රුවන් මුවා පොලෝ තලේ...

රුවන් මුවා පොලෝ තලේ... ගොයම් සුනීල මණ්ඩලේ...
උදම් සිතින් ගයන්නේ සිංහ ගීතයයි ...
ත්‍රී සිංහලේ...

යසස් කුසුම් පිපි වැණී... සුගන්ධ ලූ දිගන්තයේ...
සුනන්දනීය සිංහලේ... ලැගුම් බිමයි වසන්තයේ...
ලැගුම් බිමයි වසන්තයේ...

වහල් යදම් සිඳී බිඳී... කසුන් විකුම් විමාණයේ...
ප්‍රබුද්ධ ඥාන දීපයෙන්... උතුම් සිතුම් පැතුම් නැගේ...
උතුම් සිතුම් පැතුම් නැගේ...

අනන්ත වූ කලා රසෙන්... සුරංගනා ලොවක් මවා...
උනුන් බැඳී ප්‍රබෝධයෙන්... නැගෙව් නැවුම් ලොවක් මවා...
නැගෙව් නැවුම් ලොවක් මවා...

සින්දුව අහන්න... ඕන්නම් බාගන්න...

74 comments :

  1. මේක කොච්චර විතර පරණ සිංදුවක්ද තිස්සෙ අයියේ?

    ReplyDelete
  2. කොච්චර පරන උනත් අද දවසටම ගැලපෙන ගීතයක්.නියමයි තිස්ස අයියේ..

    ReplyDelete
  3. Very nice, old song... I enjoyed it.. Thanks, Tissa

    Like you said.. "සීමාවක් ඇති වින්දනය... සීමාවක් ඇති සිහින දැකීම... වර්‍තමානය විඳීම."

    කිසිවකට ඈබ්බෑහි නොවි ජීවිත ගමන යන්නට අවෑසි සෑමට කිය දෙන්න.
    එය ලොකු සේවයක්, පිනක්...

    මම

    "The Present Moment"
    "මෙ මොහොත"

    ReplyDelete
  4. අද අපුරු ලස්සන දවසක්, එලිය වටෙන්න ඔන්න මෙන්න...

    ඉයෙ මහ වෑස්සට පස්සෙ, අද සුන්දර දවසක් උදා වෙලා..

    අපෙ ජීවිත වගෙ.....

    මම

    "The Present Moment"
    "මෙ මොහොත"

    ReplyDelete
  5. සින්දුව නම් හරිම ලස්සනයි අය්යෙ..මම කවදාවත් අහල නෑ..(ඒත්...... බ්ලොග් එක පොඩි සාක්ෂියක් දෙනව ඔයා කියන බණ ඔයාම පිලිපැදපු බවට නම්.. ම්ම්...)

    ReplyDelete
  6. ඇද දවසට ගැලපෙන සින්දුවක්. මම හිතන්නේ අවුරුදු 40ක් වත් පරණ ඇති.

    ReplyDelete
  7. විඳිමි මම වත්මන, අතීතයෙ සිය දහස් දනන් හද ගැහුණු හඬ, උනුන් මන ‍රැඳුනු ඔද, විදුල නැණැසින් සරුව, අතින් අත මට ලැබුණු, නිවහල්වු සියලු දෙය හිස මතින් දරාගෙන. එයයි මා නිති විඳින මගෙම වූ "මේ මොහොත" අතීතයෙන් වෙන් නොවුනු.

    ReplyDelete
  8. හ්ම්.....හිතිවිලි ඇහැරුණා.....අදින් හරියටම දවස් තුන්සිය හැට පහකට පෙර..........
    "සිහිනයක් සැබෑ වූ බව"

    සුලා..

    ReplyDelete
  9. @රොයිලි: හා රොයිලි මල්ලී.... ඊ යේ ඔයා ගැන හරි වර්ණනාවන් අහන්න ලැබුනා... මම ඉක්මනටම ඔයාට කෝල් එකක් දෙන්නම්... සතු‍ටුයි ඔයාට කථාකරන්න... නොම්මම්රේ ගත්තා...
    සින්දුව ගොඩක් පරණයි.... මට මතක දා ඉඳන් ඇහෙන....අවුරුදු හතළිහක් විතර...

    @Grey : ගොඩ කාලෙකින් මල්ලියේ... නේද...? වැඩ අධිකද...?

    @Ano: යහපත් සංවාදයෙන් දායක වෙත හැකි...

    @ චේජනා: බාගෙන ලඟ තියාගන්න....

    @මිගාර: මටත් හිතෙන්නෙ එහෙමයි මිගාර....

    @Pali: හරියට හරි පාලි...

    @සුලා: කස පුපුරන හඬ...

    ReplyDelete
  10. කවදාවත් අහලා තිබ්බ සින්දුවක් නම් නෙමේ අයියේ.......නියමයි

    ReplyDelete
  11. සොයුරේ, ඒ කාලයේ ගුවන් විදුලියේ උදේ දේශාභිමාන ගී වැඩ සටහන මතක් කරනවා. ගීතයේ තාලය හා සංගීතය මොනතරම් හිතට තට්ටු කරනවද...

    අදට ඔබින වැදගත් පෙලගැස්මක්.

    ReplyDelete
  12. අනන්ත වූ කලා රසෙන්.. සුරංගනා ලොවක් මවා...
    උනුන් බැඳී ප්‍රබෝධයෙන්.. නැගෙව් නැවුම් ලොවක් මවා...

    වෙන මොනව කියන්නද? අපි හැමෝගෙම ප්‍රාර්ථනාව.

    -ජය

    ReplyDelete
  13. @Pali:
    100% ක් ඔබේ අදහසත් එක්ක එකඟයි!...

    ReplyDelete
  14. හ්ම්ම් .....කස පුපුරණ හඬ අද වෙනදටත් වඩා කලින් ඇහුණු නිසා පාර දෙපස සෙනග පිරිලා බලාගෙන ඉන්නවා සුලාගෙ පෙරහැර එනකල්. ඒ පෙරහැරේ තෙදවත් හස්ති රාජයින්, ලේ කඳුලු දහදිය හලාගෙන හැල්මෙ නටපු නැට්‍ටුවො, ගරු ගාම්භීරව පෙර ගමනේ යෙදුන නිළමෙලා, නොනවත්වාම හඬ නගමින් පිරිස අවධියෙන් තැබූ බෙර කරුවො වගේම ගින්දරත් සමග සෙල්ලමේ යෙදුනු ගිනිකෙළි කරුවොත් ඉන්න ඉඩ තියෙනවා.

    ReplyDelete
  15. @දිල්: චේජනාටම කිව්වා වාගේ බාගෙනම තියාගන්න... දරුවෙක් මල්ලෙකුට වත් දෙන්න පුලුවන්නේ...

    @ගල්මල්: අවසාන වතාවට ඇහුනේ ප්‍රේමදාස මහත්තයාගේ කාළේ... ඊට පස්සේ මොනවා වුනාද මන්දා ඒ සින්දු ටිකකට අප්පා...

    @යෝගී: මගෙත් සිත්ගත් කොටස...

    @Pali: අම්මට සිරි... ඒකනම් මාරම කතාව බං... !!!!

