රත්තරනින් රන් මාල නොබැන්දට...

ඉස්සර රාජ්‍ය සේවකයෝ බොහෝ දෙනෙක් තමන්ගේ ගෙදරට "සෝවියට් දේශය" සඟරාව ගෙන්නවා ගත්තා... ඒ එක්කම අර බෝල්ෂෙවික් පක්ෂයේ කුඩා මාසික ප්‍රකාශනයත් ආවා... සෝවියට් දේශය සඟරාව බොහොම සාර ගර්භ සඟරාවක්... ඒකේ අවසාන පි‍ටු කිහිපයේ ලස්සන කතාවකුත් යනවා... එයින් මට හොඳට මතක කතාවක් තමයි "රත්තරන් දෑත්"... රාජ දෝනිට කලවයස ආවහම කාර බඳින්න කෙනෙක් පිය රජ තුමා සොයනවා... දෝනි ඉතින් නුවණැති වසිලිස්සා වාගේ... ලස්සනයි නුවණත් බොහොම තියනවා... "ඔබ මොනවාගේ කෙනෙක් ද සොයන්නේ...? දියණිය මෙහෙම කියනවා "මම කාර බඳින්නේ ලෝකෙන්ම පොහොසත් කෙනා..." පියරජ තුමාගේ කට කණේ.... සතුට ඇසිල්ලයි...ඇය ඒ එක්කම කියනවා..."ඒ වාගේම එයා ලෝකෙන්ම දුප්පත් කෙනා වෙන්නත් ඕනේ..." මේ අපභ්‍රංසය තේරුම් ගන්න බැරි රජ්ජුරුවෝ, අර මගේ යෝගී මළයා කිව්වා වාගේ, දෝනි කියපු දේ ඒ විදිහටම, "ෂී ෂී" (carbon copy හෙවත් Cc) කරනවා රට පුරාම... ඔන්න ඉතින් ස්වයංවරයට ලෝකේ හැමාතින්ම කුමාරවරු එනවා... රජ කුමරිය නියපොතු ඔප දම දමා හැමෝගෙන්ම අර ප්‍රස්න දෙක අහනවා... එක් කුමාරයෙක් විසාල රත්තරන් තොගයක් ගෙනැවිත් කියනවා... "මම ලෝකෙන්ම පොහොසතා..."රජ කුමරිය අහනවා "එතකොට ඔබ දුප්පත්ම කෙනා වන්නේ කොහොමද..." කියලා... "මම මේ සියල්ල ඔබට දීලා ලෝකෙන්ම දුප්පතා වෙනවා..." "හ්ම්ම්...ඒ කියන්නේ ඔබ දැන් පොහොසත්, පස්සේ දුප්පත් ... එහෙමද...?" "ඔව් කුමරියනි..." ඇය නොසතුටෙන් ඉවත බලා ගන්නවා... ඔහොම එක් එක්කෙනා ප්‍රතික්ශේප වෙද්දී එක් වරම තරමක් අපිරිසිදු ඇඳුම් ඇඳගත් තරුණයක් කුමාරිකාව අසලට එන්න උත්සාහ කරනවා... රාජ පුරුෂයෝ ඔහුව වලක්වනකොට කුමාරිකාවගේ අණ පරිදි ඔහු ඈ හමුවට පැමිණෙනවා... කුමරිය ඔහුගේ තියුණු නෙත් වලට එබී ප්‍රස්නය අහන්න හදනකොටම ඔහු කියනවා..."කුමරියණි... මම දෙවැනි ප්‍රස්නයට ඉස්සෙල්ලා උත්තර දෙන්නම්... "පෙනුමෙන්ම ඔබට කිව හැකියි මම ලෝකෙන්ම දුප්පතා බව... මට දේපල මුදල් ඉන්න තැනක් කිසිවක් නෑ..." කුමරිය අහනවා... "ඒක හරි එහෙනම් එතකොට අනෙක් ප්‍රස්නය..." මම වඩුවෙක්, ගොඩනැගිලි තනන්නෙක්, සන්නාලියෙක්... වෙහෙසට පත් වුණහම මේ බටනලාව පිඹිනවා... මගේ අත්දෙක තමා මගේ ධනය... ඒ දෑත් නිසා මම ලෝකයේම පොහොසතා... මට ඕනෑ කරන ඕනෑම වෙලාවක..." රජ කුමරිය ප්‍රීතියෙන් පිනා යනවා... "ඔව් ඒ රත්තරන් දෑත්..." ඈ කියනවා...

රත්තරනින් රන් මාල නොබැන්දට...
රත්තරනින් රන් ‍තෝඩු නොදැම්මට...
ඔබේ දැත මට ‍රැකවරණයි...
රත්තරන් දෑත මට ‍රැකවරණයි...

කුඹුරු කොටන ඔබේ දැත...
නියර බඳින ඔබේ දෑත...
මගේ පැලේ කව්ලු දොරින් උදේ හවා දු‍ටුවා...
ඒ දෑතට මගේ දැත දෙන්නට මා සිතුවා...

පැල් කවියක හඬින් රෑක...
සිහින ලොවක ගියෙමි ඇත...
හදේ පැතුම් සඳ කිරණින් ඔබේ පැලට ආවා...
දැතට දී මගේ දෑත තනි රකින්න ආවා....

සින්දුව අහන්න... ඕන්නම් බාගන්න... හිතේ තියන දෙයක් ලියලම යන්න..

84 comments :

  1. ඉස්සර මම ගමේ ගියහම සීයගෙන් සෝවියට් සේශය සඟරාවක් හොරකම් කරන් ආවා. මගේ පොත් වලට පිට කවර දාන්න. ඒ පිටු ඒ තරම් ලස්සනයි...
    දැන් නම් අයියා සෝවියට් සඟරාවත් නැහැ සෝවියට් දේශයත් නැහැ අපේ සීයත් නැහැ.හැබැයි සීයගෙ රත්තරන් හදවත නම් තියනව.
    මටත් ලැබෙනවනම් පෝසත් වගේම දුප්පත් කෙනෙක් මේ ගීතයේ තියෙනව වගේ....
    හැබැයි ඉතින් දැන් කාලේ සල්ලි නැතිව අත් දෙක වන වන ආවට වැඩක් නැහැ මගේ අත් දෙක රත්තරන් කියල. මොකද අත්දෙක කපල විකුණන්න යෑ...
    මම නම් හිතන්නේ දෑකෙ දෙපයෙ වැඩ පුලුවන් නම් ඒ අත් රත්තරන් තමයි.කුලී වැඩ කරල හරි කීයක් හරි හම්බ කරන්න පුලුවන් නේ
    සමහරු ඉන්නව අයියා සල්ලි කඳු තියනව ඒත් ඉන්නේ හිතින් තනි වෙලා එහෙම අයත් පෝසත් වගේම දුප්පත්

    ගීතය නම් ආයෙ දෙක්ක නැහැ හරිම අර්තවත්
    මම අර්ථ නැති වත්

    ReplyDelete
  2. ආහ් මොකද දන්නවද සල්ලි ටිකක් තියන කෙනෙක් නම් හොඳයි කීවෙ... නැත්තම් සල්ලි හොයන්න කියල කසාද බැන්දට පස්සෙ අයිය වගේ රට ගියොත් මට පාළුයි නේ. අන්න ඒකයි.

