රන්දෝ මං නුඹ හන්දා...

කන්දේ රන් සඳ උන්නා...
හැංගී රන් තරු උන්නා...
රන්දෝ මං නුඹ හන්දා...
කන්දේ පාමුල උන්නා....

සැලෙනා කහ මල් ඉත්තෙන්...
පෙණුනා
නුඹෙ අත රන්වන්....
හඬනා බඹරුන් තැන් තැන්...
ඇසුණා නුඹෙ ගී ලන්දෙන්....
දු‍ටුවා මං නුඹ නින්දෙන්....
එනවා බැහැගෙන කන්දෙන්....
පිපුනා මදු මල් බැද්දෙන්....
හැඬුවා මොණරුන් සද්දෙන්

බැන්දෙ ගෙවැට කවුරුන්...
ඉන්නේ තනියට කවුරුන්....
ගන්නේ ආදර කවුරුන්....
දුන්නේ මට දුක කවුරුන්....
හැංගී රන් සඳ යන්නා....
හැංගී රන් තරු යන්නා...
රන්දෝ මං නුඹ හන්දා...
ගම දා යන්නට යන්නා....


38 comments :

  1. අහලා නම් නෑ මීට කලින්..කෝ අද කතාව..ඒ නැතුව සින්දුව තනිවෙලා වගේ ..

    ReplyDelete
  2. මේ අහනව තිස්ස අය්යෙ . අවුරුදු ගානකට පස්සෙ මේ සින්දුව අහන්නෙ . මේ සින්දු ඇහෙන්නෙ නෑ දැන් . කොච්චර ලස්සන සින්දුද දැන් තියන හරසුන් ගීත අතරේ .

    ReplyDelete
  3. ඔව් ලිහිණි මේ සින්දුවටත් අවුරුදු හතළිහක්වත් ඇති..
    විමල් ජේ ශ්‍රියාරත්න කියන්නේ ශෙල්ටන් ප්‍රේමරත්නගේ මල්ලී කෙනෙක්... "මාමිණි මාමිණි මා දෙයියා..", "අනුනගේ බර ඔසවාගෙන යන්නට..", "සකුන්තලා (රන් මුදුව ගං දියේ ගිලුණා මතකය වලලා.." ඔය සින්දු කියන්නේ එයා..
    මතක හැටියට එතුමා දක්ෂ තබ්ලා වාදාකයෙකුත් වෙනව..
    වෙන කථා කුමකටද ඉතින් :-)

    ඔව් ගිම්හානී මේ සින්දුව පොඩි කාලෙ ඉඳන්ම මම ප්‍රිය ගීතයක්. ඔබත් මේක අහල තියන එකට සතුටුයි...

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
  4. අය්යගෙයි මල්ලිගෙයි සිංදුව. හොඳ තබ්ලා ගුරුවරයෙක් තමා.

    ReplyDelete
  5. ලස්සන සිංදුවක්.

    ReplyDelete
  6. විචාරය නැති එක අඩුවක් අඩුවක් වගේ දැනෙනවා අයියා... පුරුදු වෙලා තියෙන්නේ ඒක කියවලා හැඟීම් සමුදායක් එක්ක බලන්ට නෙවැ.... සිංදුව ගැන කියන්න දෙයක් නෑ නෙවැ.. තිස්ස අයියා දුන්න එකක්නේ...

    ReplyDelete
  7. අහලා තිබෙනවා ද කියාවත් අමතකයි. ඒ වුනත් හරිම අපුරු ගීයක්. අපේම ගතියක් ඇති ගීයක් . සංගීතයත් ලස්සනයි. ලස්සනයි කියන වචනේ බර මදිද මන්දා . ඒ වුනාට මේ වෙලාවේ වැඩිය බර වචන ඔලුවට එන්නේ නැහැ .
    හොඳටම විශ්වාසයි අද කතාව ලියන්න නැතුව ඇත්තෙත් මේක ලිව්ව කෙනා ඉන්නේ බර වචන ඔලුවට එන්නේ නැති අවදියක .පොළොවේත් නොවෙන අහසේත් නොවෙන අවදියක ..සුටුස් ගාල ඉගිල්ලෙන්න බලාගෙන .

