අමුතු සිංදු...

සිංහල ගීතාවලියේ මා රස විඳි අමුතු ගී කිහිපයක්, මෙසේ සටහන් කිරීමට සිත් විය... සාමාන්‍ය රිද්මයන්ගෙන් බැහැරයමින් නිර්මාණය වී ඇති මේ ගී, කුඩා කල මාගේ සිතට ඉමහත් ආනන්දයක් හේතු ප්‍රත්‍ය රහිතවම, ජනනය කලේය... වචනාර්ථයන් හරි හැටි නොදන්නා ඒ කාලයේ, මගේ හිතට ඒවා එකතු කලේ, ඒවායේ තණු යැයි සිතමි... මෙහි ඇති සමහරක් ගී, අලුත් ඒවා වුවද සිංහල ගීයට එකතු කරන "අමුතු"රසය නම් චිරාත් කාලයක් පවතිනු ඇත... ඔබත් රස විඳින්න...!

ඔය දකුණු අත පැත්තේ තියන "හද ගී පොතේ පි‍ටුවක් ඉරා"කියන තැන ඇති මේ සිංදු ටික... "අමුතු සිංදු" යටතේ... වාදනය වෙන්ට ඇරියම ඔක්කෝම එක දිගට ධාවනය වෙයි... එකින් එක තමුන්ට කැමති විදිහටත් වාදනය කරවාගන්ටත් පුලුහං... සිංදු අහන ගමන් මෙතෙන්ට ඇවිල්ලා හිතේ තියන දෙයක් ලියලත් යන්නකෝ....

51 comments :

  1. මේ ටික ඔක්කොම අහල අනිද්ද හැන්දෑවට විතර තමයි හිතෙන දේවල් ලියන්න වෙන්නෙ...

    ReplyDelete
  2. අහලම එන්නංකෝ එහෙනම් ආයෙත් මේ පැත්තෙ.

    ReplyDelete
  3. අයියගේ නිවහනට ආවෙ අදමයි....
    මං නම් අහල තියෙන්නේ ඒ සිංදු දෙක තුනක් විතරයි.
    ඉතුරු ටිකත් ඇහුව හිත ගියේ "පුංචි නංගි" සිංදුවට....

    ReplyDelete
    Replies
    1. ඔයා ගාව "පුංචි නංගි" සින්දුවේ ලින්ක් එක තියෙනවා නම් මට එවන්න
      nuwanmihiraj@gmail.com

      Delete
  4. අර දඬුබස්නාමානයේ තේමා ගීය ලබාගන්න විදියක් නැද්ද ?

    ReplyDelete
  5. @Confiuzd ප්‍රෝග්‍රැමර්: ඔන්න බාගන්න මලේ...
    http://www.divshare.com/download/11151774-2b6

    ReplyDelete
  6. මම නම් ආසම වීර මලේ, සින්දුව.. බැරිද ඒක බා ගන්න ලින්ක් එකක් දෙන්න. ඔය සින්දුව මම කාලයක් හෙව්වා. [හැබැයි මුලින්ම හිත ගියේ නම් ඕක රූකාන්තයන් ගායනා කරනවා අහලා.. :) ]

    ReplyDelete
  7. @Ansh Lucky Sri Jay: ඔන්න බාගන්න
    http://www.divshare.com/download/11092670-aae

    ReplyDelete
  8. මේ ටික කලින් දැක්කා...... ඒත් අහන්න වුනේ නෑ..... අහලම එන්නම් තිස්ස අයියේ.........

    ReplyDelete
  9. අමුතුම සින්දු ටිකක් තමයි... හුඟක් ඒවා මම අහලවත් නැහැ. හිමින් සැරේ අහලා බලන්නන්කෝ... ස්තූතියි අයියේ අපිත් එක්ක බෙදා හදා ගත්තට...

    ReplyDelete
  10. මේ ගී දුන්නට ස්තූතියි...

    ජය වේවා...

    ReplyDelete
  11. ස්තුතියි උඹට. සමහර විට කවදාවත්ම අහන්න ෙවන්ෙන නැතුව මැරියන්න තිබුණා. අෙප් මාධ්‍ය වැඩ කරන්ෙන හැබැ හැඟීම් වලින් ෙතාරව.ඒෙහම ෙනාවුනනම් ඉදල හිටල හරි අපිට ෙම් වෙග් ගීතයක් ෙදකක් අහන්න ලැෙබ්වි. ෙම් යන ගමෙන හැටියටනම් කවදාවත් ඒෙහම ෙවන ඒකක් නෑ. උඹ කරන්ෙන ෙලාකු ෙමෙහවරක්.

