ප්‍රේම යාතිකා ඇති ඔබ ගැයුවා...


සුනිල් එදිරිසිංහයන් සුනිල හඬින්, වාදකයාණෙනි ඔබේ සිතාරය, මෝහයේ සුරාවිත අඩ අඳුරේ තොලගාන්නා මන්මත් කරවීමට නොවයා, කෙතක ගොයම් නෙලනා ලඳුන්ගේ දෙතොලේ ගීයේ තනුවට මුසුකරවන්න යැයි ගයයි. සමන් චන්ද්‍රනාත් වීරසිංහයන්ගේ ඒ අපූරු ගීයට තනුව යොදන්නේ සනත් නන්දසිරියන්ය.

ගායකයනටද එපරිද්දෙන්ම කරනා අපූරු ඉල්ලීමක් ප්‍රියානන්ද විජේසුන්දරයන්, නීලා වික්‍රමසිංහගේ මුවගට නංවන්නේ ප්‍රේමසිරි කේමදාසයන්ගේ අපූරුම තනුවකිනි.

ප්‍රේම යාතිකා ඇති ඔබ ගැයුවා
ගායකයාණෙනි මන බඳිනා - මන බඳිනා
සෝ ළතැවුල් හද උතුරන අයුරින්
පෙම් ගී නොගයන් මතු දවසේ

නීලා 'සෝ ලතැවුල් හද...' යන පෙලට ඉමහත් අලංකාරයක් ගෙනඑයි. මුලදී ලඝු ලෙසත්, දෙවැනුව ගුරු ලෙසත් මන බන්දනීය ලෙස ඈ මේ ඉල්ලීම කරන්නීය.

සවිබල දෑතින් පස්කැට පෙරලන
ඩා බිඳු මතුවී සියොළඟ උතුරන
දරුවන් දිරි ගන්වන්නට දෙරණේ
ගයනු මැනවි අභිමානන ගී

පොදු නිශ්පාදන කටයුත්තකට සම්බන්ද නොවී, ශ්‍රමය නොවගුරා, අතනින් මෙතැනින් පහුරු ගා සොයාගත්දෑ අතන මෙතන එල්ලීමට පුරුදු පුහුණු කරනා, රුකුල් දෙන, අගැයීමට ලක්වන සමාජයක, වෑකන්දද අතනින් මෙතැනින් ඉරිතැලීම ස්වාභාවිකය. පාසැලේ දරුවන් සඳහා සමහර ගුරුවරුන් කරුණු එකතු කරන්නේද මූණු පොත ඇසුරිනි. ගුරුවරයා 'ශික්ෂක වෘත්තිකයා' ලෙසින් මුනිදාස කුමාරතුංගයන් හැඳින්වූයේ නිකමට නොවේ. ගුරුවරයා මුළු මහත් සමාජයක්ම ගතින් සිතින් සවිබල ගන්වන්නන්ය. ඒ වරුවෙන් ගෙදර ඒමටවත්, වෙනත් වෘත්තියක යෙදිමට අධ්‍යාපනික පරිණතභාවයක් නොමැති වීමක් නිසා කෙරෙන්නක් නොවේ. අද අපට ඇති ගුරුවරු කවුරුන්ද?

මරසෙන් ගුගුරා පෙරමුණ ආවත්
අපගේ අරමුණ නෑ නවතින්නේ
සෞභාග්‍යය සැප සතුට නිධානවු
ලොව ඉදිකෙරුමට යනවා

කඩදාසි මත සිදුවන සැලසුම්, පසෙහි යථාර්තයක් කරගැනීමට නොපසුබස්නා වීර්‍යයක් අවශ්‍යය. වීර්‍යය සැමට එකලෙස නැත. කණ්ඩායම් ක්‍රියාකරකම් හා නායකත්ව මැදිහත්වීම් මෙහිලා වැදගත් වන්නේ, එකී නොකී සෑම දෙනම යම් කටයුත්තකදී නිශ්චිත ලක්ෂයක් වෙත සමූහයක් ගෙනයාමටය.

