කැම්පස් තේරුණු ලමයින්ගේ ඉංග්‍රීසි පන්තිය... පටන් ගන්න පැය භාගයක් විතර තියනවා... ඒ අස්සේ කවුදෝ පැණී බේරෙන රඹුටන් මල්ලක් ගෙනල්ලා... කොහේ ඉතිරි වෙන්නද... පුංචි කාලේ ඉඳලා පොරකාලා පුරුද්දක් නැති නිසා ඉතිරි වෙච්චි අන්තිම ගෙඩිය අරන් හෙමින් සීරුවේ කටේ දාගත්ත විතරයි... මෙන්න ආවා මැය... අප අතර හිටපු කටකාරම දඟකාරම යෙහෙළිය... " කෝ ඕගොල්ලො මට රඹුටන් ඉතිරි කළේ නැද්ද..?" ගෙඩි දෙක තුන කාපු එවුං සද්ද නෑ.. මම ඔන්න ඒ පාර කිව්වා "අයියෝ ඉතිරි වෙච්චි අන්තිම එක මම කන්න ගත්තනේ.. ඕන්නම් ඒක දෙන්නම්" කියලා...විහිලුවට වගේ... "කෝ දෙන්න එහෙනම්..." බොරු තරහක් මවාගෙන කියනවා ඔන්න... කවදාවත් නොකෙරෙන වැඩක් නිසා මම කටේ තිබුණු රඹුටම ඇඟිලි දෙකින් අරන් විහිලුවට වගේ ඇයට දික්කලා... කිසිම අපුලක් නැතිව ඒ සැනින්ම ඇය ඒක කටේ දාගත්තා... කොල්ලෝ කෙල්ලො මුණෙන් මූණ බලාගෙන... කෝ ගානක් වත්... ඔන්න තවත් දවසක ට්‍රිප් එකක් ගිහින්... හැන්දෑවේ ගුරුවරු යම් යම් ක්‍රීඩා ඔර්ගනයිස් කරලා... හිටිගමන් මගේ ලඟට ආපු ඇය මගේ සුරතින් අල්ල ගත්තා... නිකන් නෙමේ ඇඟිලිත් එකිනෙක පටලවලා...ඔහොම මොහොතක් දෙකක් ඉඳලා මෙන්න යන්න ගියා... මටත් ඉතින් නිනව්වක් නෑ... මගේ හිත වෙනමම එල්ලයක හිරවෙලා... දාගත්තු වීදුරු දෙකට ඔලුවත් බරයි... කොහොම හරි, පන්තියේ කල දවස ගෙවන අතරෙම ඈ ඇගේ විවාහයටත් සූදානම් වුනා... ඈ මට වඩා අවුරුදු දෙකක් විතර වැඩුමල්... විවාහය තරු පහේ හෝටලයක... මම මගේ පටලැවිල්ලත් ඇතිකරගෙන...කාලා බීල ඉවරවෙලා ඇයට අපි සමු දෙන මොහොත ආවා... මමත් ඉතින් පෝලිමේ ගිහින් ඇයට සමුදෙන්න අතට අත දුන්නහම ඈ වම් අතින් මාව ඈ දිහාට නැබුරු කරවාගෙන ඉසිඹුවක් නොතබාම මගෙ වම් කොපුල සිපගත්තා... බලා හිටිය අය හිතන්න ඇති මම ඈව සිපගත්ත කියලා... ඈ ඒතරම් කඩිනමින් එය කලා... අද බොහෝ බරපතල රාජකාරියක් කරන, තවම්ත් මා සමඟ හොඳින් මිතුරු ඇය මට ව්‍යංගයෙන් කල ඉඟි තව බොහෝ තියෙන්න ඇති... හැබැයි ඒවා මේ ගීයෙන් කියන්න වාගේනම් මට වැටහුණේ නෑ... දැනුනෙත් නෑ... හැඟීම් වල හැටි...! සමහර විට ඇයගෙත් මිතුරු කමට වැඩි යමක් නොතිබ්බාමද...?
ආයාචනාත්මක බැල්මෙන්...
ආරාධනාත්මක කැල්මෙන්..
ගොලුහදවත තුල ගොනුවුනු සිතුවිලි...
අපමණ තෙරපෙණ බව වැටහේ...
ආයාචනාත්මක බැල්මෙන්... ආරාධනාත්මක කැල්මෙන්...
මළක් සිඹින්නේ, මදෙස බලන්නේ...
ව්‍යංගාවෙන්දෝ අරුත කියන්නේ...
තොල්පෙති මත්තේ මදහස ඇත්තේ...
හැම සිතුවිල්ලෙම සනහස ඇත්තේ...
සිංදුව අහන්න... ඕන්නම් බාගන්න... ඔබේ සිතැඟිත් සටහන් කරලම යන්න...
ආයාචනාත්මක බැල්මෙන්...
ආරාධනාත්මක කැල්මෙන්..
ගොලුහදවත තුල ගොනුවුනු සිතුවිලි...
අපමණ තෙරපෙණ බව වැටහේ...
ආයාචනාත්මක බැල්මෙන්... ආරාධනාත්මක කැල්මෙන්...
මළක් සිඹින්නේ, මදෙස බලන්නේ...
ව්‍යංගාවෙන්දෝ අරුත කියන්නේ...
තොල්පෙති මත්තේ මදහස ඇත්තේ...
හැම සිතුවිල්ලෙම සනහස ඇත්තේ...
සිංදුව අහන්න... ඕන්නම් බාගන්න... ඔබේ සිතැඟිත් සටහන් කරලම යන්න...
ලස්සන සින්දුව
ReplyDeleteහිතට වදින විදිහේ සින්දුවක්...
ReplyDeleteසුන්දර ගීයක්.
ReplyDeleteකුතුහලය කියන එක ඇති වුනහම ඒක නැති කර ගන්නකම් හරිම අමාරුවක් දැනෙන්නෙ. මම දහ අතේ කල්පනා කලා කවුද මේ කියන අපෙ බැචී කියලා තෙරුම් ගන්න. ඔය කියන විදිහෙ කටකාර දඟකාර කෙල්ලො දෙන්නෙක් මගෙ හිතට එනවා. කමක් නැහැ කවුද කියල අහන එක සදාචාරාත්මක නැති නිසා මගෙ කුතුහලය තවදුරටත් රඳව ගන්නම්.
ReplyDeleteඔහ් මේක... කැම්පස් එන්න කලින් එලියේ තියෙන ඉංග්‍රීසි පන්තියේ වෙච්චි වැඩක්... හැබැයි අර "මිහිරි සිහිනයක..." එක්කෙනානම් උඹ හොඳට දන්නවා
ReplyDeleteලස්සන සින්දුව. අපේ බැච් එකෙත් ඔය වගේ බැලුම්වලට රැවටුණු අය ගොඩක් ඉන්නවා (මාත් ඇතුළුව) :)
ReplyDeleteසංසාරේ... !!! අපොයි මගෙ අහිංසක (පෙනුමට) මල්ලියාව අහුවුනාද...?
ReplyDeleteසනත් නන්දසිරි කියන බණ්ඩාර කේ විජේතුංග ලියපු සින්දුවක් තියෙනවා 'දිනෙන් දින ඔබ මා කෙරෙන් දුරස් වන විට මගේ මනැසට තවත් ළංවනු පමණෙකිය ඔබ ..' තියෙනවා නං දාමුකෝ..!
ReplyDeleteඅනිවා... හවසට බඩු....
ReplyDeleteoya pissu appa..!
ReplyDelete