අන්න පුතේ... නැදෑයෝ ඇවිත්...!

ඒ මම ජයන්ත චන්ද්‍රසිරි ගේ ආසම කරන නට්‍යය වන වෙදහාමිනේ නාට්‍යයේ අන්තිම දෙබස....
තමන්ට කරන්න පුලුවන් ලොකුම නොසණ්ඩාල දේ කරාපු කෙනාගේ උදවිය එක්ක වුනත්, කාලෙත් එක්ක කෝන්තර අමතක කරලා නෑයෝ කියලා සලකන්න තරම් උපෙක්ෂාවක් තිබිච්චි කෙනෙක් ගැන කථාවක් ඒ...!

--------------------------------------------------------------------------------

මීට දසක හතරකට ඩිංගක් ඉස්සෙල්ලා කොලු පැටියෙක් මේ ලොකේ එළිය දු‍ටුවාම උගේ වෙලාව බලාපු නැකත් රාල කියා ඇත්තේ දරුවාගේ හතර කේන්දරේ පාලුයි කියා.... අම්මා තාත්තා විස්සෝප වුනාට, කියන්ට අලාපාලුවක් නැතිව කොලුවා ලොකු මහත් වුණා දෙකට දෙවාරේ.... ඒ හැටි විසේසයක් නැතිවම... කාගේ වත් කරුණාවකට ආදරයකට ඒ හැටි භාජනය නොවීම... යම් යම් කාරණා නිසා විවාහ ජීවිතේයි ගැණු සංහතියම ගැනයි අට අනූවක් අකම්පාලයෙන් හිටිය මේ කොලුවා දිහා ආදරයෙං බලන්ටත් කෙනෙක් ඉපදී තිබුණා.... ඒ ඇත්තී, කාගේවත් බැල්මකට වත් ආදරේකටවත් බාජනය නොවෙච්චි අර කොලුවාගේ හිත ආදරයෙනුයි කරුණාවෙනුයි පුරෝලම දැම්මා... කොච්චරද කියතොත් අනෙක් අය දිහාත් ඒ විදිහට බලන්ට ඒ කොලුවව මුවින් නොබැනම පොලඹවන ගමන්ම.... ඒ ගලාගිය ආදරේ ඒ කොලුවා වටේටත් බොහෝම සෙනේහෙවන්තයෝ සෙනේහෙවන්තියෝ රාසියක් එකතු කරන්ට සමත් වුනා....

---------------------------------------------------------------------------------

මගේ උපන් දිනේ වෙනුවෙන් තමන්ගේ කාලය ශ්‍රමය කැපකරාණ සුභ උපන්දිනයක් කියන්න එක්කහු වුන පිරිස දු‍ටුවාම මගේ හිත හෝස් ගාලා යනවා.... ඒක නිකන් මූණු පොතේ කුරු‍ටු ගාණ දේකට වඩා මට බොහෝම වටිනවා.... මගේ ඇති අලජ්ජි ගති ගුණ අමතක කරාලා මා වෙනුවෙන් වචනයක් කියන්න එක්කහු වුණු හැමෝටම ස්තූතියි...

අද දවසේ මගේ ඇස් තෙත්වුණු වාර බොහෝයි....
දොරේ ගලා යන හිතවත් කම් වෙනුවෙන් ගලායන කඳුලු වලින් ලෝකය යහපත් තැනක්ම වුණාවේ....

ලලල ලල ලල ලලලා....ලලල ලල ලල ලලලා....
ලලල ලල ලල ලලලා....ලලල ලල ලල ලලලා....
ආ...... ආ........

සඳ කැන් දහරින් දෙනුවන් පිපිලා...
දෙනුවන් කැළුමින් පියුමින් සැළිලා...

හිරි පොද වැහි වැටිලා කුරහන් මල් තෙමුනා...
හිවුඩු පිපෙන සුල‍ඟේ... සුවඳ මැකී වියැකේ...

ඉද්ද සමන් පිපිලා.... වන පෙත හිනැහෙනවා....
කොවුලිඳු ගී ගැයුවා.... ගම්දොරකඩ ‍රැඳිලා...

ගීතය අහන්න... ඕනේ නම් බාගන්න [download]

40 comments :

  1. දොඩන් අයියාට සුබ උපන්දිනක් වේවා

    ReplyDelete
  2. තිස්ස භය්යා,

    ඔබ බ්ලොග් කෙරුවාව හින්දා හමු වුනු වටිනා පුද්ගලයෙක් කියලායි මම හිතන්නෙ.

    ප්‍රොෆයිල් පික්චර් එක බැලු බැල්මට වස පාට නිසා මුණුපොතේවත් යාලු රික්වෙස්ට් එකක් නොදා මම කල් මැරුවේ. දුකා භය්යාගේ පොටෝ වල දැක්කට පස්සෙයි දොඩම් භය්යා​ගේ කරුණාවන්ත මුණත්තහඩුව දැක්කේ.