ඔබගෙ පෙම් ගී දැහැනින් මිදිලා
ගායකයාණෙනි අපි දිරි වැඩුමට
උදාන ගී මතුරණු මැනවී
උදාන ගී මතුරණු මැනවී

ගුවන් විදුලියෙහි ප්‍රබුද්ධ ගී නමින් නිමැවුණු මේ ගීය ඇතුලු අනෙක් ගී අකාලික යැයි සිතේ. ඒවා ප්‍රබුද්ධ වන්නේ සමාජයේ සෑම සංරචකයක් විසින්ම විඳගැනීමට සමත් කමක් ඇති නිසා බව මම විශ්වාස කරමි. ඉතා අල්ප රස ඇති ගීයක් දෙකක් ලියා ගී ලිවීමට උපදෙස් දෙන්නට යන, එබඳු ගීයක් දෙකක් ගයා ගී විනිශ්චයට පෙළැඹෙන මෙවන් යුගයක, සැමකල්හීම දනන් තුඩග රැව්දෙන මෙබඳු නිර්මාණ බිහිකල ප්‍රියානන්ද විජේසුන්දරයන් වැන්නවුන් සිංහල ගී කෙතෙහි යුග පුරුෂයන්මය!

ගීතය අසන්න...




36 comments :

  1. මේ ඉන්නෙ මනුස්සයා.. හැමෝම කිවුවෙ අතුරුදහන් වෙලා කියලා.. මම හිතන්නෙ බුවා පරණ සිංදු හොයන්ට ගොහිල්ලා වෙන්ටෑ ඉන්ටැත්තෙ.. ඔන්න සිංදු මල්ලක්ම අරන් ඇවිල්ලාලු.. ‍හෙට ඉඳන් සතියට එක ගානෙ දානවලු.. :-D

    ReplyDelete
    Replies
    1. හිත් කියවන්න, ප්‍රොෆයිලින් කරන්න දස්ස හාදයෙක් මේ බුරා :-)

      Delete
  2. හප්පේ තිස්සයිය කාලෙකට පස්සෙ.
    ඊයෙ පෙරේද ප්ලේන් එක කඩා වැටුනට පස්සෙද කොහෙද ඇහැරිලා තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. එහෙනං එහෙනං - ඇනකොන්ඩා නින්දට වැටුනනේ ප්‍රසා ;-)

      Delete
  3. නීලාගෙ පැදි බොහොමයකටම මා ඉතාම ආසයි. දස්කොන් ගීය විශේෂයි. මේ සටහන ඒ දෙදෙනාටම උපහාර පිණිසමයි කියා සිතමි. මෙවන් චමත්කාර නිමැවුම් අද බිහි වේදැයි සැකයි තිස්ස මල්ලී. මේ දෙන්නාම පිළියන්දල සෙන්ට්‍රල් එකට නෑ කම් ඇති නිසා සමීපයි. දෙදෙනාටම දීර්ඝායූ වේවා!

    ReplyDelete
    Replies
    1. ප්‍රියානන්ද විජේසුන්දර මහත්තය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මහත්මයෙක්
      ක්ෂේත්‍ර රැසක පරිණත බවත් තිබ්බත් අඬහැර නොපා අදටත් ජීවත් වන්නෙක්
      දැන් ඔහු වාසය කරන රටේ ඉන්නා සමහර ශ්‍රී ලාංකිකයන් ඔහුගේ මේ වතගොත නොදන්නා තරම් - ඔහු කියන්නට යන්නෙත් නෑ

      Delete
    2. එය මා හොඳින් දන්නවා තිස්ස මල්ලී. එයාගෙ පදවැල් අපේ කාලෙ අප වින්ද තරම්.

      Delete
  4. කළාකරුවන්ට දේශපාලනය අකැප නැතිමුත්, කළාවෙන් උකහාගත් ජනප්‍රියත්වය සහ කීර්තිය දේශපාළන වේදිකාවේ වෙන්දේසි කිරීම කණගාටුදායකය, අප්‍රියජනකය.

    නීලාටත්, රෝහනටත් ( සමණලීටත් ) උනේ ඒකය.

