හිමිදිරියේ හිරු එලියට මං යනවා එහා ගමට...

අන්තර් ජාලයේ නිර්නාමිකත්වයට මුවා වෙලා මිනිස්සු කොච්චර පහත් මට්ටමකට වැටෙනවද කියලා යස උදාහරනයක් මට හිතවතෙක් පෙන්වා දුන්නා... පාසල් යන අපේම දරුවකුගේ නම් පවා ඈඳාගෙන ඉතාම ක‍ටුක දේ ඔවුන් පවසනවා... මටනම් හිතෙන්නේ මේක එක්තරා ව්‍යාධීමය තත්වයක් කියලයි... ඕනැවටත් වඩා මිනිස්සුන්ගේ හිතුවිලි ව්‍යච්චේදනය කරලා, සංකීර්ණ එල්ලයක් නැති බොහෝ සංකල්ප, සමාජය වෙත දරුණු ලෙස මුදාහැරීම සමහරුන්ට රස්සාවක් වෙලා... "සමාජ කතිකාවත" කියන ලස්සන වචනය ඉස්සහරහට දමාගෙන කරන මේ සෙල්ලමේ කෙලවර, භේද බින්න වුණු සමාජයක් විතරයි... සරල වින්දනය පි‍ටු දකින, අසමාන්‍ය චර්‍යා රටා හුවා දක්වන තත්වයට, අපේ සමාජය හැරුනේ කොයි කාලයේද...? අහල බලන්න මේ ගීය... කවියාත්, තනු නිර්මාපකයාත්, ගායකයත්, මේ සිතුවිල්ල ඇත්තෙන්ම සිතේ ජනිත වූවකු ගේ හැඟුම, අප තුලත් ඇතිකරනවා නේද...? අපේ මිනිස්සු ආවේග පිටකරන්න හුරුවෙලා හිටියේ සරල සුගම විදිහට... දයාරත්න රණතුංග ගයන මේ මියුරු ගීය ඒකට සාක්කියක් නෙමේ, උදාහරණයක්...

හිමිදිරියේ හිරු එලියට මං යනවා එහා ගමට...
නුඹ නැතිදා කෙලෙසද මා ගමේ සිටින්නේ...
අඳුර වැටෙන්නා... ගැල පැදවෙන්නා...

රිදී පාට වලාකුලක පුරා බලන තරු යුවලක්...
නුඹේ දෑස කියා මගේ සිතයි කියන්නේ...
ඒ එලියයි නිදි රකුසා එලවාගන්නේ...

පුංචි මැණිකෙ බහ දෙඩුවට නුඹේ දෑත මට දුන්නෑ...
ගෙපැල හදා කල් බැලුවට හිත වැලපෙන්නේ...
සුබ නැකැතින් මැණිකේ හෙට මුදු පලඳන්නේ....

සිංදුව අහන්න... ඕන්නම් බාගන්න... ඔබේ සිතැඟිත් ලියලම යන්න...

5 comments :

  1. "මකුලු දැල් බැ‍ඳෙන බ්ලොග් එකක් කියලා මේකටත් මඩක් ගහල... දැනටමත්..."
    කවුද බං අයියෙ මෙහෙම කීවෙ... ඒ කීව අයගෙ මකුළු දැල් බැදිල ඇති මොළ ගෙඩියෙයි , හිතෙයි. හිතක් නම් තියද දන්නෙත් නෑ. රසවිදින්න බැරි නිම පුලුවන් අයට ඉඩ දීලා නිකා හිටුකො.....

    මේ හැමදාම ගෙට ගොඩ වෙන අපි කීපදෙනාට හරි අහන්න බලන්න සින්දුවක් ලීවෙ නැත්තම් බලාගමු හරිද සහෝ.....

    නිර්ණාමික අන්තර්ජාලේ ජංජාල ගැනනම් කියලා වැඩක් නැහැ....

    අන්තර්ජාලය ඉදිරියට ගොඩක් සීමාපනවයි වගේ සිරි ලංකාවේ. චීනය වගේ වේවි ද දන්නේ නැහැ. චීනය දැන් හොද යාළුවෙක් නෙ අපේ රටේ

    ReplyDelete
  2. අනේ නෑ නංගියේ... ඕවට කලබොල වෙලා කොහොමද...සොඳුරු සිත අවුල් කරගන්න එපා...අපි අපේ වේගෙන් යමු..

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. හිමිදිරියේ හිරු එළියට
    මං යනවා එහා ගමට
    නුඹ නැතිදා කෙලෙසද මා ගමේ හිඳින්නේ
    අඳුර වැටෙන්නා
    ගැල පැදවෙන්නා

    රිදී පාට වලාකුළක
    පුරා බලන තරු යුවලක්
    ඔබේ දෑස කියා මගේ සිතයි කියන්නේ
    ඒ එළියයි නිදි රකුසා එළවා ගන්නේ

    හිමිදිරියේ හිරු එළියට
    මං යනවා එහා ගමට
    නුඹ නැතිදා කෙලෙසද මා ගමේ හිඳින්නේ
    අඳුර වැටෙන්නා
    ගැල පැදවෙන්නා

    පුංචි මැණිකෙ බහ දෙඩුවට
    උඹේ දෑස මට හිමි නෑ
    ගෙපැල හදා කල් බැලුවට සිත වැලපෙන්නේ
    සුබ නැකතින් මැණිකේ හෙට මුදු පළඳන්නේ

    හිමිදිරියේ හිරු එළියට
    මං යනවා එහා ගමට
    නුඹ නැතිදා කෙලෙසද මා ගමේ හිඳින්නේ
    අඳුර වැටෙන්නා
    ගැල පැදවෙන්නා

    අඳුර වැටෙන්නා
    ගැල පැදවෙන්නා...//

    ගායනය - ආචාර්ය දයාරත්න රණතුංග
    පද රචනය - උපාලි ධනවලවිතාන
    තනුව හා සංගීතය - සරත් ද අල්විස්

    ReplyDelete

 
Blogger Wordpress Gadgets