චිත්‍රපටි ගීයකින් මම ආසම ගීයක් තියනවනම් මේ ඒක තමා...චිත්‍රපටය රන්සළු... රඟපෑවේ මගේ ප්‍රියතම නිලිය වන පුන්‍යා හීන්දෙනිය සමග අනුලා කරුනාතිලක, ටෝනි රනසිංහ... නාට්‍ය ලෝකයේ පතාකයෙක් වන දයානන්ද ගුණවර්ධනයන් ද මෙහි රඟපැවා... හරි අමුතු කතාවක් චිත්‍රපටියෙත් තිවුනේ...ඒකේ රන්සලු කියලා අදහස් කලේ දසසිල් මෙහෙණියන් පලඳින කසාවත් වලට... (මගේ මිත්තණියත් සියලු යුතුකම් ඉටුකොට, දරුවන්ට උගන්වා, ඉඩම් කඩම් අරන්දී, ඔවුන් එකලාසයක් කරලා දසසිල් වුනා... වයසට යනතුරුම එතරම් රෝගයක් නොතිබූ ඈ එක් දිනක් ඇතුලත අසනීප වී දුකක් නොවිඳාම මිය පරළොව ගියා..අනේ එහෙමත් වාසනාවන්ත ජීවිතයක්...!) කොහොම හරි මේ ගීතය චිත්‍රපටිය අතුලත අනුලායි ටෝනීයි චිත්‍රපටියක් බලන්න යනවා...එතකොට යන ගීතය තමා මේ....ඒ චිත්‍රපටියේ ඉන්නෙත් දයානන්ද ගුණවර්ධනයන්... ඔහු මූලික චිත්‍රපටයෙත් භූමිකාවක් දරනවා... සංගීතය අමරදේවයන්ගෙන්...(අමරදේවයන්ද මේ ගීය සමිතා හෝ නිරෝෂා සමග ගයනවා)... ගායනය අසහාය, ආදරණීය ගායක නෙවිල් ෆර්නැන්ඩු ගෙන්... අර "මැණිකේ ඔබේ සිනාවේ..." ගීය කියන්නේ රුක්මණී එක්ක...අන්න එතුමා තමා...
බඳුන් පිරී ඉතිරෙන මී... ලඳුන ළවන් නුරා...
නැගෙන ගීතේ රැඟුම කෙරේ...අවර බිඟුන් නුරා...
සැන්දෑ වලා පෙළින් මිදී... පහන් සිලේ රැඳී...
පාන මියුරු ලීලා...
පාන මියුරු ලීලා... මැවේ රැඟුම් අපේ...
ගීත නළු කලා පෙරපර යා නොවී බැඳී...
සිතුම් පැතුම් මැදුම් මගෙහී... රැඳී රසින් වැඩී....
නෑර සිතු නොලා තම සතු ආර සුරකිමී...
දිගන්තයන් ලෙසින් වෙන්වී සදා බැතින් වැඩී...
සිංදුව අහන්න...
ඕන්නම් බාගන්න... හිතේ තියෙන දෙයක් ලියලම යන්න....
මම මේ චිත්‍රපටිය බලල තියනව. මට නම් ටිකක් කලකිරුණා මිනිසුන් ගැන. අද වගේ පෝය දවසක හොද ගීතයක්. කවුරු කවුරුත් මහන වෙන්න එහෙම හිතාගෙන ඉන්නවද දන්නේ නෑ ඕංංංංංං ............
ReplyDeleteහැබෑව හැබෑව නොසංසිඳුනු ආසාවක්...
ReplyDeleteතිස්ස මේ විශිෂ්ට ගීතය ලිව්වේ මහගසේකරයන්, මහා පුදුම ගේයපද රචනයක්.
Deleteජනක
Deleteසමාවෙන්ඩ මහත්තයෝ මේක ලිව්වේ බී. ටි. මෙන්ඩිස්
සින්දුව පස්සෙ ඇවිත් ගන්නම.. රන්සලු මාත් බලලා තියනවා. මගෙ ලොකු අම්මාගෙ ආසම චිත්‍රපටිය.. ටිවි එකෙත් දෙපාරක් තුන් පාරක් ගියා...