    ReplyDelete
  3. ඔන්න හරිම ලස්සන කතාවක්.. තිස්ස අයියා මට මෙල් එකෙ එවපු පුංචි ප්‍රශ්නෙකටත් මෙතන උත්තර තියනවා.. තිස්ස අයියා.. හරිම ලස්සන සින්දුවක්.. මම මෙක කලින් ආහලා තියනවා.. යශොදරා , ඔබෙ සිනහා රතු දෙතොලෙට ... පස්සෙ මම අහපු සින්දුවක් තිස්ස අයියා දැම්මා නම් එ මෙක. හරිම ලස්සන පුර්විකාවකුත් එක්ක.

    ReplyDelete
  4. සෝවියට් සඟරා, වත් කියනව වගෙම මමත් පාවිච්චි කළා පොත්වලට කවර දාන්න...
    රවා හොඳයි නෙ, මම සින්දුව අහල නෑ...

    කතාව ලස්සනට කියල තිස්ස අය්යෙ....අහගෙන ඉන්න ආස හිතෙන විදියට...

    ReplyDelete
  5. දුප්පත් පොහොසතුන් සහ පොහොසත් දුප්පතුන්. කතා කරන්න වටින මාතෘකාවක්.
    හරිම ලස්සනයි මේ ගීතය.මුල්වරටයි ඇහුවෙ කියල ඉතින් හැමදාම වගේ කියන එකනෙ. පූර්විකාවත් හරිම අගෙයි.

    ReplyDelete
  6. ඇසුවෙමි .... තුති

    ReplyDelete
  7. ලස්සන වසිලිස්සා මතක් වුනා ඇත්තටම....... හිතන්න දෙයක් ඉතුරු කරන ලස්සන කතාවක් අයියේ...... ගීතය නම් ඉතින් සුපුරුදු පරිදි කලින් අසා නැත......රත්තරන් දෑතක් හොයාගන්නවට වඩා රත්තරන් හදවත වටිනවා මට...... හදවත රත්තරන් නම් දෑත් නැතත් මොකෝ මට හරි බැරියෑ දවස සරිකරන්න ගේක උයන්නවත් යන්න...... ;)

    ReplyDelete
  8. හැමදාමත් වගේ මේ ගීතය නම් සමනලී අහලා නෑ..... ඒත් ඒකේ තේරුම හරිම ප්‍රබලයි...... හදවතට වගේම රැකවරණය ආදරය පිරුණු දෑතක් වටින බව නම් සමනලීත් පිලිගන්නවා ඉහලින්ම.....

    ReplyDelete
  9. සිංදු ව‍ලට පූර්විකා ලිය ලිය ඉන්න එකේ නවකතාවක් වත් ලියන්න ගත්තනං නරකද...

    කවිලියන්ඩ කියපුවාමත් ඇඹරි ඇඹරි ඉඳලා යාංතං එකක් දෙකක් පෙන්නුවනේ.

    "මම වඩුවෙක්, ගොඩනැගිලි තනන්නෙක්, සන්නාලියෙක්"... ඒ විතරක් නොවෙයි. ඔහු කලාකරුවෙක් . ඉතින් රත්තරන් දෑතක් නොවෙයි ද? කතාව ලියපු රුසියන් කතුවරයා හිතනනට නැතුව ඇති , ඔබ ඔහුටත් වඩා හොඳට මෙය ඔබේ ගීතයේ පූර්විකාවට ගලපනවා..

    තාත්තාගේ රජකමෙන් වලින් උපයපු ධනය පෙන්වගෙන එන රජ කුමරු ගේ රත්තරන් දෙස අවඥාවෙන් බලන කුමරිය මේ දිළිඳු මිනිසාගේ හැකියාවන් වලට ආදරය කරනවා.
    මේ කතාන්තරය කියැවෙන්නේ වැඩවසම් සමාජක්‍රයමක් පැවතුන කාලයක නොවේනම් ඔහු රජකුමරාගේ මෙන් රත්තරන් ගොඩක් දෑතේ හැකියාවෙන් උපයා නොගනීවිද ?.

    හැමදාමත් රුසියානු සාහිත්‍යයට ආදරේ කරපු මම ඔබේ පූර්විකාවත් එක්ක ගොඩක් දුර ගියා වගේ. ලොකු හෑල්ලක් ලියවිලා.

    ස්තූතී සුන්දර ගීතයටත් ..


    -ජය

    ReplyDelete
  10. මං හිතුවා අර ෂී ෂී කතාව ට කිසිම උත්තරයක් නැති හන්දා දැක්කේ නැතුවා වත් ද කියලා. බලං ගියාම පත්තරේ දාන්ඩ නේ ඉඳලා තියෙන්නේ ..
    :P

    ReplyDelete
  11. ඔන්න ඉතිං හැමදාමත් කරනවා වගෙ‍් තිස්ස අයියා පූර්විකාව ඔස්සෙ මාව අරං ගියා අතීතයට සේවියට් දේශය ගැන කියලා.. මට මතක් වෙන්නෙ ඒ දවස්වල කියවපු සේවියට් සාහිත්‍යය. දැදිගම වි. රුද්රිගු පරිවර්තනය කරලා රාදුගා ප්‍රකාශකයො පලකරපු පොත් ටික. අක්කයි මායි පොත් ප්‍රදර්ශන වලට ගිහිං තරගෙට වගේ එකතු කරපු පොත් ටික. මට සේවියට් සහ රුසියානු සාහිත්‍යයට ආදරය කරන්න ඉගැන්නුව පොත් ටික...

    ස්තූතියි හැමදේටම..

