හමල් මරු... (සීගිරි ගී...)

සීගිරියේ කැටපත් පවුරත් නිර්නාමික රචකයන්ට ‍තෝතැන්නක් වෙලා තියෙන්න ඇති... මහැඳුරු පරණවිතාණ සූරින් ලියලා තියෙන ඒවාට අනුවනම් ඒ නිර්ණාමිකත්වය පාවිච්චි කරලා කැටපත් පවුරේ පහරලා ගිය අයවලුන් සිටි බවක් නම් මා අසා නෑ... මට හිතෙන්නේ සැබෑ නිර්මාණශීලිත්වයත් එන්නේ පෞරුෂය හරහාම කියලයි... නිර්මාණ කරනවා කියලා හිතාගෙන නිර්ණාමිකව වසුරු පිඬු දමාගසන්නන්ට, අද කැටපත් පවුරු එමට... මේ ගීය සුනිල් සාන්තයන් විසින් සීගිරි ගීයක් අසුරෙන් නිර්මාණය කරන ලද්දක්... සුරම්‍ය තනුවක්... අවාසනාවකට මාලඟ මෙහි පද වැල නෑ... සුනිල් සාන්තයන්ගෙ පවුලේ උදවිය විසින් පවත්වාගෙන යන නුගේගොඩ ඇති මධ්‍යස්ථානයෙන් වත් විපරමක් කල යුතුයි... එතෙක් ගීතය රස විඳිමු...

[පද මාලාව හා එහි තේරුම සැපයූ හෂිත අබේවර්ධනයන් ට නොවක් ස්තූතිය ]

හමුල් මරු ජහස් සුයූ
හස්සන් දල්ලා
තුරු ගල් කොහල් හූ
මල ගල්හි හැල්ලා
ගණනින් මුත් කලබ් කළ තඹ ලපල්ලා
පැරැය දිගැස් ත දුන් හස්සුන් කුම් වාල්ලා.. ?

මඳ සුළඟ හමා පැමිණ..
සහස් ලපළු පල්ලවයන් සිඳ දැමීය ..
කොවුලා නාද කළේය...
මලය කඳුකරයෙහි දිය කඳුරු සිලිසිලියේ ගලා යයි...
ගිණිය නොහැකි තරම් කදෝකිමියෝ ලදලු තඹ පැහැගන්වති...
මෙබඳු සොඳුරු රැයෙක,ප්‍රෙයැසිය, ඔබ එවූ ලිපියෙන් පමණක් කුමන පිහිටක්ද..?

සිංදුව අහන්න...ඕන්නම් බාගන්න... ඔබේ සිතැඟිත් සටහන් කරළම යන්න....

14 comments :

  1. කරුණාකරලා උදව්වක් කරන්න පුළුවන්ද....

    සත්‍යයයි ඔබේ දර්ශනේ-සුජාතා අත්තනායක
    වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද-චන්ද්‍රලේකා පෙරේරා
    ජය සිරි මා හාමුදුරුවනේ-දීපිකා ප්‍රියදර්ශනී
    නොකියාම එදා ඇසල මහේ-වසන්තා සන්දනායක
    අන්න බලන් ඉදිකඩ ලග-දීපිකා ප්‍රියදර්ශනී

    මට මේ සින්දු ටික හොයා ගන්න උදව් කරනවද?
    ලොකු උදව්වක්.....
    දුමිදු.
    dumindu7@gmail.com

    ReplyDelete
  2. පුලුවන් වෙයි දුමිඳු... මම සොයල ඔබේ ලිපිනයට තැපැල් කරන්නම්... හොඳේ...?

    ReplyDelete
  3. හමුල් මරු ජහස් සුයූ
    හස්සන් දල්ලා
    තුරු ගල් කොහල් හූ
    මල් ගල්හි හැල්ලා
    ගණනින් මුත් කලබ් කළ තඹ ලපල්ලා
    පැරැය දිගැස්
    ත දුන් හස්සුන් කුම් වාල්ලා..

    මඳ සුළඟ හමා පැමිණ.. සහස් ලපළු පල්ලවයන් සිඳ දැමීය ..
    කොවුලා නාද කළේය... මලය කඳුකරයෙහි දිය කඳුරු සිලිසිලියේ ගලා යයි ගිණිය නොහැකි තරම් කදෝකිමියෝ ලදලු තඹ පැහැගන්වති... මෙබඳු සොඳුරු රැයෙක,ප්‍රෙයැසිය..!
    ඔබ එවූ ලිපියෙන් පමණක් කුමන පිහිටක්ද..?