    ReplyDelete
  8. කවිකාරී: ඔහ් ඔබතුමියත් දන්නව එහෙමනම් එතුමව... ඉන්නා හිටින තැනක් දන්නවද? ආසයි එතුමව මුණගැහෙන්න

    අභීත: අනේ අභීත මම විචාරකයෙක් නම් නෙමේමය. එහෙම කරන්න මට දැනුමක්, ව්‍යවහාරයක්, පරිචයක් මේ විෂයය ගැන ඇත්තේම නැත. හුදෙක් රස විඳිමි, ඒ වටා මගේ සිතිවිලි, අත්දැකීමි ඉඳහිට ගොතමි... බෙදා හදා ගමි.. එච්චරයි. රසවතුන් ආහම එයාලත් වියනව ලස්සනට

    බින්දි: ඉස්සර ගෙයින් එළියට බහින්න ඇඟට කමිසය දානකොට අම්ම දන්නව ආපහු ගෙදර එන්නේ කීයටද කියල...
    පස්සේ ගෙදර ඇත්තෝ... දන්නව කොහෙද යන්නේ කියල...
    ඕං දැං ඒ ගොඩට මේ මිතුරියොත්..
    ඉවක මහිම :-)

    ReplyDelete
  9. ප්‍රසන්න: හැමදාමත් ලස්සනයි කියල යනව - ඉස්තූතියි ඉතින් - ඉඳහිට වැඩි විස්තරයකුත් කියාපන්කෝ..

    ReplyDelete
  10. මින් පෙර කවදාවත්ම නැසූ ගීතයක්.
    අපූරු තනුවක්, අපූරු පදමාලාවක්.
    මෙවන් ගීතයකට නම් හඳුන්වාදීමේ සටහනක් නැතිකමේ අඩුව දැනෙනවා.

    ReplyDelete
  11. ලංකාවට ආවම මාව අමතන්න. කල හැකියමක් තිබෙන බව පෙනේ.

    ReplyDelete
  12. ෂෝක් ෂෝක්... කෝ මේකේ නිධාන කතාව :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  13. මේ ගීතය ගායනා කරන්නේ 1970 දශකයේ ශ්‍රී ලංකාවේ අතිශයින් ජනප්‍රියවූ ගායකයකු වන විමල් ජේ. ශ්‍රියාරත්නයි. සංගීතය එවැනිම විශ්ව කර්ම සංගීතඥයකු වන ෂෙල්ටන් ප්‍රේමරත්න ශූරීන්ගේ. විමල් ජේ ගේ තවත් ලස්සන ගීත රාශියක් තියනවා. චිත්‍රපට ගීතත් තියනවා. 'සීතාවනි ඔබ හැඩ රුව ඇති බව - දිවි හිමියෙන් පතිදම් සුරකින බව - දනිමි ඔබත් දැනගත යුතු මේ බව - ඔබේ සෙනෙහස මට ඕනෑ නැති බව' මේ විමජ් ජේ ගේ තවත් ලස්සන සරල ගීයක්. ඔබ මේ ඉදිරිපත් කර ඇති ගීතයේ කියවෙන්නේ 'ලන්දෝ මං නුඹ හන්දා' නෙවෙයි 'රන්දෝ' කියලයි කියන්නේ. 'රන්දෝලියේ' (දෝලාවෙන් යන රත්තරන් බිසවුනේ කියනවා වැනි)


    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
  14. ස්තූතියි පොත් ගුල්ලා

    අඩවි මලේ ස්තූතියි

    විචාරක: "සීතාවෙනි..." කියන්නේ ප්‍රේමසිරි නානායක්කාර මහත්තයෝ. "දික්තලා නංගියේ මම තරහා නෑ.. නුඹ මට හිමි නෑ.. මම තරහා නෑ.." කියන්නෙත් උන්නැහේමයි..

    මේකේ පොඩි විවාදයක් තිබ්බා රන්දෝද / ලන්දෝ ද කියන්නේ කියල.. ඒකයි මම අරම දැම්මේ... මේකේ රචකයා සොයාගන්න බැරිවුණා. අපේ කවිකාරී කියනා හැටියට විමල් මහත්තයව මුණ ගැහුණොත් අහල බලමු. මම කැමති මේ වාගේ ම්ගේ උනන්දුව වැඩි වෙන කොමෙන්ට් වලට. බොහොම ස්තූතියි

    ReplyDelete
  15. ඕං බෑවෝ තිෂ්ෂ භයියා, පිං.!!

    ReplyDelete
  16. ලස්සනයි. පළමුවෙනි වතාවටයි අහන්නේ. ඔන්න බා ගත්තා! පින්!

    ReplyDelete
  17. හ්ම්ම්, අමුතු සින්දුවක්.

    අමුතු ලස්සනක් තියෙනවා. ආපහු රී රෙකෝඩින් එකක් කරන්න පුළුවන්නම් මේක නියමෙට හිට් වෙන්න තිබුනා.

    තිසා, උඹ දාපු වචන වල පොඩි වෙනස් කම් ටිකක් තියෙනවා.

    "ලන්දෝ" ---> "රන්දෝ"
    "කැඩුනා මදු මල්" --> "පිපුනා මදු මල්"

    ReplyDelete
  18. බුරා & ලකී : ජයවේවා...

