සැක හැර බලමි කෙසේ...

රඟහලේ රත් පැහැ තිරය සෙමින් වැසුනේ ගුරුවරු, දෙමාපිය, ආදි සිසුවන්ගේ ඔල්වරසන්, රිද්මයානුකූලව ඉහල නංවමින් පමණක්ම නොවේ. රෝමියෝවත් ජුලියට්වත් තිරයෙන් මෙපිට රඳවමිනි. ඈ මෙපමන දක්ෂ නිරූපණයක් කරාවියැයි පාසැලේදී නාට්‍ය පුහුණුවීම් කල කිසි දිනක ඔහුට හැඟුණේ නැත. ශේක්ස්පියර්, නාට්‍ය පිටපත මේ ජවනිකාවෙන් අවසන් කිරීම ගැන ඔහු සිතෙහි ප්‍රථම වරට නුරුස්ණා හැඟීමක් පහල විණි.

"ෂහ් දෙන්නා අපූරුවට කලා ඈ ෆයිනල් සීන් එක..!!"

නාට්‍ය සංගමය භාර තරුණ ආචාර්‍යවරිය තමාව වැළද ගත්තේ උසස් පෙල හදාරන තරුණ සිසුවෙකුද බව නොසලකාය. ඔහුගේ සිත ඒ වනවිට ඒ සුපැතුම් පිළිගැනීමට සුදුසු තත්වයක නොතිබිණි. ඈ සෙමින් සෙමින් නේපත්‍යාගාරය දෙසට ඇදෙනු බලා සිටි හෙතෙම සියල්ලටම හොරා නේපත්‍යාගාරයට පිවිස තමනට පිටුපසින් වමතින් දොරවසාලූයේ සුරතින් නාට්‍යයට ගෙන ආ රතු රෝස මලද ඇතිවය. මේ දැන් මොහොතකට පෙර තමාගේ ලයමත අවසන් හුස්ම හෙලූ ජූලියට්, නැවතත් ඉපැදී තමා දෙස තිගැස්සී බලා සිටී. මේ වතාවේ නම් පමා විය නොහැක. රෝස මලේ පෙති යන්තමින්වත් නොපෙලන්නට හේ මැනැවින් වගබලාගති...

කාලය ඉගිලුනේ සැන්දෑ වලා අතරද, අතොරක් නැතිව වෙරළ සිපගන්නා රළ අතරද, වේගයෙන් චලනය වන රිදී තිරයක කථා වස්තුවකදැයි නිනව්වක් නොවිනි. පාසැලෙන් නික්මයාමට තමන්ට කාලය එළැඹී තිබුණද ඔහුට ඈ පාසැල් ගමන හමාර කරන තුරු බලාසිටිය යුතු විය. සංචාරක අමාත්‍යාංශය විසින් මෙහෙයැවූ පාඨමාලාවකට බද්ධවීමත් සමගම වූයේ ඔහුගේ නිදහස සීමා වීම පමණක්ම නොවේ. සයමස් පාඨමාලාවෙන් පසු ලැබුණු ගුවන් සමාගමක බෙහෙවින්ම කාර්‍යබහුල රැකියාවේදී දිනපතා මුණැගැසුණු ජුලියට්ගේ රූ සිරි පරදවන අඟනන්, අවසානයේදී රෝමියෝගේ භූමිකාව නොව නන්ද කුමාරයාගේ භූමිකාවද හිමිකලේය. ඈ මේ සියල්ල උපෙක්ෂා සහගතව ඉවසනබව ඔහුගේ යටිසිත දැනසිටියේය. එහෙත් මේ වර ඈ තීරණයක් ගත්තාය. වෙන්වූ තැන් කරා ආයේමත් පැමිණීමක් නැතිවම දෙදෙනා දෙඅතක ඇදිණි. එහෙත් හදේ කුඩා හෝ ඉඩක් ඇති තැනක ඈ ස්ථිරවම ලැගුම් ගෙන ඇති බව ඔහුට විශ්වාසය...

රතු මල් ඔසරිය පාවී පාවී බස් නැවතුම ලඟ ලැගුම් ගනී
යුවතිය ඔබ වට රතුමල් අතරින් ඔබෙ රුව සම අන්රුවක් මැවේ
සැක හැර බලමි කෙසේ - සැක හැර බලමි කෙසේ

කොපුල් තලා රත් ලවන් පියන් පත් - බියපත් දෙනුවන් සිහිපත් වේ
ඉවසුම් නැති නෙත් සිත හා සසලයි - යටැසින් ඔබ දෙස බලනු කෙසේ
සැක හැර බලමි කෙසේ - සැක හැර බලමි කෙසේ

නෙත් කොණ ගැටෙනා ඔබෙ මුව මඬලින් අන් මුව මඬලක් සිහිපත් වේ
යටැසින් බැලු කල සඳ මගෙ නෙත් රකිනා බිරිඳ බලයි රතු මල් වියැළේ
සැක හැර බලමි කෙසේ - සැක හැර බලමි කෙසේ


32 comments :

  1. මහත්තයෝ, පරණ පෝස්ට්වල ගොඩක් සින්දු ලින්ක් වැඩකරන්නේ නැහැ. අප්ඩේට් කළෝතින් ගොඩක් පින්.