    ReplyDelete
  16. මොනව උනත් වැඩේ නම් අන්තිම කැතයි තිස්ස අයියෙ,
    ශෙහ්!! මං හීනෙකිංවත් හිතුවෙ නෑ ඔයා ඔහොම කැත වැඩක් කරයි කියල!!!
    (හා හා බය වෙන්න එපා )
    කෝ අර අගනා වටිනා පූර්විකාව? කෝ මං අහන්නෙ ඒක???
    හිමීට හලල දැම්ම නේ? කමෙන්ට් වලින් ගොඩ යන්න හිතාගෙන. දන්නෙ නැද්ද අපි දත කට මැදගෙන බලං ඉන්නෙ ඒක කියවන්න කියල? මේව මේ අපේ මූලික අයිතිවාසිකම් උල්ලංඝන කිරීම්!!!

    ReplyDelete
  17. කමක් නෑ ඉතින්. අඩුවක් නොදැනෙන්න පිංතූරෙයි සින්දුවයි තියෙනවනෙ.
    උදේ පාන්දර ඉස්කෝලෙ යන්න ලැහැස්ති වෙනකොට ස්වදේශීය සේවයෙ ගියපු සින්දුවක් නෙවැ. ආයෙත් මතක් උනේ දැන් තමයි. බොහොම පිං.
    පිරිත් යනකොට අම්ම කෑගහල කෑගහල ඇහැරවනව. ඊට පස්සෙ දේශාභිමානී ගීත අහ අහ දඩිබිඩියෙ ලක ලෑස්ති වෙනව. ඒ අස්සෙ හිතට අල්ලන ගීත වල පද පේළි ටික ලියාගන්නත් වෙලාව තියෙනව කොහොමහරි! ගීත ටික ඉවරවෙනවත් එක්කම (5.45 ටද කොහෙදෝ) පොත් බෑග් රාජයා පිටේ එල්ලගෙන හැටට හැටේ දුවනව ස්කූල් බස් එකට. කිලෝමීටරයක් යන්නෙ විනාඩි 5න්. පුහ්!!! (පැයට කිලෝමීටර් 12ක්!)
    ෂැහ්! ඒ කාලෙ දැනං උන්න නම් මාත් ඔලිම්පික් යනව නෙව. ලංකාවට රන් පදක්කමක් ලැබීමේ අනඟි අවස්ථාව අහිමි විය.

    ReplyDelete
  18. අපි ම‍හගෙදරට එනව වගේ හැමදාම හැන්දෑවට විටක් ‍එහෙම සප්පායං වෙලා මේපැත්තේ එන්නේ මොකද කියල තේරෙනවනේ..

    Freedom කිව්ව වගේ
    "පිරිත් යනකොට අම්ම කෑගහල කෑගහල ඇහැරවනව. ඊට පස්සෙ දේශාභිමානී ගීත අහ අහ දඩිබිඩියෙ ලක ලෑස්ති වෙනව."

    එකම අත්දැකීම විවිධ විදියට විඳපු "අපි" තමයි මෙතනට එන්නේ.කොයි කතාවත් කෙළවරවෙන දේශාභිමානය ලේ වලින්ම ඇවිල්ල තියෙනවා..

    ReplyDelete
  19. මම මේ සිංදුව ඇහුවෙත් freedom කිව්ව පිලිවෙලටමයි. ඒ කාලේ මගෙත් පොත්වල අන්තිම පි‍ටු කුරු‍ටු ගාපු ගී වලින් පිරුණා. නරකක් නපුරක් නැහැ ඉතින් ඒවයේ ඵල තියෙනවා. හද ගී පොතේ මං නාහපු සිංදු හරි අඩුයි ඒක හින්දම.. නන්දා මාලිනියගේ කටහඬ ඉතාම ජවසම්පන්නව ඇහෙන තවත් ගීයක් මේක.
    පුර්විකාවත් නෑ. සුලාත් නෑ. මං එනවා යනවා...

    ReplyDelete
  20. ඔන්න යෝගී ඔයත් මම ලියපු එකම ඒ වෙලවටම ලිව්වා.

    ReplyDelete
  21. එකම රෑනෙ කුරුල්ලෝ.. කියල ලොකු අයිය කලින්ම දාල තිබ්බෙ ඒක වෙන්ඩෑති මයෙහිතේ..

    ReplyDelete
  22. ගීතය නම් ඒ කාලෙ ඇහිල තියනව කිව්වොත් තමා නිවැරදි.. හැඟීමෙන් අහන්නෙ දැන් තමා..

    සුලා ඔය පියාඹලා ගිහින් තියෙන්නෙ නඟේ හොරෙන්ම..

    ReplyDelete
  23. swගොඩා.........ක් ලස්සනයි....

    ReplyDelete
  24. පහුගිය දවස් ටිකේ හිතපු නැති විදිහට කාර්යබහුල උනානේ :(
    ඒකයි එන්න බැරි උනේ. ගෙදර ගිහින බල්ල පොලොවේ ගහල වගේ නිදාගත්තා.

    ReplyDelete
  25. Thanks Tissa.
    Great to listen to this again. As some of the others have said, these were what we listened to before going to school and thus they have remained in our memories.

    ReplyDelete
  26. this song takes me to my childhood.The old GUWAN VIDULIYA is way ahead of these fm rubbish.do you know who sings the song Labendi sabanda,and can you find it pl....(KASU)

    ReplyDelete
  27. මොකද මේ...
    හද ගී පොතට පය ගහපු වෙලාවෙම ලොකු වෙනසක් දැනුණා...

    කෝ අපේ තිසා අයියගේ පූර්විකාව.....
    ඒ විතරක්ද සුලා අයියගේ පසුවදන....

    මේ වැදගත් දවසේ... ඒ දෙකම නැති අඩුව නම් තදින්ම දැනෙනවා..

    අපූරු ජාතිකාභිමානි ගීයක් තිළිණ කළාට ස්තූතියි තිසා අයියෙ

    ReplyDelete
  28. @freedom: හපොයි මේ කෙල්ලගෙන් නේ බෙරෙන්න බැරි...

    @නෙතු: "ජව සම්පන්නයි"... ඒක තමයි වචනය....

    @තනෝජා: ඇහෙන එකයි අහන එකයි වෙනස් නේනම් හැබෑට...

    @sri: හ්ම්ම්ම් ලංකාවටම එකයි...

    @Grey: It's OK buddy ...

    @Chandanie: Thanks Maám...

    @Kasun: need more of the Song pal.... I will find then...

    @සන්සරසිදු: මග එනවා ඇතිනේ...?

    ReplyDelete
  29. @නෙතු: "ජව සම්පන්නයි" උපරිමයි යෙදුම

    තිස්ස සොයුරා: ඉදිරියේ යෙදෙන ජනරජ දිනය වෙනුවෙන් මෙ අඩවියේ සුවිශේෂ පොස්ට් එකක් බලාපොරොත්තුවෙන් ඉන්නවා.

    ReplyDelete
  30. අද පූර්විකාව නැත්තේ මොකෝ? මේ ගීතය නම් ඔන්න මම කලින් අසා ඇත. වැඩිය ඇහෙන්නේ නැති ගීතයක් නෙව.
    :)

    ReplyDelete
  31. තිස්ස මහත්තයෝ ඇත්ත කථාව කිවානම් නේද හොඳ: පූර්විකා සති අන්තයේ ගෙදර ගිහින්, වැස්සට අහුවෙලා ආපසු එන්න බැරිවෙලා.

    ReplyDelete
  32. හීහ් හිහ් හී... :-D
    දවසේ කතාව ගල්මල් මහත්තයො. පූර්විකා එක්ක පසුවදනුත් ගිහිල්ල හොර රහසෙම!!! ජෝඩුවම ගං වතුරට අහුවෙලා.
    :-0

    ReplyDelete
  33. මට පේන්නේ ‍ජෝඩුවම වෙන කොහෙ හරි ගිහිල්ලා..

