මිහිළිය නළලේ...

මේ ගීය ලියා ඇත්තේ සුනිල් ආරියරත්නයන්. තනු හා සංගීත ණිර්මාණය වික්ටර් රත්නායකයන්ගෙන්. ගායනය අමරදේවයන් ගෙන්. විශිෂ්ඨ කලාකරුවන් තිදෙනෙකුගේ විශිෂ්ඨ නිර්මාණයක්


මිහිළිය නළලේ අංජන තිලකේ...සිරි ලංකා දෙරනේ...
තිසරණ සරණින් භූ පාලනා... ජනතා දිනේ දිනේ... ජනතා දිනේ දිනේ...

දන පිනන සතර සඟරා වතින්, සත ගත සිත සැනසේවා...
සඟ වෙද ගුරු ගොවි කම්කරු බල ඇණියෙන්, සිව් දිග සැරසේවා... සිව්දිග සැරසේවා

භුජ බල පල කල සුරු නර විරු කැළ යලි හෙලබිම ඉපදේවා...
මුදු ගුණෙන් සුපුන් සන නැණින් ගුරුන් ලෙස... රන් දිව දිළිහේවා...රන් දිව දිළිහේවා...

සිංදුව අහන්න... ඕන්නම් බාගන්න... ඔබේ සිතැඟිත් ලියලම යන්න...

13 comments :

  1. මේක නම් කලින් අහල තිබ්බේ නැහැ.බොහොම ස්තූතියි මේ වගේ වැඩිපුර ඇහෙන්නේ නැති සහ හොයාගන්න අපහසු ගීත අපිට සමීප කරනවට.

    ReplyDelete
  2. ඔබ මේ වැඩේට දක්වන සහයෝගය ඉස්තරම් සොයුර...

    ReplyDelete
  3. ලොකු දෙයක් සහෝ.. මේකනං අර කිව්ව වගේ ඉස්තරම් වැඩක්. මං මේ comment එක type කරන්නේ ඔබ ඇතුළත් කර ඇති ගීතය අහන ගමන්. එතකොට තමා හිතෙන්නේ ‍අනේ රටකට ගිය කලක් කියල.
    -ජය

    ReplyDelete
  4. ගිය දේ ගියාවේ... සහෘද හදවත් ඇති ඔබ අප එකතුවෙල කොහොම හරි ගොඩ දාමු... අත ඇරලා බෑ... පොඩ්ඩ පොඩ්ඩ හරි... ඔබට ස්තූතියි...දිරිගැන්වුමට...

    ReplyDelete
  5. තිස්ස අයියා, KDK Fans හොද නෑනේ.. දැන් ඊට වඩා කොයි තරම් හොද ඒවා තියෙනවාද?
    මේ සිංදුව නම් අද තමා ඇහුවේ..

    ReplyDelete
  6. උඹටනම් පිස්සුම තමා මලේ....හෙහ් හෙහ් හෙහ්..

    ReplyDelete
  7. අදමයි මේ සින්දුව ඇහුවෙ.... බොහොම ස්තුතියි මේ වගෙ පැරණි ගීත අහන්න සලස්සනවට........ :)

    ReplyDelete
  8. අපොයි...... මම සහෝදරයෙක් නෙවෙයි.......සහෝදරියක් :)

    ReplyDelete
  9. හපොච්චියේ සමාවෙන්න සොයුරිය.... දැන් ඉතින් සොයුරෙක් කියල හිතා ලී දේ ආපහු ගන්නද...! මටම මයි වෙන්නේ....

    ReplyDelete
  10. ඔහ්... එතකොට අර ඔබලාගේ අඩවියේ යන අපූරු කවි සිතුවිලි ඔබගෙයි එහෙමනම්...හරි හරි...

    ReplyDelete
  11. ඒකට කමක් නෑ...... වැරදීම් වෙනවනෙ..... :D

    ReplyDelete
  12. ඒ අඩවිය අපි දෙන්නෙක් එකතු වෙලයි කරන්නෙ..... ස්තුතියි ආගමනයට....

    ReplyDelete

 
Blogger Wordpress Gadgets