    කියන කරන දේවල් වලින් මටනං හිතෙන්නේ මුණෙ තියෙන සිරියාව හදවතෙත් ඈතියි කියලා. ඒක හින්දා මමත් තිස්ස භය්යාගේ යාලුවෙක් වෙන්න කැමති උනා....

    මම වැඩියෙන්ම කැමති තිස්ස භය්යා අපිට මලේ, නඟෙ කියලා කතා කරන එකටයි.

    තව කියන්න දේවල් බොහොමයි.... ඒවා හමුඋනාම කතා කරමු.

    ඔන්න එහෙනම් මගෙනුත් ආයෙ සුබ පැතුම්! තිස්ස භය්යාටත් චිරාත් කාලයත් තනි නොතනියට හිටපු තිස්ස භය්යාගෙ උඩුරැවුලටත් එක්කලාම....!

    ReplyDelete
  3. Nadaayo avilla kiwuama kohomada naewith inne? Hadissiyata godawela yanna naawath ahamben me post eka dakke FB eke.
    Kiyapu dewaluth nokiyapu dewaluth okkoma theruna maye hithe.. Godak sathutui.
    Thunweni vathawatath kiyannam :)
    Umbata Suba upandinayak weeva ayye!...
    (Machine eka foamat kalaa , sinhala install kale na thaama )

    Bhanu Malli ..

    ReplyDelete
  4. ඉතින් අයියේ . . . . . .
    ඉක්මනින් පරිස්සමින් ලංකාවට සැපත් වුනාම කතා කරමු. . . .
    19 මම එනව මිතුරු හවුලට .
    කේක් කේක් ...එදාට කේක් දෙනවැයි මයෙ/අපෙ අයියා . .

    ReplyDelete
  5. උඹ දන්නවනේ තිස්ස අයියා..
    පහු ගිය දොහේ මටත් එක එක වැඩ රාජකාරි..අදටත් කියලා ඒවායේ ඉවරයක්නං නෑ..

    මම දන්නවා උඹටත් මෙ කාලේ වෙනදට වඩා වැඩ වැටුනා කියලා..ඒක හින්දා ඇත්තටම අපිට හරියකට කතා කරන්න වෙලාවක් නොතිබිච්ච ගානයි..

    ඉඳලා හිටලා හරි මූනූ පොතේ හරි බස් එකේ හරි මුණ ගැහුනාමත් අපි කොලේ මඩ පාරක් ගහ ගන්න එක විතරයි..
    ඒ ඉතින් තරහකට මරහකට නෙවෙයි..තියෙන තත්පර ගාණ ඇතුලේ සීරීයස් කතා කර කර ඉන්න විදියක් නැති හින්දයි..
    විහිළුවක් තහළුවක් කොරලා පොඩ්ඩක් ලැබිච්ච අවස්ථාවෙ සතුටු උනා විතරයි..
    මම දන්නවා උඹත් ඒ වා ගණන් ගන්නේ නැහැ කියලා..ඒත් ඒ කිසියම්ම දේකින් හරි මගේ අතින් උඹෙ හිත රිදුනානං මට සමා වෙයං..

    අනික ඉතින් උඹ දන්නවානේ මල්ලිලා ඉන්නේ බකට් අදින්න අයියලා ඉන්නේ ෂේප් කරන්ට කියලා..

    හරි ඒ කතාව වැඩක් නැහැ.
    උඹෙ කේන්දරෙත් ගහගන් ඔය කොහේ හරි..ඒවාත් වැඩක් නැහැ..

    මට වැදගත් එකම දේ උඹෙ මනුස්සකම විතරයි...

    ජීවිතේට කවදාවත් දැකලා නැති එකෙකුට ලැප් ටොප් එකක් අරං දෙන්න උඹ හදනකොට මට ඒක දරන්න පුළුවන් උනේ නැහැ..
    මම එහෙම කියන්නේ තමන්ගේ කියන එවුන්ගෙන්වත් පැන්සල් කොටයක් හම්බ වෙලා නැති එකෙක් හැටියට මට ඒ දේ තියෙන වටිනාකම අනුව..

    නමුත් උඹ එහෙම කරන්න හැදුවා..මම උඹව බලෙන්ම නැවැත්තුවෙ නැත්තං උඹ ඒ දේ කරනවා කියලත් මම දන්නවා.

    උඹ වචී පරම නෙවෙයි කියලා මම හොඳටම දන්නවා..

    අන්තිමට උඹ මාව බලන්න අර මං හිටිය මුර ගෙට ආව දවසේ මං උඹ ගැන තේරුං ගත්තා..මම උඹත් එක්ක අයියේ එදා උනත් සීරියස් කතා කලා කියලා මම හිතන්නේ නැහැ..