    ReplyDelete
  4. හිතවත් මිත්‍රය... හිතවත... මගේ බ්ලොග් එක පටන් ගත්තට පස්සේ මම ඉතාමත්ම සං‍තෝසයට පත්වුන මොහොත නම් "හමල් මරු " ගීතයට ඔබේ සටහන දු‍ටු මොහොතයි... බ්ලොග් කරනයේ රසවත්ම පැත්ත හැටියට මම දන්කින්නේ මෙයයි... එකිනෙකාට මඩ ගසා ගන්නවාට වඩා මෙය මොනතරම් සොඳුරුද...? අපෙ භාවයන් එකට සුසර වීම මොනතරම් ආස්වාදජනකද...? ඔබට දීර්‍ඝයු වේවා... හැකිනම් ඔබේ තොරතුරු දන්වා එවන්න... ඔබ හඳුනා ගැනීමට පිපාසයෙන් පෙලෙමි...

    ReplyDelete
  5. What a lovely poem.... It electrified me

    ReplyDelete
  6. හිතවත් හෂිත... හැකිනම් ඔබේ ලිපිනය දන්වා එවන්න...

    ReplyDelete
  7. habeywardana@gmail.com
    rasawathiya.blogspot.com

    ReplyDelete
  8. මෙම ගිතයේ කොටසක් පද වැල් හා හැදින්විමක් සහිතව පහත විඩියෝවේ ඇත‍

    http://www.youtube.com/watch?v=EwbYSNXNqp4

    ReplyDelete
  9. From Sunil Shantha's Wiki page:

    "1980 a record titled Seegiril Gee was produced.[3] This contained a set of songs written and composed by Sunil with melodies using only four notes. The lyrics were based on Sigiri Kurutu Gee (sigiri graffiti). The songs are remarkable in that they used traditional Sri Lankan drums and other instruments to create a unique sound."

    Anyone who knows where to get a copy, pls let know.

    ReplyDelete
  10. පැරණි රසවත් ගීත අසන්නට ලැබිම මහත් සතුටක්.මෙම බෞද්ධ ගීතය ඔබ අසා තිබෙනවාද?ගායිකාව නොදනි.පදමාලාවද පැහැදිලිවම මතකයේ නැත.එනමුදු ඉතා රසවත් ගීතයකි.
    "මහ බෝ මලුවට සදරැස් වැටිලා"

    ReplyDelete
  11. http://www.youtube.com/watch?v=mJj9ixMtm34&feature=kp

    ReplyDelete
  12. This comment has been removed by the author.

    ReplyDelete
  13. හමල් මරැ-සුනිල් ශාන්ත-සීගිරි කුරැටු ගී-ගායන සහාය අයිවෝ ඩෙනිස් සහ නාලිනී රණසිංහ
    හමුල් මරු ජහස් සුයූ
    හස්සන් දල්ලා
    තුරු ගල් කොහල් හූ
    මල් ගල්හි හැල්ලා
    ගණනින් මුත් කලබ් කළ තඹ ලපල්ලා
    පැරැය දිගැස්
    ත දුන් හස්සුන් කුම් වාල්ලා..
    (හමා ආවා සීත සමීරේ
    සිඳී වැටුනා ලපලු හද තෙරේ..
    කඳු අතර රැව් නැගේ
    කොවුල් ගී ආදරේ මල් ගිරෙහි දිය කඳුරු වැගිරුනා
    ඇල් සිසිල් නීර තිර විහිදුනා
    කදෝකිමි දහස් එළි ගණන් මුත්
    නැවත නොනැවත නැවත දැල්වුනා සඳ පමා මැදියමක ල'දලු විය තඹ පාට
    ඔබ අසල සිටී දැයි හැරී බලනෙමි අවට
    මා පමණි හුදෙකලා දිදුල තුරු සිරස යට
    ඔබ එවූ හසුන් පත කෙසේ වන්නෙද පිහිට)
    මඳ සුළඟ හමා පැමිණ.. සහස් ලපළු පල්ලවයන් සිඳ දැමීය ..කොවුලා නාද කළේය... මලය කඳුකරයෙහි දිය කඳුරු සිලිසිලියේ ගලා යයි ගිණිය නොහැකි තරම් කදෝකිමියෝ ලදලු තඹ පැහැගන්වති... මෙබඳු සොඳුරු රැයෙක,ප්‍රෙයැසිය..!ඔබ එවූ ලිපියෙන් පමණක් කුමන පිහිටක්ද..?

    ReplyDelete

 
Blogger Wordpress Gadgets