ReplyDeleteඑළ...ඉස්තූතියි ගොඩවුනාට....
ReplyDeleteඅනේ බං මගේත් ආසම සින්දුවක් මේකත්. රන්සළු චිතපටිය මගේ ඇස් ඉස්සරහ මේ දැන් දිගහැරෙනවා වගේ මේ ගීතයේ පද පේලි ටික දැක්කාම.
ReplyDeleteඅද මගේ ගෙදර පරිඝනකයේ කචලක්, මේ සින්දුව අහන්න බෑ. හරිම දුකයි.
අනුලා යි පුන්‍යායි මගේත් ආසම නිලියෝ දෙන්නෙක්. මේ චිතරපටියේ එක දෙබසක් මට තාම කට පාඩම්."
"ඔයා ගියාම හරි පාළු දැනෙයි"
"ඒත් මම වැඩිය සද්ද කරන කෙනක් නෙමෙයි නේ"
"ශබ්ද කරන අයට වැඩිය නිශ්ශබ්ද අය නැති උනාම දැනන පාලුව දරා ගන්න හරිම අමාරුයි"
හරියටම මෙහෙම ද කියලා මතක නෑ ඒත් අදහස මේකයි කියලා මතකයි මොකද ඒ අදහසට මම 100% ක් එකඟ නිසා
පුන්‍යාගේ රඟපෑම් නම් පුදුම තාත්විකයි නේ බං.... බලපන්කෝ ලංකාවට වෙච්චි දේ... සම්පූර්ණයෙන්ම reverse ගියර් එකේ යනවා වාගේ...
ReplyDeleteකොහොමද බං දෙබස් මතක හිටින්නේ...? උඹනම් මාරම රසිකයෙක් තමා බං...
තිස්ස, මම ඉතාම ආසා සින්දුවක්.. බොහොම පින්..! සංගීතය පවා ඉතා සරළයි..
ReplyDeleteතිස්ස අබේසේකර කියනවා නෙවිල් ට තිබුණෙ හොඳ මධ්‍යම පාංතික කටහඬක් කියලා. ඒ නිසා ලෙස්ටර් ඔහුව තෝරා ගත්තලු.
නෙවිල් අම්මා ගෙ අවසාන ඉල්ලීම නිසා ඇගේ සොහොන ලඟ 'ගයන ගැයුම්' කිව්ව විත්තිය ඔබ අසා ඇතියි හිතනවා.
පැරණි ගීත වලට මාත් ප්‍රියයි. මේ උත්සාහය ඉතා ඉහලින් අගය කරනවා. අපිට දැන් පැරණි ගීතයක් අහන්න ලැබෙන්නේ කලාතුරකින්නේ
ReplyDeleteමාත් ප්‍රිය කරන ගීතයක්. බොහොම ස්තූතියි ඔබට.
ReplyDelete@ හශිත: ඔය සින්දුවට ආසා කරන්නේ ඉස්තරම්ම ගනයේ රසිකයෝ... ඕක මං දානකොට මං හිතුවා "බලමු හශිත ගේ ප්‍රතිචාරය මොකක්ද කියලා..." මගේ ඉව මාව රවට්ටලා නෑ... අනේ හශිත ඔය වාගේ තොරතුරු අනිවාර්‍යයෙන්ම දාපන් මචෝ... සිංදුව වාගේම ඒවා එක්ක බැඳිච්ච ඔය වාගේ කතා හරිම සංවේදීයි...
ReplyDelete@ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය: උඩ තියෙන "ඔය සින්දුවට ආසා කරන්නේ ඉස්තරම්ම ගනයේ රසිකයෝ..." ඒක ඔබටත් අදාලයි... බොහොම ස්තූතියි මාව දිරිමත් කරනවට...