    දුමී: සංගීතය ගැන ඇසූ පිරූ අය දෙන්නෙක්ම (දුමී + විචාරක)කී නිසා හදමු එහෙමනම්
    ස්තූතියි දුමියෝ

    ReplyDelete
  19. මේ අර පින්තුරේ හොයා ගත්තේ කොහොම ද? ඒ පින්තූරේ මේ සිංදුවට ගැලපෙන්නේ කොහොමද? නරියෙකුයි බල්ලෙකුයි කෙල්ලෙකුයි මේකට කොහොම මැච් කරන්නද මන්ද..

    ReplyDelete
  20. පෝස්ටුව අහම්බෙන් වුනත් උදෙන්ම කියෙව්වා, ලන්දෝ වචනය ගැන සැකයක් ඇතිවුනත් සිංදුව අහන්න හැකියාවක් වුනේ නැහැ. විචාරක මහත්මයා ඒ පැණය විසඳා තිබීම සතුටක්.

    ReplyDelete
  21. සිංදුව නම් ඉස්සෙල්ලම ඇහුවේ අදයි..

    මං මේ කල්පනා කරන්නේ ශෙල්ට්න් ප්‍රේමරත්න ගේ මල්ලි ශ්‍රියාරත්න කෙනෙක් උනේ කොහොමද කියලා?
    අයියා නම් හොද තබ්ලා කාරයෙක්...තිස්ස කියන විදිහට මල්ලිත් හොද තබ්ලා කාරයෙක්...කවුද දන්නේ මෙගොල්ලන්ගේ තාත්තත් හොද තබ්ලා කාරයෙක්ද කියලා නේද?

    කුණු අවුස්සනවා කියලා හිතන්න නම් එපා ඔන්න..මං කොහෝමත් කම්පියුටරේ ඕන් කලත් ඉස්සෙල්ලා බලන්නේ රීසයිකල් බින් එක..;)

    ReplyDelete
  22. තිස්ස ඉපැරණි මතකයක් නෑ නැ අපේම පොඩි කාලේ දෙයක් යළිත් අප අතර සජීවි කළාට ඔබට පිං.

    ReplyDelete
  23. හනේ හනේ පැතුම් මල්ලී හැමෝටම තේරෙන දේ ඔයාට තේරෙන්නේ නෑනේ!
    පින්තූරේ සොයාගත්තේ නම් නරියගේ ඩයරියෙන්
    ඔය බල්ලෙක් නෙමේ නරියගේ අම්මා
    බෝතලේ ඇතුලේ ඉන්න කෙනා "ඇහැල මලින් ගස් පිරිලා බලන්න හරි ලස්සනයි..." කිය කිය දර එකතු නොකර වෙච්චි වින්න්හැහිය මතකනේ? ගමරාල බල්ලව එක්කන් ඇවිත් නරියව තාවකාලිකව එලවල දැම්මට ඌ ග්‍රාමසේවක ගාවට ගිහින් පැමිණිළි කලා... "යොවාදා කියාවෝ නෙබානා පඩේගා [පොරොන්දුවක් වුණොත් ඒක ඉෂ්ඨ කලයුතුයි].." කියන සින්දුවත් මතක් කරල...
    ග්‍රාම සේවක ටිකදවසකින් වැඩේ සමථයකට පත් කරල ආපහු ගමදුවව ගෙනැවිත් ලැබෙන්න සැලැස්සුව... ඒ දවස්ටිකේ නරිය "රන්දෝ මං නුඹ හන්දා..." කිය කිය තමා හිටියේ...
    පස්සේ ඉතින් ආපහු ලැබුණම නරියගේ අම්ම යෝජනා කලානරිය වැඩට ගියාහම මෙයා මට බලාගන්න බෑ මෙහෙම ආරක්ෂාවක්වත් කරමු කියල...

    අනේ මන්ද මේ පැතුම් මල්ලී දැන් කොම්පියුටර් එක්කම ඉඳල ඉඳල සරල දෙයක්වත් තේරෙන්නේ නෑ..

    ReplyDelete
  24. ගල් මල් : මහත්තය ඈත දුරක ඉඳන් වුණත් මේ පැත්තේ ඇවිත් යනවට බොහොම තුති..

    මයියා: ෂෙල්ටන් ප්‍රේමරත්නයන්ට 'විමල් ජේ සාගර' නමින් තවත් මල්ලියෙක් ඉන්නව. මම කලින් කීව 'මාමිණි මාමිණි මා දෙයියා..' කියන්නේ එයා වෙන්න ඕන. නම් වල අවුලේ නම් කොණක් සොයාගන්න බෑ අප්ප.. පොතේ හැටියට පියා කවුරුවුණත් දක්ෂ කලාකරුවෙක් වියයුතුමයි :-)

    නලීන්: රස විඳිනවට බොහොම තුති

    ReplyDelete
  25. තිස්ස ඒ අයගෙ ඊළඟ පරම්පරාවෙ නම් ඊටත් වඩා අපූරුයි. ගිහිල්ලම අහගන්ටකෝ

    ReplyDelete
  26. හුටා!! ඉතින් ඕකනේ ඔයා සිංදුවක් විතරක් දාපුවහම අපි කොහොම ද ඕව දැන ගන්නේ... මම ඊයේ සෑහෙන්න කල්පනා කරල බැරිම තැන තමා ඇහුවේ.. හි හි..