    තිසා හොයන්න "පණිවිඩ හත අටක් යැව්ව". ඇත්තටම මොකෑ උනේ? ( මිනිහෙකුට ඔහොම අතුරුදන් වෙන්න ඇහැක්ද මේ කාලෙ )

    ReplyDelete
    Replies
    1. වේදිකාව වෙනස් වුවත් සෑම දෙනම උපයාගත් 'නොයෙක් දෑ' වෙන්දේසි කරයි - වැඩි ලාභයක් බලාපොරොත්තුවෙනි!!

      මල්සර උක්දඬු දුන්නෙන් පැණි බී, දේදුන්නක් උඩු අතට නවාගෙන, මල් උයනක මල් අවුල් කරල දමා එන්න ගියා නෙව ඉන්දික. ග්ලෝබල් විලේජ් එකේ අතුරුදාං වෙන්න හැකිනං ඒක දස්කමක් නොවෙද ;-)

      Delete
  5. නීලා මගේ ප්‍රියතම හඬක්. ඔය සිංදුව අපට කීවාට ඕක මේ ලී ක්වාන් යුලා හොරෙන් අහන් ඉඳලනෙ.
    මිනිනෙක්ට අතුරුදන් වෙන්න හැකිද කියලා පර්යේෂණයක් කලාලු තිස්සය්ය පහුගිය ටිකේ

    ReplyDelete
    Replies
    1. නීලා සිංහල ගීතයේ බ්‍රෑන්ඩ් නේම් එකක් - අවිවාදාත්මකයි!

      අන්තර්ජාලයේ නෑ කියන්නේ අතුරුදහං වුණා කියන තරමටම අපි ජාලගත වෙලාදෝ බින්දි?
      කුඩාබුත්ගමුවේ සෙනෙවි මාමා කවදාවත් ජාලයට ආවේ නෑ - ඉදින් උන්නැහැ බුමාටුවෙක් දෝ, විකිරණයේ ජීවියෙක්දෝ?
      :-)

      Delete
    2. කුඩාබුත්ගමුවේ සෙනෙවි මාමා කොහොමද කියන්ට නං දන්නෙ නෑ.. ඒ වුනාට ගොඩිගමුවේ තිස්ස මාමානං ෂුවර් එකටම පිටසක්වල ජීවියෙක් වෙන්ටෝනැ.. බුවා මේ හිටියා මේ නෑ.. මං හිතන්නෙ පොර චක්‍රාවාට ගානෙ ඇවිදින්ට යනවා වෙන්ටැති.. ආලෝකයෙ වේගෙන් යන හන්දා පොරට ඒක තත්පර ගානක් වුනාට අපිට මාස ගානක් නෙව.. ඕකයි රහස.. :-)

      Delete
    3. දරු මල්ලෝ හුඟක් ලැබ - රාජකාරි වැඩ - වැඩිවුණු කලට බොටත්
      සිනාසෙමි - ඉන්න ගමනෙ සක්වලයේ!
      ['හරි ලස්සන හැඩ ඇති ගම්බද කෙල්ලකි අලුත ගෙනා මනමාලී..'' තාලයට]

      Delete
  6. මම ඒත් බැලුවා කෝ මේ මනුස්සයව කාලෙකින් දැක්කේ නැහැනේ කියලා...
    පුළුපුළුවන් වෙලාවට මොනවහරි ලියපන් තිස්ස අයියේ
    මුල් දවස්වල වගේ නෙමෙයි බ්ලොග් වල හිටපු සොඳුරු මිනිස්සු ගොඩ දෙනෙක් දැන් නැහැ
    ලස්සනට ලියවෙච්ච බ්ලොග් කීයක් දැන් නතර වෙලාද.

    ReplyDelete
    Replies
    1. මමත් මේ කැමරාවක් ගන්න මාන බලමින් ඉන්න වෙලාවක මට ලොකූව මතක් වුණා හැබෑටම!
      ජාලගත නොවී ගෙවුණු මාස කීපයක් එක්ක 'ලය - විරේකයක්' වුණු හින්දා දැන් ආයේ දිනපතාමවත් ලියන්න ඕනෑ - බුරා හිත් කියවන්න දස්සයි කීවෙත් මේ හින්දමයි.
      ගහණය වැඩිවෙන කොට කොලිටිය බහිනව කියන්නෙත් මේ හින්දම වෙන්ටෑ
      තම තමන්ගෙ දිස්ටි සීමාත් ඉතින් ඔව්වට හරස් වෙනව නෙව...

