1993 දවසක අපහමුවන්න කොලඹින් පිට ප්‍රසිද්ධ විදුහලක දෙටු සිසුවෙක් ආවා... ඔවුන්ගේ විද්‍යා ප්‍රදර්ශනයට අපේ විශ්ව විද්‍යාලයෙන් ප්‍රදර්ශන භාණ්ඩ රැගෙන යන්න... ඔහුට අවශ්‍ය ඡායා පිටපත් වගයක් ලබාගන්න යන්ත්‍රය ලඟට මම ඔහුව ගෙන ගියා... දිග පෝලිමක්... වැඩියෙන්ම හිටියේ Architecture Faculty එකේ ගැහැණු ළමයි... (ඒ ෆැකල්ටියෙ ලමයි ඉතින් බොහොම සුකුමාරයි... අපේ ඉතින් හිටිය තරමක් හිටියෙ ය _ _ ම තමයි.... අර මගේ "මිහිරි සිහිනයක දැවටුන..." අරුණම...) මම ඔවුන් සියල්ලගෙන් අවසර ගෙන, මේ දරුවට පරක්කු වෙන නිසා වැඩේ කරලා දුන්නා...අපසු එන ගමනේදී මේ දරුවා මට කියනවා "මම බඳින්න හිටියේ ඉන්දියාවෙන්... බැලුවහම ලංකාවෙත් ලස්සන ඒවා ඉන්නවා නේද..." කියලා... මාව හොල්මං... විවාහය ගැන ඔහුගේ තිබ්බේ ඒ වාගේ අදහසක්...
මාත් එක්ක අර අපට රන්බඩු ගන්න ගිය මිත්‍රයා තමයි අපේ නඩෙන් ඉස්සෙල්ලාම විවාහ වුනේ.. බැන්ද තරුණිය ඉතාම හැඩයි.. හරියට ශ්‍රී දේවී වාගේ... ඔවුනගේ පලමු දරුවට අවුරුද්දක් වෙන්න ඔන්න මෙන්න කියලා ඇය ස්වාමියත් දරුවත් දමා හදිසියේ වෙනෙකෙකු සමග ගියා, මහ දවාලෙම... එදා රෑ, දරුවගෙ අත්තම්මත් මමත් මගේ මිත්‍රයත් දරුවව නලවන්න පුදුම උත්සහයක් ගත්තා...දරුවා නිදන්න පුරුදු වෙලා හිටියේ කිරි උර උර... විකල්පයක් නැති තැන මම මගේ බිරිඳට කතාකලා.. මගේ දරුවට මාසයයි එතකොට ..ඇය එක පයින් එකඟ වුනා ඒ දරුවට කිරි දෙන්න... ඒත් අවසානයේ ඒ දරුවගෙත්, මගේ දරුවගෙත්, අත්තම්මලාගේ විප්‍රකාර නිසා අඬලා අඬලා ඒ කිරිසප්පයා, බඩ ගින්නේම නිදා ගත්තා... ගැහැණු හතරදෙනෙක්ගේ, රාගයටයි, කරුණාවටයි, මාන්නයටයි, බොරු බයටයි මැදිවෙලා, බඩගින්නේ නිදාගත්තු ඒ කිරි සප්පයාව දුටු මට හැබෑවටම මේ සිංදුව මතක් වුනා... ඔබේ හිතත් චංචල නම්, බැන්දත් දරුවො නම් හදන්න එපා... ඒ අහිංසකයෝ ඒ මොකකටවත් පලි නෑ...
මේ ගීතයේ ආරම්භයත් හරිම අභව්‍යයි... ගීත 5 record කරන්න හිටපු ටී එම් ටයි, කේමදාස මාස්ටර් ටයි තිබිලා තියෙන්නේ ගීත 4යි...ගී 4 කට සංගීතය සපයපු ශිල්පියොත් පිටත්වෙලා, 5 වෙනි ගීතය ප්‍රමාද නිසා... කරන්නම දෙයක් නැතිව මාස්ටර් ධර්මසිරි බණ්ඩාරනායකට දුරකතනයෙන් ඇබැද්දිය කිව්වම, "එහෙමනම් කොලයක් ගනිමුකො..." කියල දුරකතනයෙන් මේ ගීයේ පද වැල් කිව්වලු... ඒවෙලාවෙම තණුවක් යොදලා, අතේ තිබුණු ගිටාරයෙන් පමණක් සංගීතය යෙදු මේ ගීය, සෝකයෙන් බර නොකරන්නේ කොයි තාත්තගෙ හිතද...?
