රන් දොරින් එන්න ආදරේ...

හරිම සරල ගීයක්...පද වැලට වඩා සංගීතය අනර්ඝයි කියලයි මට හිතෙන්නේ....මුල් සංගීතයේ නොතිබිච්ච බොන්ගෝ වාදනයක් පසුබිමින් යසට මුහු කරල තියනවා... කී බෝඩ් වාදනයත් අනර්‍ගයි.... වික්ටර් දළුගම මහත්මයාගේ සංගීතය... අමිතා (දළුගම) වැදිසිංහ මහත්මියගේ මියුරු කටහඬින්....

රන් දොරින් එන්න ආදරේ...
කැඳවලා මල්සරා...
නිල් නුවන් ඔබ මා කෙරේ...
දෙන්න සතුටින් පුරා...

මිහිරි සමීරෙකි... මාගේ උදානයේ...
සීතල යාමේ ජීවේ.. සිහින විමානයේ...

මා හදේ ආශා, නිවි නිවී යාදෝ...
සහන් සුවේ දිදී ඒ... නුරා උතුරාදෝ...

සිංදුව අහන්න... ඕන්නම් බාගන්න... හිතෙන දෙයක් ලියලත් යන්න, වෙලා තියෙනම්...

21 ප්‍රතිචාර:

බිඟුවා...! said...

බලන්නකෝ මේ ගීත හරිම සරලයි.
පුංචි අදහසක් පොඩි පද වලින් හිමීට ලියලා

/බිඟුවා...!

තිස්ස දොඩන්ගොඩ said...

small is beautiful...thanks brother...

wath said...

අර කීවත් වගේ පද වලට වඩා සංගීතය ලස්සනයි. අර තාල තියන එක (මට ඒකෙ නම මතක නැහැ) ලස්සනයි සරලයි. ඒ වාද්‍ය භාණ්ඩයේ නම හොයන්න ගිහින් තමයි comment දාන්න පරක්කු වුනේ ....

තිස්ස දොඩන්ගොඩ said...

මං ඒත් බැලුවා මොකද ප්‍රමාදේ කියල... නොවරද්දා ගොඩවෙන්න හොඳේ....

wath said...

හොදමයි. කීවත් නැතත් හොද යාලූවන්ගෙ ගෙවල් වල යන එක මගේ පුරුද්ද.

Bandula - බන්දුල said...

.... දෙන්න සතුටින් පුරා .....
........ සහන් සුවේ දිදී ඒ...

ඇහුවත් බඩ පිරෙනවා.

තිස්ස දොඩන්ගොඩ said...

කියල වැඩක් නෑ අප්පා...

දුකා said...

නියම සිංදුව. මම වගේ (අපි වගේ - උඹත් මගේ වයසේ විතර වෙන්න අති කියලා හිතෙනවා) ගුවන් විදුලියෙන් රසවින්දනයේ රන්කිරි කටගාපු අයට මේ ගීත සදා මතකයේ රැඳෙන . . . හද කිති කවන . . .. ගීත !!

නැද්ද මචං . . . ?.

තිස්ස දොඩන්ගොඩ said...

කියල වැඩක් නෑ මචෝ... අනායාසයෙන්ම ගුවන් විදුලිය අපට යහපත් රසවින්දනයක් හුරුකලා... සිංහල වෙබ් අවකාශයේ දැවන්තම රසිකයා වන ඔබගේ කමෙන්‍ටුවට බොහොම ස්තූතියි...
(මේ කොල්ලෝ කෙල්ලො අස්සේ වයස ගැන කතා කරල මුන් අන්කල් අන්කල් කියයිද දන්නෑ මචෝ... හහ් හහ් හහ්... ඔව් මචෝ දැන් හතළිහ පැන්න විතරයි)

දුකා said...

