මී මැස්සෝ කණ්ඩායම විසින් "ටික වෙන්න නාලා - කොන්ඩේ කඩාගෙන" ලෙස ගැයූ ගීය "ටික වේ....න්න නාලා" ලෙස අදිමින්, තවත් එබඳුම ගී රැසක් සමග අමුණමින් ගයා "අල" කිරීමෙන් පසුව දැන් සෑහෙන කලක් ගතවී ඇත. "ඇවිලේ සැමදා රශ්මිය විහිදා - ඉටිපන්දම තනියේ" දැන් සාදයකදී වත් අසන්න නොලැබේ. සාද වලටත්, විනෝද චාරිකා වලටත් සරිලන වර්ගයේ ගී සිංහල ගීතාවලියේ එමට ඇත. එහෙත් ඉහත කී අල කිරීම් නිසාදෝ දැන් තරමක වේග රිද්මයකින් යුතු මනරම් ගී බොහොමයක් යටපත් වී ඇත. විනෝද චාරිකාවලදී හෝ සාදයකදී "මින්දද හී සර" ගයන්නට සැරසෙන්නෝද අඩු නොවේ.
සාජ්ජ, බජව් පසුකර දැන් අපි "පැදුරු පාටි" යුගයට අවතීර්ණ ව ඇත. සමන් අතාවුදහෙට්ටි ඇතුලු රසවතුන් කරළියට ගෙනා ආ, දල වශයෙන් මැද පන්තියේ විනෝදාස්වාද කටයුත්තක් වූ පැදුරු පාටිද ගලායන්නේ එකම රිද්මයකටමය. පැදුරු පාටියකට අඩුම ගනනේ සර්පිනාවක් (හෝ සමාන සංගීත භාණ්ඩයක්) හා තබ්ලාවක් නැතිවම බැරිය. එහෙත් බොහෝ එබඳු සාද වලදීද අසන්නට ලැබෙන්නේ එකම පන්නයේ ගීත වීම කණගාටුවට කරුණකි. අමරදේව (ඒකෙනුත් මහගම රචනා!!!), ගුණදාස කපුගේ, නන්දා වික්ටර්, නීලා මේ සාද වලදී ගැයෙනු අසා මට නම් හැබෑවටම තිත්තවී ඇත. රුචිය එකිනෙකාගේ වෙනස් බැව් විශේෂයෙන් කීමට ඇවැසි නැත. මේ මාගේ රුචියයැයි කීමට ඒ බාධාවක් නොවේ යැයි එලෙසින්ම සිතමි!
මාධ්‍ය වලිනුත් නිර්මාණය කෙරෙනුයේ / කරණුයේ මීටම සමාන වටපිටාවකි. ගී පද රචකයෙක් ගැන කථා කලහොත් ඒ ප්‍රේමකීර්ති, මඩවල, මහගම, ඩෝල්ටන් වීමට බොහෝ ඉඩකඩ ඇත. ගී හාරදාහක් පමණ ලියූ හේම ශ්‍රී ද අල්විස් වැන්නවුණ් ජීවමානව, බෙහෙවින් ආර්ථිකව අබල දුබලව සිටියද (රෝගී ව ඉන්නා අයිරින් ද අල්විස් මහත්මියද රැක බලාගනිමින්) ඔවුන් මාධ්‍ය තුලින් එළියට එන්නේ ඉතාම කලාතුරකිනි. මෙලෙස අඩු ලෙස මාධය තුලින් දිස්වෙන තවත් කලාකරුවෙක් වන විජේසුන්දර පොලොන්ඕවිටයන් ගැන මම කලින් කියා ඇත. පරසතු මල්හී බොනී මහත්තයා විසින් සංකේතවත් කල (සල්ලාල මොඩලයේ වුවුද!) සහෘද අර්ථපතීන් සොයා ගැනීමට මෙතරම් උගහට වන්නේ සාමාන්‍ය සරල රසවතුනුත්, රසකැවිල්ලක් තලු මරා කනවාට වඩා රස සිඳී හංකඩයක් වූණු පසුවද දිගින් දිගටම, කිසිඳු රහක් මෙරක් නැතිව හපන "චූවින් - ගම් " සැපීමට රුචියක් ලබා ඇති නිසාමද?