පවණට සැලෙනා... දොඹමල් සුවඳින්...
ආදර හසරැල් මුවට නැගෙයිදෝ....
සවනට කොඳුරා... පවසන වදනින්...
ආදර හැඟුමන් හිතට දැනෙයිදෝ...
මල් ඇතුරුණු ඒ සුව යහනේ ඔබ...
අඩවන් දෙනෙතින් ආලවඩයි දෝ...
මා ඇකයේ සිට පොඩි පුතු හඬනා...
ඒ දුක්බර හඬ ඔබට ඇසෙයි දෝ...
ඇකයේ සිට මා පුතු හඬනා සඳ...
ලේ කිරි වීදැයි නොදනිමි මා ලඟ...
අසරණ දෙනෙතින් පුතු දෙස බැලු සඳ...
දුටුවේ වැගිරුණු කඳුලු පමණි ලඳ...
සිංදුව අහන්න...ඕන්නම් බාගන්න... ඔබේ සිතැඟිත් සටහන් කරළම යන්න...
මාත් එක්ක අර අපට රන්බඩු ගන්න ගිය මිත්‍රයා තමයි අපේ නඩෙන් ඉස්සෙල්ලාම විවාහ වුනේ.. බැන්ද තරුණිය ඉතාම හැඩයි.. හරියට ශ්‍රී දේවී වාගේ... ඔවුනගේ පලමු දරුවට අවුරුද්දක් වෙන්න ඔන්න මෙන්න කියලා ඇය ස්වාමියත් දරුවත් දමා හදිසියේ වෙනෙකෙකු සමග ගියා, මහ දවාලෙම... එදා රෑ, දරුවගෙ අත්තම්මත් මමත් මගේ මිත්‍රයත් දරුවව නලවන්න පුදුම උත්සහයක් ගත්තා...දරුවා නිදන්න පුරුදු වෙලා හිටියේ කිරි උර උර... විකල්පයක් නැති තැන මම මගේ බිරිඳට කතාකලා.. මගේ දරුවට මාසයයි එතකොට ..ඇය එක පයින් එකඟ වුනා ඒ දරුවට කිරි දෙන්න... ඒත් අවසානයේ ඒ දරුවගෙත්, මගේ දරුවගෙත්, අත්තම්මලාගේ විප්‍රකාර නිසා අඬලා අඬලා ඒ කිරිසප්පයා, බඩ ගින්නේම නිදා ගත්තා... ගැහැණු හතරදෙනෙක්ගේ, රාගයටයි, කරුණාවටයි, මාන්නයටයි, බොරු බයටයි මැදිවෙලා, බඩගින්නේ නිදාගත්තු ඒ කිරි සප්පයාව දුටු මට හැබෑවටම මේ සිංදුව මතක් වුනා... ඔබේ හිතත් චංචල නම්, බැන්දත් දරුවො නම් හදන්න එපා... ඒ අහිංසකයෝ ඒ මොකකටවත් පලි නෑ...
මේ ගීතයේ ආරම්භයත් හරිම අභව්‍යයි... ගීත 5 record කරන්න හිටපු ටී එම් ටයි, කේමදාස මාස්ටර් ටයි තිබිලා තියෙන්නේ ගීත 4යි...ගී 4 කට සංගීතය සපයපු ශිල්පියොත් පිටත්වෙලා, 5 වෙනි ගීතය ප්‍රමාද නිසා... කරන්නම දෙයක් නැතිව මාස්ටර් ධර්මසිරි බණ්ඩාරනායකට දුරකතනයෙන් ඇබැද්දිය කිව්වම, "එහෙමනම් කොලයක් ගනිමුකො..." කියල දුරකතනයෙන් මේ ගීයේ පද වැල් කිව්වලු... ඒවෙලාවෙම තණුවක් යොදලා, අතේ තිබුණු ගිටාරයෙන් පමණක් සංගීතය යෙදු මේ ගීය, සෝකයෙන් බර නොකරන්නේ කොයි තාත්තගෙ හිතද...?
පවණට සැලෙනා... දොඹමල් සුවඳින්...
ආදර හසරැල් මුවට නැගෙයිදෝ....
සවනට කොඳුරා... පවසන වදනින්...
ආදර හැඟුමන් හිතට දැනෙයිදෝ...
මල් ඇතුරුණු ඒ සුව යහනේ ඔබ...