    ReplyDelete
  34. අයියේ ඔයාට පුළුවත්නම් අපේ පෝරම් එකෙත් මෙ වගේ නියම වටිනා වැඩක් දෙන්නකො අපි උපරිමෙන් සහයෝගය දෙන්නම්

    අපි www.sriwow.info

    ReplyDelete
  35. @Ansh : මොකද අප්ප ඇහෙන්නේ නැත්තේ...Volume එක හොඳට වඩි කලාද...? ENT කෙනෙක් වත් බලමුද...?

    @ගල්මල්: Breach of contract.... what to do... going to sue (Sula...)....

    @Freedom යෝගී: සුලඟ සමග එකතු වෙලා සෙව්වට සුල මුල....

    @Superstars : මම ගියා එතෙන්ට.... අපූරු තැනක් නේ...? මම බලන්නම් තියන කාලයත් එක්ක... ඉස්තූතියි ආරධනාවට...

    ReplyDelete
  36. ඕං මගේ කුටියට ආපු වෙලාව....මුලින්ම මේ සටහන් මෙහි දාන්න අදහස තිවුණත් මේ දැනුයි ගොඩවුනේ...ගතට මහංසිය එමට වුණත් හිතේ සතුට පිරිලා...මවුබිම වෙනුවෙන් ජීවිත කැපකළවුන්ගේ නාමය සිහිපත්කොට පින්දීමත් පිනක් නොවෑ..

    ******************************************************
    හිරු ඈත දියඹෙන් හෙමි හෙමින් මතුවෙමින් තිබිණ…නැගෙනහිර අහසේ වූ වලා කැටිති මත හිරුගේ තීව්‍රමය වූ ආලෝක කදම්භයන් මඟින් ඇඳි රූ රටා හිත් පුරා විඳිමින්මබැරක්කයෙන් නැඟී පේලි ගැසීහුන් සගයන් තිදෙන සමඟ එක්වූයෙමි…සිසිල්මයවූත ආශ්වාදනීයවූත් නැවුම් වාතයෙන් දෙනාස්පුඩු සිසාරා හුස්මක් ගෙන පපුව පුරවා ගතිමි…රාවණා,ගැමුණු පරපුරේ එඩිය සිතින් ස්පර්ෂ කළ මම කණ්ඩායම පිටත් වියයුතු බවට සන් කෙලෙමි…වමතින් ගත් බයිනේත්තුවත් සිරසින් ගත් ඔටුන්නත් (හුදෙක් රෙද්දෙන් නිමකළ හිස්වැසුමක්වුවද එය මට ඔටුන්නකි ) දමා රිද්මයානුකූල එහෙත් ප්‍රවුඩ වූ ගමනින් මේ මා ගමන් කරනුයේ මවුබිම වෙනුවෙන් රුහිරු හෙළුු මාගේ බෑයන් සිහිකෙරුම පිණිස කළගුණ දත්තවුන් විසින් ඉදිකළ ස්මාරකය වෙතයි…

    රාත්‍රියේ පැය කිහිපයක් පුරා නිසොල්මනේම රාජකාරිය දේවකාරියක් ලෙසින් ඉටුකළ සහෝදර සෙබළුනට සමුදී මේ සුවිශේෂී උදෑසන මාගේ සේවා මුරය ආරම්භ කෙලෙමි….

    කය සෘජුවවත් හිස හා දෑස එක එල්ලයේමත් පිහිටුවාගත් මම මගෙ හිත නිදහස් කෙළෙමි…අනතුරුව මා ඉදිරියෙන් වූ දර්ශණ පථයට හසුවූ සුපුරුදු නිරීක්ෂණ බැල්මෙන් නිරීක්ෂණය කෙලෙමි…

    දින කිහිපයක සිට ඇද හැලෙන වට වැස්සෙන් පණගසා දළුලන තාල වර්ගයට අයත් තුරු සමූහයත් අතරින් පතර නටඹුන් සේ ගුප්ත හැඟීම් උපදවන කරටි සිඳුණු තල් කඳන් සමූහයත් විටින් විට අසල මාර්ගයේ දාවනයවන හමුදා වාහනත්,ඉන් ඔබ්බට විහිදුණු මහා සාගරයත් හැරෙන්නට විශිෂිත වූ යමක් නොවූයෙන් යලිදු සිත එක්තැන්කොට ගතිමි.

    මේ බිම වූකලී මීට හරියටම වසරකට පෙර රණ හඬින් ගිගුම්දුන් විජිතපුරයක්ම වූයේය….බිඳින්නට මහ පවුරු පදනම් නොවුනද තබන තබන පය මත හෙණ පුපුරණ මරුවැල්මඳ පමාවක් සොයා ඒ මේ අත දුවන ගිණියම් වූ මූණිස්සම්,සැඟවුණු තැනින් මතු වී දෙපා මුල පිපිරෙන අග්ණි ජාලා කෝළහාල පිරුණු ඉතිහාසගත ස්ථානයක් විය…ඒ සාවූ නානාවිධ ඝෝශාවන් පරයමින් ෂවේන්ද්‍ර,ප්‍රසන්න,කමල්,චාගී ඈ අභීත සෙන්පති වරුන්ගේ විධානයෙන් මතුව සෙබළ හදවත් කකියවා නැඟුන රණකාමී උන්මාදය ජයකෙහෙළි නැංවූයේ මේ බිමේදීය…

    අප්‍රමාණ වූ ගැහැටයන් විඳිමින් වුවද සියගණන් සෙබළ මුළ විජය දද නැංවූයේත් මේ බිමේදීය..

    මා ඉදිරියේ සිත්තම් වූ ඒ අභීතවූත් ප්‍රවුඩවූත් ත්‍රාසජනකවූත් ජවනිකාව නැවත නැවත මෙනෙහි කෙලෙමි..

    තවමොහොතකින් හිරු කිරණ මේ ධරණී තලය සිපගනු ඇත..අස්සක් මුල්ලක් නෑර තම අණසක පතුරවණු ඇත….ඒ උදා කිරණේ කාන්තියෙන් පණගසා නැගිටින දේශයේ නිදහස උදෙසා මේ බිමේදී දිවි දුන් ඒ සෙබළ බෑයන්ගේ රුහිරු සිප උන්ගේ සුවඳ කැටිකොට හමා එන සිහින් සුළං රැල්ලේ පහස මා කුල්මත් කෙලෙන් වීර සෙබල පරපුරේ උපන් බිමට ණයනැති එකෙකු වූයෙමියි වන අභිමානය හදවත තුළ රුවා ගතිමි..





    සුලා…

    ReplyDelete
  37. අති විශිෂ්ඨයි සර් !!!

    අපූරුයි මචෝ.....මා බලපොරොත්තු වූ විදියටම පෙරහැර සුන්දරයි, තේජාන්විතයි. ඒ පෙර ගමන් කරුවන්, නැට්‍ටුවන්, බෙර, හොරනෑ කරුවන් සුරක්ෂිතව ගෞරවාභිමානයෙන් ‍රැගෙන යන ඒ සධාතුක කරඬුව චිරාත් කාළයක් එලෙසින්ම ‍රැක ගනීම මතු මතු පරම්පාරවන්ගේම උතුම් වගකීමක් වේවි නේද??