අප අතරින් වියෝවුනු නොයෙල් ගුණරත්නයන් ගයන, හේම ශ්‍රී ද අල්විස් විසින් රචිත මොහොමඩ් සාලී විසින් සංගීතය යෙදූ මේ ගීය කෙතරම් අපූරුද? චූවින්-ගම් ඉවත දමමු!
සාජ්ජ, බජව් පසුකර දැන් අපි "පැදුරු පාටි" යුගයට අවතීර්ණ ව ඇත. සමන් අතාවුදහෙට්ටි ඇතුලු රසවතුන් කරළියට ගෙනා ආ, දල වශයෙන් මැද පන්තියේ විනෝදාස්වාද කටයුත්තක් වූ පැදුරු පාටිද ගලායන්නේ එකම රිද්මයකටමය. පැදුරු පාටියකට අඩුම ගනනේ සර්පිනාවක් (හෝ සමාන සංගීත භාණ්ඩයක්) හා තබ්ලාවක් නැතිවම බැරිය. එහෙත් බොහෝ එබඳු සාද වලදීද අසන්නට ලැබෙන්නේ එකම පන්නයේ ගීත වීම කණගාටුවට කරුණකි. අමරදේව (ඒකෙනුත් මහගම රචනා!!!), ගුණදාස කපුගේ, නන්දා වික්ටර්, නීලා මේ සාද වලදී ගැයෙනු අසා මට නම් හැබෑවටම තිත්තවී ඇත. රුචිය එකිනෙකාගේ වෙනස් බැව් විශේෂයෙන් කීමට ඇවැසි නැත. මේ මාගේ රුචියයැයි කීමට ඒ බාධාවක් නොවේ යැයි එලෙසින්ම සිතමි!
මාධ්‍ය වලිනුත් නිර්මාණය කෙරෙනුයේ / කරණුයේ මීටම සමාන වටපිටාවකි. ගී පද රචකයෙක් ගැන කථා කලහොත් ඒ ප්‍රේමකීර්ති, මඩවල, මහගම, ඩෝල්ටන් වීමට බොහෝ ඉඩකඩ ඇත. ගී හාරදාහක් පමණ ලියූ හේම ශ්‍රී ද අල්විස් වැන්නවුණ් ජීවමානව, බෙහෙවින් ආර්ථිකව අබල දුබලව සිටියද (රෝගී ව ඉන්නා අයිරින් ද අල්විස් මහත්මියද රැක බලාගනිමින්) ඔවුන් මාධ්‍ය තුලින් එළියට එන්නේ ඉතාම කලාතුරකිනි. මෙලෙස අඩු ලෙස මාධය තුලින් දිස්වෙන තවත් කලාකරුවෙක් වන විජේසුන්දර පොලොන්ඕවිටයන් ගැන මම කලින් කියා ඇත. පරසතු මල්හී බොනී මහත්තයා විසින් සංකේතවත් කල (සල්ලාල මොඩලයේ වුවුද!) සහෘද අර්ථපතීන් සොයා ගැනීමට මෙතරම් උගහට වන්නේ සාමාන්‍ය සරල රසවතුනුත්, රසකැවිල්ලක් තලු මරා කනවාට වඩා රස සිඳී හංකඩයක් වූණු පසුවද දිගින් දිගටම, කිසිඳු රහක් මෙරක් නැතිව හපන "චූවින් - ගම් " සැපීමට රුචියක් ලබා ඇති නිසාමද?
අප අතරින් වියෝවුනු නොයෙල් ගුණරත්නයන් ගයන, හේම ශ්‍රී ද අල්විස් විසින් රචිත මොහොමඩ් සාලී විසින් සංගීතය යෙදූ මේ ගීය කෙතරම් අපූරුද? චූවින්-ගම් ඉවත දමමු!
මා සිතා සිටයේ මේ විජේසිරිවර්ධන පොලොන්නෝවිට කියායි.
ReplyDeleteඔහු ගැයූ මා කැමති තවත් ගීතයක් තමයි උණ පඳුරක මල් පිපිලා නම් ගීතය!
ඇත්තටම විජේසිරිවර්ධන පොලොන්නෝවිට නේන්නම්!
ReplyDeleteඔය දාලා තියෙන්නේ සෙනෙහේ පියුම්විලේ ලින්ක් එක!
