කතරට කුමටද වසන්තයක්...

හදිසියේම කලමණාකරුගේ කෙටි දැනුම් දීමකින් අපේ ආයතනයේ තෙල් ලිං තියන දූපතට යන්න සිද්ද උනා... කිලෝ මීටර් සියයක් විතර ගමනක්... දූපතේ කැමරා තියන මොකක්වත් පාවිච්චිය තහනම්... ඉතින් ලැප් එක හලලා අනෙක් කලමනා අරන් හෙලිකොට්ට උරේට නැග්ගා... ඉතින් රෑට මගේ ප්‍රියාදරිය එක්ක නෙට් එකෙන් සම්බන්ද වෙන්නෙ නෑ... හිත බරයි... ගුවන් යානයක් තරම් උඩට ගන්නේ නැති නිසා පහල හොඳට පේනවා... නමුත් ඊයේ හොඳටම මීදුම... ඇරඹුම ප්‍රමාදයි....කොහොමහරි උඩට අරන් කාන්තාරය දිගේ මූද දක්වා යනවා.. එකම පාට රිදී වැල්ලෙන් වැසුනු කවදාවත් වසන්තයක් නො එන කාන්තාරය... ඊලඟට අනන්තයක් නොපෙනෙන ඒකාකාරව පෙණරැළි නැගෙන මුහුද... ඔක්කොටම හපන් හිතේ බර... මට වික්ටර්ව මතක් උනා................ හිත හදා ගත්තා....

කතරට කුමටද වසන්තයක්... සයුරට කුමටද අනන්තයක්...
ඔබ පිලිබඳ සිත මගෙ තනියට ඇත... මට කුමටද වෙන සිතක් කයක්...

දුහුවිලි සුලි සුලි නැගෙයි බි‍ඳෙයි... දිය ඇලි දිය ‍රැලි ඇදෙයි ‍රැ‍ඳෙයි...
මතකය ලුහුබැඳ ඔබ වෙත එන සඳ... ජීවිතයම මගෙ ඔබෙයි ඔබෙයි...

සඳ ‍රැස පිණිදිය ‍රැලෙහි ඔතා... පලඳමි ගෙලවට මලක් ගොතා...
ඔබ නැති මිහිමත මගෙ පණනල නැත... දෙදෙනෙකු මුත් අප එකයි එකයි...

සිංදුව අහන්න... ඕන්නම් බාගන්න...

3 ප්‍රතිචාර:

සෝරෝ said...

ලස්සන සිංදුවක්....... ඕං මම බාගන්නයි යන්නේ.............
තැන්කුයි තිස්ස අයියා........!!

wath said...

ඉස්සර කාලේ පෝස්ට් එකක් නේද මේ... හ්ම් මට මේ වචන හොඳට මතකයි.. මම හි‍තුවේ මේක කවියක් කියල...

priyantha.ඒබී said...

අහම්බෙන් දැක්කේ. සෝරෝටත් ස්තූතියි බස් එකේ දැම්මට.
තියන්න දෙයක් නෑ...හොඳයි. හොඳටම හොඳයි...

Post a Comment

 
Blogger Wordpress Gadgets