    ReplyDelete
    Replies
    1. ඉක්මණටම හදනව සහෝ... ඉක්මණටම හදනව... එකසිය අසූවක් තියනව පෝස්ට්ස්... වෙලාවක් අල්ලගෙන එකවැරම කරල දාන්න ඉන්නේ මචෝ!!

      Delete
    2. අනේ මහත්තයෝ මේ ලින්ක් එකවත් මගේ කම්පිටරේ ප්ලේ වෙන්නේ නැත්තේ ඇයි?:(

      Delete
  2. හදේ කොතැනක හෝ හිඳී ඔබ නිදා නොනිදා මෙන්...
    බලා අවසර සොයා කල් දැන - වෙලා හස රැහැනින්...
    පෙළයි මා මුදා සුව දැහැනින්...

    ReplyDelete
    Replies
    1. දෙදෙනා පෙරදා - හමුවී නොදොඩා නොබලා - වෙන් වූ තැන් කරා ආයෙමත් (නො)පැමිණීලා!

      Delete
    2. බුරාගෙ හිත් කියවිල්ල තමා හිත් කියවිල්ල!!

      Delete
    3. සයුර ඉමලත් සිතිජ රේඛාවේ
      මියෙන හිරු සේ ගිලි බිම් අඳුරේ
      තලා මා සිත පලා ගිය ඔබ
      දවයි මා අද තනි වෙනා මොහොතින්..

      උතුම් පිවිතුරු ප්‍රේමයේ නාමෙන්
      සහස් සුවහස් පැතුම් බල මහිමෙන්
      ඉනු කඳුලද සිදෙන්නට පෙර
      යදින්නම් ඔබ මැකී යනු මතකෙන්.

      //යදින්නම් ඔබ මැකී යනු මතකෙන්//
      කොච්චර යැද්දත් වැඩක් වෙන්නේ නැහැ.දිය යට දාපු රබර් බොලේ වගේ හදේ කොතැනක හෝ හිඳ යලිත් මතු වෙනවා.

      Delete
    4. පිස්සු හැදෙන පද නේද මෙව්වා මනෝජ්!

      [මේකනම් හැබැයි ප්ලේ වෙනවා මම බ්‍රව්සර් තුනෙන්ම චෙක් කලා
      පොඩ්ඩක් ආයේ බලන්න මනෝජ්]

      Delete
    5. පිස්සු හැදිලා හොඳ වෙලා ආයෙත් හැදෙනවා තිස්සයියේ,

      ගිය සෙනසුරාදා BMICH එකේ තිබ්බා සංගීත ප්‍රසංගයක් බලන්න ගියා.වික්ටර්,සුනිල්,රෝහණ වීරසිංහගේ.සංගීතය ජයන්ත රත්නායකගේ.බොහෝම අපුරු අශ්වාදනිය,අමතක නොවන අත්දැකීමක්.එදා අහපු සින්දු ටික තාමත් කනට ඇහෙනවා වගේ.

      දිනෙක හිරු බැස යන වෙලාවක
      සයුරු වෙරළක හුදකලාවේ
      කල්පනාවේ සිටිය මොහොතක
      මතක් විය සිතුවිලි අතිතෙක..

      (එත් නැහැනේ,මගේ කම්පිටරේ අවුලක් වෙන්ට ඇති.
      බලන්ට ඕනේ හදා ගන්ට.)

      Delete
  3. හරි අපුරු ගීතයක් තිස්ස අයියේ...

    යටින් යන කතාව...
    රතුමල් ඔසරි, රෝස මල් පෙති.... හෙහ්
    අපි ගොඩ දෙනෙක්ගේ කතාවක්

    ReplyDelete
    Replies
    1. හීනයක් වගේ අපේ සිත් පාවයයි හෙමින්....

      Delete
  4. සමාන අත්දැකීම් අපි ගොඩක් දෙනෙකුට තියෙනවා නේද? මට එකපාරටම නං මතක් වුනේ boyzone ලගෙ you're the key to my heart සින්දුවෙ රූප රචනය. පස්සෙ වෙනත් පුළුල් තේරුමක් කරා හිත ගියා.

    ReplyDelete
    Replies
    1. හැබැයි අන්තිමට ලේ බොන්නෙ නෑ නේද?

      Delete
  5. අද නුඹ කොතැනද අද මා කොතැනද
    දන්නේ නැ නුඹ මටත් හොරා
    ජීවන මහමග සටන් වැදී ඇත
    නාඳූනනා පෙම්වතුන් වෙලා


    ගිය සිකුරාද රෑ මම ඔටෝග්‍රාෆ් ෆිල්ම් එක බැලුව තුන්වෙනි වතාවටත්. ඔය වගේ කතා මගේ ගාව මහ ගොඩක් ත්යෙනව, එක දෙකක් ලිව්වත් එක්ක.

    මේ සින්දුව මම කලින් අහලම නෑ. කාගෙද පද?