    ReplyDelete
  38. @සුලා: සිතට නොදැනී සියුම් තෘෂ්ණාවක් ගොඩ නැගෙමින් පවතී...
    වෙන තැන් වලත් මෙහෙම කොමෙන්ට් දායිද දවසක...?

    @Pali: ඔව් පාලි... අපේ වගකීම තමා ඒක එහෙම වෙන බවට වගබලා ගැනීම...

    ReplyDelete
  39. නිදහසේ හුස්මක් ගනිමි…දශක තුනක් පුරාවටම උන් මගේ රුහිරු උරා බීවෝය…මගේම කුසින් වැදූ දරුවන් වූ නිසාවෙන් ස්නේහයේ අඩුවක් නොකෙලෙමි….නමුදු මා කැබිළිතිවලට කඩාපියා වැනසීමට උන් මාන බැලූහ..….පරදේශක්කාරයින්ගේ පඬුරු පාක්කුඩම් වලට ලොල්වූ පාපතර මිනිසුන් උන්ට හලාහල විෂ පෙව්වෝය…අනුන්ගේ දේශ දීපංකර කොල්ලකා ගොඩනගාගත් අධිරාජ්යයන් ඇත්තවුන් මා වැනසීමට කේවට්ටකම් කරන්නට වූහ..පුරා දසක තුනක් ඒ සියළු කෙණහිලිකම් ඉවසා දරාගතිමි…අවසන මා විස්සෝප උණු තරම..!

    තැන තැන පුපුරාගිය හෙණහඬින් නැගුණු වේරම්භ වාතයෙන් මා වෙලී යත් දී මගේ දරුවන් එකා පිට එකා මැරී වැටෙද්දී රාස්සි බැළුම් හෙලන මූසල හැන්දෑ යාමයන්හිදී දුසින් ගනන් වැළලෙත්දී..තනිව සුසුම් හෙළිමි…ඒ මලමිනී විකුණ විකුණා ලංසුතබමින් සමහර පාපතරයන් ,පාපතරියන් ඩොලර් ගිලිමින් මහ මැදුරු තනත්දී නිහඬ වීමි….සන්තක වූ සියළුම ධනයන් සුන්නධූලි වී යනු බලා අවිඥානිකව ඔහේ සිටියෙමි…ඈත ගම් මැද්දෑවේ කිරිසප්පයන් කීතු කීතු කොට කපා වනසනු බලා උන්මත්තකව අන්ධ වූ දෑස්ව හුන්නෙමි..ඇඳිවතටද අස්වාමිකව කුසගිනි,යුධගිණි දරා මගේ දරුවන් දහස් ගනනින් තැනින් තැන යමින් උලාකණු බලා වැලපීමි…
    සැකයෙන් එකිනෙකා රොස් පරොස් බණිද්දී නෑසූකන්ව සිටියෙමි..අඩන්තේට්ටම් ඉවසණු නොහී මා දරුවෝ නැව් නඟිනු බලා සුසුම් හෙළීමි...මේ සා වූ දුක්ඛ දෝමනස්සයන්ට ගොදුරුව අට අනූවක් ව්යාධියෙන් පෙළුණු මා මුදවා ගැනීමට තරම් මාගේ එකදු දරුවෙකුට වුවමනාවක් නැතැයි සිතමින් විපිළිසර වීමි..
    නමුදු සියළු දේ ඉවසා කල්යල් බලමින් හුන් මාගේ සුජාත වූ දරු සමුහයා එක්වී මරණාසන්නව වැතිර හුන් මා නැගිටුවා ජීවය පෙව්වෝය..

    ඉදින්..මේ වූ කලී උදාන ගී ගැයීමට කාළයයි......සුජාත වූ දරුවනේ..
    මම් ඉතින් හිනැහෙමි...උඹේ නමින් ජීවත්වෙමි...ආදරණීය පුතණුවනේ..දියණියනේ...මේ රුවන්මය වූත් සරුසාරවූත් සාර භුමිය අස්වද්දාපල්ලා..මේ මිහිමත ගොවි රජවරුන් නම් නුඹලාමයි...පෙරදිග අටුව ආයෙත් පුරවාපල්ලා...සියළු යදම් බිඳී හමාරයි...උතුම්වූ ඥාණ ප්‍රදීපය දල්වා මේ මුළු විශ්වයේ හතර දිග්භාගයේම යසස පතුරවපල්ලා...සුන්දර සිතිවිළිවලින් හදවත් පුරවාගෙන උණුනුන්ට ආදරය කරපල්ලා...මේ වසන්තයේ සුරංගනා ලොව මේ බිමමමයි.....ඉතින් බලා හිඳිණු කුමකට..!

    සුලා..

    "උනුන් බැඳී ප්‍රබෝධයෙන්... නැගෙව් නැවුම් ලොවක් මවා...
    නැගෙව් නැවුම් ලොවක් මවා..."

    ReplyDelete
  40. @සුලා: උපරිමයි සොයුර, ලියමන ජීවමානී පරිසරයකට ගෙන ගියේ සැනින්. හුනස්නින් නැගිට ආචාර පිදුවෙමි.

    @පාලි, තිස්ස:
    මතකය කෙටිකලකින් අමතකවෙන සමාජයක වුවද අමතකය මතක් කරන්න බිඳක්වත් කරන්න පුලුවන්වීම උතුම් ක්‍රියාවක්.

    පලත් නෙලන්, අතු කොලත් කඩා බිඳලා උගුලන්නට නොහැකි නිසාදෝ කඳ අතහැර යති වාසනාවට. ඒ කඳින් දළු මතුවේ නම් ගසත්, පරිසරයත් සුරැකේවි අපේ පොලෝතලයේ තෙතමනය රැඳී.

    තවත් දින තුනකින් ජනරජ දිනය සැමරුම යෙදෙනවා, ඒ ගැන දැනුවත් කරන්න යමක් කරන්න පුලුවනි නම් පිනක්.

    ReplyDelete
  41. Machan Tissa,

    I have started to compile these patriotic songs we used to hear in the morning many years back, into a CD. I want to play that in the mornings when my kids startup for school ;-).

    thanks !!
    Manjula

    ReplyDelete
  42. (මම කියන්නෙ හැමදාම වැටෙන කමෙන්ට් වලින් මම දැකපු දේ සමහරවිට මං වැරදි වෙන්න පුළුවන්.)
    තිස්ස. සුලා. පාලි, ගල්මල්
    යෝගීව ඒ ගොඩට දාන බෑනෙ නේද?
    හැබැයි වයසත් එක්ක ලැබුණු දෙයක් නම් වෙන්න බෑ! අනේ මන්දා කොහේ හරි වැරැද්දක් තියෙන බවයි මට පේන්නෙ. ඔයගොල්ලන්ගෙ අරමුණ ඉටුවෙන බවක් පේන්න නෑනෙ. එක්කො ගහේ දළු දැම්මට වට පිටාවට පේන්නෙ නැතුවවත්ද?
    ...
    හේතුව මොකද්ද? වැරැද්ද කොතනද?
    අපි ග්‍රහණය කරන්නෙ මතුපිට විතරද?
    80 දශකයේ වෙච්ච හෝදා පාළුවද?
    අපේ අධ්‍යාපන ක්‍රමයෙ වැරැද්දක්ද?
    නැත්නම් අපි මෝඩද?

