ළය තුල නළියන චංචල කෝමළ...

ළය තුල නළියන..
චංචල කෝමළ...
සිතුවිළි කොහොමද..
නුඹට කියන්නේ...
අද ඔබ ඈතක...
නොවෙද සිටින්නේ...
අද ඔබ ඈතක...
නොවෙද සිටින්නේ...

දෑලේ දෙනුවන් ඉවුරු තෙමායන...
කඳුලින් ලියැවෙන ගී නැලැවෙන්නේ...
කඳුලින් ලියැවෙන ගී නැලැවෙන්නේ...

දේවදාර මල් පිපි සෙවනැල්ලේ
කවුරු බලන්නද සිතු සැනැසිල්ලේ
මනසේ පාවෙන මේඝ වලාකුලු
කොහොදෝ ඈතක මා ගෙන යන්නේ...
කොහොදෝ ඈතක මා ගෙන යන්නේ...

හිරු නැති අහසේ මට හොර රහසේ...
කාලය ගතවෙයි මා හද ලතැවෙයි
කාලය ගතවෙයි මා හද ලතැවෙයි...

ළය තුල නළියන
චංචල කෝමළ
සිතුවිළි කොහොමද
නුඹට කියන්නේ.......


ගීතය අහන්න... ඔන්නම් බාගන්න...


31 comments :

  1. අමුතුවෙන් කියන්න ඕන නෑ.. මම මේක අහලා නෑ...
    ටැංකොයි හො‍ඳේ... අහලා බලලා කියන්නම්... :)

    ReplyDelete
  2. සින්දුව අදමයි ඇහුවේ. මේ පින්තූරේ ඉන්නේ කවුද?

    ReplyDelete
  3. සරළ සංගීතේ නිසා ලස්සනයි... හැබැයි මට එච්චර ෆිට් වුනේ නෑ...

    ReplyDelete
  4. @සොරෝ: මේක ශාස්ත්‍රීය ගීයක් මචෝ මගේ හිතේ - නමුත් පද පෙල නම් මට පුදුමාකාර ලස්සනයි - පෙරවදනක් ලියල ඒක පොඩ්ඩක්වත් සොලවන්න හිත නෑ

    PP: මගේ හිතේ නීටා ෆර්නෑන්ඩු - ම්ම්ම් - එහෙම නැත්නම් රීටා රත්නායක - අනේ මන්ද ;-)

    ReplyDelete
  5. අහපු නැති සිංදුවක් .....

    පිංතුරේ ඉන්න කෙනා වෙනුවෙන් වෙන්න ඇති ඔය රතුපාට පද වැල් දෙක? :D

    ReplyDelete
  6. සුදු අයියා.. අපි හෝටලේට බත් කන්න එද්දි පරිප්පු අනිවාර්යෙන් තියයි කියලා හිතාගෙන එන්නෙ.. ඉතින් පරිප්පු නැති උනාම ටිකක් අවුල්..

    ඒ වගේ අයියත් පූර්විකාව නැතුව මොකක් හරි දාද්දි නිකං පාලුයි වගේ අප්පා... :-D

    ReplyDelete
  7. @නිශ්: ඇගේ නමින් මා දුක්වී ගොතනා කවි වැල් - උදේ හවා කාන්සියට හෙලනා කඳුලැල් -
    ආයේ ඉතින් අමුතුවෙන් කියන්නයෑ නිශ් මලයට

    @පසන්: හහ් හහ් හහ් - පස්ටම ඇනලොජි එක ඈ!!

    ReplyDelete
  8. පද ටික ලස්සනයි තමා...මීට කලින්නම් අහලා නැ කවදාවත්....

    ReplyDelete
  9. පසන් එක්ක එකඟයි අයියා... මේකේ හරිම අමු ගතියක් තියෙන්නේ... සිංදුව අහන එකයි ඔයාගේ විචාරය කියවන එකයි 50 50 තියෙන්නේ.. මොකද ගොඩාක් සිංදු ඔයාගෙන් තමයි අපි ඉස්සෙල්ලාම අහන්නෙත්... ඒ නිසා පූර්විකාව උපරිම වැදගත් ආ....

    සිංදුව ගැන කියලා වැඩක් නෑනේ.. නරක සිංදුවක් අයියා අපට දෙන්නේ නෑනේ....

    ReplyDelete
  10. ඔය තියෙන්නේ ඔය තියෙන්නේ................

    ප්‍රවීනා, ඔය ඉන්නේ තිස්ස අයියාගේ රිදී තිරයේ නිළි රැජනනේ..........

