ආදරයෙන් මා හද වට එතෙන ලතා...

නැති බැරිකම මුතුමාල හතක් වී කඩුල්ල පැන එයි නුඹ අත කර ලන දා, කියල සිංදුවක තියනවා... ඒ වාගේමයි නිර්මාණකරනයේදී... පහසුකම් අඩුවෙන්න අඩුවෙන්න මිනිස්සු අතින් සාර්ථක නිර්මාණබිහි වෙනවා... නගර බද ඉස්කෝල වලට ශිෂ්‍යත්වය සමත් වෙලා එන බහුතරයක්, පහසුකම් වල පල්ල සිඹින දරුවන්... මටත් එහෙමයි පොඩි කාලය... අම්මා පොලේ ගිහින් රටකජු ගේන ගොට්ට පවා, පරිස්සමින් දිගහැර කියවනවා... ඉතාමත් සුගායනීය වදන් වැලකුයි, රබානකුයි, තාලම්පටකුයි අබේවර්ධන බාලසූරියයන්ගේ මනෝරම්‍ය කටහඬයි මුසු කරලා, මේ කරල තියන නිර්මාණය මොනතරම් සුන්දරද....?

ආදරයෙන් මා හද වට එතෙන ලතා...
ගම්මානෙට එළිය නුඹයි ස්වර්ණලතා...

දිගින් දිගට නිල් වරළස මුදන්නියා...නෙතින් නෙතට ඔමරි බැලුම් හෙලන්නියා...
රුවින් රුවට දිලි නෙත් සිත් බඳින්නියා... දුරින් දුරට මා සිත ගෙන, මටත් හොරා ඇදෙන්නියා...

පාන්දරින් මල් පිපුනා බඹරු දනී... සීන් තුෂර පිණි වැ‍ටුණා අහස දනී...
සෙමින් විහඟ ගී ගැයුනා පවන දනී... නුඹට බැඳුනු සිත හන්ඳා, මා විඳි දුක කවුරු දනී...

සිංදුව අහන්න... ඕන්නම් බාගන්න... හිතෙන දේත් ලියලම යන්න...

23 comments :

  1. මම ආස සින්දුවක් . මේ සින්දුව නම් මගේ computer එකෙත් තියනව....අබේවර්ධන බාලසූරිය මහතාගේ සින්දු ගොඩාරියක් මා ලග තියනව...

    ReplyDelete
  2. පල නොකළ සෙහෙහසක් ගැන නේද මේ කියන්නේ
    "නුඹට බැඳුනු සිත හන්ඳා, මා විඳි දුක කවුරු දනී..."

    ReplyDelete
  3. සින්දුවක් ඕනි මට .....
    "දළදා හාමුදුරුවනේ ඇසළ පෝය දවසේ
    අළුත් සහල් මංගල්ලෙට මං තනියෙන් ආවේ
    තනි නොතනිය යන්න එක්ක මේ දුර සංසාරේ
    ආල හිතක් මට ලැඛෙන්න පැතුවා එන වාරේ"

    ReplyDelete
  4. හරි...සින්දුව සොයා දමන්නම්...ඉස්තූතියි comment වලට නගේ....

    ReplyDelete
  5. නියමයි මම දැන් අහාලා තමයි කියන්නෙ.. හෙට පොයට හඳ පායලා තියන්නෙ... ජනෙල් දෙක ඇරලා එ හරහා එන හඳ කිරණයි.... අසල තියන තෘණ බිම සිපගෙන එන මද සුලඟයි... මෙ සින්දුවයි.. දැන් මාව මත් කරලා තියන්නෙ. ලස්සනට යන තාලයක් තියන්නෙ...
    රැ පැල් රකින කුරහන් පැහැනා හෙනෙ සින්දුව තියන්වාද...?

    ReplyDelete
  6. අපොයි තියෙනවා... දමන්නම්..ඉස්මනටම....

    ඔය බලමුකෝ මං කිව්වේ බොරුද කියල...ඕගොල්ලන්ට වගේ මට කව් සිතුවිලි පහල වෙන්නේ නෑ මලේ.... යකඩයි තෙලුයි එක්ක හැප්පිල හැප්පිල යාන්තං රස වින්දනය විතරක් ඉතිරි වුනා....

    ReplyDelete
  7. මා ගාව පොත් ගොඩක් තියනවා. oil refining ගැන. ඔයාට පොත් පත් ඔනා නම් කියන්න. අන්තර්ජාලයෙන් සල්ලි දිලා ගන්න යන්න එපා. හොයලා , ටොරන්ට් වලින් ගන්න බැරි standard එහෙම ගොඩක් තියනවා.. මම කරන්නෙ Material Engineering. මොරටු විශ්වවිද්‍යාලයෙ...

    ReplyDelete
  8. ඔහ් හැබෑටම.. ඔයත් මොරාද...? මමත් මොරා නේ...? 95 අවුට් වුනේ... අනේ බොහොම ස්තූතියි වචනයටත්... හොඳයි මලේ අනිවාර්‍යෙන්ම කියන්නම්.... මම අර කියාපු දේත් මතකනේ ජොබ් එකක් ගැන...

    ReplyDelete
  9. rasawindanaya ithiri una eka hondaii. e nisa apith sindu ahanawane..

    ReplyDelete
  10. ආහ්... බොහෝම ස්තූතියි සොයුරිය... ඔබ ලියා එවූ... "සමාස තද්ධිත ප්‍රත්‍ය විශේෂණ..." ගීතය සොයාගන්න බැරි වුනානේ.... මට දුන්නේ අමාරු එල්ලයක්නේ... ලංකාවට ආ වෙලාවකවත් බලමු... හොඳේ...?