/* "ඇවිලේ සැමදා රශ්මිය විහිදා - ඉටිපන්දම තනියේ" දැන් සාදයකදී වත් අසන්න නොලැබේ. */
ReplyDeleteඅද ඊයේ වෙච්ච දෙයක් නොවේ, මගේ ෆයිනල් ඉයර් එකේ සාදයේදී ඔය ගීතය අසෙන තුරා මා මලා සිටියා මතකයි එක්තරා හේතුවක් නිසා.
අපේ පාටියයේ මියුසික් සැපයූ සංගීත කණ්ඩායම ජිප්සීස් ලා ගේ මුළු නොන්-ස්ටොප් වැලම කීවත් ඔය සින්දු කෑල්ල අත හැරියා!
අදත් දුකයි මතක් වෙන කොට!
සැනසී නුවන් තලාවේ කියන්නේ නොයෙල් ගුණරත්න
ReplyDeleteසෙනෙහේ පියුම් විලේ කියන්නේ පොලොනෝවිට
මට පටලැවිලාද කසූ?
හැමදාම බුලත් හපම කොටලා හරියන්නේ නැහැ ලොකු උන්නැහේ... චුවින්ගම් කන්නත් ටිකක් උත්සහ කොරලා බලමු...
ReplyDeleteකොහේද ඉතිං මේ හණ මිටිත් එක්කලා.. :D :D :D
(මේක බොහෝම පරණ වාඩුවක්..)
අයියා මේ රනිල් දෙනවා කිව්ව චුයිංගම්ද ඇ....
ReplyDelete@ තිස්ස,
ReplyDeleteඔබේ අද ලිපියේ තියෙන්නේ විජේසුන්දර කියායි.
/* මෙලෙස අඩු ලෙස මාධය තුලින් දිස්වෙන තවත් කලාකරුවෙක් වන විජේසුන්දර පොලොන්ඕවිටයන් ගැන මම කලින් කියා ඇත. */
ලංකාවේ ගී පද රචකයන් සම්බන්ධ කාරනාවෙදී නම් පැරනි ගී පද රචකයන් බොහොමයකටම අත් වෙලා තියෙන්නෙ හේම ශ්‍රී ද අල්විස් මහත්මයාට අත් උන ඉරණමම තමා. එතුමා අතින් ලියවුනු ගීත ගායනා කරලා අදටත් දවසට දෙතුන් දාහ හොයන උදවිය ඉන්නවා ඒත් දන්න තරමින් අද හේම ශ්‍රී ද අල්විස් මහත්මයාට ඉන්න හිටින්න තැනක් නැ. ලංකාවෙ මොන මාධ්යෙන්ද ගීතයක් ප්‍රචාරය කරනකොට ගී පද රචනය , සංගීතය , ගායනය , කාගෙද කියලා සදහන් කරන්නෙ. ඒ කොටස කල යුතු තැනදී ඔවුන් කරන එකම ද් මෙච්ච්රයි
ReplyDelete"මේ ගිතයට අපිත් එක්ක එකතු වෙනවා අල්ලපු ගෙදර බබී.. මගෙ බලු පැටියා චබී තව එහා වත්තෙ සැමී. "
ඔන්න ඔය කුනුහබ්බ කියවන වෙලාව පවිච්චි කරල අඩුම තරමෙ මේ සින්දුව හැදුනේ මෙහෙමයි . ලිව්වෙ අහවලා සංගීතය අහවලා කියලා කියාගන්න පුලුවන් උනා නම් අද අර කරගන්න දෙයක් නැතුව ඉන්න මිනිස්සුන්ගේ හිතට හරි සතුටක් දැනෙයි.
ගී පද රචකයෙක් ගීතයක් ලියලා ගන්නෙ දෙතුන් දාහක් අලුත් පරපුරේ කුනුහබ්බ ලියලා ගන්න ගනන් ගැන නම් මම දන්නෙ නෑ. ඒත් හේම ශ්‍රී ද අල්විස් වගෙ මහත්තුරු නිකනුත් ලියලා දුන්නු ගීත ඇති. ඒ ගීත අද කී දෙනෙක් විකුනගෙන කනවද රින් ටෝන් , සංදර්ශන, අදටත් ඒවාට වෙලද වටිනාකමක් තියනවා ඒක බොහෝ විට තනිකර ලබන්නෙ ගායකයා විතරයි. අඩුම තරමේ ප්‍රතිශතයක් විදියටවත් මේ ගන්න මුදල් ගායකයා, පද රචකයා. සංගීතවේදියා වෙනුවෙන් බෙදී යන ක්‍රමයක් ඇති වෙනවනම් කලාව වෙනුවෙන් මේ තරම් දුකක් විදලා අදටත් දුක් විදන මේ වගෙ මිනිස්සුන්ට ඒක හයියක් වේවී.