    ReplyDelete
  12. එළම තමා තිස්ස අයියා... මේ ටික ඔක්කොම download කරගන්න chance එකක් දුන්නානං පට්ටම තමා... ඒ පිනෙන් නිවන්පුරේ රුවන් දොරටු ගාවටම යන්න ලැබේවා.. :)

    ReplyDelete
  13. සොරි‍වෙන්න ඕන.. කොමෙන්ටුව දැම්මට පස්සෙ තමා ලින්ක් එක දැක්කෙ. ඔක්කොම ටික බෑවා.. පිංසිද්ධ වෙච්චාවෙ.. අර වීරමලේ සිංදුවෙ හින්දි එකත් අහන්න, ලස්සනයි.. සයිගාල්ගෙ voice එක ඇහුනත් සැපයි.. :)

    ReplyDelete
  14. මදැයි හොයා ගත්තා..අහලා තිබුණට තිස්ස අය්යාගේ බ්ලොග් එක දැක්කේ දැන්නේ...මමත් සින්දුවක් හෙව්වා..මේ බ්ලොග් එකට මාවයොමු කලේ යෝගී..(ස්තූතියි යෝගී).ෂා....ඔයා ලස්සන සින්දු ටිකක් හොයා ගෙන තියෙනවානේ.....මම හෙව්වේ
    බොහෝම ඉස්සර කාලෙක ගමයෙක් හිටියා...
    කොයි කවුරුත් ඔහුට ගමේ කියන්නෙ පැටියා....

    කියන සින්දුව...අයියා දන්නවනම් දෙනවද?

    ReplyDelete
  15. මගේ ඉල්ලීම කෝ...........?

    ReplyDelete
  16. ගීතම පමණක් නොව එහි යටගියාව ද ඒ හා බැඳී පැවතෙන ජනප්‍රවාද , එහි ආරම්භය , ගායක ගායිකාවන් , සංගීතය හා සංගීත භාන්ඩ ,තනුව හා එහි ආභාෂය , මුල් ගීතය සිංහල නොවේනම් ඒ කුමන ගීයක අනුවර්තනයක් දැයි කියන්නට පවා දන්නා මේ මිනිසා ගීත ඉතිහාසයකි...

    ගීතයට හරියටම ගැලපෙන පින්තූරය ඒ හා අමුනා සිත් කාවදින ලෙස ලිපියක් ඉදිරිපත් කරන්නට දරන වෙහෙස මා ද දන්නේ ලිපියකට නොවෙතත් ඇස් රිදෙන තුරු අන්තර්ජාලයේ පින්තූර සොයා ඇති පළපුරුද්දෙනි. රසායන හා භෞතික විද්‍යාව ‍ට මේ මනසේ ඉඩ තිබෙනුයේ කෙ‍සේදැයි අනේක වාරයක් සිතෙන්නේ ඔහු‍ගේ උපරිම ධාරිතාවය ඉස්මතුවනු මා දුටුවේ අපේ දේ අපේ කම හා ගීත කලාව තුළදී නිසාවෙනි..

    මතුපිටින් සරළව සිනාසෙන මේ සුන්දර මිනිසා වෙනුවෙන් මෙසේ සටහනක් තැබූයේ ඔහු සමඟ කතා බහ කර සිනාවෙන් කල් ගතකරද්දී ඔහුතුළ සිටින මේ ගැඹුරු මිනිසාව මා හට මතක් කර දීම උදෙසා ය..

    -ජය

    ReplyDelete
  17. Thissa Ayya oya pahalin thiyen ekath amuthu sinduwak..., man hithanne stage drama ekaka...,mp3 eka thama ne.. ahalama balanna.. hithanawa oyata allala yawi kiyala :-)

    http://www.youtube.com/watch?v=pIb6WsQJLck

    ReplyDelete
  18. ඔහොයියා ලිව්වේ නම් බැද්දගේ නෙමේ, එයාඝෙ අනිත් සින්දු වගේ. මං හිතන්නේ මේක බරණ ගණිතයාගේද හෝ ඒ වගේ පරණ පොරක් ගේ.

    දුද නොද සිඳ - ලිව්වේ රැපියෙල් තෙන්නකෝන්. එයා මැරුණේ 60 ගණන් වල විය යුතුයි. සුනිල් ශාන්ත ගේ මරණය අකල් මරණයක් ද? වයස ගිහින්නේ මැරුනේ. එයා ගේ පුතා නම් මලේ අකාලේ, දියේ ගිලිලා.

    ReplyDelete
  19. හරියට හරි CJ මම හෙව්ව හෙව්වා මේක හම්බ වුනේ නෑ.... බොහොම ස්තූතියි මගේ taste එක තේරුම් ගත්තට හා ලින්ක් එක එව්වට...