"සිංහල වෙබ් අවකාශයේ දැවන්තම රසිකයා" බුදු අම්මෝ මට හරිම ආසයි ඒ වචනෙට. ඔව් මචං සිරාවටම මම හොඳ රසවිඳින්නෙක්. මේ මම උඹෙන්නියම වයසඇහුවේ නෑ බං, මේ වගේ දේවල් වල රස දන්නේ 70දශකයේ ඉපදුනු අයට ම තමයි කියන මගේ උපකල්පනය විතරයි මම කලේ.

පීසුද අප්පා මේ කොල්ලෝ කෙල්ලන්ට අපි අන්කල්ලා වගේ පේන්නේ නෑ. උන් ට අපි හැමදාම අයියලා තමයි බං

තිස්ස දොඩන්ගොඩ said...

ඒ කතාව හරි මචෝ... මම දාන සිංදු බොහොමයක් වයස තිස් ගනන් වල ළමයි අහලවත් නෑ... ගුවන් විදුලි සංස්ථාවත් ඉතින් දැන් වැඩි වෙලාවක් හොරණෑ වාදනයේනේ... මහ බරපතල ලෙස ඊලඟ පරම්පරාවල් වල රසාස්වාදනය ප‍ටු වෙනවා... ඒ ළමයින්ගෙ ව‍රැද්දක් නෑ නෙව...
ඔව් ඔව් උඹත් දන්නවා ඇතිනේ middle east වලත් අපේ පුංචි අම්මල වගේ අයත් ඇවිත් "අයියේ අයියේ "කියන හැටි...හහ් හහ් හා...

රවා said...

තිස්ස අයියා ඉතින් ඔච්චර සින්දුත් එක්ක නිකන් ඉන්නෙ.. හිනියට වචන ටිකක් ගලපලා මොකක් හරි ලියන්න කො මට බැහැ , මට බැහැ කියලා ඉන්නෙ....

තිස්ස දොඩන්ගොඩ said...

අනේ මලේ ඒ කාරිය නම් බැරුවා... උස්සාහ කළා හරිගියේ නෑ... රුපියල් අස්සේ අලුක්කාල් ගහන්නේ මොටෝ මයෙ මලේ....

Anonymous said...

Let me have a word,the way you express your ideas is much better than some "rupiyal" ,so my dear friend give it a try.....kasun

තිස්ස දොඩන්ගොඩ said...

Oh my dear friend...thanks so much for the appreciation... yes I must try in that case... something about her...

Anonymous said...

jeevithe potha pura liyawena adare kaviyak vemi... I have heard this part from a song .Unfortunately I cant remember the singer to find out the full song.If you can find it out for me that would be a brilliant thing......kasun

තිස්ස දොඩන්ගොඩ said...

"කඳුලු අතරට සිනා‍රැළි වෙමි...
විඩාවට සෙවනක් වෙමි...
ජීවිතේ පොත පුරා ලියැවෙන ,
ආදරේ කවියක් වෙමි..." - මිල්ටන් පෙරේරා...

දුකින් තැවෙන්න එපා සහෝදරයා... ගිය දේ ගියා නොවැ...

ඔන්න සිංදුව ගන්න
http://www.divshare.com/download/10646389-816

RanDil said...

පුදුමාකාර ගීත, කටහඬවල්, පුදුමාකාර පදවැල් පුදුමාකාර තනු........................ මේවා මේ ලෝකේ ඉතිරි වෙලා තියෙන්නෙ අපේ ‍පිනට........ අයියාට පිං

රූ සිරි said...

මගේ ආසම සින්දුවක්...තනුව අපූරුයි...
ඒත් කවුද සංගීතය කලේ කියලා දැනගෙන හිටියේ නැහැ.
ස්තුතියි...

නුවන් තිලංග said...

හරිම ලස්සන සිංදුවක් අයියේ.මමත් ගත්තා

නුවන් තිලංග said...

හරිම ලස්සන සිංදුවක් අයියේ.මමත් ගත්තා

Post a Comment

 
Blogger Wordpress Gadgets