    ReplyDelete
  12. ගීතයේ පූර්විකාවත් අර්තයත් හැමෝම කතා කලාට ගේය පද මාලාව ගීතය ගැයූ කෙනාගැන කත කරල නැති නිසා මට ටිකක් දුක හිතුනා තිස්ස... චන්ද්රිකා සිරිවර්දනගෙ ගොඩාක් පැරනි ගීත හරිම අර්තවත් සෞම්ය හදවතට කිට්ටු සින්හල ලයාන්විත බවක් තියනව..පද මාලව නම් කව්රු ලිව්වද මම දන්න නැහැ

    ReplyDelete
  13. @වත්: හපොයි ... ඒ කතාවත් හැබෑ...

    @රවා: ඔහ් එහෙනම් ඒකයි වැඩේ ආ...? හරි තේරුනේ දැන් තමයි

    @චේජනා: කථාම වේච්චාවේ... හැබෑ ජීවිතේදී වත් කිව්ව වැඩේ වෙනවා නේ...?

    @Raven: "දුප්පත් පොහොසතුන් සහ පොහොසත් දුප්පතුන්" මම නිකංද උඹට නමක් පට බැන්දේ...?

    @වැප්: හැබෑටම උඹ කැමති මොන වාගේ සිංදු වලටද...

    @විශ්මි: ආ..හ් ... අනේ මම එක්කෙනෙක් සොයනවා අපේ ගෙදෙට්ට....!

    @punchisamanalee : අන්න එච්චරයි...! එතන ඉඳන් අනෙක් ඒවා ගොඩනගා ගත්තහැකි...

    @යෝගී: මේ වෙබ් අවකශයේ තැන් තැන් වල උඹ දාන ඒවා බොහොමයක් මං ගිජුකමකින් කියවනවා... මම නෙමේ උඹයි නවකතා ලියන්න සුදුසුම පුද්ගලයා... ඔන්නම් සුලාත් එක්ක තරඟයක් ලෑස්ති කරමු.... උඹේ දෑතුත් උමේ පවුලට වාසනාව ගෙන ඒවි.... ෂී ෂී කතාව කියවන කියවන පාරට මට හිනා යනවා...

    @Buratheno: ආයුබෝවන්ඩ...project report 19 දා භාර දුන්න යැයි සිතමි.... ඔබටත් ස්තූතියි.. රස භාවයන් නොනසා තියාගන්නවට...

    @Ano: අනේ මචෝ ... ඒතොරතුරු සොයන්න හරිම අමාරුයි නෙව... ඇත්ත... මම එතුමියගේ ගීත වලට ගොඩා...ක් කැමතියි....

    @බිඟුවා: එල...!

    ReplyDelete
  14. ඒ තරුණයා පොහොසතෙක් හැටියට කුමරිය පිළිගත්තෙ ඔහුට රත්තරන් උපයන්න පුලුවන් දෑතක් තිබූ නිසාද, එහෙමත් නැත්නම්, ඒ දෑත් රත්තරන් සෙවීමටම ආයෝජනය නොකර, බටනලාව පිඹින්නත් යොදවපු නිසාද?

    "සෝවියට් දේශය" සඟරාව, ලස්සන වසීලිස්සා වගේ දේවල් මම බොහොම ප්‍රිය කළ, පසු කාලීනව නැති වීම ගැන බොහොම දුක්වුන දේවල් අතරින් දෙකක්. සඟරාව තුලින් අප දු‍ටු සෝවියට් දේශයේ උසස් අධ්‍යාපනය ලැබූ මගේ කිට්‍ටු හිතවතුන් කිහිප දෙනෙක්ම ඉන්නවා. ඔවුන් බොහෝ දෙනෙක් සෝවියට් දේශය බිඳ වැ‍ටුනු සංක්‍රාන්ති සමයේ එහි සිටි අය. සුන්දර මිනිසුන් විසූ සුන්දර ජන සමාජයක බිඳවැටීම ගැන ඔවුන් බොහෝ සෙයින් කම්පා වෙනවා.

    එම වෙනස ගැන හිතාගන්න ඔනෙනම් හොඳම දේ තමයි "ලස්සන වසීලිස්සා" වන් වූ ළමා කෘති අද අපේ දරුවන්ට රස විඳීමට ඇති ළමා කෘතීන් හා සැසඳීම.

    ReplyDelete
  15. ඔව් රවෙන්, අප අවට දුප්පත් පොහොසතුනුත්, පොහොසත් දුප්පතුනුත් ගොඩ දෙනෙක් ඉන්නවා. ඒත් මට හිතෙන්නෙ වැඩි හරියක්ම ඉන්නෙ තමන් පොහොසත් බව නොදන්නා සහ ඒ පොහොසත්කමින් වැඩක් නොගෙන දුප්පත් පොහොසතුන් වන්නට දිවා රෑ වෙහෙසිලා අකාලයේ දුප්පතුන් ලෙසම පරලොව යන පොහොසත් දුප්පත් අය.

    ReplyDelete
  16. යෝගි,

    ඔයාගෙ කතාව ගැන නම් කට පියාගෙන ඉන්න බැරි තරම්...
    ඒක නම් ඇත්ත.. කවියක් ලියන්න කිව්වම මුලින් කිව්ව බෝතල් පත්තර කාරයෙක් කොහොමද කවි ලියන්නෙ කියල...
    ඒ වුනාට අන්තිමට දවසක් උදේ පාන්දර නැගිටල බලන කොට කේලම ක් කවි කරල ලියල තිබුන...

    ReplyDelete
  17. ගීතයි එළ.
    ගීතයත් සමග හැකිනම් ගීතයේ නිමවුම් කරුවන්ගෙ නම් සොයා පල කරන්න පුඵවන්නම් තවත් හොඳයි.

    ReplyDelete
  18. කවදත් වගේ පූර්විකාව පංකාදුයි යාලු.

    70 දශකයේ චන්ද්‍රිකා සිරිවර්ධන ගේ හඬින් මෙ ගීතය පරණ රෙඩියෝව මතක් කරා...

    මෑතකදී ගීතය ඇහුවා පරණ මතකයක් ඔස්සේ, You Tube:

    http://www.youtube.com/watch?v=0Cs3k--_WgI

    ReplyDelete
  19. කාලයක් මම ඉතාම ආදරය කල ගීයක්

    ReplyDelete
  20. ඔන්න CC වගේම තවත් කථාවක්, හැබැයි මෙ BCC ගැන.