    ReplyDelete
  20. @කතන්දරකාරයා: බොහොම ස්තූති.. අන්න වැදගත් තොරතුරු...
    සින්දුව බැද්දගේ මහත්තයාගේ නිර්මාණයක් කියලා කිව්වේ... හැබෑටම කවුරු ලිව්වද මේක?
    සුනිල් සාන්ත ගේ කතාව මං අහපු ඕපාදූපයක්....

    ReplyDelete
  21. @ කතන්දර
    බරණ ගණිතයා ..... මතක් කරත් අහන්න ආසයි. බැරිද ඒ ගැන ලියන්න... ඒකනෙමෙයි ඉරණ ගණිතයා සින්දු ලීවද?

    ReplyDelete
  22. සොරි අනේ ..බරණ ගණිතයා ගීත ලීවද?

    ReplyDelete
  23. @Sri
    තරහා ගන්ට එපා... මේ අඩවිය පවත්වාගෙන යන මහත්මයා ට බොහෝම වයසයි.. පරණ සිංදුවක් හොයාගන්ටම දවස් දෙකක් යනවා. ඒක නිසා වැඩේ අහවර වෙනකං ඉවසල ඉන්ටකෝ ...
    නොවැරදීම ලැබෙයි !

    ReplyDelete
  24. @චේජනා / Raven/ විශ්මි: කමක් නෑ... වෙලා අරගෙන අහන්න... මම කමෙන්ට් බලාගෙනම නෙමේ මේවා දාන්නේ...

    @හා පැටික්කි (MS): ආයුබෝවන්...! හා පැටික්කි ගේ hilarious comments මම වෙබ් අවකාශය පුරාම කියවනවා... වෙලා තියන වෙලාවට එන්න...

    @රනා: ආයුබෝවන් ඔබටත්... ඔබේ රසවින්දනයට මගේ ආචාරය...

    @දයියා: මට හරිම සං‍තෝසයක් දැනුනා ඔබේ කමෙන්ට් එක දැකලා... මගේ මූලික අරමුණත් ඒකයි මිත්‍රයා.... දහයක් පහලවක් හරි දෙනෙක් හරහා හරි මේ සින්දු ටිකක් ආයෙමත් ප්‍රචලිත වෙනවනම්...

    @Buratheno: මම ඔබට ණයයි... මෙහෙම හරි ටික ටික හරි ගෙවන්න ලැබෙන එකට සං‍තෝසයි...

    @sri: ඔන්න සබඳ ඔයාගේ නිවහනේම තැපැල් කලා සිංදුව...

    @යෝගී: කලාකාරයෙක් වෙන්නයි හිතං උන්නේ...!!!!

    @wath හෙහ් හෙහ් හෙහ්... ඉරණ ගණිතයා කිව්වේ අපේ කතන්දර සූරීන් ටද...? එතුමාත් බොහොම දක්ස ගණන් කාරයෙක්, දේස දීපංකරවල....

    ReplyDelete
  25. ඕo ඉතින්...මේ මාසෙ ඉඳන් මට ටිකක් ඉඩ හසර තියෙනවා මේ ඉසව්වල සැරිසරන්න....නමුත් මම අකැමැතියි මගේ සිතීවිලි අවදිවෙනවට..මොකද සිතිවිළි වැඩිවෙන තරමටම බැඳීම් වැඩිවෙනවා...දුක වැඩි වෙනවා...ම්...හිතෙනවා හිතට ආයෙත් අගුළු දාල වහල දාන්න.....ඒ නිසා ජීවිතය ගැන සමාලෝචනයක් කරණවා මේ දවස්වල...
    ඉන්ද්‍රජාලිකයාගේ මේ අමුතු සිoදු පෙළ රසවින්දා හිත පුරාම...ගොඩක් සිoඳු රස විඳලා තිබුනාට "අමුතු" හැඟීමෙන් නැවත අහනකොට අමුතු රසයක් ඇතිවුණා නෙවෙන්නම්....
    මේ ගීතයන් ගැන වෙන් වෙන් ලෙස කියන්න ගියොත්නම් මට මාවම අමතක වේවි...
    තිස්ස මහත්තයෝ....දහසක් වැඩ රාජකාරි මැද්දෑවේ මේ කරන සේවයට සුපුරුදු පරිදි මඟේ ආචාරය..!

    මේ,
    සුලා..

    ReplyDelete
  26. සින්දුව ලැබුනා....ස්තූතියි අය්යේ.....ලස්සන සින්දුවක් නේද? ඒත් මම නම් අහලා තිබුනේ නෑ..

