැටෙයි...
෴ වෙසක් පොහෝ දින දිනූ සේක ලොව බුද්ධ දිවාකරයාණෝ ෴
සුභ වෙසක් මංගල්‍යයක් වේවා
ReplyDeleteස්තූතියි ගී පවුර - මව් බිමෙන් දුරස්ව වෙසෙන අපට මෙවන් ප්‍රතිචාර හෘදයාංගමය!
Deleteඅඳුරු අහස් ගැබ පහන් කරවමින් සොළොස් කළාවෙන් ම පිරිපුන් සඳමඬල මෝදු වී, සඳකැන් දහරින් ලොව ම සිසිල් කරවනා සොඳුරු වෙසක් පුන් පොහෝ දිනයයි අද…ඔබ ඇතුළු පවුලේ සැමට සුබ වෙසක් මංගල්ලයක් වේවා!.
ReplyDeleteසසරින් එතෙර වීමට හේතු වාසනා වේවා...
Deleteනියරැස් යන්න සිංහල ශබ්ද කෝෂයේ තියෙන්නේ නිය රස් කියා වචන දෙකකටයි?
ReplyDeleteනිය රස් = නියවලින් විහිදෙන කාන්තිය
නියරැස් සහ නිය රස් යනු එකක්ද දෙකක්ද?
නියරැස් යන්න ඥාණරාශිය ලෙස අරුත් ගන්වා ගත හැක කසූ
Delete"විමල් යස තද තෙද - තියුණු නිය ඈ ගුණ රැස්
සිවුවත් රැස් කර තමා - කෙළේ ඔහුම මහනදන්"
-- කව් සිළුමිණ --
මහබඹා පිරිසිදු යසසත්, කීර්තියත්, තේජසත්, තීක්ෂණ ඥානයත් යන ගුණ රාශිය එකතුකොට තමා තමාගේම වටිනාම වස්තුව කරගති
තිස්ස අයියා ඇතුලු සැමට සුබ වෙසඟක් වේවා !
ReplyDeleteලස්සන පින්තූරයක්