    ReplyDelete
  43. freedom, මටත් ඕක දැනෙනවා.. මටත් තේරෙන්නෙ නැහැ. රසය වින්දට මටත් ඒ තරම් ගැඹුරින් දෙයක් ලියා ගන්න බෑ. මං හිතන්නෙ හේතුව මොකක් උනත් අපේ හිත් හෝදා පාළු වෙලා. අපේ දරුවන්ට මේ තරමවත් උරුම නොවුනොත්.. කියන බය හිතට වද දෙනවා. ඒ එක්කම ලොකු වරදකාරී හැඟීමකුත් එනවා. අපි මේ ලොකු අය යන පාරෙ ගියොත් ටිකක් හරි ගොඩ දාගන්න බැරි වෙන එකක් නැහැ නේද?

    ReplyDelete
  44. @freedom & nethu: කොයි දේත් ඇතිවෙන්නත් නැතිවෙන්නත් කාලයක් යනවා... සමහර විට කෙනෙක් ගේ ජීවිත කාලයේදී වෙනසක් ග්‍රහණය කරගන්න බැරි වෙන තරමට... ඊලඟට, හිතීම හා ප්‍රායෝගිකව ඒවා ක්‍රියාතමක කිරීමේ අඩු පාඩුව... විසාල පාරාමිතික වලින් හිතන්න විශ්ලේෂණය කරන්න ගියාට බොහෝ දෙනෙක් තමන්ගේ අතලඟ ඇති, කරන්න පුලුවන් දේ මගහරිනවා... මිනිහෙක් ගේ දුකක් කරදරයක්, උදව්වක් කලයුතු තැනකදී නොදු‍ටුවාසේ ඉන්නවා... අනේ අපොයි කියන්නත් මරණ පරීක්ෂණ තියන්නත් කට්ටිය බොහෝයි...

    මගේ ගෙවුනු (2/3...?) ජීවිත කාලයෙන් මට කියන්න තියෙන දේ නම් තමන්ට පුලුවන් දේ කරන්න බලන්නකෝ... තමන්ගේ දරුවන්ට, දෙමාපියන්ට, හිතවතුන්ට... අපේ දේ, අපේ කම වගේ දේ වල අගය, සිංදුවක රසය, එකට එකතු වෙලා කරන දෙයක වටිනාකම, තේරුම් කරලා දෙන්න යන්නකෝ බලන්න...ආරවුල් නොකර ගෙන... හෙමින් සීරුවේ කට්ටිය එතෙන්ට ගන්නකෝ අවංකව... ඔය ටික සාර්ථකව කරන්න දරන උත්සාහයේදී තේරෙයි ප්‍රාදේශීය සභාවක ඉඳලා රටක් දක්වා සමාජයක් පාලනය කරන්න කොච්චර අමාරුද කියලා...

    වෙබ් අවකාශයේ පලක් නැති විශ්ලේෂණ බොහෝයි... නමුත් බොහෝ දෙනෙකුට සැබෑ ජීවිත ආත්දැකීම් අල්පයි... ලෝකය හමුවට වෙබ් එක හරහා යන්නෙත් හැංගිලා (ඔය දෙන්නට නෙමෙයි කිව්වේ හොඳේ)... ඒ කරලා රට වෙනස් කරන්න, ක්‍රමයන් වෙනස් කරන්න සාකච්ඡා කරනවා... මොකද්ද පලේ... හදවත මනුස්ස කමට, සංවේදීත්වයට බරකරලා කරන කිසිම දෙයකින් සමාජ ප්‍රගමනයක් මිසක අගතියක් නොවන බව මගේ බලවත් විශ්වාසයයි...

    think simple... do what you can do NOW... (it's ok to dream...) but action should be there too...!

    නැත්නම් ඔබටත් සාර්ථක බතල ගොවියෙක් විය හැක...!!

    ReplyDelete
  45. නෙතු , Freedom
    උඹලා රිදවන ඔය ප්‍රශ්නෙම තමා මං හිතන්නේ මෙතනට එන යන ගොඩක් දෙනා ව රිදවන්නේ.. වසර දස දහස් ගණනකට එහා ඉඳලා හිටපු විශීෂ්ඨ මනුෂ්‍ය කොටසක උරුමයෙන් පෝෂනය වුන පිරිසක් තමා අපේ මුතුන් මිත්තෝ.. දෙදහස් පන්සියයක ලිඛිත ඉතිහාසයට ඔබ්බෙන් වසර දහස් ගණනක් පැරණි සංස්කෘතීන් මේ බිමෙන් හමුවෙමින් පවතින බව අපි හැමෝම දන්නවා. අද අපිට කොකා පෙන්නන බටහිරයන් කොළ අතු ඇඳන් දඩයමේ ගිය කාලයේදී ‍අපේ මිනිස්සු ශ්‍රේෂ්ඨ කලාවන් විද්‍යාවන් අපි වෙනුවෙන් බිහිකරමින් සිටියා.

    දකුණු ඉන්දීය ආක්‍රමණවලට නතුවීම මගින් ක්‍ර‍මයෙන් දුර්වල වෙමින් ආ ඒ ශිෂ්ඨාචාරය බටහිර ආක්‍රමණිකයන් විසින් දෙකකුලෙන් අල්ලා පොළවේ ගසනු ලැබුවා.. පිරිහීම පටන් ගත්තේ එතැන් සිටයි.

    පෘතුගීසීන් හා ලන්දේසීන් විසින් අපේ සම්පත් සූරා කෑවද ඉංග්‍රීසීන් වෙතින් සිදුවූ දේ ඊට වඩා බොහෝ දරුණුයි. ඔවුන් ශ්‍රී ලාංකිකයින් නැවත ‍එක්සත්ව නොනැඟිටිය හැකි සේ සංස්කෘතිකමය සෝදාපාළුවකට ලක් කළා. ආගම් ජාති වශයෙන් බෙදා වෙන්කළේ කිසිදාක නැඟිටිය නොහැකි ලෙසින්..පක්ෂ දේශපාලනය ඉතිරි ටිකත් කුඩා කොටස් වලට බෙදා වෙන්කර අවසන්.ඡන්දය කාලෙදී එකම කාමරේ හිඳින මිතුරා සමඟ පක්ෂය වෙනුවෙන් වාදකරන අපි , එක්සත්ව දැළ ඔසවාගෙන දඩයක් කරුගෙන් මිදී පියඹාගිය කුරුළු රංචුවේ කතාව අමතක කර දමනවා..

    ඒ ‍දෙදරුම පරම්පරා ගණනාවක් තිස්සේ අපේ මූලයන් සොළවා අඩපන කර දමමින් සිටිනවා.

    විවෘත ආර්ථිකය නැමැති සාධකය ඔස්සේ පාලනයක් සීමාවක් නොමැතිව අපි ආනයනය කළ සංස්කෘතීන් ද අපේ ඉතිරිය විනාශකරමින් හිඳී..
    මා කියන්නේ ඒ දේ බැහැරවිය යුතුද නැද්ද ගැන නොවේ. ඒ මාතෘකාව කතාකිරිමට තරම් ආර්ථික විද්‍යාත්මක දැනුමක් නොමැති හෙයිනි.. නමුත් විවෘත ආර්ථිකය මෙහි එනවිට ඊට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් සමාජයක් අපිට නොවූ බව පැහැදිලි සත්‍යයක්.ඒ බාහිර පීඩනය‍ට ඔරොත්තු නොදී අපේ මිනිසුන් තල්ලුවී විසිරී ගියා නොවේද?