    ReplyDelete
  27. "අමුතු ගීත" කියා ගොනු කළත් සමහරක් ගීත, තනු හා නාද රටා නම් අපේම අපේ බවක් දැනෙනවා හොඳටෝම.

    අපූරුවට පෙළ ගස්වා තිබෙන පින්තූරවල ඉන්න පතාක චරිත අතර මම පාසැලේ 7 වැන්නේ සහ 8 වැන්නේ සංගීත විශය උගත් මා ඉතා ගරුකරන ලයනල් රන්වලයන් ද සිටිනු දැකීමෙන් ප්‍රීතියට පත් වුනෙමි.

    උදේ මුණ ගැසුණු විට "ගුඩ් මෝර්නින් සර්" කියූ අපට කණ ර්ත් වෙන්නට පාරක් දී "ආයුබෝවන්" කියාපිය කියලා කියපු, යමන්, භෛරව රාග වලින් පටන් ගෙන සිංහල ජන ගීයේ අලගිය මුලගිය තැන් කියා දීපු ඒ ගුරු පියාණන්ට නිවන් සුව පතමි.

    ReplyDelete
  28. .......විශය මාලාවට අනුව සප්තස්වර ඇසුරෙන් ඉන්දීය ආභාෂය සහිත රාග ආදී වූ සංගීතය උගැන්වූවත් ඉතා අඩු ස්වර ගණනක් භාවිතා කරන අපේ ජන සංගීතය හැම විටම ඔහු අගය කළා.

    අපේ දේට මුල් තැන දුන්, ඒවායේ අගය ඉස්මතු කරන්නට නිති වෙහෙසුනු ලයනල් රන්වලයන් ඇතුලු එම පින්තූර වල ඉන්න පිරිස අපේ සංගීතයට කළ මෙහෙවර අපමණයි.

    ReplyDelete
  29. සින්දු ටික හීන් සීරුවේ අහමු. වැඩේ නම් පංකාදුයි ලොක්කා.

    ReplyDelete
  30. @Pali :
    වෙබ් අවකාශයේ කොහේදී හෝ මුනගැසෙන බොහෝ දෙනෙක් අමුත්තන් නෙමෙයි වගේ.. මමත් ගියේ ඒ ඉස්කෝලෙටම තමා.
    අකුරක් ඉගෙන නොගත්තත් ඇසූ දුටු තැන මේ අපේ රන්වල සර් කියැවෙන්නේ ඒ ලෙංගතුකමට මයි..

    ReplyDelete
  31. මචං යෝගී, රන්වල සර්ගෙන් කනේ පාරක් කාලා නැත්තං ඉතිං ඒක ලොකු අඩුවක්.. මට මතකයි දවසක් අපේ පංතියටම ගැහුවා ස්වර ප්‍රස්තාර වගයක් කටපාඩමෙන් කියන්න බැරිවෙලා.. අප අතර තව බොහෝ කාලයක් සිටියයුතු මුත් අකාලයේ අපට අහිමිවුන තවත් ජාතික සම්පතක්..

    ReplyDelete
  32. හප්පේ බං...
    උඹත් ඒ පලාතෙද? බලං ගියාම "එහෙ ‍ඔක්කොම මෙහෙ" වගේ ?
    මට උඹව ත් පාලි වත් සොයාගන්න විදියක් නෑ මචං ..

    "Profile Not Available" මොකද දන්නෑ ප්‍රශ්නේ?

    ReplyDelete
  33. ගහට ගහක් හමු වෙන මොරටුව
    අපේකම අඳුනන
    සප්ත ස්වර රැන්දි හද
    හිතට හිතක් හමු වෙන
    හද ගී පොත
    මියුරු ගී රසින් බැබලේවා මෙ හද

    ReplyDelete
  34. පහුගිය දොහේක මාත් ගියා නොවැ, මේ කයි මඩුවක් තියනවා කියන ආරංචියට. මොන..අපට කිට්‍ටු කරන්නවත් බෑ, දැනටම හිටවපු කවි කියනවා.
    කිරි අප්පට බල්ලො බුරපි, මේ ඉන්නෙ අපේ තිස්ස මහත්තැනුත්. ජයවේවා....!

    ReplyDelete
  35. ආයිබෝවන්ඩ සිරිබිරිස් අය්යේ... ඕං කියන්න සාංකාවේ හිටියේ කොයිබ ගියාද කියලා ඔබතුමා.... සලකුණක් වත් අහලක පහලක තිබ්බේ නෑ නෙව.... හොඳා හොඳා කයි මඩුවෙදී වත් මුණ ගැහෙමු....