    ReplyDelete
    Replies
    1. අහ් ඒක මම බලල නෑ
      පදවැලුත් කාගෙදැයි දන්නෙ නෑ මචෝ - රසවතෙත් හිටියොත් දන්න දමාවි!

      Delete
    2. මේ ඉන්දිකයා කියලා තියෙන සින්දුව නම් ලියලා තියෙන්නේ රඹුකන සිද්ධාර්ථ හාමුදුරුවෝ.
      තිස්සයියා මේ සිංදුව අහලා නැහැයි කියන්නේ ඉන්දිකයා මේ සින්දුවේ අර දෙවැනි කොටසේ පද මෙතැන දාලා තියෙන නිසා වෙන්න ඕනේ.

      මේ තියෙන්නේ ඉන්දිකයා කියන සින්දුව

      Delete
  6. රතු මල් ඔසරි, බස් නැවතුම් මේව ඔයවගේ සින්දු වලට දාන්නෙ අර ලොකු පුතා කියල තියෙනව වගේ ගොඩ දෙනෙකුට ඕවයෙ සම්බන්ධයක් ඇති වෙන්නැති.

    ලස්සන ගීතයක්.

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහල.. "ප්‍රේම පරාදීසේ - සිනහ බිඳුව ඔබ - කඳුලු බිඳුව ඔබ..."

      Delete
  7. එකල්හි ඒ රෝමියෝ නම් මේ මම ම වේමැයි වදාල සේක.....

    ReplyDelete
  8. මේක තමා කමෙන්ට් එක ඈ ගමයෝ!!!!

    ReplyDelete
  9. හැමෝගෙම අතීතය. හරිම ලස්සන ගීතයක්.

    ReplyDelete
    Replies
    1. වැඩේ කියනේ මට එහෙම එකක් නෑ චාන්දි අක්කේ..
      පෙමින් වෙළුණු පලමු කෙනාම බැඳගත්තා...
      ඊට පස්සේ අතීතය නෙමේ ජීවිතේම ගීතයක් වුණා...

      Delete
  10. සරස වසන්තය ආයෙත් එනවානම්
    මගේ තරුණ විය මං ඉල්ලාගන්නම්
    අපේ අතීතයෙ මල් මාවත්වල ඇවිදන්යන්නට
    සරස වසන්තය ආයෙත් එනවානම්...

    ලියූ සුපෙම් කවි හසුන් පුරාවට
    පොත් පිටුවක එය හංඟා ගන්නට
    බොරු විස්සෝපෙන් අහක බලන්නට
    ආයෙත් හමුවී හිනා නගන්නට..

    සරස වසන්තය ආයෙත් එනවා නම්...

    දෙනෝදහක් මැද සිත් හංඟන්නට
    සැගවූ ප්‍රේමය නෙතින් කියන්නට
    කාත් කවුරුත් නැති සීමාවක
    හොරෙන්ම හමුවී පෙමින් දොඩන්නට

    සරස වසන්තය ආයෙත් එනවානම්...//

    ගායනය : අනෝමා රාසපුත්‍ර සමඟින් අමරසිරි පීරිස්
    පද රචනය : නිලාර් එන්. කාසිම්
    සංගීතය : ජගත් ජයවර්ධන

    https://www.youtube.com/watch?v=bD2NqgFnxKM

    ReplyDelete
    Replies
    1. මෙව්වනම් මහ ඇඬෙන සින්දු අප්පා... :-(

      Delete
  11. https://www.youtube.com/watch?v=IIW1EhyMYdM
    සින්දුව මේ ලිංක් එකෙන් අහන්න

    ReplyDelete
  12. ස්තූතියි! මාත් ආසම ගීයක්.

    ReplyDelete
  13. http://www.online-literature.com/forums/showthread.php?16343-Romeo-Did-Not-Love-Juliet

    ReplyDelete
  14. සින්දුවත් අගෙයි... ඒ ලියැවිල්ලත් මරු

    ReplyDelete
  15. පෙරවදනත් ගීතයත් එකසේ රස වින්දා. වැඩිය නෑසෙන ගී යලිත් කරළියට ගෙන එන තිස්සය්යාට බොහෝ ම පින්

    ReplyDelete
  16. පූර්විකාව සුපිරිම සුපිරියි.... මැවෙනවා කියන්නෙ ...
    සැක හැර බලමි කෙසේ..

    ReplyDelete
  17. "මුණිවත හොඳයි දෙබසින් දුක වැඩි හින්දා........"

    කාලෙකින් ආවේ. සුභ අළුත් අවුරුද්දක් අයියේ පමා උනත්......

    ReplyDelete
  18. Sorry to add a note of sadness to this nostalgic discourse. I suppose most of you, if not all, have heard that we have lost two doyens of Sinhala music within two weeks; Nimal Mendis and Haroon Lanthra. Nimal Mendis was one of the most creative musicians who did not receive the recognition due to him. Lanthra sang some memorable songs including Gangawe Neela Jalae for the film Punch Baba, which if I am correct as the first film of Malini Fonseka. With their demise I see the curtain slowly coming down on an era.

    ReplyDelete

 
Blogger Wordpress Gadgets