අඩවන් දෙනෙතින් ආලවඩයි දෝ...
මා ඇකයේ සිට පොඩි පුතු හඬනා...
ඒ දුක්බර හඬ ඔබට ඇසෙයි දෝ...
ඇකයේ සිට මා පුතු හඬනා සඳ...
ලේ කිරි වීදැයි නොදනිමි මා ලඟ...
අසරණ දෙනෙතින් පුතු දෙස බැලු සඳ...
දුටුවේ වැගිරුණු කඳුලු පමණි ලඳ...
සිංදුව අහන්න...ඕන්නම් බාගන්න... ඔබේ සිතැඟිත් සටහන් කරළම යන්න...
මේ ගීතය ඇසෙනා සැම විටම දැනුනාටත් වඩා මහත්ම වූ කම්පනයක් මගෙ හිතට ආවේ ඔබේ මේ සටහන කියවීමෙන්. අම්ම්ලාගෙ සාම්ප්‍රධායික සමහර අදහස් ඉදිරියේ අපි අසරන වෙන වෙලාවල් ගැන නම් මටත් හොද අත්දැකීම් තියෙනවා.
ReplyDeleteඒ දරුවගේ මිත්තණිය අමනාපයක් නොදැක්කුවානම් මම ඒ දේ කොහොම හරි කරවනවා... නමුත්... මම දන්නවා ඔබ දන්නවා කියලා...
ReplyDeleteහරිම සංවේදියි..... අපි අරුම පුදුම ලොකේක ජිවත් වෙන්නේ... හැමදෙයක්ම අස්ථිරයි
ReplyDeleteදවස් ගනනාවක් දුක් වින්දා ඔය ප්‍රස්නේ දික් ගැහිලා... නමුත් ඔබ කියන්න වාගෙම මනුස්සකමයි ආදරයයි, ඒ ප්‍රස්න සේරම ජයගත්තා...
ReplyDeleteආදරය ඇතුලේ මනුස්සකම තියෙනවනම් ඔය හැමදේම හොදින් සිද්ධවෙනවා
ReplyDeleteහද ගී පොත කියන දේවල් නම් ඇත්තම ඇත්ත
ReplyDeleteමිනිස්සු භෙතික දේවල් වලට දෙන වටිනාකම නම් උපරිමයි... ලස්සන හොයන පිරිමින්ගෙන් නම් අඩුවක් නැහැ. සමහර මිනිසුන් ආශ්‍රය කරාම අපිට තේරෙනව ඔවුන් කොයිතරම් නම් ලස්සන මිනිස්සුද කියල. ඒත් පිටතින් නම් පේන්න තරම් රූප සුන්දරියො නෙමෙයි වෙන්න පුලුවන්. දැන් වෙලා තියෙන්නෙ පිටතින් විතරක් මිනිසුන්ව මනින එක. කොල්ලෙක් කෙල්ලෙක් යාළූ වුනත් අහන්නෙ ආහ් කොහොමද කෙල්ල /කොල්ල ලස්සනද හැන්ඩියද... බාහිර ස්වභාවයට තමයි කෙනෙක් ගැන ඉස්සෙල්ලම අපි බැදෙන්නෙ ඒක ඇත්ත... ඒත්...
මහගමසේකරත් මෙහෙම කියල තියනව නේද
දෑසට නොපෙන ඝන නිල් අදුරේ
ඔඛේ හදින් මා දෙස බැලුවා
දෑසට නොපෙනෙන මා හද පතුලේ
සුන්දරතාවය ඔබ දුටුවා
හෙටවත් ලස්සන මිනිසුන් නෙමෙයි ... සුන්දර මිනිසුන් පිරි ලොවකට .......
හිතට වදින කතාවක් :)
ReplyDeleteලස්සන් සිංදුවක්...ඊටත් වඩා සිංදුවට කලින් ඔබ කිව්ව කතාව අපිට හුගක් දේවල් කියලා දෙනවා.....
ReplyDelete@වත්: එහෙම ලොකයක් අපි අතරම තියනවා... නිතර ඇස, හද, සිත ගැටෙන්නේ නෑ... ඔබට ඉක්මනින්ම ඒ ලොව හමුවේවි...
ReplyDelete@ඉශාන් තිළිණ: මලේ මේක කතාවක් නෙමේ... මගේ ජීවිතයේ අත්දැකීමක්... පරිස්සමින්... අනාගත සහකාරිය තෝරන කොට...