ඒක නෙවේ මේ පිළිවෙල කොහෙන්ද මතුකරගත්තේ...? ජීවිතය--> සොබාදහම--> මනුස්සකම--> ආදරය... මේක හරියටම මිනිස් ජීවිතය විග්‍රහ කරනවා නේද...? කදිමයි....
@Wish: ශහ් ඇයි ලංකාව මේ වාගේ තත්වයකට පත්වුනේ මේ වාගේ රසිකත්වයක්, සංවේදී මිනිසුන් ඉඳලා...? මට හැම වෙලේම ඔලුවට එන ප්‍රස්නයක්... මේවා ඇස නොගැටුනාට මේ ගී අගය කරන පිරිස් තව බොහොමයක් ඇතිනේද...? එහෙම තියෙද්දී ඇයි මේ අපි හැමෝම අනවශ්‍ය ඕගයකට අහුවෙලා...?
ReplyDeleteප්‍රධාන ප්‍රවාහය තමා අපිට පෙනෙන්නේ .. ඒක ඒ ඒ කාලයේ බලය හිමි අය තීරණය කරන්නේ.. 1970 ගණන් වල සුනිල් සාන්ත, සී. ටී. වගේ අය පැත්තකට තල්ලු වුනෙත් ඒ වගෙම තමා..මොන ප්‍රවාහය තිබුනත් ලස්සන පුංචි උල්පත් කොහෙ කොහෙත් තියෙනවා.. ඒ මදෑ..
ReplyDelete@ තිස්ස... හරියටම හරි නැතත් මට හිතෙන හැටියට නම් ඒකට හේතුව රැල්ලට අහුවෙන අය වැඩි වීම සහ රසවිදින පිරිස් අඩුවීම... කොහොමත් 70 දශකයෙ බිහි වුන නිර්මාණ අදටත් ජීවමානයි....
ReplyDeleteරන්සළු චිත්‍රපටිය ඒ කාලෙ බිහි වුන වෙනස් තේමාවක කතාවක්... පුන්‍යා හීණ්දෙනියගෙ වගේම අනුලා කරුණාතිලකගෙ රගපෑම් ගැන ආයෙ මොනව කියන්නද.... පරසතු මල් චිත්‍රපටියෙ 'පරවුන මල් වල ' ගීතයත් දෙන්න පුලුවනිද කරදරයක් නැත්නම්....
@ හශිත: nice explanation...I think you are correct....
ReplyDelete@Wish: හරි හොයලා දමන්නම්... මේක හරි රසවත් වැඩක් වුනා අප්පා....
විසි තිස් වසක් පෙර ඇසු ගී මන බන්දා
ReplyDeleteදිසි රූ ලෙසින් ගෙවු එදවස් සිහි කැන්දා
සිසි රැස් කඳක් මෙන් සිහිලස හද රන්දා
රිසි සේ අසමි හද ගී පොත නුඹ හන්දා
@ Pali: Maxxaa... Thanks
ReplyDeleteමටත් හිතා ගන්න බෑ ඒ කොටස කොහොම මතක හිටියද කියලා . . ඇත්තෙන්ම මමත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා ගන්නවා සචී ගෙනුයි හශිතගෙනුයි. උන් දෙන්නා තමයි මේ වෙනකොට මම දැකපු ඉහලම රසවින්දනයෙන් පිරුනු කපල් එක.
ReplyDeleteෙම් සිංදු අහන අය ඉන්නවා කියලා දැන ගන්න ලැෙබන ඒකත් ෙම් කාලේ හැටියට සතුටක් පුදුමයි තාමත් වදවී ෙනාගිය කලා රසිකයන් ඉන්නවා ම්ම්ම්
ReplyDelete@දුකා: අඩේ උඹලා එකිනෙකා දන්නවද... සචීව නම් මම දන්නේ නෑ...හශිත නම් මැක්සා... පොර ලංකාව ගැන රස වින්දනය ගැන, විශ්ව කෝෂයක් වාගේ...නේ... ?
ReplyDelete@Anonymous: ඉන්නවා, ඉන්නවා...මයේ අම්මේ, දුකාම මදෑ ගමකටම... බොහොම ඉස්තූතියි... ඔබේ සහෘද වචන වලට....