අපි නිකමට හරි ටිකක් විතර බයිලා ටයිප් එකේ සින්දුවක් මතක් කලොත් එහෙම.. අඩෝ ඕව නෙවෙයි යකෝ සිංදු මෙන්න මේවා.. උබලා නියම රසය දන්නෑ කියල..ආයෙත් අර ටයිප් එකේ සිංදුවක් පටන් ගන්නවා.. ඊට පස්සේ අපි මෙලෝ රහක් නැති උන් වෙනවා.. හි හි හි..
ReplyDeleteබොහෝම ස්තුතියි, සින්දුව වින්ඳෙමි.
ReplyDeleteඉඳහිට ගිරාපෝතක රේඩියෝ වැඩ සටහනකින් ඔබ සඳහන් කර ගීතයක් ඇහුනොත් වාසනාවක්. හැම කඩමණ්ඩියකම කොත්තු කඩ ඒ කෑම රුචිය, ඒ වගේම තමා රේඩියෝ. දෙකේම සද්දය බොහෝ සේ සමයි.
කෙටි සටහන හිත ඈතට ගෙන ගියා . ඉස්සර චුවින්ගම් වෙලා තිබ්බ " සිරිපාදේ සමනළ කන්ද පෙනේ " ඇහෙන්නෙත් නෑනේ දැන් එච්චර . මට මතක් උනා විදුලි කප්පාදු පැයේ , අපි පොඩි කාලේ සින්දු සාජ්ජ ... අපේ අප්පච්චිගේ ප්‍රියතම ගීතය " දිය ගොඩ සැම තැන කිරි ඉතිරේ ..."
ReplyDeleteඔබේ මේ ලිපිය මසිත මීට වසර තිහකට විතර එහාට අරනෙ ගියා , ඒ දවස් වල එෆ් එම් නැති වුනාට , වෙළඳසේවය , රජරට සේවය ස්වදේශීය සේවය වගේ ගුවන් විදුලි නාලිකා වල දහවල් පැයේ මේ සුන්තර ගීතයක් අසන්නට ලැබෙනවාමයි , රෑප රචනා නැති ඒ ගීත එදා අපි රසවින්දත් , අද රෑප රචනා එක්ක , බලෙන් දෙන විකෘති කළ ගීත වලින් ඒ රසයම ලැබෙනවාද කියන එක් සැකයි , ඒ නිසාමයි , චාරිකාවක් යත්දි , එහෙම නැත්නම් ටිකක් මත් වතුරෙන් පදම් වුනු වෙලාවට , කාටත් තවම ගලා එන්නෙ අර කවදාවත් පරණ නොවන ගී රසයමයි .
ReplyDeleteස්තුතිය
ඒ කාලෙ ඇහිච්ච සිංදු අද කාලෙ මාධ්‍ය වලින් ඇහෙන්නෙ නැති එක තමයි මේකට හේතුව.
ReplyDeleteකිංස්ලි ආවට පස්සෙනං සිරසෙ දැං ඔය වගේ පරන සිංදු ටිකක් ආයෙ යනව.
එක නිවාඩුවකට අපේ හාමිනේගෙ පවුලෙ කට්ටියත් එක්ක ගිය ගමනක් එකට යන්න කියලා වෑන් කට්ට්කුත් කුලියට අරං. යන ගමං සින්දුවක් අහමු කියල සපෝට් එකට වැන් මල්ලිට කිවුව දාන්න කියලා එයා ලඟ තිබුණ එවුවා. හෆෝයී.. සින්දු දෙකයි.. හැම මඟුලම ඔතලා කිසිම තාලෙකට නැතුව කලවං කරපු කෂඩ සින්දු ගොඩක් ආපි.. අන්තිමට ඌට ඒක වහන්න කියලා මුලු ගමනම ඔහේ ගියා. මං දන්න සින්දු අනිත් උන්වත් උන් දන්න සින්දු මං වත් නොදැන කොහෙ ගයන්නද අපි ?