@පන්හිඳ: සමාන ප්‍රස්නයක් මතුවුනොත් මගෙ මිතුරා කලා වගේ ඉවසීමෙන් කටයුතු කරන්න... ඔහුගේ ඉවසීම ඔහුටත් දරුවාටත් අවසානයේ යහපතක් උදාකලා... අපි යාලුවො හැටියට කේන්ති ගොහින් ප්‍රස්නය හප්පලා විසදන්න උත්සාහ කරද්දී...
ReplyDeleteලස්සන සිංදුවක් වගේම සංවේදී කතාවක්. ඇත්තටම දෙමවුපියන්ගෙ වැඩිහිටියන්ගෙ වැරදි වලින් වැඩිහයන්ම දුක්විඳින්නේ දරුවො තමයි.
ReplyDeleteඒක නෙමේ, තිස්ස අයියත් මෝරා කොල්ලෙක් වගේ නේද?
@දසයා: කියල වැඩක් නෑ මලේ...
ReplyDeleteහහ් හහ් හා... ඒ කාලේ නම් නාඹර කොල්ල තමා...මෝරා වල...
91 තමා මලේ අපි ඇතුලට ආවේ....
දැන් නම් ඉතින් හතලිස් ඇඳිරියත් අවිල්ලා...
තිස්ස අයියා, අපි මෝරා ආවෙ අයියල ඇවිල්ල අවුරුදු දහයකට විතර පස්සෙ. හැබැයි අපේ කාලෙත් ආකි එකේ තමා සොඳුරු දසුන් අපේ පැත්ත නිකං නියඟෙට අහුවෙලා වගේ :)
ReplyDeleteඔහ්... පුදුම වැඩේ... එහෙමනම් IQ විලෝමව සමානුපාතිකයි "රූපය" still holds...???
ReplyDeleteආකි එකේ සොඳුරු දසුන් නම් තමා. ඒත් IQ කෙසේ වෙතත් සංකර බව නම් උපරිමයි.
ReplyDeleteතමීර මල්ලි ඕවට කලබල වෙන්න එපා... ඔය ඉන්න සිරා මූඩ් එකේම ඉන්න... සංකර එකක් ඇවිල්ල එල්ලුනොත් එහෙම බලමුකෝ ඔහොමම කියයිද කියලා...
ReplyDeleteකොහොම කලාද ඒ අම්මා එහෙම දෙයක්. මට DESKTOP එකේ, SCREEN SAVER එකේ විතරක් නෙමෙයි PROFILE PICTURE එකේ ඉන්න මගේ දූ දකින කොටත් ගෙදර යනකම් ඉවසිල්ලක් නැති වෙනවා. මගේ දූත් නිදියන්නේ ඒ විදිහට තමයි. මාස දෙකටත් ඉස්සෙල්ලා ඉඳන් රෑට නැගිට ගන්නේ අම්මා............. කියාගෙන. වෙන කාටවත් නලවන්නත් බැහැ. දවල්ටත් එහෙමලු.
ReplyDeleteමිත්තණියන් ගැන නම් කියලා වැඩක් නැහැ. එයාලා හැම දේම කරන්නේ තමන්ගේ මුණුබුරු මිණිබිරියන්ගේ යහපතට වුනත් ඔය වගේ අවස්ථාවන්හී දී අපිට තනි තීරණයක් ගන්න සිද්ධ වෙනවා.
කියලා වැඩක් නෑ මලේ... ඒදවස්වල මම විඳවපු තරමක්, යාලුවට අමතරව.... බුදුහාමුදුරුවොත් කියලා තියනවාලුනේ, රාගය හා සමාන තවත් ක්ලේශයක් තිබ්බනම් සසරින් එතෙරවිලි බොරු කියලා... නමුත් ඕගොල්ලෝවාගේ ආදරණීය තාත්තලා දකිනකොට හිතට ටිකක් සහනයක්...
ReplyDeleteme achchi amma ( oyage amma) ,oyath math dakinawata wada wadi yamak dakkinna athi.achchi ammalage mulu lokayama karakenne apiwata apita athi adarayata apieya therum gath yuthui
ReplyDeleteඇත්ත... ඒ වුනාට තවත් දරුවෙක් එහෙම දුක් විඳිනවා බලන් ඉන්න තවත් අම්ම අකෙනෙකුට පුළුවන්ද... මගෙ මව් බයවුනා... ඒ දරුවගේ අම්ම අනාචාරයේ ගිහින් ලෙඩ රෝග හැදිලා ඇති, ඒ දරුවටත් මොනවහරි ලෙඩක් ඇති කියලා... නමුත් මගෙ බිරිඳ ඒ කිසිවක් තැකුවේ නෑ... ඒ අතින් ඇය මගේ අම්මාට වඩා ගොඩාක් ඉස්සරහින් ඉන්නේ....