    මට මිනිස්සුත් එක්ක වචන වලින් කතා කිරීමෙදී මොනවා නමුත් දුර්වලතාවයක් තියෙනවා..
    හිතේ තියෙන හැගීම් මට පිටින් පෙන්නන්න තේරෙන්නේ නැහැ.
    ඒ හින්දා ඒ හමුවීම උඹට දැනුනයි කියලා මම හිතන්නේ නැහැ.

    අනික උඹ දන්නවා මම එදා හිටිය තැනේ හැටියට මට උඹලා වෙනුවෙන් කොරන්න දෙයක් නොතිබිච්ච වග..

    අනිත් එක උඹ මට බෝතලයක් ගෙනත් දීලා එක එකාගෙන බැනුං ඇහුව විත්තියත් මම දන්නවා.

    ඒත් උඹ ඒක කලේ උඹෙ මනුස්ස කොමට මිස මාව මරාගන්න නොවෙන වග මම දැන ගත්තාම ඇතිනේ බං.

    ඉතින් මම කියන්න ආවෙ එකක් අන්තිමට කියවගෙන යන්නේ තවත් එකක්..

    අයියේ...

    මට මගේම කියලා අයියලා නැහැ.
    එහෙම හිටියනං අද මම මෙ විදිය නොවෙන්නත් තිබුනා.

    මට හිටියා එක අයියා කෙනෙක්..ඒ මගේ මහප්පගේ පුතා..එදත් අදත් මට ආදර්ශෙකට හිටියේ ඌ විතරයි..
    ඌත් මං වගේම එකෙක්..අදටත් ඔන්න ඔය නවසීලන්තෙටද කොහේද වෙලා තනියම ඉඳගෙන මං වගේම පිස්සු අරමුණක් නැති ජීවිතයක් ගෙවනවා..

    ඇත්තටම ඌ හොඳ එකා..

    ඒත් මට උඹ වගේ අයියා කෙනෙක්ගේ අඩුව හුගාක් දැනෙනවා...

    මට මගේ ජීවිතේ බර වැඩි උනා බං...
    ඒ බර මට කළින් කර ගහන්න එකෙක් හිටියනං අද මෙ හැම දෙයක්ම වෙනස් වෙලා...

    මං අහන්නේ ඇයි උඹට බැරි උනේ ටිකක් ඉක්මන් වෙන්න..

    උඹට තිබුනේ මෙහෙම අයියෙක් වෙන්න නෙවෙයි බං මගේම අයියා වෙන්න..

    කොහොම උනත් මෙ අපේ දෛවය තමා..

    උඹට පුළුවන්නං ලබන ආත්මෙවත් බලහං...

    මම බීලා නෙවෙයි ඉන්නේ අන්න ඒකත් මතක තියා ගනින්..

    මට මීට වඩා කියන්න බැහැ බං...

    උඔටයි උඹෙ දරු පවුලටයි වාසනාවන්ත අනාගතයක් උරුම වෙවා...

    ReplyDelete
  6. ඇවිත් ගියෝ ............

    ReplyDelete
  7. අපේ දොඩං සීයාට සියළු පැතුම් ඉටුවෙන්නත්...පවුලේ සාමය සමගිය ආදරය සෙනෙහස කරුණාව දයාව පිරි ඉතිරෙන්නත්....කියලා හදවතින්ම ආයේ ආයේත් සුභ පතනවා....

    (පාරේ යන මිනිහෙක්ට දොඩං සීයා කියලා කිව්වොත් ගුටිත් කන්න වෙනවා.ඒත් දැකලා කතා කරලා නැතත් මේ වගේ බ්ලොග් අවකාශයෙන් මුණගැහුණ මේ සොදුරු මිනිසාට දොඩං සීයා කියලා කිව්වට අපිත් එක්ක කිසි අමනාපයක් නැතැව ඇති කියලා හිතනවා....)

    ReplyDelete
  8. තිස්ස අයියේ වෙන මොනවද ඉතින් අද වගේ සතුටු දායක දවසක කියන්න තියෙන්නේ.....
    සුභම සුභ ජිවන ගමනකට ආසිරි....
    සුභ උපන් දිනයක් වේවා!!!!!!!!!