      Delete
    2. දැන් තිස්ස අයියා හොඳින්නේ... ඒ ඇති...
      කැමරාවක් සම්බන්ධ උදව් ඕනෙනම් ඕනේ වෙලාවක අහන්න.

      ///තම තමන්ගෙ දිස්ටි සීමාත් ඉතින් ඔව්වට හරස් වෙනව නෙව...///
      ඒක ඇත්ත. නමුත් ලොකු වෙනසක් සහ ඒ වෙනසේ අවුලක් මට පේනවා...
      මගේ මනෝභාවයේ අවුලක්ද මන්ද...

      Delete
  7. හද ගී පොතට පැමිණියෙමි.......

    ReplyDelete
    Replies
    1. අහ් මේ දාගැබ බැන්ද හරියේ මහතුන් නෙව - ආයිබෝං ආයිබෝං!

      Delete
  8. හම්මෝ මෙන්න මෙයා ඉන්නවා...:D

    ReplyDelete
  9. අතීත මතකයන් අලුත් කලාට ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. සමහර අය කියන්නේනම් සැබෑ සුවඳක් නෑ කියලයි

      Delete
  10. ස්තූතියි දිගටම මේ වැඩේ කරගෙන යනවට...

    ReplyDelete
    Replies
    1. ස්තූතිය් ඩ්‍රැකී - අමතක වෙලා යන ගී සින්දු තිබේ නම් මතක් කරදෙන්න
      තමුන්නැහැ ඒ වැඩේ අතහැරියනෙ :-(

      Delete
    2. අත්ඇරලා නෑ තිස්ස මහත්තයා... ටිකක් විවේක අඩු වුනා පහුගිය ටිකේ. ආයෙ ආවා...

      Delete
  11. හප්පේ,
    කවදාවත් නොදැක දැක්ක "තිස්ස" ඇවිත් ආයේමත්........


    ReplyDelete
    Replies
    1. භවයෙන් භවේ නවාතැන්පලේ - මිනිසා රඟයි රංගනේ

      Delete
  12. මේ ගීතයත් වසර ගණනාවක් තිස්සේ හොයපු ගීතයක්. බොහොමත්ම ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. සුදසිංහ මහත්තයගෙ ආගමනය සතුටින් පිළිගනිමි!

      Delete
  13. නීලා මහත්මියගේ කොයි තරම් ගීත අසා ඇතිද? ලස්සන කට හඩක්.
    දැන්නම් ඔය සමහර තරග වල විනිශ්ච මණ්ඩලය දිහා බැලුවාම වැඩසටහනමම එපා වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒකනේ මනෝජ් වැඩේ. ප්‍රතිභාව නීර්මාණකරණයට හොඳ වුණාට විනිශ්චයකට ඇසූ පිරූ තැන් ඇතියෙක් වියයුතු යැයි මම හිතනව

      Delete
  14. මේ ගිය සතියේ රන්දිකා ගෙන් අහල බැලුව තිස්ස අයියා ගැන .. අන්තිමට ඉතින් හිතා ගත්තේ තිස්ස අයියා වයසට ගිහින් මේ බ්ලොග් , බුකි ආදී සියලු දේ වලින් ඈත් වෙලා ඇති කියල .. හෙහ් හෙහ් ..

    මේ ඉන්නේ අපුරුවට කොල්ල වගේ .. :)

    ReplyDelete
    Replies
    1. අන්තිමට ඉතින් 'වගේ' කියල කිරි කළේම ස්පොයිල් කලා නෙව ;-)

      Delete
  15. සින්දුවනම් නියමයි gamini

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගාමිණී මේ පැත්තේ ඇවිත් යනවට!
      අපේ කට්ටියත් මතක් කලා කියන්න ඔක්කොම!!

      Delete
  16. This comment has been removed by the author.

    ReplyDelete

 
Blogger Wordpress Gadgets