    ඉන්දියානුවන් තම අනන්‍යතාවය රැකගෙන අපට වඩා ඉදිරියෙන් හිඳිතැයි සිතේ..බහුතර ප්‍රතිශතයක් ගත්විට ඔවුන්ගේ උරුමය වෙනුවෙන් ඔවුන් හැමවිටම වැඩි තැනක් වෙන්කරනවා.තම ගුරුවරයාගේ නම එක්වර තම කටින් පිට නොකරන ඉන්දියානුවන් බොහෝ දෙනෙක් මට හමුවී තිබෙනවා.. ඔවුන් එය කියන්නේ එක්තරා ආචාරයකින් ගුරුවරයා කෙරෙහි ගෞරව දැක්වීමකින් පසුවයි.අපේ මිනිසුන් අපේ කමට සිනාසුනා කාලයකදී , ඔවුන් එය හිසමත තබා ඉදිරි පරපුරට තල්ලුකර දුන්නා.

    කිසිවකින් එකවර ප්‍රතිඵල දැකිය නොහැකියි. හෙමින් නමුත් අප යන ගමන බොහෝ ශක්තිමත් එකකැයි සිතෙන්නේ මේ එකතුවී සිටින පිරිසත් එකතු වෙමින් සිටින පිරිසත් දැකීමේදී. අපි හැමෝම මේ කාරණේදී තනිවම පුළුවන් සටනක් ගෙනගිය අය නොවේද?

    අපේ විශ්මිත රචකයා සුලා සමාජයීය කටයුතු විශාල ගණනකට තම සති අන්තය කැපකරන දිරිමත් මිනිසෙක්. තිස්ස , කාලයක ව්ශ්වවිද්‍යාල ආචාර්යවරයෙක්.ගල්මල් අඩවිය හරහා අපි ඇඳිනගත් ඩීන් සොයුරා කළකදී බොහෝ තම වෘත්තීයමය වශයෙන් බොහෝ තාක්ෂනික නිර්මාණ කළ විශිෂ්ඨ වෘත්තීකයෙක්.ඊට අමතරව ඔහුගේ කලා කටයුතු ගැන කිව මනා නොවේ නේ...පෞද්ගලිකව මා කතාකර නොමැති වූවද පාලී යනු මා හැදුනු පාසල් මාතාව සෙවනේම හැදුනු රට ගැන කැක්කුමක් තියෙන තවත් මිනිසෙක්.එපමණක් නොවෙයි තව නොකී බොහොමයක් දෙනා මෙතැන එන යන ගැවසෙන උදවිය තම හැකියාවන් දැනුම යොදාගෙන තනි තනිව කලකදී මේ වෙනුවෙන් වෙහෙසුන උදවිය.. දැන් අපි තනිව නොවේ.. යමක් කළ හැකි , කළ යුතුයැයි වෙහෙසෙන මිනිසුන් බොහොමයක් අප සමඟ සිටී.. එකතු වෙමින් සිටී.

    අතීතයේ සිදුවූ වරද කුමක් වුවද එය හරිහැටිම අඳුනාගෙන නැති බව නම් විශ්වාසය.. නිවැරදි කිරීම පාසලින් පටන් ගත්තාට මඳිය. ගෙදරින් පටන් ගත්තාට මඳි ය. පන්සලෙන්.. පල්ලියෙන්.. කෝවිලෙන්.. කම්මලෙන්... පාර්ලි‍මේන්තුවෙන්..
    එය සැම තැනින් ම පටන් ගත යුතුය. මඩ ‍වගුරක් ව තිබූ සිංගප්පූරුව ලී ක්වාන් යූ විසින් නොවැටෙන සුපිරි රාජ්‍යයක් කළේ කෙසේද? ඒ විනය සමාජයීය වෙනසක් කළ යුතු ආකාරයට යොදාගත නොහැකි ද?

    ඒ වෙනස වෙනතුරු උනට පසුබිම සදා දීමවත් අඩුම තරමේ අපට කළ හැකි වේනම් ...

    ReplyDelete
  46. යෝගී මල්ලියේ ඔයා ගැන ආඩම්බරයි. ඒ වගේම freedom ගැනත් සතු‍ටුයි. ඔයා කියන දේවල් කවුරුහරි මූණ ඉස්සරහ ඉඳන් කියන තරම් පැහැදිලියි. මේ ලියන දේවල් නිවිහැනහිල්ලෙ කියවන්න තරමවත් වෙලා නැති තරමට මම හැල්මේ දුවනවා. අමතක උණු හුඟාක් දේ මට මතක් වෙනවා. තිස්ස අය්යෙ "think simple... do what you can do NOW... .....! මාත් හිතන් ඉන්නෙ ගෙදරින් මගෙ දරුවන්ගෙන් පටන් ගන්න..අතරමං වුණු අපට පාර පෙන්නනවාට පිං...

    ReplyDelete
  47. නෙතු මගේ නංගියේ... ඔය වගේ පරිසරයක ඉඳගෙනත් ඔය තරම් වැඩ කන්දරාවක් එක්ක හැප්පි හැප්පිත් අපේ සුවඳට ඉව අල්ලන ඔයා අතරමං වෙලා කියන්නේ කොහොමද...? ඔය සේරම නැතුවත් අර "මේ මොහොත" කිව්වා වාගේ හීන වලින් විතරක් සැනහිලා පාවෙන ජීවිත කොච්චර ඉන්නවද...? මට ආඩම්බරයි ඔයා ගැන... මෙතන ඉන්න ගොඩක් අය ගැන... මේ අය තමයි අපේ සමාජය දරාගෙන ඉන්නේ... තැන් තැන්වල... බොහෝ විට දෘෂ්‍යමාන නොවුනට... එදා වගේම අදත්... බොහෝ කැප කිරීම් කරමින් මුල් නොසිඳා....

    ReplyDelete
  48. @Manjula:

    I have a full bunch of those... I will send you the link... I have already distributed those to many of my friends... and I will put it here too... in a separate page... so anybody can down load those

    Keep up the good work...

    ReplyDelete
  49. @Manjula:

    I have some of them too. I have also created a video DVD named "Deshabhimani Gee" and distributed among many of my friends. Actually, I created this to give as a gift to all participants of the "Avurudu Ulela" we organized in Dubai 3 years ago. This has few songs I recorded from TV Lanka tv channel and few songs with my own visuals. I will upload some of these songs to youtube and give you the links.

    ReplyDelete
  50. හැමෝටම බොහොම පිං මේ කරන සත්කාර්යයට.

    පොඩි පැහැදිලි කිරීමක් කරන්නට අවසර.
    දේශාභිමානී ගීත ගැන කියල තියෙන දේ ඇහුවම කෙනෙකුට හිතෙන්න පුළුවන් අද ඒව අහන්න නෑ කියල. ඒක වැරදියි. මම ඔය කියන ගීත ඇහුවෙ 95න් පස්සෙ. ඒ කියන්නෙ ප්‍රේමදාස මහත්තයගෙ කාලෙනුත් පස්සෙ. අදටත් ඔය අහුමුළුවල තියෙන පරණ ගීත ස්වදේශීය සේවෙ අහන්න තියෙනව.
    පොඩි ළමයින්ට හොඳ වැඩසටහන් යනව විදුල ළමා ගුවන් විදුලියෙ. අදටත් මං අහන්නෙ ස්වදේශීය සේවය. නිවැරදි සිංහල කතා කරන, වටිනා ගීත ප්‍රචාරය කරන සහ ගීතයක් යනකොට ඒකෙ අයිතිකාරයො තුන් දෙනාම සඳහන් කරන එකම ගුවන් විදුලි සේවය.
    එෆ් එම් නාලිකාවලට අපි බනින්න ඕනෙ නෑ. ඒව අපිට බලෙන් අස්සවන්නෙ නෑනෙ. අපිට කැමති නාලිකාවකට හරවගන්න අපිට අයිතිය තියෙනව.