ReplyDeleteකවුද කියන්නේ කියල දැන ගත්තේ වුනාට බොහොම රසවත් සින්දුවක් නේ . ඉස්සර පොඩි කාලේ ඔය සින්දුවේ කලතා කියන කෑල්ල මට ඇහෙන්නේ තලතා වගේ . මන් හිතුවේ තලතා කියල ගෑනු නමක් කියල .
ReplyDeleteඅලුත් චැනල් එකක් දාද්දිනම් පරණ සිංදු දානවා නෙහ්....
ReplyDeleteඅනේ මන්දා "ඉල්ලුමට සරිලන සැපයුම" නෙ මේ... ඕක තේරුම් අරන් ඉමු අප්පා...
අනික් අතට දැන් කවුරුද සින්දු කියා කියා ට්‍රිප් යන්නේ . තනියම මොකක් හරි කනේ ගහන් සින්දු අහනවා මිසක් . පාර දෙපැත්ත වත් බලනවද මන්දා
ReplyDeleteHello everybody,
ReplyDeleteCan anyone of you upload 'Sanahee nuwan thalawe' mp3 complete song please..!
Thnx in advance
Anuradha it is here for you to download - here is the link - http://www.divshare.com/download/24292269-edd
ReplyDeleteගීතයනම් මම මේ ඇහුවාමයි !
ReplyDeleteකසූ: ඔය පැටලැවිල්ල වෙලා ඇත්තේ මගේ අපරිණත ලිවීමේ රටාව එක්කයි මගෙ හිතේ - හේමශ්‍රී ද අල්විස් වාගේ ආර්ථික අපහසු කම් වලින් පෙලෙන කලාකරුවෙකුට තව උදාහරණයක් කියන්නයි පොළොන්ඕවිටව මතක් කලේ..
ReplyDeleteමාහෝ: පුද්ගලික වාඩු පිරිමහගන්න පොදු ඉස්ථාන පාවිච්චය නම් බෝම නරකයි :-)
නුවන්: අපොයි නෑ... අපොයි නෑ...!
හර්ෂණ: මේක තමා ටීකාව!!!
පැතුම්: මේක පොඩි පහේ අවුලක් - එකම ජාතියේ සිංදු හැම තැනටම හරි යන්නේ නැ කියල තේරෙන්න ඉතින් මහ විසාල රසවතෙක් වෙන්න උවමනා නැ නෙව - අනේ මංද ඉතිං
ගල්මල් : තරු අන්තර් ජාල සේවයත් - රන් එෆ් එම් එකත් තමා මම අහන්නේ - අපි දන්න කියන උදවිය කරන "බස් රේඩියෝ" එකත් දැන් හොඳ මට්ටමකට ඇවිල්ලා - http://www.buzzradio.lk/
JP: ඒ ගීත වල ඔරිජිනල්ස් ඇත්තටම තාමත් රස විඳිය හැකි - ඒත් "මේ මැයි ගහයට", " මමනම් ආසයි අහන්න නයනා", "රත්තරන් නෙත් දෙකින්" වලට අත්වුණු ඉරණම ඒවාටත් අත් වුණා
මහේෂ් : කෙටියෙන්ම කියනවානම් අන්න හරි!
ප්‍රසා: ඒ උන්නැහැ ගැන නම් ඒ හැටි විශ්වාසයක් නැතත් විඩෙන් විඩේ සහෘද වැඩ කරන බවක් පෙනෙන්නට තිබේ නේද?
සරත් / බින්දි: ඔන්න වෙන දේ - සරත් මහත්තය වාගේ අබග්ග වලට මූණ දීපු අය වයර් කණේ ගහන් යන එක (බන්දු සමරසිංහ කියන්නේ වයරිං කරාපු මිනිස්සු) පුදුමයකට කරුණක් නෙමේ
තනෝජා: ජනවාරි පලවෙනිදට අලුත් ඇඳුමක් ඇඳන් යනවා වාගේ නේද? :-)
වයලීනෝ: එමු මේ පැත්තේ ඉඳහිට - පරණ සිංදුවක් මතක් කරගන්නත් එක්ක ඈ!