ReplyDeleteහද ගී පොතේ ලියවෙන හැම දේම රසවත් වුනත් මාගේ ඉතාමත්ම සිත්ගත් සංවාදය තමයි මේ. මිනිස්සුන්ගෙ සිතුවිලි හා හැඟීම් අපි හිතනවාට වඩා මොනතරම් සංකීර්ණද කියල හිතෙනවා. ඒ විවිධත්වය හා සංකීර්ණත්වයම වෙන්නැති මිනිස්කමය කියල කියන්නෙ.
ReplyDeleteදසයා මලයො, තිස්ස ඒ කාලෙ විතරක් නෙවේ දැනුත් හිතෙන් නම් නාඹර කොල්ලෙක් තමයි. නැත්නම් මේ වගේ රසවත් සුන්දර සිතුවිලි බිහිවෙයිද වයස්ගත සිතක?
ආකි කෙල්ලො ගැන මිහිරි මතකයන් නම් ඉතින් එමටයි :)
කියල වැඩක් නෑ පාලි...අද තත්වය..මගේ යාලුවා අයේ වෙනම පවුලක් වුනා..ඔවුනට වෙනම දරුවෙක් ඉන්නවා... ඔහුගේ කලින් බිරිය, ගිය මනුස්සයා එක්ක පවුල් වුනා...ඔවුන්ටත් වෙනම දරුවෙක් ඉන්නවා... එතකොට අර දරුවා... ඒ පවුල් දෙකට මැදිවෙලා ඉන්නවා.... මටනම් දුකේ බෑ මචෝ... අපි හැමෝගෙම සිත් කම්පා කරපු ඒ සිද්දිය ඒ අම්මට අසංවේදී වුනේ කොහොමද...? මට තාම හිතාගන්න බෑ....
ReplyDeleteනාඹර බව...හහ් හහ් හා... "රූපං ජීරතී..."
ආකී කෙල්ලො...පුහ්....දන්නෝ දනිති.....
මුලින්ම කලේ සිංදුව වාදනය වෙන්න දැම්ම එක
ReplyDeleteඑළගට කතාවයි කමෙන්ට ටිකයි එක හුස්මට කියෙව්වා.
එ දරුවා ගැන හිතද්දි නම් දුකයි තමයි එත් එ එයා ලබා උපන් හැටි
ඔය ගිය ආත්ම වලදි දෙමව්පියන්ට සලකපු හැටියේ රග තමයි.
එකයි මෙ ආත්මෙ දෙමව්පියන් නැති වෙලා තියෙන්නේ
මං දන්න මිස් කෙනෙක් ඉන්නවා එයාලට දරුවො නැ
හැබැයි හොදට හිටියා පස්සේ එයාලා දරුවෙක් හදා ගන්න ගත්තා.
එත් එයලා වැඩිය හොයලා බලලා නෙමෙ
පස්සේ එදරුවා ගෙදර ආ දා ඉදන් ගෙදර ප්‍රශ්න ඇතිවුනා.
අනතිමට හස්බන්ඩ් බොන්නත් පුරුදු වුනා එ මිස් ව ගෙදරින් එලියට ඇදලා දැම්මා.
අපේ අම්මා කලේ එ ලමයාගේ හදහන බැලෙව්වා (හදහන් ඉතින් වැඩිය විශ්වාස කරන්න එපා) එකෙන් කියවුනා එයාගේ කරුමෙ එක තමා කියලා එ කියන්නේ දෙමව්පියන් නැති වෙනවා. මෙ දෙන්නට දැන්ම මැරෙන්න තරම් දෙයක් නැති නිසා දෙන්න වෙන් වෙන තැනට වැඩ සිද්ද වුනා.
