මගේ සිනා ඔබ අරගෙන...ඔබේ කඳුලු මට දීලා...

නන්දාගේ සින්දු වලින් ලස්සනම තනුවක් ඇති සින්දුවක්... ආරියවංස පෙරේරා මහත්මයා රචකයා... ප්‍රේමයේ විරහව ගැන කෝටියක් සිංදු තිබ්බත් හැමෙකක්ම ලස්සනයි... වාසනාවකට මට ඒ අත්දැකීම නෑ... හැබැයි විරහවට ගොඩවෙලා සිංදුව රසවිඳින්න... දැනේවි ලසෝ ගින්න ඔබටත්...

මගේ සිනා ඔබ අරගෙන... ඔබේ කඳුලු මට දීලා...
පාලු නුවර මා තනිකර... මතක සිහින පොදි බැඳගෙන...
ඔබ කොතැනද සැඟවී ඉන්නේ ....
කියාගන්න බැරි දුක මම කාට කියන්නේ...

අහස දැවී වියරු වැටී... ලසෝ දුකින් තරු වැලපී...
නිදිබර ඇස් මග ‍රැඳිලා... ඔබ එනතුරු සිටියා...

ප්‍රාර්ථනා තරු අතරේ... සොඳුරු මගේ ලොව ඇවිලේ...
මගේ සිනා මට දීලා... ගෙන යන්න කඳුලු, මැකිලා

සිංදුව අහන්න.... ඕන්නම් බාගන්න.... ඔබේ සිතැඟිත් සටහන් කරලම යන්න

5 comments :

  1. සිංදුව මෙතනම ඉඳලාම අහන්න පුලුවන් එකටනම් මම හරිම කැමතියි.
    නියම්යි මචං. එල

    තව ලියන්න

    /බිඟුවා...!

    ReplyDelete
  2. මමත් ඔබේ සටහන් ආසාවෙන් කියවමි... ඔබටත් ස්තුතියි

    ReplyDelete
  3. නන්දාගේ (චින්තන ජයසේන ලියපු ) චාරුලතා සින්දුව හොයා ගන්න තැනක දන්නවද? අවන්හලේ රන් දියරේ රන්දියරේ පෙණ බුබුලේ පිපුනු කුසුම... චරුලතා... චාරුලතා.//

    අනික ..
    හිරිපොද වැස්සේ
    රාත්‍රියේ
    පහන් කණුව
    යට ඔබ් හැමදාමත්
    රැගත් සුරා පිරුණු විතින්
    පවත් නොදැන
    බමන මතින්
    සුරත් තඹුරු පෙති සේ දෙනෙතින්..

    සන්තාපයේ දළ රළ පෙළ ඇවිලේ
    සංවේගයේ .... (මතක නෑ)

    ReplyDelete
  4. හෂිත... මට නිකං කුඩු ගහල වාගේ... මචෝ මං කැමතිම සින්දුවක්... මා ගාව තියනවා... මුල චුට්ටක් අප්සෙට්... ඒ වුනාට "ඔබ කැමති ගී..." ටැබ් එකට හවසට දාන්නම්... ෂහ්.. මේ බ්ලොග් එකේ හොඳම සොයාගැනීම තමයි ඔයා... වෙලාවකට මගේ PC එක ඕගොල්ලෝ හැක් කරලද කියා හිතෙනවා... ඊයේ තව මගේ යාලුවෙක් මම දාන්න හිටපු සිංදුවටම විස්තරයක් ලියා එව්වා.. එයාම හිතලා...

    ReplyDelete
  5. මම දැනුයි ඒ ටැබ් එක දැක්කෙ. ඔයා අණර්ඛලී දාලා නේ .. ඒක මගේ හීන සින්දුවක්..
    සරත් සමේ මඳක් පිපුණ දෙලුම් කුසුම් කැකුල ඔබයි අණර්ඛලී..// කෝමළ පා පුබුදු කරයි රස මී බිඳුහදෙහි මැවෙයි අණර්ඛලී..//

    මටත් සලීම් ට වගේ පිස්සු හැදෙනවා අප්පා..!

    ReplyDelete

 
Blogger Wordpress Gadgets