    ReplyDelete
  9. තිසා, උඹට කට පුරෝල ආපහු සුභ උපන්දිනයක් කියනවා මම. බලාගෙන ගියහම උඹත් මමත් එකම බෝට්ටුවේ. ඒ කිව්වෙ අපි දෙන්නගෙම හතර කේන්දරේ පාළුයි. මම ඉපදුන දවස්වල මගේ ආත්තම්මලා හදලා තියෙන්නෙ මාව මහණ කරන්න. කේන්දරේ හදපු එකා කියලා තියෙනවා මම ගිහි ගෙයි හිටියොත් නපෝලියන් කෙනෙක් වෙනවාය, මහණ උනොත් වාරියපොල සුමංගල කෙනෙක් වෙනවාය කියලා. පස්සෙ අපේ අම්මා වෙන කෙනෙකුට කියලා කේන්දරයක් (වෙනස් විදිහට ) හදවලා තමයි මාව මහණ කරවන එක නවත්තලා තියෙන්නෙ.

    උඹ ගැන ඉතින් ආපහු කියන්න දෙයක් ඉතුරු වෙලා නැහැනෙ. උඩ කමෙන්ට් බලපුවහම කියන්න තියෙන ඔක්කොම කියවිලා තියෙන්නෙ. මට දුක එකම රටේ ඉඳලත් උඹ වැඩිය ආශ්‍රයකට එන්නෙ නැති එක ගැන. මම හැමදාම දුකාට කියනවා මොකකට හරි සෙට් වෙනකොට උඹව ඇන්න වරෙන් කියලා. ඒත් උඹව හුඹහෙන් එළියට ඇදලා ගන්න හෙනම ගේමක් දෙන්න වෙනවනේ. ඒකනෙ දුකා කියන්නෙ උඹ යූ.ඒ.ඊ වලට ඇවිල්ල අවුරුදු තුනක් විතර උනාට තාම ඩුබායි දැකලා නැහැ කියලා . . . මම දන්නෙ නැහැ මේක උඹ විහින් දාගත්ත වාරණයක්ද කියලා.

    මොනව උනත් උඹ අද ඇන්න ආපු සිංදුව නම් පංකාදු පහයි. මාලනීගේ "මා එක්කලා" සිංදුවට පස්සෙ මම වැඩියෙන්ම කැමති සිංදුව මේක.

    ReplyDelete
  10. සොයුරානෙණි, හැම පුද්ගලයාටම ජීවිතයේ නොයෙක් ලැබීම් තියෙනවා, ඒ අතර විශේෂිත ලැබීම් ද තියෙනවා. ඉන්වෙන්ටරි ගන්න විට ඇති දේවල් විතරයි ගනින්නේ. මනුසත් අපිත් අපිට ඇති විශේෂිත දේවල් ගනිමු. මොකද නැති දේවල් බොහෝම වුනත් ඇති දේවල් වටිනා නිසා.

    ජීවිත ගමනේ ඉදිරියෙන් ඉදිරියට යන්න අවැසි ධෛර්යය, ශක්තිය ඔබට වැඩි වැඩියෙන් ලබේවා! සුභ උපන්දිනයක් වේවා!

    ReplyDelete
  11. හප්පා..තවත් වයසට ගිහින් නේද?
    සුබ උපන් දිනයක් වේවා අයියේ.
    නොදැවී සෙන්චරියක්ම ගහන්න ලැබේවා!!

    ReplyDelete
  12. සුබ උපන් දිනයක් වේවා තිස්ස අයියේ... :)

    'දසක හතරකට ඩිංගක් ඉස්සෙල්ලා' කිව්වෙ දැන් වයස දසක පහට එකක් අඩුවෙන් නේද ? :P

    ReplyDelete
  13. අපරාදෙ උඹයි අර දුමියයි ඒ දවස්වලම මහණ වුණානම් මේ වෙනකොටත් සසරින් එතෙර වෙලා. අන්තිමට දුමියානම් නැපෝලියන් කෙසේ වෙතත් බොනපාට් කෙනෙක් වෙලා නැවතුනා.......උඹ ????

    ReplyDelete
  14. මම නම් අළුත්... ඒත් මම ඔයාගේ post , ගොඩක් ආසාවෙන් කියෙව්වා, සුභ පත්න්න විදියක් නැතුව තමා මාත් හිටියේ, කමක් නෑ පරක්කු වෙලා හරි මගේ සුභ පැතීමත් පිළිගන්න...

    සුභම සුභ උපන්දිනයක් නෙවේ, සුභම සුභ අනාගතයක් වේවා.

    ReplyDelete
  15. සුබ උපන්දිනක් වේවා
    මම නම් මේ පැත්තට අලුත්!

    ReplyDelete
  16. මමත් ආසම කරන සිංදුවක් !!
    ඔන්න දෙවෙනි වතාවටත් සුබම සුබ උපන්දිනයක් වේවා :)

    ReplyDelete
  17. අම්මපා... කේක් දුසිං ගණන් කන්ඩ ඕන වැඩක්නේ.... පොඩ්ඩක් ඉඳහන් අර හෑල්ල පටන් ගන්නකං...
    ලැබුවාවූ මේ උපන් දිනයේදී සතුට සාමය වාසනාව සපිරි, දුක් කරදර අඩු (නැති ම වුණොත් ලොකු අඩුවක්නේ බං..) බඩ පැලෙනකල් කන්ඩ ලැබෙන, ඉක්මනින් අඹු දරුවෝ ලඟට ඉගිලෙන්ඩ ලැබෙන සාර්ථක අනාගතයක් වේවා.....
    මේ බොක්කකෙං මයි තිස්ස අයියා....