    IT Dept. එකක අමිහිරිම පැත්ත තමා ආයතන නීති සංග්‍රහය අනුව සීමාවන් බාධක පැනවීම. දවසක් අපේ System Adminට usersලාට e-mail එකක් යවන්න වුනා යම් යම් නීති ගැන මතක් කර. ඉන් පෙර අංශ ප්‍රධානීනට ද කතාකර තිබූ ඔහු මගේ අනු දැනුම ඇතිව කර්යය කලා. කොහොම නමුත් කිසිම සේවකයෙකු තමන් යටතේ නැති ලොකෙක්ට අහවලා කථා කර නැහැ. අර ගස්වල පිපෙන් එක පිපිල ද කොහේද ඒ ලොක්කා Admin කාරයාට පිලිතුරු ලියලා තදින්, හැබයි CC කරලා අන් කලමාකරුවන්ට, BCC කරලා අනික් උදවියට. මෙ ලොක්කා හිටපු ගමන් අර මොකක්ද සමිති නායක වෙනවා ස්වෙච්ඡාවෙන්.

    දැන් ජංජාලයයි, මට මැදි හත් වෙන්න වුනා. අරලොක්කා ගේ වඩේ අනුමත කරන්න බැහැ. මිනිහා කියනවා CC එකේ ඉඩ තිබුනේ නැති නිසා BCC කලා ලු. එයා BCC කියන තෙරුමවත් දන්නේ නැතිලු.

    මට මෙහෙම පැහදිලි කරන්න වුනා:

    CC = Carbon Copy
    BCC = Blind Carbon Copy,
    as well famous as Blind Covert's Copy (හෙවත් කොන්ද නැති එකාට අන්ධ කොපිය)

    ReplyDelete
  21. හි හි හි ...... එහෙනම් අපි දෙන්නම ආදායම් විරහිත උන දවසක මට ඇබෑර්තුවක් තියෙනවා තිස්ස අයියලගෙ ගෙදර........ ඕන් එහෙනම් මම දැන්මම අයදුම් කලා හොඳේ.....

    ReplyDelete
  22. @Pali අන්න උඹට හැමදාමත්ම වගේ නිලයක් අහුවුනා... බටනලාව...හරි එකඟයි....

    @Outsider ඔව් මචෝ දන්න දහිරිය ගන්නවා....

    @ගල්මල්: ඉස්තූතියි වීඩියෝවට...

    @සුලඟ: මමත් එහෙමයි... ඒත් මොකද කාලයක් කිව්වේ...

    @විශ්මි: බලමු බලමු... කිරි හොද්දක් හදන්න දීලම... දන්නවනේ නැන්දම්මාගේ ඉස්සෙල්ලම ටෙස්ට් එක ඕක... කැටි නොගසෙන්න කිරි හොද්දක් සෑදීම....

    ReplyDelete
  23. 1970 දසකයේ සමගි පෙරමුණු රජය යටතේ ඇරඹුන වගා සංග්‍රාමයට සමගාමිව මහා ප්‍රචාරණ සංග්‍රාමයක්ද තිබුනා. මේගීතයත් ඒකාලයේ රචනා වුන එක් හොද ගීතයක්.

    තිස්සට මතකද වික්ටර් රත්නයක යන්ගේ ( මගේ මතක නිවැරදිනම්) "ගමින් ගමට සතුට උදාවේ"

    ඒකත් ලස්සන ගීතයක්.
    මම ඔබට වැඩ වැඩිකරනවා නොවේ නේද?

    සි.එස් බණ්ඩාරනායක

    ReplyDelete
  24. තිස්ස අයියා- පල පල අන්න අරහෙ ගිහින් මගේ ඉවුම් පිහුම් වල රහ ගැන අරූට කියාදීල වර කියලා ගෙදර උන්දැ මාව එලෙවුවා.
    මම මේ තකහනියක්ම ආවෙ කිරිහොදි උයනවා රහයි කියලා කියලා යන්නයි..හහහා...

    ReplyDelete
  25. @විහඟ ගීතය: ඒක සනත් නන්දසිරි කියන්නේ... නේ..
    "ට්‍රැක්ටරයෙන් පෙරලි පෙරලි යන...
    පස් අතරින් පෙරලි පෙරලි යන...
    නව ලොවකින් නවතම ලොවකට...
    පියවර ඔසවයි ජාතිය අපගේ..."

    හොයාගන්න බලමු... ඔබතුමාට බොහොම ස්තූතියි සිංදුව මතක් කලාට...

    @Raven පීස්සු.... අනේ අම්මපා උඹලට නම් පිස්සුම පිස්සු බං..

    ReplyDelete
  26. අනේ අපොයි මෙහෙමත් කේලම් කියන කොළුවෙක් දැක්කෙ නෑ අහල ගම් හත් පත්තුවෙම....... කේලාම් කියනව කියල ඔහොමත් කියනවද මං අහන්නෙ...... ?

    ඕන් තිස්ස අයියේ මම නම් ඔහොම කිවුවේ නැතෝ........ හි හි ....

    ReplyDelete
  27. සෝමාවතියේ සිල් සුවඳ කැටි කොටගත් තෙරක් නොපෙනෙන කෙත් යාය සිප හමා ආ සුළo පොද නැවුම් හැඟුම් ඇති කළ හෙයින් ආඝ්‍රානය කළ ඒ සිසිල් වාතයෙන් මාගේ පපු කුහරය පිරීයන්නට හැරියෙමි…..

    හිමිදිරියේම සුවඳ හමන කහට කෝප්පයක් , පිවිතුරු සිනහවක් සමඟින්ම මා අත තැබූ ඈ හණික මුළුතැන් ගෙට වන්නීය…ඒ සුන්දර සිනහව ඔස්සේ මම අතීතයට පිය නැඟුවෙමි…


    මහවැලි දියවර වන්නි හත් පත්තුවට ලැබුනායින් ඉඩම් කැබැල්ලක් ලැබ,උඩහපලාතේ ප්දිoචි කරුවන් වූ මගේ මව් සහ අප්පච්චී සමග මා ගැටවර වියේදී මේ ඉසව්වට පැමිණි අයුරුත් මුලින්ම වැව් පිටියේදී “ඈ” මුලිච්චිවුණ අයුරුත් පිළිබඳ කතාන්දරය සිතුවම්පටක් සේ මා ඉදිරියේ මැවෙනු බලා සිටියෙමි..එවක්පටන් වප් මඟුලේදීත්,ගොයම් කයියේදීත්,මඟ තොටදීත් අප මුණගැසුනු වාර අනන්තය…ඉක්බිති අප අතර ආලවන්ත කමක්ද නැතහොත් කුමණ වර්ගයේ ලෙන්ගතුකමක්දැයි අප දෙදෙනාටම හඳුනාගත නුහුණු බැඳීමක් හදවත් තුලට ඇතුළුවුවද ඉන් එහා හාගිස්සන්නට අපි නොසිතූවෙමු..සමහර දිනෙක ඇය සිය පියාගේ කුඹුරට ඇඹුල ගෙනෙනුත්,එහි වැඩෙහි යෙදීහුන් තරුණන් හා කැකිරිපලනුත් දැක ඊර්ශ්‍යාවක් ඇතිවූයේ මන්දැයි එදවස මම නොසිතූවෙමි..

