මල් සිනා උදා උනා ලස්සනයි වගේ...

මේකේ වඩාත්ම රසවත් තනුව... හින්දි ගීතයක තනුවක්... මුල් හින්දි ගීතයේ මීට වඩා ගොඩක් සංගීත භාණ්ඩ පාවිච්චි වෙනවා... නමුත් සිංහල ගීතය අපූරුවට ස්වල්ප උපකරණ ප්‍රමාණයකින් කරල තියනවා... ගයන්නේ එස් ආර් ජයරත්න නැමැති මහත්මයෙක්... ඔහු තව ඉතාමත්ම ලස්සන ගීයක් ගයලා තියනවා "සරත් සමේ මදක් පිපුනු නෙලුම් කුසුම් කැකුල ඔබයි... අනර්කලී..." කියලා...(ප්‍රසිද්ධ අනර්කලී ඉපදෙන්නත් බොහෝ කලකට කලින්) මේ ගීත දෙකම අඩුම ගනනේ අවුරුදු 40ක් වත් පරණ ඇති... රසය නම් තවම ඉහලයි....

මල් සිනා උදා උනා ලස්සනයි වගේ...
ආදරෙන් කියන්න මොකෝ හිනැහිලා ගියේ...

පාවි පාවි රන් වලා වහා ඇදේ... සීත රෑක ආදරේ සොයා සඳේ...
ඒ වගේම චේතනා මා හිතේ තියේ...
ආදරෙන් කියන්න මොකෝ හිනැහිලා ගියේ...

නීල දෑස කීව රහස තේරුණා... ආදරේට ආදරේම යාවුනා..
ඒ උතුම් අනාගතේ කාලේ වාසනා...
ආදරෙන් කියන්න මොකෝ හිනැහිලා ගියේ..

සිංදුව අහන්න.... ඕන්නම් බාගන්න.... ඔබේ සිතැඟිත් සටහන් කරලම යන්න

11 comments :

  1. මේ තෙල් ලිං තියන දූපත DAS Island වත්ද?

    "සරත් සමේ මදක් පිපුනු නෙලුම් කුසුම් කැකුල ඔබය" ලස්සන සිංදුව. ඒකට ලින්ක් එකක් නැද්ද?

    ReplyDelete
  2. ඔහ්... හිතවත ඔබ බොහෝ ඇසූ පිරූ තැන් ඇති සහෘදයෙක් බව පෙනේ...දූපතනම් මුබාරස්ය... "අණර්කලී" සිංදුව අසා ඇති අය බොහොම අඩුය... ඉක්මනටම දමන්නම්...

    ReplyDelete
    Replies
    1. කලක් සොයමින් සිටි මනරම් ගීතයක්, ස්තුති ආදරණිය ඔබට මෙවන් ගීතයක් ගැන අපුරු සටහනක් යොමු කළාට ....ගීතය මම " ස්වර වර්ණ ගී මිහිර " ගීත පිටුවට යොමු කළා..ස්තුති ගොඩාක්

      Delete
  3. Tissa
    Thank you for this facinating bunch of old gold numbers those songs bring a light hearted happiness to me always. keep up good work looking forward to listen ' Anarlkali'

    sonali

    ReplyDelete
  4. Oh My dear friend... since long I have been enjoying your comments... that's why I wanted to get your opinion... thanks for the encouraging words...

    ReplyDelete
  5. ඔබට බොහොම පිං! මම මේ ගීතය සොයන්නට හරිම වෙහෙස වුණා. ගායකයාගේ නමවත් නොදැන සිටි නිසා නොයෙක් විදිහට key words වෙනස් කරමින් ගූග්ල් පීරා ගියා. අන්තිමට "ආදරෙන් කියන්න මොකෝ හිනැහිලා ගියේ" කියල key word සිංහලෙන් දුන්නා. එතකොට තමයි මේ සටහන හමුවුණේ. ඔබ කරන්නේ අපූරු දෙයක්.

    ReplyDelete
  6. තවත් යමක් හදිසියේ මතක් වුණා. ඔබ අසා තිබෙනවාද ගීතයක් "සමනලයා හැමකලයා කලබලයානේ - පොඩි ළමයා සමඟ පියා කෙතට ගියානේ" යන පද පේළිය ගීතයේ කොතැන හෝ අඩංගු වන? කරුණාකර ඒ ගැන තොරතුරක් දන්නවානම් සඳහන් කරන්න.

    ReplyDelete
  7. ඔබට බොහොම තුති ආවාට...
    බලන්නම් මම සොයාගන්න පුලුවන්ද කියා....

    ReplyDelete
  8. මං මේ කල්පනා කලේ ඉරාජ් ට දුන්නා නං මේ පදවැල් මොන විදිහට ගායනා කරයිද කියලා.......... ;)

    ReplyDelete
  9. මම හොය හොය හිටපු සිංදුවක්

    ReplyDelete
  10. අපේ තාත්තා ඉතාමත් ආස කරපු ගීතයක් මේක. එතුමා විදේශගතව රැකියාව කලත් යම් යම් ප්‍රසංගවල දී මේ ගීතය ගායනා කරලා තියෙනවා. මට මතක විදියට මේ තනුවේම හින්දි ගීතයක් තිබෙනවා වගේ. පැරණි ගීතයක්. මේ අපේ තාත්තා ගායනා කරපු අවස්ථාවක්.

    https://www.youtube.com/watch?v=RgYzKoWkzdQ

    ReplyDelete

 
Blogger Wordpress Gadgets