    ReplyDelete
  11. බොරු කියන්නේ මොකටද වෙනදාට නං පෙර වදන් පසුවදන් නැති අඩුව තදට ම දැනෙනවා. ඒත් මේකේ පේළියෙන් පේළිය කියැව්වට පස්සේ පෙර වදන් පසු වදන් මැද වදන් ආදී එකී නොකී හැම වදන ම දිස් වුනා

    ReplyDelete
  12. හද තුල නළියන චංචල කෝමළ සිතුවිලි කියන්න දැන් නම් එච්චර අමාරු නෑ..ජී ටෝක් ස්කයිප් අයිඩීඩී ලාබෙට තියනවානේ...;)

    දේවදාර මල් නම් දැකලා නෑ ඇත්තට..ඒ මල් ගැන තියන සින්දුවක් ඇහුවමද කොහෙද..අර මල් සීරීස් සින්දු කාරයන්ට මේ මල් ගැන අමතක වෙලා වෙන්නැති..

    ලස්සන සින්දුවක් තිස්ස..පූර්විකාව දාන්න බැරිනම් ගීතෙ වගතුග ටිකවත් දාන්නකෝ අප්පා..

    ReplyDelete
  13. පළවෙනි වතාවට ඇහුවෙ

    ReplyDelete
  14. ඇත්තම කිව්වොත් ම්ම නම් මේ සින්දුව අහලා නෑ තිස්ස. වෙනදටත් එහෙම සින්දු තිබ්බත් සින්දුවට එන්ටර් වෙන විදියක් තිබ්බනෙ. අද කෝ ඒ කතාව? කම්මැලි හිතුනා වත්ද?

    henryblogwalker the Dude

    ReplyDelete
  15. මේ අපේ තිස්සක්කා නෙව. දැන් ටිකක් වෙනස් වෙලාද මන්දා... අහල නැති සින්දුවක් අයියා... පද පෙල නම් හරි අගෙයි.

    ReplyDelete
  16. මේක නම් රාගාශ්‍රිත ගිතයක් වගේ... අයිය ලස්සන ගැජට්ටුවකුත් ඇඩ් කරල තියෙන්නේ.

    ReplyDelete
  17. මේ ගීතයනම් අදම තමා ඇහුවේ . මම හිතන්නේ ගීතනාටකයක එන ගීතයක් . මොකද මේ පදපෙලින් කියන කාරණා වල මොකක්දෝ අසම්පුර්ණ බවක් මට දැනුන හරියට කෝච්චියක එක පෙට්ටියක් විතරක් තියෙනවා වගේ එහෙම හිතන්නට තවත් හේතුවක් තමයි දේවදාර මල් .සමහර විට සංස්කෘත හරි වංග හරි ගීතනාටකයක මේ ගීතයනම් අදම තමා ඇහුවේ . මම හිතන්නේ ගීතනාටකයක එන ගීතයක් . මොකද මේ පදපෙලින් කියන කාරණා වල මොකක්දෝ අසම්පුර්ණ බවක් මට දැනුන හරියට කෝච්චියක එක පෙට්ටියක් විතරක් තියෙනවා වගේ එහෙම හිතන්නට තවත් හේතුවක් තමයි දේවදාර මල් .සමහර විට සංස්කෘත හරි වංග හරි ගීතනාටකයක සිංහල පරිවර්තනය වන්නටත් පුළුවනි මේ වගේ සරල පසුබිම් සංගීතය සහිත ශාස්ත්‍රීය විදිහට ගැයෙන ගීත අඩංගු ගීත නාටක ගුවන්විදුලියේ ප්‍රචාරය වුන කාලයක් තිබුන. ඒවා ප්‍රචාරය වෙන්නේ රාත්‍රී 9.30 ට විතර. හැබැයි ඒ ගීතත් දෙබසුත් පුදුමාකාර චිත්තරුප මවන හැකියාවකින් යුක්තයි. මට මතකයි ඔය කලේ සකුන්තලා ගීතනාටකය අසා මවාගත් චිත්තරුපය වේදිකාවේදී නොමැතිවූ නිසා ඇති වුන අපේක්ෂා භංගත්වය. රුප වාහිනිය ගෙදරට එනවත් එක්ක ගුවන් විදුලි ගීත නාටක හැදෙන එක අඩු වෙලා නැත්තටම නැති උනා. එහෙත් ඒවායේ තිබුණු රසබර ගීත තාමත් ඇහෙනවා . බෙදාහදාගත්තට ස්තුතියි තිස්ස

    ReplyDelete
  18. සිංදුවේ පද, තනු අතරින් සිහි ගැන් වුනේ තැපැල් මහත්තයලා විතරක්ම පණ දුන් කාලයේ ඉවුර දෙපැත්ත. අද තියෙන පහසුකම් නොතිබුණා නම්? කියන තැනට ඇවිත් අතර මං වුනේ.

    සුසර මහත්මයාගේ අදහසට එකඟයි. එදා ගුවන් විදුලිය ඔස්සේ මතුවූ වේදිකාව මොනතරම් නම් රසවත්ද?