    මේ ලොව මගේය කියා ඉතිරිවීසිටි අප්පච්චීගේ ඉලව් දා ඔහුගේ මෘත කලේබරය වැව් තාවුල්ලේ සොහොන් පිටියට ගෙනයන දවසේ ඈ මා දෙස බලාසිටි අන්දමත් හත් දොහේ දානය නිමාවනතෙක්ම වෙහෙසී වැඩ කල අන්දමත් සවිඥානිකව බලාසිටි මට මගේ සිතේ තිබූ ලෙන්ගතුකම ආලවන්ත කමකට හැරෙනුත් නොදැනුනාම නොවේ..එහෙත් ඇය වෙල්විදානේගේ දෝණියන්දෑ වීමෙනුත් ඈ මට වඩා වසර කිහිපයකින් වැඩිමහළු වීමත් හේතුවෙන් මගේ ප්‍රේමය ප්‍රකාශ කිරීමට පසුබට වූයෙමි..

    කෙසේවතුදු එක් ගොයම් කයියකදී හමුවී ඈ මට මනාප බවත්, කවුරුන් කෙසේ කීවද මා සමඟ එක්තැන් වීමට ඕනෑම වෙලාවක සූදානම් බවත් පවසණු සිහිනෙන් මෙන් අසා සිටියෙමි..ඉරිතලා වියලී තිබූ වැව් පිටිය වට වැස්සෙන් පෙඟීයන් නාක්මෙන් මගේ හදවත විකසිත වෙනුද,වෙන කවරදාකවත් නොතිබූ සුන්දරත්වයකින් පරිසරය වෙල ගනුද අත්වින්දෙමි..එසේ ඇති වූ ආලවන්තකම් මෝරා වැඩෙත්දී ඇගේ නෑයෝ අපට එරෙහිව අවි අමෝරා ගත්හ..තර්ජනය කිරීම්,බිය වැද්දීම් අභිමුව නොසැලුනු ඈ හා මා අවසන් තීරණයකට එළඹුනෙමු..

    මාසේ පෝදිනයක් වූ ඊයේ රාත්‍රී යාමයෙහි ඇය මගේ පැලට කැන්දාගෙන ආවෙමි…ජයසක් බෙර,පෝරු මස්ථක,ආසිරි ගී නොමැතිවුවද ඈ මගේ චිත්ත සන්තානයේ මඟුල් සිරි මැව්වාය…


    කුඹුරු කොටන ඔබේ දෑත..

    නියර බඳින ඔබේ දෑත..

    මඟේ පැලේ කවුළු දොරින් උදේ හවා දුටුවා..

    ඒ දෑතට මගේ දෑත දෙන්නට මා සිතුවා..



    මුළුතැන්ගෙයින් ඇසුණු එම මිහිරි පද පෙලින් සිහිනෙන් මිඳුණු මා ඇගේ හිත් පොඩියේද පසුතැවීමක් නොමැති බවත්..ඈ සතුටින් සිටින බවත් හැඟුනෙන් ඉපිලීගිය සතුටින් යුතුව නැගී සිටියෙමි…



    ( මෙය හුදෙක් මියුරු පදවැල නිසාවෙන් මා තුල මැවුණු ප්‍රබන්ධයකි…නමුත් පරිසරය අත්විඳ ඇත්තෙමි..)



    මේ..



    සුලා..

    ReplyDelete
  28. @ සුලා
    මේ වගේ කතන්දර ලියන්න blog එකක් පටන් ගන්න බැරිද?

    සුළඟක් වගේ ඈවිදින් ලියලා යනවා
    සොඳුරු වදන් සොඳුරු සිතුම් නිලියනවා
    මිතුරේ නුඹට හොඳ skills පවතිනවා
    ලීවොත් blog එකක් අනිවා රජ වෙනවා

    ReplyDelete
  29. භාෂාව සහ වදන් වල සුන්දරවයට නිම් හිම් නැති බව අපට පසක් කරමින් අප සිත් සතන් සුමුදුවට පිරිමදින සුලා ව කොහෙන් හෝ සොයාගෙන කුදලන් විත් පුටුවකට තබා බැඳ බ්ලොග් පිටුවක් තුළ ගලායන්නට ඉඩ සලස්සමුදැයි මට හද ගී පොත සොයුරන්ගෙන අසන්නට සිත් වුන වාර අපමණයි.

    එසේ වුවත් මේ අන‍පේක්ෂිත කඩාවැදීම් සහ ගරිල්ලා වදන් ප්‍රහාර වලත් යම්කිසි අමුතු රසයක් තිබෙන බවත් පිළි නොගෙනම බැහැ.

    ReplyDelete
  30. වත් අක්ක කිවුවත් වගේ බ්ලොග් එකක් ලියන්නකො සුලා අයියේ.... එහෙම නැත්නම් තිස්ස අයියටවත් කියන්න ඕනෙ මේ ලියවිලි එක්කහු කරල වෙනම පිටුවක් හදන්නය කියල.... ෂහ්... හරිම අපූරුයි... මේ වර්ණනයන් එක්ක ඉබේටම චිත්ත රූප මැවෙනවා....

    ReplyDelete
  31. @විශ්මි: ඔය දැන් "තිස්ස අයියේ..."කීවට Raven අත, අරූ, මූ, කියලා බැනලා තිබ්බේ නේ...? හොඳ හොඳා අන්තිමට මට මෙතන ඉන්න මලයලා විතරයි ඇත්තටම ලෙංගතු....

    @සුලා: හප්පේ....
    "කවුරුන් කෙසේ කීවද මා සමඟ එක්තැන් වීමට ඕනෑම වෙලාවක සූදානම් බවත් පවසණු සිහිනෙන් මෙන් අසා සිටියෙමි.." එහෙමත් වෑහෙන ආදරයක්...

    @වත් / Raven/විශ්මි : කිව්වට අහන එකක්යෑ....
    සුලඟ ඔහු වගේ ... සිත් මල වටා එතේ...
    පුදුම ලස්සනක් තියෙන්නේ අප්පා ඒ ලියවිල්ලේ...