    ReplyDelete
  36. @යෝගී..

    මචං මම google acc එකෙං login වුනාට මට blog එකක් නැහැ. මම හිතන්නෙ ඒකයි හේතුව උඹට මගෙ profile එක බලන්න බැරි..

    ReplyDelete
  37. තිස්ස අයියා කාලෙකින් ආවෙ.. ආවා බලලා යන්න.. දඩුබස්නාමානය තෙමා ගිතය ගත්තා අපි ගියා..

    ReplyDelete
  38. @යෝගී,Buratheno හද ගී පොතට එන බොහෝ දෙනෙක් රන්වල සර්ගෙන්ම නොකෑවත් කාගෙන් හෝ ඒ ලෙන්ගතු කණේ පහර කාපු උදවිය බව මටත් ඉව වැටිලා තිබුණෙ.

    ReplyDelete
  39. @Pali
    කලා විෂයක් විදියට සංගීතය හැදෑරුවේ නැති නිසා මට ඒක මග ඇරුනත් උඹලා හැමදෙනාම දන්න ලයනල් රණවීර ගුරුපියා‍ණන්ගෙන් ඒ ලෙංගතු (ලෙංගතු පෙනෙයි ඒක කෑවනං) කණේපාර මටත් ආදරෙන් ලැබුනා..
    උඹේ ඉව නං හරියටම හරි.

    ReplyDelete
  40. @යෝගී
    උඹලා අපි එක වහල යට හිටපු එවුන් වෙච්චි එක කෙසේ වෙතත්, මේ හද ගී පොතේ අපි තරමක් සංවේදී ලෙස කතා බහට ලක් කරපු චරිත දෙකත් කුඩා කාලේ අපේ දෙපයට පෑගුනු වැලි බොරළුම පාගපු උන් වෙච්චි එකනම් තරමක අපූරු අහම්බයක් තමයි. මම මේ කිව්වෙ ප්‍රේමකීර්ති නම් වූ සොඳුරු මිනිසාත්, එවැනිම අවාසනාවන්ත මරණයකට මුහුණ දුන් වෛද්‍ය වසන්ත සෙනෙවිරත්න සොයුරාත් ගැන.

    ReplyDelete
  41. අ.ජා. මිත්තරAugust 21, 2010 at 8:28 AM

    අපූ‍රැයි මචෝ. මට හිතුන 'හමල් ම‍රැ...'ත් මෙතනට වඩාත් ගැලපෙනවදෝ කියල. මේ ටික 'බාගන්න' කරමයක් කිව්වොත් පින්!

    ReplyDelete
  42. @Dear අ.ජා. මිත්තර: Go to the following link...

    http://www.divshare.com/download/11092670-aae

    you can download whatever you like then...

    ReplyDelete
  43. Grate work machan.thank u so mush

    ReplyDelete
  44. ඔහොයියා අවුල් නාද සපිරිවර්ධනේ කවිපෙලක් විදිහට සාගර පලන්සූරිය ගේ පද්‍යාවලී එකතුවේ ඈතුලත්.

    රචකයා හැටියට දක්වා ඈත්තේ අඹන්වෙල රාලයි.

    මේ හැඳින්වීම පද්‍යාවලියෙන්.
    'නුවර කාලයට අයත් මේ කවියා සෑහෙන කීර්තියක් ලබා සිට්න්නෙකි. විකට රසයෙන් පරිපොෂිත පහත සඳහන් කවි පෙළ එයට අයත් වෘත්තයෙන් කියවා බලන්න'

    පද්‍යාවලි -1, ගුණසේන, 2000 මුද්‍රණය

    ReplyDelete
  45. අයියේ "ඔහෙයියා" ගීතය නන්දා මාලනියත් ගායනා කරලා තියනවා නේද

    ReplyDelete
  46. තිස්ස මහත්මයා,
    බොහෝම ඉස්සර කාලෙක ගමයෙක් හිටියා...
    කොයි කවුරුත් ඔහුට ගමේ කියන්නෙ පැටියා...

    සින්දුව ගන්න විදියක් කියන්න

    ReplyDelete
    Replies
    1. https://www.youtube.com/watch?v=G_tlybDUzHk&ab_channel=I.G.Bandula

      Delete
  47. මෙන්න මෙතන තියනවා
    http://www.divshare.com/download/11288493-7c7

    ReplyDelete
  48. මෙ ලින්ක් වැඩ කරන්නෙ නෑ.අලුත් ලින්ක් එකක් දෙන්න Please.
    nuwanmihiraj@gmail.con

    ReplyDelete

 
Blogger Wordpress Gadgets