    ReplyDelete
  11. mama eka hoyaganna amarui kiyala dannawa.. mokada mama kawadawathma ahala nethi nisa..e nisa eka hoyaganna be kiwwath mata therum ganna puluwan..

    ReplyDelete
  12. ශහ් මං කොහොම හරි හොයනවා ඒක... එහෙනම්....

    ReplyDelete
  13. උඹේ ඉහල රසවින්දයන ගැන මට ඉරිසියයිත් එක්ක වගේ බන්. . . (විහිලුවට හොඳේ මම ඔය ඉරිසියාව කියන එක නැති බැරි පුන්චි එකා කාලේ වත් නොකරපු දෙයක්)

    සිරාවටම උඹ මේ කරන සේවය (අපේ සහ මේ බ්ලොග් අවකාශේ නංගිලා මල්ලිලාගේ රසවින්දය්න දියුනු කරන එකා) මම බොක්කෙන්ම අගය කරනවා මචන් . . . බයිස්කෝප් එකේ ඉසිර මල්ලිගෙත් එකේ එකතු වෙලා ඉන්න සහෝදරයින්ගෙත් එකම පරමාර්තය ඒකයි. උඹලට ජය . . .!

    අහ් අර වේජනා නංගීගේ ඉල්ලීම ඉටු කරන්න මාත් වෙහෙසුනා ඒත් ඒක හරිම අමාරු ටාස්ක් එකක් නේද . ..

    ReplyDelete
  14. මම දන්නවා...බං උඹ අලුතින් බ්ලොග් පටන් ගන්න පොඩි එවුන් ගාවට ගිහින් encourage කරන හැටි... ඉරිසියාව කියන වචනෙත් උඹේ vocabulary එකේ තියෙන්න හැටියක් නෑ...

    මහා ප්‍රවාහය reverse එකේ යනකොට අපි ඔක්කොම මේ කරන පොඩි වැඩේ හරි උඩු ගං බලා යන්නවුන්ට මග සලකුණු පෙන්නන කළාමැදිරි එළි හරි වෙයි නේද මචෝ.... ?

    මම කොහොම හරි ඒ සොයුරියගේ වැඩේ කරනවා මචෝ...ලංකාවෙන් ගෙන්නවල හරි... අන්න රසිකයෝ නේ...?

    ReplyDelete
  15. ඔයාල ඒ සින්දුව හොයන්න ගත්ත උත්සාහයෙන්ම මම දැන් තෘප්තිමත් වෙලා.. මොකද මම දන්න මගේ යාලුවොවත් මම ඔය සින්දුව අහන්න ආසයි කිව්වම ඔය තරම් මහන්සි වෙලා මතක තියගෙන හෙව්වෙ නැහැ, (එයාලගෙයි මගෙයි රසවින්දනය සමාන නැති නිසාද මන්ද..) ඔයාලට ස්තුතියි කියල මදි ඒ නිසා, මට කියන්න තියෙන්නෙ " මම ඔයාලගේ සංවේදීත්වයට ගරු කරනව" කියල.

    ReplyDelete
  16. ඔහ් සොයුරිය...එකේ අනික් පැත්තත් එහෙමයි... ඔයා අපව දිරිමත් කරනවා...ඔයාටත් අප ගරු කරනවා...

    ReplyDelete
  17. යකඩයි තෙලුයි සමග හැප්පුනාට අපෙ හදවත් යකඩ නෙමෙයි. සැබෑ රසවින්දනයට ඒ කිසිවක් බාධාවන් නෙමෙයි. හද ගී පොතේ රසිකයන් බොහෝ දෙනෙක්ම මොර‍ටු සරසවියෙන් වීමම ඊට කදිම සාක්ෂියක් නේද? ඈත අතීතයේත් මහ පොළවත් එක්ක පොර බදපු, ගස් ගල් එක්ක ගැ‍ටුනු අය අතින් බොහොම සියුම් නිර්මාණ බිහිවෙලා තියෙනවා. අවිවේකී වෙහෙසකර මනසක් රස පිපාසයට පත්වීම පුදුමයක්ද?

    ReplyDelete
  18. පාලි ඇත්තම කියන්න මචෝ මගේ ඔලුව හිරි වැටිල ගියා උඹේ comment එක කියෙව්වහම... ඒක එහෙම්මම වෙන්නැති...

    ReplyDelete
  19. සිරාවටම මේ අලුත් කස්ටිය මේ පරන ලස්සන දේවල් වලට කැමති වෙනවා දැක්කාම මාර සතුටක් දැනෙන්නේ මචං

    ReplyDelete
  20. @දුකා: මචෝ උඹ අබු ඩාබි නම් ඉන්නේ හමුවෙන්න ආසයි... මමත් ඉන්නේ අබු ඩාබි....

    ReplyDelete
  21. aha machan mata col karapan . . .mage mobile no eka 050-4514671

    ReplyDelete
  22. අයියේ ඔයාගෙ මේ වැඩේනන් මාරම නියමයි. මමත් ආසම මේ පරණ සිංදු වලට. ඒව පරණ වෙන්න වෙන්න රසය තව වැඩි වෙනව. ඔයා ගාව අමරදේව මහත්මයාගේ සන්ණාලියනේ තියෙනවනන් දානවද. මගේ ඔක්කොම සිංදු ගෙදර අරන් එන්න බැරි උනා. ස්තුතියි

    ReplyDelete
  23. ලස්සනම ලස්සන සිංදුවක්.මේ තනුවට මම හරි කැමතියි.මමත් ගත්තා අයියා

    ReplyDelete

 
Blogger Wordpress Gadgets