    ReplyDelete
  27. අපූරු ගීයක් තිළිණ කලාට ස්තුතියි..

    ReplyDelete
  28. ඊයේ, පොස්ට් එක දැක්කත් වචනයක් ලියන්න තරම් විවේකයක් තිබුනේ නෑ මල්ලි. පැරණි ගීතයක රසය කෙතරම් ද? බොහොම පිං තිස්ස මල්ලී. අඩුවක් හරිම සටහන නැති එක. ඒ උනාට ඒක අමතක කරා ළඟදීම දකින්නට හැකිවේවි නිසා.

    ReplyDelete
  29. :( පව් නරි මහත්තයා........... ඒත් ඉතිං මොකද කරන්නේ?

    ReplyDelete
  30. තිස්ස,ඔබේ ගීත සමග දෙන අටුවාව තමයි ඉතා වැදගත් සහ මිහිරි.දැන් දැන් ඔබ අටුවා මොකුත් නැතිව ගීතය පමනයි ඉදිරිපත් කරන්නෙ.

    කෙසේ වුනත් අතීත මතකය අවදිවුණු රසවත් ගීතයක්.

    ReplyDelete
  31. දවස් ගානක් තිස්සේම මගේ දවසේ ගීතය වෙලා තියෙන්නෙ " කන්දේ රන් සඳ උන්නා" ගීතය. මොකක්දෝ කියාගන්න බැරි හැඟීමක් දැනෙනවා ඒ ගීතයත් එක්ක.

    ReplyDelete
  32. තිස්ස අයියේ...

    හරිම ලස්සන සිංදුවක්...ඔබතුමාගෙම අඩවියෙන් මිසක් වෙන කොහෙන් අහන්නද...මම් හිතන්නෙ මං රසවින්ද පළවෙනි වතාව..

    ඔබට ජය..

    සුලා..

    ReplyDelete
  33. බොහොමත්ම ස්තූතියි ගීතයට. ඔබ ළඟ තිබෙනවානම් මෙතුමාගෙ රන් මුදුව (සකුන්තලා) ගීතයත ලබා දෙන්න. පොඩි නිවරදි කිරීමකුත් තිබෙනවා ඔබ කලින් කියා ඇති දෙයකට මාමිණි මා දෙයියා කියන්නෙ විමල් ජේ සාගර .

    ReplyDelete
    Replies
    1. ඔබ හරි සුදසිංහ මහත්මයා... ඒක මගේ දැනුමේ එකල තිබ්බ අඩුපාඩුවක්...

      Delete
  34. ගීතයේ ආරම්භක සංගීත ඛණ්ඩයත් එක්කම "මාමිනි මා දෙයියා" ගීතයත් සමඟ මොකක්දෝ කිට්ටුවන්ත කමක් දැනුණා.. ඒ එකම සංගීතඥයා වීම ද දන්නේ නෑ.. කොහොම වුණත් ෂෙල්ටන් ප්‍රේමරත්නයන්ගේ ගී තනු හරිම ලස්සනයි.. හැම ගීතයකම වාගේ මොකක් හෝ අපූර්වත්වයක් තියෙනවා.. මේ ගීතයේත් ස්ථායි කොටස සහ අන්තරාකොටස් තල දෙකකින් ගැයෙන්නේ..
    ඉස්සර ගුවන් විදුලියේ ඇසුණු ඒත් දැන් ආගිය අතක් නැතිව ගිය ගීතයක් මෙසේ අසන්න සැලැස්සූවාට බොහොම පින්...

    ReplyDelete
  35. ඉස්සර අසා හුරු පුරුදු ගීයක් . . . ගීය නැවත රසවින්දා. ඔබට තුතිමල්.

    ReplyDelete
  36. දිලුම්May 5, 2016 at 5:51 PM

    හරිම ලස්සන සිංදුවක්. පොඩි කාලේ අහලා තිබුණා. ඊට පස්සේ කාලෙකින් ඇහුවේ නැහැ. ආයෙත් ඇහුවේ ස්වර්ණවාහිනියේ හද බැදි ගීතාවලින්. ඊට පස්සේ අවුරුදු 10කින් විතර ආයෙත් අහන්න ලැබුනේ නැහැ. කෝ මේ තිස්ස? ළගදි ලියපු කමෙන්ට් එකක් දැක්කේ නැහැ.

    ReplyDelete

 
Blogger Wordpress Gadgets