    ReplyDelete
  19. සරළ සාශ්ත්‍රීය ගායනයක්. ඉස්සර ගුවන් විදුලියේ ස්වදේශීය සේවයේ තිබුණා රෑ 9.30 ට විතර සාශ්ත්‍රීය සංගීත වැඩසටහන් . ඒ වැඩසටහන්වල ප්‍රචාරය වුණේම මේ වගේ ගිත. ඒ ශ්‍රේණිය හෝ විශ්ෂ්ඨ ශ්‍රේණිය ලැබූ ගායක ගායිකාවන් තමයි ඒවැඩසටහන්වල ගී ගැයුවෙ.

    මේ ගී තනුව නම් දයාරත්න රණතුංග ගේ වගේ ඉවෙන් වගේ කණට දැනෙනවා. හැබැයි මං වැරදි ඇති.

    ReplyDelete
  20. ඇහුවේ නැහැ තවම .කියෙව්වා . ලස්සනයි . ඈත ඉන්නකොට ඔහොම තමයි . ටික කලකට නම් කමක් නැහැ . වැඩි කලක් ඈත් වෙන්න එපා . ලස්සන පින්තුරය . හරිම කලාත්මකයි .

    ReplyDelete
  21. ඔන්න මමත් අද තමා මේ සිංදුව ඇහුවේ,,තිස්ස අයියේ මේකත් ගත්තා හරිය,,ටැංකෝ

    ReplyDelete
  22. මේ ගීතය කලින් අහල තිබුනත් අද තමා අවධානයෙන් අහන්නේ. පද ලස්සනයි. කව්ද මේ පිංතූරේ ඉන්නේ ?

    ReplyDelete
  23. ලස්සනයි... වැඩියෙම පින්තූරෙ , පින්තුරෙ ඉන්න ඈය සහ ඈ ගැන හිතන නුඹෙ හිත ... සහෝ...

    :)

    ReplyDelete
  24. තිස්ස අයියේ සිංදුව නම් ඉස්සෙල්ලාම ඇහුවේ අද....නියමයි.....

    ReplyDelete
  25. මේ පද පෙල කියවලා තියේ කලින් .සින්දුව ඇහුවේ අද යාන්තම් මතක විදියට මේක ලියලා තියෙන්නේ ඩෝල්ටන් අල්විස් මහත්තයා වෙන්න ඕනේ . මේ පද දෙක මට හොඳට මතකයි මීට කලින් කියවලා තියෙනවා ඩෝල්ටන් මහත්තයගේ ගීත සංග්‍රහයක

    දේවදාර මල් පිපි සෙවණැල්ලේ -කවුරු බලන්නද හිත ලතැවිල්ලේ

    ReplyDelete
  26. සින්දුව අහන ගමන්...

    පින්තූරෙ රාණි මුකර්ජි ගෙදර එක්කරගෙන ගිය වෙලාවෙ ගත්ත එකක් වෙන්ටෑ...

    ReplyDelete
  27. තිස්ස අයීයා, බනින එකක් නෑ කියල හිතල මේ අවංකවම හිතිච්ච දේ දාන්නේ.. මට මේක බලනොට හිතුණේ.. මේ සිංදුව ලියන්න ඇත්තේ.. ටෙලිපෝන් ලංකාවට එන්න කලින් වෙන්න ඇති කියල.. හික්.. ඉරිදා රෑ 8 ට විතර ලක් හඩේ යනව පරණ ගී ප්‍රො ගෑම් එකක්.. ඊයේ රෑ මට කණාවට වගේ අහන්න සැට් වුණා හදිසි සොපිමක් යන්න සෙට් වෙච්ච වෙලාවේ.. ඒ වෙලාවෙ ඔයාව මතක් වුණා.. ප්‍රොගෑම් එකේ නම නම් දන්නෙ නෑ...

    ReplyDelete
  28. සිංදුව ගැන කියනවද.අර පොටෝ එකේ ඉන්න ලස්සන තරුණ කාන්තාව ගැන කියනවද ?
    සිංදුව ගැන කියනවද.අර පොටෝ එකේ ඉන්න ලස්සන තරුණ කාන්තාව ගැන කියනවද ?
    සිංදුව ගැන කියනවද.අර පොටෝ එකේ ඉන්න ලස්සන තරුණ කාන්තාව ගැන කියනවද ?

    ReplyDelete
  29. හරිම ලස්සන ගීතයක්,, අහපු හැටියෙ හිතට ඇල්ලුවා :) බොහොම ස්තූතියි.

    ReplyDelete
  30. මං මේ සින්දුවත් එක්ක තව පැරණි නෑසෙන ගී ගොඩක් download කලා. ඔබට බොහොමත්ම ස්තුතියි...

    ReplyDelete

 
Blogger Wordpress Gadgets