    ReplyDelete
  51. Thissa ayya pls send me the link too..

    @Pali, would you mind sharing it with me too my email - nethmirodrigo@gmail.com

    ReplyDelete
  52. @nethu, I will upload them to youtube and send you the link to watch or download. Since they are video songs, they cannot be sent through emails. Please give me some reasonable time as I am bit busy these days. I will do it for sure when time permits.

    @යෝගී, උඹේ දීර්ඝ ලියවිල්ලට එකඟ නොවී බැහැ කොහෙත්ම. ඒ තරම් නිරවුල්ව දීර්ඝ ඉතිහාසයක් විස්තර කරලා තිබුණා. මම උඹලව දැකලා නැති වුනත් උඹලා ලියන දේවල් හිතට එකඟව අවංකව ලියන දේවල්ද නැද්ද කියලා කිරලා මැනලා අරගෙන ඒ තුලින් උඹලව දකින්න තරම් සමාජ අත්දැකීම් මටත් තියෙනවා. මම උඹේ පාසලේ වගේම තිස්සයගෙ uni batcha.

    ReplyDelete
  53. @freedom: ඔව් මම කරන්නෙත් වෙබ් අවකාශයට ඒවා නැවත මුදා හැරීමක් තමයි...
    (ඔබ මගේ වචන නැවත ලස්සනට පුණුරුච්චාරනය කරනවා වගේ දිගින් දිගටම.... අහුමුලු වල තියන සිංදු, ලෝකෙට පරකාසේ, ප්‍රේමදාස මහත්තයාගේ කාලේ, නාකි පට්ටම් වගේ බොහෝ දේවල්...)
    ගොඩක් ගෙවල් වල පුරුදු වෙලා ඉන්නේ / හිටියේ වෙලඳ සේවය අහන්න... ඉතින් ඒ වෙලඳ සේවයෙන් ඒවා ඇහිල්ල ප්‍රේමදාස මහත්තයාගේ කාලෙන් පස්සේ නැවතුනා කියලයි මම කිව්වේ...
    මෙතන ඉන්නේ ලෝකේ විසිරිලා ඉන්න පිරිසක් නිසා ඉතින් නැවත් සිහියට කැඳවීමක් තමා කරන්නේ... ඒක ලොකු දෙයක් නොවෙන්න පුලුවන්... මට පුලුවන් හා කරන දේවල් වලින් එකක් ඒක... වචන ඔස්සේ තර්‍ක කරන්නේ නැතුව.
    පුලුවන් හෑම අවස්ථාවල්දීම රචකයා, ගායකයා සංගීත වේදියා පලකරන්නත් මම උත්සාහ කරනවා...

    ReplyDelete
  54. Here is one song that I have already uploaded. This is a farely new song sung by Priyanath Ratnayake...and it's my visuals.

    http://www.youtube.com/watch?v=ybvEIN093Ac

    ReplyDelete
  55. අයියෝ නෑ නෑ මම එහෙම කිව්ව නෙවෙයි. ඔයා කරන්නෙ ලොකු සේවයක් කියල ආයෙ මං කියන්න ඕනෙ නෑනෙ. මේ හැමෝම හැමදාම පෙරුම් පුරාගෙන ගොඩවදින්නෙ ඇයි? ඒ නිසානෙ.
    පිට රටවල්වල ඉන්න අයට සහ රේඩියෝ අහන්න වෙලාවක් නැති අයට හරි වටිනව ගීත ළඟ තියාගෙන අහන එක. මාත් කරන්නෙ පුළුවන් තරම් ගීත එකතු කරන එක. මට ඕනෙ වෙලාවට මම කැමති විදියට අහන්න පුළුවන් නිසා.
    මම කිව්වෙ අදටත් එව්වා නොනැසී තියෙයි කියන එක. කෙනෙකුට ඕනෙ නම් මීට අමතරව ඒවත් අහන්න පුළුවන් කියන එක.
    ඔබේ උතුම් ක්‍රියාව විවේචනය කළා වගේ හැඟුණ නම් ඒ මගේ ප්‍රකාශනයේ දෝෂය.

    ReplyDelete
  56. @freedom :ඒකෙනුත් වැඩක් ගමුද එහෙමනම්... අපි මේකෙත් වෙනම පි‍ටුවක ස්වදේශීය සේවයට ලින්ක් එකෙක් දාමුද නංගී...? මොකද හිතන්නේ... හැබැයි වැඩ සටහන් විස්තරයකුත් දාන්න පුලුවන්නම් හොඳයි නේ...? මොකද වැඩි හරියක් ඉතින් නීරස ප්‍රචාරක වැඩ සටහන්ම තමා නිසා...

    ReplyDelete
  57. වැඩේ නම් හොඳයි වගේ.
    හැබැයි හරියට තේරුණේ නෑ. link එකක් කිවෙ live broadcast එකක්ද?
    සින්දු වැඩසටහන් ඇරෙන්න අනෙකුත් සාකච්ඡා නම් ඒ තරම් වැඩක් වෙන එකක් නෑනේද?

    ReplyDelete
  58. ඔව් live එකක්... අහන්න කැමැති අයට එතෙන්ට ගිහිල්ලා වෙන මොකුත් ඉන්ස්ටෝල් නොකර ලේසියෙන් අහන්න... ?

    ReplyDelete
  59. www.slbc.lk එකෙන් ගන්න පුළුවන් අයියා

    ReplyDelete
  60. නියමායි. බ්ලොග් වලට ලින්ක් දාන් හැටිනම් දන්නෙ නැත. අයිය දන්නව ඇතිනෙ. දාමු දාමු
    මෙන්න ඕනෙ උනොත් විස්තර ටිකක්.
    http://www.slbc.lk/
    http://220.247.227.1/live

    TP: +94-11-2697491
    fax: +94-11-2691568
    Frequencies
    yatiyanthota, haputhale 90.3 MHz
    radella 97.0 MHz
    colombo 98.3 MHz
    deniyaya 99.6 MHz
    hunnasgiriya 102.0 MHz
    karagahathenna 107.6 MHz

    ReplyDelete
  61. @තනෝජා: ඔව් එතනින් ගමු...

    හොඳයි අපි අපේ එකක් හැදුවොත් මොන වගේ ඒවටද කට්ටිය කැමති...??? අදහස් ටිකක් දුන්නනම්...

    ReplyDelete
  62. ලක් හඬේ රෑ 8ට යන මියුරු කල්පනාත්, රෑ 10ට රැයේ ඇසෙන ගීත්, සිටි එෆ් එම් රෑ 8ට ආරාධනා ස්වර දැහැනත් හොඳ සින්දු යන වැඩසටහන් කීපයක්. ඕන්නම් ඒවත් දාමු.
    http://www.lakhanda.lk

    ReplyDelete
  63. උඹ හරියට හරි තිස්ස. අපිට මහා ලොකු ව්‍යාපෘති වලට යන්න ඕනෙ නැහැ, අපිට පහසුවෙන් කළ හැකි දේ කරමු. දුප්පත් කම නැති කරන්න, දුප්පතුන්ගෙ දරුවන්ට ශිෂ්‍යත්ව දෙන්න මහා පරිමාණ වැඩසටහන් බිහි කරනවට වඩා ලේසියි, ගෙදරට එන එළවලු විකුණන අම්මගෙන්, මාලු වෙළෙන්දගෙන් ආදී වූ දුප්පතුන්ගෙන් කේවල් නොකර ඔවුන්ට සාධාරණ මිලක් දී ඔවුන් විකුණන දේ මිළදී ගන්න එක. ඒ වගේ තමයි අනෙක් දේවලුත්.