නුවන්... ඔයා ටිකක් අමුතු ලමයෙක්... ඔය වයසේ කට්ටිය ජීවිතේ මුහුණ දෙන්න ප්‍රස්න ධර්මය අනුව තේරුම් ගන්න උත්සාහ කරනවා හරි අඩුයි... මම ඔයා මුලින්ම හඳුනාගත්තේ SBU හමුවට ලෑස්තිවෙන කාලේ, ඔයා දාලා තිබුන comment එකකින්.... මම එදා ඔයාගේ ඔය ගතියේ සේයාවක් දැක්කා... ඔබ අපේ ජීවිත වලටද ආලෝකයක් සපයයි... ඔබේ ජීවිතයද යහපත්, සැපවත් එකක්ම වේවා...
ReplyDeleteඅයියේ දැන් ඒ බබායි තාත්තාගෙයි විස්තර මොනවාද? එයාලා හොඳින් ඉන්නවාද? මට ඉඳ හිට මතක් වෙනවා මේ සිද්ධිය. මං අහන්නමයි හිටියේ. අදයි දැක්කේ ඔයා මං මේකට දාපු කොමෙන්ටුවට උත්තර දීලා තියෙන්නේ මම පිරිමි කෙනෙක් කියලා හිතලානේ.
ReplyDeleteඒ බබා අම්මා ලඟ... දැන් අවුරුදු 15 යි... ඒ අම්මා ඒ ගියපු කෙනාට දාව තව දරුවෙක් වැදුවා... මගේ මිත්‍රයා ආයේ බැන්දා... ඔවුන්ටත් වෙනම දරුවෙක් ඉන්නවා... අනේ අර දරුවා අම්මා තාත්තා දෙපොලක තමුන්ගේ ඥාති වන සොයුරෙකුටයි සොයුරියකටයි මැදි වෙලා ඉන්නවා... හැබැයි ඒ අම්මා දරුවාව ගුණයහපත් කමට හදනවා... ඒ නිසා හිතට සන් තෝසයි....
ReplyDeleteහා එහෙනම් හොඳයි කියන්නත් බැරි කථාවක්. පව් දරුවා. අම්මා තාත්තා දෙන්නා මැදට වෙලා ඉන්න දරුවෝ කොච්චර පිං කරන්න ඕනේද නේද?
ReplyDeleteකියලා වැඩක් නෑ "මලේ" ...!
ReplyDeleteඔබේ අම්මා නිවැරදියි.දරුවන් දෙදෙනෙකුට කිරි දීමේදී Sore Nipples තත්වය ලෙහෙසියෙන් ඇතිවෙනවා. ඉන් එහාට විසබීජ එහාමෙහා වීම දෙයියන්ටවත් වලක්වන්ට බැහැ.
ReplyDeleteපවුලක අවුල් ලෙහන්ට පවුල් දෙකක් අවුල් කරන්ට ඕනැ නැහැ නේ. තම දරුවන්ටත් වඩා හොඳින් මුනුපුරු මිනිපිරියන්ව රකින්ට ඒ අයට පුලුවන්.අම්මා 100% නිවැරදියි. අනෙක කරනවානම් සැමදා කරන්ට පුලුවන් දෙයක් වෙන්ටත් එපැයි.දරුවෙක් ලොකු කරන්ට කොච්චර කල් කිරිදෙන්ට ඕනැද? දරුවන් ඉක්මනට දේවල් වලට හැඩ ගැහෙනවා.
දෙමාපියෝ ඇඹුල් පල කෑවම දත් හිරි වැටෙන්නේ දරුවන්ගේ කියලා ඉස්සර මුතුන් මිත්තෝ කිව්වේ ඒක වෙන්න ඇති නේද බන්
ReplyDeleteදුකාගේ පෝස්ට් එකේ ලින්ක් එකක් දිගේ ඇවිත් මෙහෙට ආවේ... පරණ පෝස්ට් එකක් උනත් මේ කතාවන් හැමදාම අලුත් වෙනවා....
ReplyDeleteඔය ගීතය අහන හැම වාරයකදිම මගේ ඇස් වලට කදුලු එන එක වලක්වන්න බැහැ.. ටී එම්ගේ කටහඩයි බොක්ස් ගිටාරයේ හඩයි....
ඔය ගීතය පටිගත කරන්න යනකොට එකම සංගීත ශිල්පියලු හිටියේ... ඒ බොක්ස් ගිටාර් වාදකයා විතරයි... අදටත් මුල් ගීතයේ තියෙන බොක්ස් ගිටාරයේ හඩ නිසා මේ ගීතය වඩාත් හදවතට සමීප වෙනවා....
සිහිනෙන් මම කී පාරක්නම් අඬන දරුවන්ට කිරි පොවලා ඇද්ද!!
ReplyDeleteD.