අපේ නැහැනේ ඔය අතන මෙතන ගනුදෙනු බේරිලි.. කෙලින්ම ගෙටම පැනලා තමා කරතොත් යමක්... :D
ReplyDeleteමාරයියාගේ බ්ලොග් එකේ ලිංක් එක දැකලයි ආවේ. :D
ReplyDeleteහරිම රසවත් අදහස් ගොඩක් කැටිවුන බ්ලොග් අඩවියක්. මේ වගේ ගීත රසවිනදනයටම වෙන් වුන බ්ලොග් එකක් දැක්කමයි.
මේ සිංදුව මීට කලින් අහල තිබ්බත් මේ කටහඩින් නම් නෙමෙයි. වෙන කවුරු හරි පස්සේ කියන්න ඇති.
ඇත්තටම දැන් ගීතයක නියම අයිතිකාරයා කවුද කියන එක හොයන එක අවුලක්. මොකද ඉස්සර අය කිව්ව සිංදු දැන් කියන්නේ වෙන අය. ගොඩක් අය හිතන්නේ ඒක අලුත් කෙනා කියන එකක් කියලා.
සිළුමිණ සෑය වදිම් රම්‍ය තව්තිසා භවනේ... කියන සිංදුව නන්දා මාලිනිත්, සමිතා එරන්දති කියනවා. මම හිතන්නේ මේක කිව්වේ වෙන කෙනෙක්...
ගොඩක් ස්තූතියි මේ කරන වැඩේට...
ස්තූතියි පුංචි කුමාරිහාමි
ReplyDeleteමේ සටහන් වල තේමාව තමා "සිංහල ගීතාවලියේ කාලයේ දුහුවිල්ලෙන් වැසීගිය මිණි නැවත මතුකරන්නට...." - සින්දු ගැන විචාරයක් කිරීම නෙමේ
ඒ රසය විඳ සටහනක් තබා යන ඔබවැනි සහෘද රසවතුන්, මේ කාරිය දිගටම කරගෙන යන්න ධෛර්යයක්
"සිළුමිණි සෑය වඳිම් රම්‍ය තව්තිසා භවනේ" මුලින්ම ගායනා කලේ අහමඩ් මොහිදීන් මහත්තය
මේ “චුයින්ගම්“වල රසය ගොස් බොහෝ කල් වුවද වෙනත් දේවල් කන්නට නොසිතෙන්නේ අළුත් චුයින්ගම ඊටත් වඩා ජරාව නිසාය..
ReplyDeleteමේ ගීතයේ නම් අපූරු හඬ ලාලිත්යක් තිබේ..
ලංකාවේ පලතුරු වර්ග එකසිය විසි ගනනකුත් පලා වර්ග හැත්තෑ ගනනකුත් එලෝලු වර්ග එකසිය ගනනකුත් තිබේලු.
ReplyDeleteපොලේ හෝ මාරකැට්ටුවේ ගන්නට ඇත්තේ මොනවාද?
තැඹිලි පාට රට නාරං, ඇපල්, මිදි, අන්නසි හා කෙසෙල්ය - අතරින් පතර අලි ඇට පේර, කිලෝ පේර නෙල්ලි, වෙරළු, උක්, දක්නට ඇත
කංකුං, මුකුණු වැන්න, කතුරු මුරුංගා, ගොටුකොල, කොහිල - හැමදාම - කෙකටියක් මිටියක් සොයාගන්නත් දැං අමාරුය
සිංදු වලටත් ඔය ටිකමය රූ නෝනේ - නැතිවාම නෙමේ මාරකැට්ටුවට එන්නේ නැතිකොමය!
මතකය අළුත් කලාට පිං
ReplyDeleteගීතය අප්ලෝඩ් කළ ඔබට ගොඩාක් පිං. මම මේ සිංදුව අවුරුදු ගණනක් තිස්සේ හෙව්වා. වාසනාවට ඔබ වැනි අය හිටියේ නැත්නම් මේවා නැත්තටම නැති වෙලා යාවි. පම්පෝරි ගසන ගුවන් විදුලි සංස්ථාවටවත් මේවා රැක ගන්න ඕනෑ කමක් නැහැ.
ReplyDelete