    ReplyDelete
  64. ආන්න තිස්ස අයිය නියම තැනට ආව. මතකද අපි යෝජනා කළා අයියට රේඩියෝවක් වගේ එකක් පටන් ගම්මු කියල. අයිය හා කීවෙ නෑනෙ. සමාවෙන්නෝන මට මතක නෑ කවුද යෝජනාව ගෙනාවෙ කියල නම්. පොස්ට් ටික පීරල හෙව්ව හොයාගන්න බැරිඋනා. සියළු තාක්ෂණික සහ බර පැන දරන්නට සූදානම් පිරිසක් එකතු උනා. මොකෝ කියන්නෙ. වැඩෙට අත ගහමුද?
    ආයෙ දෙකක් නෑ. අයිය දැනට දාල තියෙන සංයෝජනය නියමයි. විවිධ ගායකයො, යුග, ප්‍රස්තුත, මාතෘකා... නියමයි!

    ReplyDelete
  65. ම්ම්ම්ම්... මගේ මලයා... යෝගීට තමයි අදහස මුලින්ම ආවේ... අපි පොඩ්ඩක් කල්පනා කරගෙන යනවා... තව ටිකක් අදහස වර්ධනය වෙන්න අරින්න ඕනේ නේද... අනෙක් අයගේ අදහසුත් අරගෙන...

    ReplyDelete
  66. මෙන්න මාත් අත උස්සලා කැමැත්ත දුන්නා... :)

    ReplyDelete
  67. ගොඩක්වෙලාවට මමත් රසවිඳින වැඩසටහන් කීපයක් තමයි freedom සහෝදරී සටහන් කරල තියෙන්නේ....

    හෙනං හොඳ දවසක් බලලා නමෝවිත්තියෙන් පටාං ගම්මු එහෙනම්.....

    හෝව්..හෝව්....අපි බලමු අනෙක් උදවියගෙ අදහසුත්....

    සුලා...

    ReplyDelete
  68. සුලාගේ ලියමනත් එක්ක නව පණක් ගෙන ආ අද දවසේ හරබර අදහස් සමූහයක් හුවමාරුවීම දකින්නත් සතුටුයි. ඇත්තෙන්ම මෙතැන ගැවසෙන මුතුකැට විහිදුවන රැස් දකින හැම විටම "අපි අසරණ වෙලා" යන හැඟීම දුරස් වෙනවා.

    @freedom (@0721 am):
    සොයුරිය ඔබ මතුකල ප්‍රශ්ණ කිහිපයට කරුණු බොහෝ ඇති. ඇඟිලි දික්කර වැරැදිකරුවන් දක්වන්න පුලුවන් වේවි, ඒ ඇඟිලි දික්කරීමෙදි අපි දෙසට යොමුවන ඇඟිලි තුන අපට යමක් බලකරනවා. ඒනිසා මගේ අදහස අපි අපෙන් ඉටුවිය යුතු දෙය සුළුවෙන් හෝ කර යුතුයි.

    "නැත්නම් අපි මෝඩද?" කොහෙත්ම නැහැ නංගියෝ, ඒ නිසාම නේද ඔයා මෙතරම් උත්සාහ කරන්නේ.

    @nethu: හිතට දැනෙන බොහෝ දේවල් කියෙව්වා ස්තුතිපූර්වකව

    @යෝගී: සොයුරේ නුඹේ සටහනින් අපිව ගොඩාක් ගැඹුරකට අරන් ගියා අති දක්ෂ කිමිදුම් කරුවෙක් වගේ

    @පාලි: "...දුප්පත් කම නැති කරන්න, දුප්පතුන්ගෙ දරුවන්ට ශිෂ්‍යත්ව දෙන්න මහා පරිමාණ වැඩසටහන් බිහි කරනවට වඩා ලේසියි, ගෙදරට එන එළවලු විකුණන අම්මගෙන්, මාලු වෙළෙන්දගෙන් ආදී වූ දුප්පතුන්ගෙන් කේවල් නොකර ඔවුන්ට සාධාරණ මිලක් දී ඔවුන් විකුණන දේ මිළදී ගන්න එක..." මගේ ආචාරය සොයුර.

    @tissa: "think simple... do what you can do NOW... (it's ok to dream...) but action should be there too...!" I am with you my friend.

    පියවරෙන් පියවර ලොකු ගමනක් යා හැකියි.

    ReplyDelete
  69. ඕං මට සමාවෙන්න ඕනෑ.....සියළු දෙනාම...(ආයෙ ආයෙත් කියෝනවට..ඉතිං මක් කොරන්ඩදෑ...හිතට අගුළුදාන්න පුළුවනෑ)

    හැමදාමත්වගේ......මමත් පිං කොළානෙ මෙතරම්......මේවාගේ ලස්සන හිත් එක්ක කතාකරන්න...දැන්නම් හද ගී පොත මගේ නවාතැන වෙලානේ....

    සුලා..

    ReplyDelete
  70. තිස්ස වැඩේ පටන් ගමු නේද?? මගෙ ළඟත් තියෙනව හොඳ සින්දු සෙට් එකක්. මම ඒ ටිකත් උඹට එවන්නම්......සමහර ඒවානම් ගොඩක් පරණ සින්දු....ඒ කිව්වෙ අසූ ගණන් වලත් පැරණි ගී කියලා ප්‍රචාරය වුණු ඒවා :)

    ReplyDelete
  71. ඊයේ නාරද දිසාසේකර අපෙන් සමු ගත්තා. ඔහු ගැයූ ඉතා රසවත් ගී ‍රැසක්ම තියෙනවා. "මේ භවයෙදි මුලු දිය දායේ", "නුග සෙවනක් වී ඔබට සිසිල සදන්නම් ළදුනි" වැනි. හැකිනම් ඔබේ හද ගී පොතේ එක පි‍ටුවක් ඔහු වෙනුවෙන් වෙන් කරන්න.
    මැණික්(සුළඟ)

    ReplyDelete
  72. @මැණික්: අන්න හොඳ අදහසක්... අමම් පොඩ්ඩක් ව්‍යාප්ත කරලා ගන්නද... හද ගී පොත පටන් ගත්තට පස්සේ අප අතරින් වියෝවුනු ඔවුන් වෙනුවෙන් පි‍ටුවක් වෙන්කරමු ඔවුන්ට කරන ගරු කිරීමක් හැටියට... සුසිල් ප්‍රේමරත්න, අබේවර්ධන බාලසූරිය, නාරද දිසාසේකර... දැනට ඉන්නවා (අවාසනාවට)...

    "නුග සෙවණක්..." කියන්නේ සෝමතිලක ජයමහ මට මතක හැටියට...

    ReplyDelete
  73. @nethu & others........

    I have uploaded a song to youtube as I promised earlier. You may watch it from here

    http://www.youtube.com/watch?v=o2cxgxX6Kq4

    I will upload few more later.

    ReplyDelete
  74. Tissa, Pali,

    Thanks !!! pls email the links to me if possible.

    :)
    Manjula

    ReplyDelete

 
Blogger Wordpress Gadgets