    ReplyDelete
  18. තිස්ස අයියාට සුබ උපන්දිනයක් වේවා....

    ReplyDelete
  19. හ්ම්ම්ම්ම් පොස්ට් එකයි කොමෙන්ට් ටිකයි ...............

    ඉතුරුටික ලිඅන්න වචන එන්නේ නෑ බන්
    උඹට සුබ අනාගතයක්..!

    ReplyDelete
  20. මං නම් මේ ඉසව්වේ මහත්තැන් එක්ක අමනාපයි නෙවැ...(දැක්කද මගේ මූනත් තහඩුව..මේං)ඒත් ලියන දේවල් එක්ක තරහවෙන්න නාක නිසා නිතර දෙවේලෙ මේ ඉසව්වට ගාටලා තමුන්නාන්සෙ හොඳින්දැයි බලාගෙන යනවා..මක් කරන්නද ඉතින් ලෙංගතුකොමට...

    ඊයෙ ත්මුන්නාන්සෙගෙ උපන්දිනයළු නෙව..අද තමයි ඇස ගැටුනෙ..ඉතින් මක්කකොරන්ඩදෑ...මගේ සුභ පැතුමත් භාරගන්න..

    "හද ගී පොතින් කවි සිතිවිලි මවන දොඩං මහත්තැන්ට..මේ ලැබුවාවූ වසර ලෙඩක් දුකක් අතුරු අන්තරාවක්,හිත් රිදවීමක් නොවී යහපත්ව නීරෝගීව ගෙවන්නට ලැබේවා"යි ප්‍රාර්ථනා කරන්නේ......
    ...මම...
    .....
    සුලා..

    ReplyDelete
  21. සුභ උපන්දිනයක්!!!
    මැණික්(සුළඟ)

    ReplyDelete
  22. ආදරණීය තිස්ස,

    හරියටම වෙලාවට සුබ උපන් දිනයක් යැයි පැතීමට නොහැකී වූවත් ඔබට මෙවැනි උපන් දින තව බොහෝමයක් අත්විදීමට ලැබේවායි පතිමි. වෙසසින් ම ඔබ වැන්නන් මේ කර්කෂ සමාජයට සිහිල් පවන් පොදකි. ඔබ ආදරය සමාජයට වගුරන්නේ ඔබට ආදරය ලැබුන සහ ලැබෙන බැවිනි. එබැවින් ඔබට ආදරය දැක්වූවන්ට ද බොහෝ පිං. ඔබ වැන්නෙක් ලොවට බිහි කළ ඒ දෙමාපියන් සතුටු වෙනවා ක් මෙන්ම ඔබ වැනි සැමියෙකු ලද සොඳුර ද , පියෙකු ලද දරුවන් ද, ඔබ වැන්නෙකු ගේ වදන් පහස ලබන අපිද පිං වන්තයෝම වන්නෙමු. ඔබට සුබ උපන් දිනයක් තිස්ස.

    ReplyDelete
  23. ආදරණිය තිස්සයියේ...!!!
    මට හිතුනා මම ඇතුළුව අපි මහා වාසනාවන්තයි කියලා. මොකච උඹ ගැන මිනිස්සු කියලා තියෙන දේවල් දැක්කාම ඒ වයේ එකෙක් අපිත් එක්ක පැටලිලා ඉන්න එක ගැන පුදුම සංතෝසයක් දැනෙන්නේ. මං අයියන්ඩිගේ හිතවතෙක් කියලා කට ඇරලා කියන්නත් මං බෝම ආසයි. ඒ තරමට උඹ ගැන ආකල්ප වලින් හිත පිරිලා තියෙන්නේ. කොල්ලෝ/කෙල්ලෝ මඩ ගැහුවොත් ඒ උඹටමයි. අයියේ කියලා ආදරෙන් කතා කලොත් ඒත් උඹටමයි. උඹ ඒ අවස්ථාවන් දෙකටම යහමින් මූණ දෙන්න දන්නවා. ඒ අතිං වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම "පොරක්" බං. හිතා ගනිං ඇත්තටම මේ ඔක්කෝම උඹේ ලේ නෑයෝ මිසක්ක නිකම්ම නිකං යාළුවෝ නෙමෙයි කියලා. එච්චඑකට උඹ අපිට බද්දයි.