    ඒ වුනාට නොලියන එකත් හොඳා... මම මේ අනුන්ගේ සිංදු දාලා හරි අමාරුවෙන් හොයා ගත්ත මිත්‍රයෝ මේ පැත්තේ පස් පාගන එකක් නෑ.... නොලියාම හිටපිය.... ඔක්කෝමලා නවත්තගන්න ඔය ඉල්ලීම්... සුලා ඒවාගේ ලස්සන එව්වා ලියන්නේ මගේ බ්ලොග් එකේ විතරයි...

    ReplyDelete
  32. අය්යෙ..

    එසේය....
    දෙදෙනාම අදිරාජ්‍යයේම ජීවත් වන බැවින් කළ හැකි කිසිවක් නැත...
    ප්‍රජාතන්ත්‍රවාදය නොහඳුනන නිසා..


    සුලා, ඇත්තට ම ලස්සනයි... ඇස් දෙක පියා ගත්තම් ඒ පරිසරයෙම විඳින්න පුලුවන්..

    ReplyDelete
  33. ඔන්න ඉතින් අයියණ්ඩි කේලාම් අහල තරහ වුනානේ ? මං අල්ලගන්නම්කො ඔය කේලාම් බට්ටව.......



    හොඳා හොඳා එහෙනම් ඉල්ලීම් නවත්තගත්තා.... මෙහෙමවත් කියවන්න ලැබෙන එකම මදැයි..... තිස්ස අයියගෙ සින්දුවයි පූර්විකාවයි එක්කම දැන් දැන් සුලා අයියගෙ පසු ලියවිල්ලත් කියවන්න ඇබ්බැහි වෙලා අපි.......

    ReplyDelete
  34. @චේජනා:
    දෙදෙනාම අදිරාජ්‍යයේම ජීවත් වන බැවින් කළ හැකි කිසිවක් නැත...
    හෙහ් හෙහ් හෙහ්... එලම කතාව...

    @විශ්මි: හපෝයි... අදනම් කට්ටියම මාව හොඳට හිනා ගැස්සුවා... හෙහ් හෙහ් හෙහ්...කේලම් බට්ටා... හූ....

    ReplyDelete
  35. මලයලා ටිකත් එක්ක ම ඉන්න... නංගිලා නම් ආයෙ නෑ....
    (මම ඒක දැන් දැක්කෙ...දැක්ක නම් එහෙම ඉස්සෙල්ල කමෙන්ට් එක දානෙත් නෑ..)

    ReplyDelete
  36. හපෝයි...!!!
    පුංචි බෝනික්කලා...
    පාට පාට නිලා...
    මං ගෙනාවා කරත්තේ පුරා...

    ReplyDelete
  37. අන්න හරි අක්කෙ...තිස්ස අයියට මලයලා ටිකත් එක්කම ඉන්න කියමු......... මමත් එන්නෙ නෑ මේ පැත්තෙ......

    ReplyDelete
  38. දෙවියනේ...!!!
    නොදොඩා මුවින් හමුවී දෙනෙතින්...
    මග හැර යන්නේ ඇයි මේ ලෙසින්...

    ReplyDelete
  39. @ නංගිලා මල්ලිලා අයියලා අක්කලා සියල්ලන්ටම
    අනේ හපොයි....

    රණුඩු වුනොත් නම් අපි විසිරී යනවා
    විහිළු වුනත් කලකදි ඈස් රතු වෙනවා
    හද ගී පොතේ හැම අකුරම දෙස් දෙනවා
    අත්වැල් බැදන් සිටියොත් අපි රජ වෙනවා

    ReplyDelete
  40. ඔව් නංගි, ආයෙ අපි මොකටද එන්නෙ...
    ඔය විශ්වාසවන්ත මලයලා ටිකත් එක්ක ඉන්නෙ නැතෑ..

    අය්ය නිදාගත්ත ම අතන මෙතන හොරෙන් ම මල් කඩන..

    අය්යෙ, බෝනික්කො වෙනුවෙන් නම් සලකා බලන්න් බෑ ආයෙ එන එක ගැන මෙතනට...

    ඒත් ලස්සන ටෙඩිබෙයාවෙක් ගෙනාවොත් නම් සලකා බලන්න පුලුවන්..

    ReplyDelete
  41. තිස්ස අයියා- හද ගී පොත පටන් ගැන්මෙන් පසු ගන්න යන වැදගත්ම තීරණයක් තමයි මේක. අපි කොල්ලො සෙට් එක දාන්නම් කමෙන්ට්ස් නෑවෙන්න. ඔන්න ඔය යන්න හදන අයට යන්න කියන්න.

    බයි බායි මෙයාලා.

    ReplyDelete
  42. ඔයා කඩේ ගියාට වැඩක් නෑ මල්ලි
    අය්යම දැන් ඩිංගකට ඉස්සෙල්ල කිව්ව ඔයා පිටසක්වළ ජීවියෙක් කියල...

    හහ් හහ් හා...

    ReplyDelete
  43. හි හි හරියටම හරි චේජනා අක්කේ..... මගෙ ටෙඩීලගෙ එකතුවට තව එක්කෙනෙක් දෙන්නෙක් එකතු කලොත් නම් සලකා බලන්න තිබුණා....... බෝනික්කො දැන් පරණ වැඩී......

    ReplyDelete
  44. එන්න නංගි, සංධාන ගත්වෙන්න ඉල්ලිම් දිනා ගන්න..

    ReplyDelete
  45. ඔය බායි කිවුව කෙනාටයි මේ කියන්නේ....... ආයෙනම් ඉතින් කටට රසට කාලා හමාරයි හොඳේ.......

    @ චේජනා අක්කා..... අපේ සහෝදරී සන්ධානෙට ජය වේවා...

    ReplyDelete
  46. අනේ බුදු මල්ලියේ උඹලානම් කොල්ලෝ ටික සංධාන ගතවෙයි... මං මක් කරන්නද...?? ආල්ලපු අත්තත් පය ගහපු අත්තත් නැතිවෙන වැඩක් වෙන්න යන්න වාගේ.....

    ReplyDelete
  47. අපෝ මෙයාල යනව යනව කියනව විතරයිනෙ.

    චේජනා අක්කා- ඒ තිස්ස අයියා හිතවත් කමට ආමන්ත්‍රණය කරන හැටි.