මන් නම් මේ මෙතනට ආවමයි, ලංකාවෙ හොද රසිකයො ටික සේරම මෙතන වගේ.මේ වගේ වැඩ වලට මගෙත් සම්පූර්ණ උදව්.මං දැනං හිටියෙ දුකාව විතරයි. ඒ වගේ අදහස් තියෙන,කලාවට ගරු කරන,අගය කරන තවත් අය ඉන්නවයි කියල දැනගැනීමත් සතුටක්
ReplyDeletewelcome aboard ඉමාල්... සංතෝසයි ඔබේ ආගමනයටත්... දුකා මේ ඔක්කෝලවම ගොනු කරනවා.... තමන්ගේ කාලය ශ්‍රමය කැපකරලා... කියලා වැඩක් නැ... ඔබේ වචන මගේ හිතට ලොකු ශක්තියක්....
ReplyDeleteඔව් ඔව් මම දන්නවා උන් දෙන්නවම. ගියපාර නිවාඩුවට ගිය ගමන් උන්ගේ ගෙදර අඔඉ බ්ලොගර්ස්ලා 10ක් විතර සෙට් වෙලා පොඩි ගෙට්ටුවක් දැම්මා. මම කියන්නෙත් උඹ කියන දේමයි. උන් දෙන්නා රසවින්දනය ගැන විශ්වකෝෂ දෙකක් වගේ කියලයි.
ReplyDeleteබොහොම සතුටුයි මේ වගේ ගීත ගැන මේ තරම් උනන්දුවක් දක්වන අය මේ පරපුරේත් ඉන්න බව දැනනන්නට.
ReplyDelete- කලින් පරපුරේ "අංකල්" කෙනෙක්.
මේ ගීතයේ සමහර වචන පැහැදිලිව ඇහෙන්නේ නෑ (මුල් ගායනයේත් අමරදේව ශූරීන්ගේ / නිරෝෂා ගේ අලුත් ගායනයේත්).
මට ඇහෙන විදිහට නම් පදමාලාව මෙහෙමයි:
බඳුන් පිරී
ගායනය: නෙවිල් ප්‍රනාන්දු
පද: බී. ටී. මෙන්ඩිස්
සංගීතය: ඩබ්. ඩී. අමරදේව
බඳුන් පිරී ඉතිරෙන මී - ලඳුන ලවන් පුරා
නැගෙත ගීතේ රැඟුම කෙරේ - පවර බිඟුන් නුරා
සැන්දෑ වලා පෙලින් මිදී - පහන් සිලේ රැඳී
පාන මියුරු ලීලා //
මැවේ (නැවුම්?) නැඟුම් අපේ
ගීත නළු කලා - පෙරපර යා නොදී බැඳී //
සිතුම් පැතුම් මැදුම් මගෙහී
(බැඳී?) ඇලී රසින් බැඳේ
නෑර සිතු ලොලා - තම සතු ආර සුරකිනේ //
දිගන්තයන් සෙමින් වෙන්වී
සදා පෙමින් බැඳේ
බඳුන් පිරී...
බොහොම ස්තූතියි පද වැලට හා විස්තරයට...
ReplyDeleteමමත් අංකල් කෙනෙක් වෙන්න කිට්ටුවෙන් ඉන්නේ...
මං කාලයක් තිස්සේ හොයපු ගීතයක්. මමත් ඉතාම කැමති ගීයක්. ඒ වගේම අර ඔබ විසින් එකතු කල ලමා ගී පෙළ මම ඩවුන්ලෝඩ් කර ගත්තා. පොඩි කාලය මතක් වන විට කෙතරම් සුන්දර අතීතයත් ලමා කාලයක් අපිට තිබුණද කියලා හිතෙනවා ඒ ගීත ඇහුණම. ඒත් දැන් එවැනි ලමා ගී බිහි නොවෙන එක අපේ පොඩි උන්ගේ අවාසනාවක් කියලා හිතෙනවා.
ReplyDelete