    ආදරණීය අයියණ්ඩි,
    උඹ‍ට සුභ උපන්දිනයක්ම වේවා..!
    (ඉක්මනට වරෙන්. උඹව බලන්න මැරි මැරී අපි ඉන්නේ... )

    ReplyDelete
  24. අවුරුදු 21දී ඉස්සරහ ගෙදර ගින්නක් නිවන්න ගිහින් පිච්චිලා චාටර් වෙන්න කලින් මම නිතර තරහ යන, තරහ ගියාම උන්නද මලාද නොබලන චාටර් චරිතයක්.

    දැනටත් මම "සමහර වෙලාවට" මට එකක් කලොත් ඒ වගේ දහයක් කරන ජාතියේ චාටර් චරිතයක් හැබයි බොහෝ වෙලාවට මට දහයක් කලත් එකක් වත් නොකර ඉන්නත් බොක්කෙන්ම ට්‍රයි එකක් දෙන අහිංසක චරිතයක්.

    කොටින්ම ෆුලී කොම්පිකේටඩ් චරිතයක්.

    පිච්චුනාට පස්සේ තමයි මම තේරුම් ගත්තේ මොන මොන වර්ග වලට අයිති වුනත් මිනිස්සු කියන කොටස නැතුව අපිට ජීවත් වෙනන් බෑ කියන දේ.

    එදා ඉඳන් අද වෙනකම් මම බොහෝ උත්සාහ කරනවා ආශ්‍රය කරන අනෙක් අයගේ වැරදි (ඒවා මට වැරදි වගේ හිතුනට අනිත් අයට හරි වෙන්න පුලුවන්නේ)අමතක කරලා තියෙන එකම හරි හොඳක් හරි ගැන හිතලා ඒ අයට මගේ හිතෙන් සමාව දීලා ඒ අයට වැරදි දෙයක් කරන්න සධාරණ හේතු ඕන තරම් තියෙන්න පුලුවන් කියලා ඒ අයගේ වැරදි නිසා මගේ හිත රිද්දවා නොගෙන ඉන්න.

    ඔහොම ඉන්න අතරේ ළඟින් ම තියා ගන්න කියලා අපි තෝර ගන්න . . . ජීවිතේ හැමදේම බෙදා හදාගන්න පුලුවන් විස්වාසදායි අය කියලා තෝරා ගත්තු කාගෙන් හරි වෙනසක් වුනාම අනෙක් සමාන්‍ය හිතවතෙක් වැරැද්දක් කලාට වැඩිය හිත රිදෙන නිසා . . .මම නම් සෑහෙන කාලයක් ඉඳන් පුලුවන් උත්සාහ කරනවා / සොයමින් පවතිනවා . . ඒ විදිහට හිත රිදෝ නොගන්නා විදිහට මිනිසුන් ආශ්‍රය කිරීමට ත් ක්‍රමයක් තියෙයිද කියලා . . .

    කොහොම නමුත් මේ ජීවන ගමනේ එක නවාතැනක් වන් වූ බ්ලොග් අවකාශේ නිසා අඳුනගන්න ලැබුනු බොහොම අපූරු මනුස්සයෙක් වුනු උඹත් එක්ක එදා ඉඳන් කරමින් සිටින සුහද මිතුරු ගනුදෙනුව ජීවිතයට බොහෝ දේ එකතු කල බවත් අවංකව කියන්න ඕන . . .

    සුභ උපන් දිනයක් වේවා කියලා දෙපාරක් සුභ පැතුවා වුනත් බ්ලොග් එකේත් සුභ පැතුමක් එකතු කරන්නම් මචං . . .

    ReplyDelete
  25. @ගීත් (සහෘදයා) :බොහෝම ස්තූතියි මල්ලියේ...!

    @බුද්ධි: අනේ බන්....උඹ තමා මට වසපාට කියූ එකම කෙනා... බොට පිස්සි.... මොකද්ද බන් මේ භය්යා කියන්නේ...? :-)

    @භානු: මේං මගේ මලයත් ඇවිල්ලා තියෙන්නේ....! උඹට ඉතින් මම දෙයක් කියන්නම ඕනේ නෑ නෙව... යමක් තේරුන් යන්න...

    @වත්: එදාට මොකටෙයි කේක්... බත් ඒලක්ම කා සරුවත් එකක් බොම්..... රසවන්ත කවියට බොහොම තුති...!

