පාළුව තනිකම පාවීලා වැහිවලාවේ...

සාමන්‍යයෙන් කියන්නේ "මගේ හදට තුරුලුවෙන්න..." කියලනේ... ඒත් මේකේ තියෙන්නේ "මා කුස තුරුලට..." කියලයි. මේ ගීය අහන වාරයක් පාසා ඇගේ කුලුණුබර වත මතක් වෙලා මගේ ඇස් තෙත් වෙනවා... මවක් සේ මා කරන කියනා දෑ සෙනෙහසින් ඉවසුවානම් ඒ ඈ පමණමයි... මම ඇගෙන් කැමැත්ත විමසපු මුල් වතාවේ ඈ කල් ඉල්ලුවා... විරාමය ඉවරවූ පසු ඉල්ලීම ප්‍රතික්ශේප වුනා... මම පිස්සෙක් වගේ පට්ට පාන්දර වැව් කන්ඩිය උඩ ඈ එනතුරු ‍රැක හිටියා... මාව දැක්ක ඈ විශ්මයට පත්වුනා... එදින දවසම මා ඇයට කරුනු කීවා... එදා හැන්දෑවේ ඉර බැහැල ගියාට මගේ ජීවිතයට අලුත් ඉරක් පෑයුවා... කරුණාබර ඒ සිත මට මතුජාතිත් වාසනාවන්... මේ ගීය කියන්නේ තිලකා රණසිංහ... නාරද දිසාසේකරයන්ගේ අද‍රැති බිරිඳ... අගේ කටහඬ අමුතුයි... අනෝමා රාසපුත්‍ර නැමැති ගායිකාවගේ වාගේ...

පාළුව තනිකම පාවීලා වැහිවලාවේ...
මා හද අඹරට පායාලා පුන් සඳක් වාගේ..
ආදර සෙනෙහස නංවාලා සිතට සුව සහනේ...
මා කුස තුරුළට ලංවීලා හිනැහියන් සිතුසේ..

වියැළුන කතරේ කොඳමල් වැස්සේ පිපුන මල නුඹගේ...
ඉහිරුණු කඳුලේ හදතුල සුසුමේ මිහිර මට නුඹවේ...
පිවිතුරු සෙනෙහස පවසන මදහස රකිමි ඔබ දෙතොලේ...

ඉඳහිට හෙලනා පොඩි කඳුලැල්ලත් රසය නොම හන්දා...
ගත සිත දවනා සෝගිනි දැල්ලත් සුවඳ නොම හන්දා
නුඹ මා සරණට මා නුඹ සරණට දෙදෙන ඇති හන්දා...
දෙදෙන ඇති හන්දා...

ගීතය අහන්න... ඕන්නම් බාගන්න... ඔබේ සිතැඟිත් සටහන් කරලා යන්න..

6 ප්‍රතිචාර:

චේජනා said...

ඔයාගෙ බිරිඳ නම් හරිම ආදරනීයයි කියල හිතෙන්නෙ.. ඔයාට කිසිම දෙයක් එයා මතක් නොවී කතා කරන්න බෑ කියන්නෙ ඔයා හරිම වාසනාවන්තයි එයාව ලැබෙන්න..

වෙබ් එක පුරාම සින්දු හොයන ඔයාගෙන් මම පොඩි උදව්වක් ඉල්ලන්න හදන්නෙ. මේක මම ඊයෙ දුකාගෙනුත් ඉල්ලුවා..

අපේ අම්ම කියනව වික්ටර්ගෙ සින්දුවක් තියෙනවලු

"සමාස තද්ධිත ප්‍රත්ය විශේෂණ
සන්ධි විසන්ධි විභක්ති ක්‍රියාපද
වින්ධයා කඳුවැටි භූමි විෂමතා
පෙම් නොකරන්නෙමි දෙගුරුන් දෙනෙත වසා"

මේ පද පේලි හරියටම හරිද කියල මම දන්නෙ නෑ.. මොකද මම කවදවත් ඒ සින්දුව අහල නැති නිසා..
මම දන්න හැමෝටම කියලත් මට මේ සින්දුව හොයාගන්න බැරි උනා.. මට මේ සින්දුව අහන්න හරිම ආසයි..( අම්මත් මෙක ආපහු අහන්න ආසයි.. )
පුලුවන් නම් මේ සින්දුව හොයගන්න මට උදව්වක් කරන්න.
පුලුවන් නම් ගොඩාක් ස්තුතියි..

තිස්ස දොඩන්ගොඩ said...

ස්තූතියි සොයුරිය... මම ඉක්මනින්ම හොයල එවන්නම්...අවසාන පදය මම හිතන්නේ... "දාසෙන් මහසෙන් ගැමුණු විජයබා..." ශ්‍රීමතී තිලකරත්න සමඟ කියන්නේ... ඔබේ මවත් හොඳ රසිකාවියක් වගේ...

Ravi said...

උඹ හරි මචන් නියම ආදරය කවදත් නැවුම්....
ඒ වගේම අතීත මතකයන් කවදත් හරිම සුන්දරයි....එයට සමාන සුන්දර අමතක නොවන අතීතයක් මටත් තියනවා....වෙනසකට තියෙන්නේ මම වැව් කණ්ඩිය උඩ නතර නොවි කෙලින්ම ගෙදරටම ගිය එකයි......

තිස්ස දොඩන්ගොඩ said...

@රවි: හහ් හහ් හා.... අන්න පොරවල්... ඇත්තම කියන්න මට එච්චර ගටක් තිබ්බේ නෑ මචෝ....

චේජනා said...

අපි ගොඩක් දේවල් ලබාගන්නෙ අම්මගෙන් නේ..
රස වින්දනය මට දුන්නෙත් අම්මා..
සින්දුව හොයා දෙන්න ගන්න උත්සාහයට ගොඩාක් ස්තුතියි..

තිස්ස දොඩන්ගොඩ said...

@ චේජනා:ගොඩක් අම්මල හැම භෞතික දේම ලමයින්ට දෙන්න උත්සාහ ගත්තට රස වින්දනය හුරු කරන්නේ නෑ... ඔබේ මවට මගේ ගරු බුහුමණ..

Post a Comment

 
Blogger Wordpress Gadgets