    ඔය උයනවයි කියන කෙනාටයි කියන්නේ. චයිනීස් හෝටල් කියලත් ජාතියක් තියනව හරිද අපි වගේ තනිකඩයන්ට කන්න.

    ගෑණු ළමයි සන්ධානෙ වැඩ තියල දැන් කුස්සිය පැත්තට යන්න අන්න අරහෙ බත් එක රොස් වෙනවලු.

    ReplyDelete
  48. ඕක තමයි අය්යෙ කියන්නෙ නංගිල ටිකට talks නොදී හිටිය නම් උන්වත් ඉන්නව...

    ඉතින් GOOD NIGHT හැමෝටම..
    නැත්නම් ඊයෙ රෑත් 3 ට නිදියපු මට අද ‍රැත් 3ට නිදියන්න වෙනව...

    ReplyDelete
  49. ගේන්නම් අප්පේ ගේන්නම් කෝ... එනගමන් පිටකො‍ටුවෙන් දාගෙන එන්නම් කරත්තයක්...
    මල්ලි උඹට රේසරයකුත් ඕනෑ නේද...? උඹ ඉතින් වැදගත් දවසකවත් ‍රැවුල කපන මිනිහෙක්යෑ...

    ReplyDelete
  50. බෝනිත්කෝ ටොපි චොකලටි පොරොන්දු බොහොමයි
    ඉටු කරන්න බැරි වුනොතින් ප්‍රතිපල දරුණුයි
    අනේ ඉතින් අපෙ අයියට තෙරුවන් සරණයි
    වැටුන වලෙන් ගොඩ ගන්නට බැරි වෙන ගානයි

    ReplyDelete
  51. ඔය චයිනීස් කන්න හදන කෙනාටයි කියන්නේ... එහෙනම් එහා කඩේ කුසල්ගෙ පරණ එලවළු දාපු ඒවා කන එකයි ඇත්තේ...... ;p

    @තිස්ස අයියා...... කරත්තයක් මදිවෙයි වගේ..... මලයලා සෙට් එක අයියව අතරමන් කරා වගේ :D


    @චේජනා අක්කා...... අනිවා... අපිත් එක්ක talks දාල අයියට වුනු දේ..... හි හි

    ReplyDelete
  52. මොන රැවුල්ද බන් අයියේ. දැන් ඉතින් රුවලක් තමයි ඕනෙ මට කොහේට හරි පැනගන්න. කට්ටිය එළවනවයි කියුවට උඹත් එක්කත් බැහැනේ පොඩ්ඩ ඇත්නම් හිත උණුවෙනවා.

    ReplyDelete
  53. @Wath: කයි ගොත ගොතා මක්ක කරනවද මන්දා....ඔය හිංචි පිංචි පුංචි පැංචියංට මොනවාහරි ලුණු ඇඹුල් ඇතිව කියාපන්කෝ නගේ

    ReplyDelete
  54. @Raven මොන රුවල් ද.... පාස් පෝට් තියෙනම් උඹ අනිද්දා මෙහේ.... නවදැලි හේනක පෑව... මතක් වෙයි උඹට ආවහම..

    ReplyDelete
  55. අන්න හරි. ව්‍යංගෙන් තමයි අයියා දෙන්න ඕනෙ. හිස්තැන් පුරවන එක විශ්මිලට බාරයි. නවදැළි හේනක පෑව____ රුව.

    ReplyDelete
  56. ඒ කුමන්ත්‍රණ හරි යන්නෙ නෑ අය්යෙ...(වත් අක්කව මුරුංග ගහ උඩ තියල මම මෙතෙනට ආවෙ..)

    ReplyDelete
  57. ආ ආ එහෙමද තිස්ස අයියේ.. එයා පස්පෝට් ගත්තට වැඩක් නෑ පූස් පාට් එකෙන් එන්න වෙනවා...... ඒකට සියළු බල තල නැන්දම්මා විසින් සම්පාදනය කර ඇත.......


    දැන්නම් සමාදාන වෙන්න පිටකොටුවෙ ටෙඩීලා වැඩක් නැත... ඉම්පොර්ටඩ් ටෙඩීලා අවශ්‍යය........

    ReplyDelete
  58. මල්ලි, ඔය වැලි කතර ට යන්න ආස වෙලා ඔය කුමන්ත්‍රනේට අහුවෙන්න එපා... ඒ වගෙද ජපානෙ...

    ReplyDelete
  59. superb නංගා, ලස්සන ටෙඩිබෙයාවො දෙන්නෙක් දිනා ගත්තොත් නම් ඉතින් ...නිදිමරන එකේ පල ප්‍රයෝජනයක් වත් තියෙනව..

    ReplyDelete
  60. හපොයි. පොරොන්දු ගොඩයි. සලකා බලන්න වෙනවා. ජපානෙත් මම කැමති රටක්. තිස්ස අයියේ බෝතලයක්වත් කුරියර් කරපන් ම‍ගේ හිත වෙනස් වේගෙනද මන්ද යන්නෙ.

    ReplyDelete
  61. කවුදෝ කවුදෝ මා සෙවුවේ
    මා නම් නැත ඕවට ආවෙ
    නොකරට හුරු නැති සංධානේ
    සුපුරුදු පක්ෂෙ හොඳා
    ................

    අයියා කවුද වලි දාගත්තේ මොකද
    ගැහැණුන් සැරය එය දැන ගත්තේ නැතිද
    මා නම් ඉතින් වලියට බර නැහැ නිතර
    අයියම බේර ගත්තොත් මොඳ වෙයි ඈඟට

    ReplyDelete
  62. රවීන් බයයි නෝනා හට එය සැබැවි
    අයියේ උඹත් එය දැන ගත්තොත් යෙහෙකි
    බය වෙන්නෙපා මම ගෙල දංගෙඩියට පුදමි
    අයියා තනිව නැත මම ඔබහට පිහිට වෙමි...

    ReplyDelete
  63. ඉන්පසු සියල්ලෝ සතුටින් විසිර ගියහ....

    ReplyDelete
  64. චේජනා අක්කේ ඒ කතාවනම් ඇත්ත... ඉල්ලීම් දිනා ගත්තොත් නිදී මැරුවට පාඩු නෑ

    ReplyDelete
  65. @වත් :අන්න ගෑනු... අනේ අම්මපා මං බැඳලා හිටියේ නැහ්නම්....

    දිගටම එහෙමම ඉන්නවා..

    ReplyDelete
  66. දැන් අපේ උන් කවුද? උන්ගේ කට්ටිය කවුද? මම කොයි පැත්තෙද?

    ReplyDelete
  67. ඔයා මගේ පැත්තෙනෙ අනේ........