    @මාරයා: දැන් මොනවටෙයි මේ සමාව ඉල්ලන්නේ මල්ලියේ...? හෙහ් හෙහ් හෙහ්... ගහගන්නවත් කේන්දරේ කොයි ලෝකේ තියනවද මන්දා.... ඇයි බං තමන්ගේ තැනට එක්කන් ගොහින් තේකක් කාරිය බීලා සතු‍ටු සාමීචියේ යෙදෙන එක නෙවෑ නෑයෝ හම්බවුනාම කරන්නේ.... මමත් යෝගියත් උඹත් අපූරු විදිහටම සැට් වුනා නෙව එදා... මටත් බන් මගේම කියලා සහෝදරයෙක් නැති අඩු පාඩුව බොලා අනේක වාරයක් නැති කරනවා... ආයේ ඒකේ දෙකක් නෑ බං මල්ලියේ... උඹ බීවා නොබීවා කියා වෙනසක් අපිට දැනෙන්නේ නැ උඹ කියන එව්වැයින්... එව්වා එන්නේ බොක්කෙන්ම බව කවුරුත් දන්නවා මලේ....

    @වැප්: මේං මෙරුවෙක්....

    @හසියෝ: හෙහ් හෙහ් හෙහ් හොඳමයි මගේ පුතේ....!!

    @ප්‍රියන්ත.ඒ.බී: බොහොම තුති මල්ලියේ...

    @දුමී: කොට්ටප්පරි රතනසාර....!!! හ්ම්ම්ම් ඒකත් එහෙමද... හැබැටම තාම ඩුබායි දැකලා නැ නෙව... හෙහ් හෙහ් හෙහ්.... මෙහේ කස්ටියත් සිනාවෙත.... මොන වාරණයක්ද බන්...මහ වස කම්මැලියි ඔය බිල්ඩිං අස්සේ ම යන්ට බං....

    @ඕං ගල්මල් මහත්තයත් මුතු කැටයක් ඇන්න අවිත් කණ්ඩිය උඩින් තියා ගිහින්....!

    @මෙං නව යුවලත් නෑගං ඇවිත්..ආයුබෝවේවා...!!!!

    @Pali: මම රතනසාර වුනා..... ;-)

    @prasanna86k : මොන අලුත්ඩෑ අප්පේ මෙව්වායේ... බොහෝම තුති සුභ පැතුම් වලට.....

    @samadhi ඔබතුමිය නම් අලුත් වාගේ තමා... ඒත් ඇවිත් සුභ පැතුවා නෙව... බොහෝම තුති...

    @ස්වප්නා: ආයෙමත් ඉස්තූත්යි ඉතින් අප්පේ... අර නිලිය තාම මතක් වුනේ නෑනේ...!

    @Jeew: හෙහ් හෙහ් හෙහ්... පිස්සු බන් බොලාට... ඉස්තූතියි මලෙ... බොහොමත්ම.....

    @Praසන්ன : බොහොම ස්තූතියි මලේ සුභ පැතුමට...

    @නිශ්: බොහෝම ඉස්තූතියි මචෝ... කිව්ව නොකීවා මක්ක වෙනවද...

    @සුලෝ: හැබෑට උඹට මොකෑ මේ වෙලා තීන්නේ... කොමෙන්‍ටු නෑ කොහෙවත්ම... ගොඩ වෙයං, ගොඩවෙයං ආයේ ඉස්සර වාගෙම මෙතැනට.....!

    @මැණික්(සුළඟ)"බොහොමත්ම තුති සුභ පැතුම් වලට....

    ReplyDelete
  26. @නෙතු: හ්ම්ම්ම්... ස්තූතීයි...

    @නිලන්ත: බොහෝම ඉස්තූතියි මහත්තයෝ.... ඔබතුමාත් ඉඳහිටවත් ලිපියක් ලියනවානම් මමත් බොහෝම මනාපයි.....

    @කුෂාන්: හැබෑව මල්ලියේ.. එහෙම ගතියක් තමා මටත් දැනෙන්නේ... ඒක අපේ දුර්වල කමක්ද මොකක්ද කියා කියන්න මම දන්නේ නෑ බං නමුත් ඒක හිතට දැනෙනවා නේ...? බොහෝම ඉස්තූතියි...අනිවා මුණ ගැහෙමු....

    @දුකා.: බොහෝම ඉස්තූතියි බං... මූණ බලන කණ්නාඩියක් ගෙනත් මගේ ඉස්සරහින් තියලා ගියාට....

    @බොහෝම ස්තූතියි සමීර ඉතින් මේ ඇවිත් සුභ පතලා ගියාට....

    ReplyDelete
  27. තිස්ස භයියා,
    මගේ කොමෙන්ටුව හරියට කියෙව්වද නැද්ද? මේ රිප්ලයි එක කරන්න කලින්.
    එන්ඩකො එක්ඩකෝ..... මම අය්යණ්ඩිව අල්ලගන්නෙ එයාපොට් හන්දියෙන්. මොන රට රාජ්ජෙ ඉදලා ආවත් එතනිං එපැයි මහ පාරට දාන්න....... මට ඔය හන්දියට එන්න යන්නෙ විනාඩි 20යි.....

    ReplyDelete
  28. හහ් මොකද බන් කියෙව්වේ නැත්තේ.... බැලූ බැල්මට මට වස පාටවත් කීවේ නුඹම තමා....! කියපන්කෝ ඔය භය්යා කියන්නේ මොකක්ද බන්...!

    ReplyDelete
  29. ආ...... එතකොට කරුණාවන්තයි, සිරියාවයි, වටිනා පුද්ගලයා කියපුවා පෙනුනෙ නැ නේද? මෙතන වස පාටයි කියපු එක විතරක් අල්ලං ඉන්නෙ....

    භය්යා කියන්නෙ පිට් එක වැඩි කමට.!

    ReplyDelete
  30. හෙහ් හෙහ් හෙහ් තනියම හිනා යනවා බං....!
    අහ් එහෙමද...!

    ReplyDelete
  31. භය්යා, බායි, බයියා හැම එකම හින්දියෙන් සහෝදරයා කියන එක වුනත් වඩාත් කුලුපඟ මිතුරා කියන එකට යොදන වචනය

    ReplyDelete
  32. සුබ උපන්දිනයක් ! තිස්ස

    ReplyDelete
  33. සුභ උපන් දිනයක්.
    හද ගී පොත මීට මාස දෙක තුනකට කලින් මට අහම්බෙන් වගේ හම්බවුනේ. එතකොට මට හිතුනෙ මේ බ්ලොග් එක ලියන කෙනා 20ක 25ක විතර කෙනෙක් වගේ කියලයි. ඒ නිසා මම "බඳුන් පිරි ඉතිරෙන මී" බ්ලොග් පිටුවෙ comment එකක් ලිවුවෙ "කලින් පරපුරේ අංකල් කෙනෙක්" කියලා. නමුත් බලාගෙන ගියාම වෙනස අවුරුදු දහයයි දවස් තුනයි.

    ReplyDelete
  34. ස්තූතියි ගල්මල් මහත්තයෝ....

    ස්තූතියි මුතුපබා මැතිණියනි...

    @කිනිර: අහ් එහෙමද... ඒත් මම මේ ලඟකදීත් ආයෙමත් මගේ එව්වාම නැවත පෙරලා බලන ගමන් කල්පනා කලා මේ අමුත්තා කව්දෝ කියා... එහෙමනම් මේ ඔබ... සතුටුයි මහත්තයෝ දැනගන්න ලැබුනට.... සහ සුභ පැතුම් වලට...
    චහ් ඔබේ තව වගතුගත් දැනගන්න තියේ නම් හොඳා මහත්තයෝ... ඔබටත් සුභම සුභ උපන්දිනයක් එහෙමනම්...
    21 ද 27 ද කියා නොදනිමි...
    [ඔබට පමණක් රහසින්: හතලිහයි කීවාට ඕන් හතලිස් දෙක ලැබුවේ මේ...]

    ReplyDelete
  35. @ක්නිර: වැදගත්ම දෙයක්, ඔබේ විනෝදාංශ හැටියට දුටුවා මේං මේවා...
    * Collecting music
    * Archiving music
    * Digital Audio Restoration

    අනේ මහතුන් මටත් යමක් කියාදෙන්නකෝ අර අන්තිම කාරණේ සම්බන්ධව...

    ReplyDelete
  36. Digital Audio Restoration: ඔය පරණ රෙකෝඩ් වල තියෙන "චර චර" සද්ද වගේ අනවශ්‍ය සද්ද එහෙම අයින් කරලා ටිකක් පිරිපහදු කරලා ගන්න එක, එහෙම නැත්නම් එහෙන් මෙහෙන් කැලි අමුණලා අසම්පූර්ණ සිංදුවක් සම්පූර්ණ කරන එක වගේ වැඩ ගැන තමයි මේ කියන්නේ. මමත් මේ ගැන ගොඩක් ගැඹුරට නම් දන්නෙ නෑ. නමුත් ඒ වැඩ ගැන ලොකු උනන්දුවක් තියනවා. ඒ වෙනුවෙන් යොදන්න තියෙන කාලය තමයි අඩු.

    පොඩි නිවැරදි කිරීමක් එහෙනම් - වෙනස අවුරුදු නමයයි දවස් හතරයි. ඒ කියන්නෙ එකම පරපුරේ තමයි.

    බොහොම ස්තූතියි සුභ පැතුම් වලට.

    ReplyDelete
  37. @කිනිර මහත්මයාට: දැනිමි... හැඳින්නෙමි... හමුවෙමු එතැන...!

    ReplyDelete
  38. පරක්කුයි නොවැ මම... සුබ උපන් දිනයක් අයියේ...

    ලංකාවට යනවලු නේ... කොයි තරම් කාලායකටද ?? මගෙත් අදහසක් නම් තියෙනවා එන්න...

    ReplyDelete

 
Blogger Wordpress Gadgets