    ReplyDelete
  68. @රවෙන්: පීස්සු යකෝ හිනාවෙලා බඩ කොරවෙලා... හූ....

    ReplyDelete
  69. ඇති අනේ ඇති හොඳටෝම... මම කාලේකින් ගොඩක් හිනා වුනා ඔක්කෝටම බොහෝම පිං...

    ReplyDelete
  70. This comment has been removed by the author.

    ReplyDelete
  71. සොඳුරුම සෙනෙහස් බැඳුම් මැදින්
    ගලාගියත් අඬදබර කමෙන්ට්
    හදවත බැඳුමන් සවිමත් කෙරුවා
    දෝර ගලන් යන සතුට අරන්

    දවස නිමාවී ඊලඟ දවසත්
    හිරු නැගෙනා රට වෙතට ඇවිත්
    නිදි දෙව් දූ තුරුලේ සැනහෙන්නෙමි
    ඔබටත් සොඳුරුම රාත්‍රියක්

    ReplyDelete
  72. සුබ රාත්‍රියක් අක්කලා සහ අයියලාට....... :) අපි ගෙවල් වල හිටියට මේ අය රාජකාරියට යන්නත් එපැයි.......


    තිස්ස අයියේ.... මතකයිනේ පොරොන්දු....... ;D

    ReplyDelete
  73. අදට සමුගමි. නැවත දිනක යළි එමි.
    සතුට ඉහවහා ගොස් බ්ලොග් පිටුව හැඩි කලා නම් සමාවන සේකවා.
    හැමෝටම සුබ රාත්‍රියක්.

    ReplyDelete
  74. Wath කියයි ලියන්නට කතාවක්...
    මලයා Raven අද ඇවිදින් වතාවක්..
    විශ්මි අල්ලයි හොඳ අඩව්වක්...
    නෑ කැව්වේ උඹලට මo ඉනාවක්..

    දඩිබිඩියේ අද ඇවිදින් චේ...ජ....නා...
    ලොකු අයියත් එක්ක හරි හරියට වාද වෙනා...
    Comments දැකල අද නම් මට හරිම හිනා..
    ලෙන්ගතු හිත් අතර මටනම් ඉඩ ඕනා..

    මේ...

    සුලා...

    ReplyDelete
  75. සුලා,

    අපි නම් දඩිබිඩියේ කඩා වැදී වාද කළේ නෑ..
    යෝගි කියන විදියට ලොකු අය්ය ඊයෙ රෑ රට ඉඳි බීමක් බීල මගේ ගෙදරට ම ඇවිත් අනිත් සොයුරන් සියල්ලන්ට ම බනින්න ගත්ත නිසා..එයාල වෙනුවෙන් කතා කරා විතරයි..
    (ඒ අතරෙ ඉතින් ගෙනත් දෙන්නම් කිව්ව ටොපි චොකලට් බෝනික්කන්ට අමතර ව ටෙඩිබෙයාවො දෙන්නෙක් මටයි විශ්මි නංගිටයි දිනාගත්ත... මදිද ඉතින්..? නිදි මැරුවට)

    ReplyDelete
  76. ඇති ඔයිං ගියා....මම හිතුවෙ සංධානයක් ගහලා පෙටිකෝට් ගවර්න්මන්ට් එකක්වත් පිහි‍ටුවයිද කියලා. හප්පේ එහෙම වුනානම් ඉතිං ලෝක විනාශෙ තමයි.

    ReplyDelete
  77. අම්මට උඩු අද හවස 6.00ට බලද්දි comments 32යි, රෑ 12.00ට බලද්දි comments 78යි.. තිස්ස අයියන්ඩිය බිය නොවන්න සංධාන ගතවන සැටි මම පෙන්වමි.. :)

    ඔය කාන්තා පක්ෂය අතරින් වයසින් වැඩිම ‍කෙනා ඉස්සෙල්ලාම කතාකරන්න බලන්න.. එන්න අපිත් එක්ක වාදෙකට.. හැබැයි නමත් එක්ක වයසත් සටහන් කරන්න ඕන.. :)

    ReplyDelete
  78. @තිස්ස අයියා.. එසේය එසේය 19දා මධ්‍යම රාත්‍රියට විනාඩි 15ක් තියෙද්දි project එක upload කලෙමි.. අර server එකේ තිබුන සිංදු ටික ඉවත් කලෙමි. නව සිංදු ටිකක් upload කල හැකිය. මේ දවස්වල මම full free ය.. :)

    ReplyDelete
  79. @සුලා / Pali / Buratheno: බඩ පැලෙන්න කාලා කාලා නිදාගෙන, මාව තනිකරලා, දැන් එනවා උපදෙස් දෙන්න... අර Raven කොලූ ඉතරයි තනියට හිටියේ....

    @Buratheno: එහෙමනම් නිවී සැනහිල්ලේ හින්දි සිංදු ටික බලමු නේද...?

    ReplyDelete
  80. හපොයි දෙයියනේ!!!
    මරු පූර්විකාවයි-මරු සින්දුවයි කියල කමෙන්ට් 1 දාන්න හිතං පරණ කමෙන්ට්ස් ටික කියෙව්වා.
    අලි ගිනි විජ්ජුම්බරයක්නෙ වෙලා තියෙන්නෙ ඊයෙ රෑ.
    කෙහෙවලු පටලවගෙන, තව ඩිංගෙන් හට්ටි මුට්ටිත් පියාඹන්න ඉඩ තිබුණා.....
    දැං ඉතින් මොන කමෙන්ට්ද? මේං මං කට පියා ගත්ත.

    ReplyDelete
  81. ඉදිරිපත් කිරීම අනර්ඝයි. දැන් දැන් කියවා ගන්නත් වෙලා මදි වෙන තරම් කොමෙන්‍ටු. සාර්ථකත්වයට සුබ පැතුම්! පුළුවන්නම් 'මිදි ඇඹුලයි කියලා' හොයල දෙනවාද?

    ReplyDelete
  82. @nethu:
    තිස්ස සොයුරාට මෙදිනවල වැඩ අධිකයි වගේ...

    ඔබ ඉල්ලූ ගිතය "මිදි අඹුලයි කියලා " මා upload කලා, මෙතැනින් download කරගන්න පුලුවනි:

    http://www.mediafire.com/?n3dvigwymuh

    ReplyDelete
  83. තිස්ස අයියා මම ආස සිංදුවක් මේ.මම ගත්තා

    ReplyDelete

 
Blogger Wordpress Gadgets