කැල්මෙනා සඳෙස සදිසි, ඇයගෙ වත මනා...

දුරුතු මාසය නම් ඉවර උනා... ඒ උනත් මේ ගීයේ රසය නම් එහෙම්මමයි... කියන්නේ සෝමරත්න පෙරේරා කියල කෙනෙක්... ඔහු කියලා තියෙන තවත් රසවත් ගීයක් තමයි "මල් මඳහස ‍රැඳුනි තොලේ, මල් ගෝමර ඉසුණු බඳේ..." කටහඬ හරිම මියුරුයි...මේක හරියට කවියක් වගේ...හරි අලංකාර යෙදුම් කිහිපයක් තියෙනවා... මගෙ නෑ සොයුරියකටත් මේ දවස්වල ඇයව අමතලා කෙනෙක් මේ වාගෙ වැනුම් කරනවලු... ඇය ඉතින් හිතේ පිරිය වැඩෙන කල් ඒවා ඉවසා දරාගෙන ඉන්නවලු... වැල් වටාරම් නැතුව අහලම බලමු නේද...?

කැල්මෙනා සඳෙස සදිසි - ඇයගෙ වත මනා
ගමනිනා මසිත බැඳුනී - තිසර රූ මෙනා
ලඟ එනා හීත දුරුතූ - මහට පෙර දිනා
දෙනු මැනා බහට බහක් - මසිත පොබයනා

නිදියනා රැයට නැගෙනා - මියුරු ගී මනා
දෙනුවනා පැතුම් ලොවටා - නිබඳ පුබුදනා
මුතුමෙනා සුමුදුවන් සිනා - මුවඟ නගමිනා
එනතුරා එලඳ උදෙනා - හිඳිමි මග බලා

ලබනටා සොඳුරු එ ලතා - බුලතකින් සදා
අත වටා රනැට නටනා - වළලු ළන ළඳා
දැකුමෙනා දුටුව කාගෙත් - මුවග සිතු දෙනා
අත පතා තවත් එ ගමා - ඇතිද එම ලඳා

සිංදුව අහන්න... ඕන්නම් බාගන්න... ඔබේ සිතැඟිත් ලියලම යන්න...

12 comments :

  1. සින්දුව නම් අනර්ඝයි. හිතේ ඇතිවෙන හැගීම් සොදුරු විදිහට කියල තියනව. බලන් ගියහම ගොඩක් දෙනා ප්‍රථමවෙන්ම බැදෙන්නෙ කෙනෙක්ගෙ පෙනුමට වෙන්න ඔ්න. කෙනෙක්ට ලස්සන කෙනෙත් තවත් කෙනෙක්ට කැතැයි. තවත් කෙනෙක්ට කැත ලස්සනයි. මම කැත කීවේ ලස්සන නැහැ කියන එක නෙමෙයි. එහෙම වුන එකත් හොදයි .මොකද නැත්තම් කොටසක් හැමදාම තනි වෙනවා.....

    පිට පෙනුම බලල ගෙදර ගෙනිච්චා වගේ නෙමෙයි පස්සෙ තමයි රග දැනෙන්නේ .

    හැබැයි මම අහල තියන විදිහට නම් රාගික බැදීම හැම බැදීමකට වඩා කල් අල්ලනවලු.

    ReplyDelete
  2. හැම සංඛයාතයම හරියට සුසර වුනාට පස්සේ, කොයි ස්වරයෙන්ද පටන් ගත්තේ කියන එක, හද ගී පොතටවත්, කාටවත් අදාල නෑ... සම්පූර්ණ සිංදුවම හිතේ හැටියට රස වින්ද හැකි...

    ReplyDelete
  3. තේරුනා .... රසව්න්දනය කරන්න පුලුවන් හිතක් තියනම් කාගෙන් බාදාවක් ද... හරියට සුසර කරන එක කාලයත් එක්ක අත්දකින තමන්ගේ සිතට අයිති දෙයක් .....

    ReplyDelete
  4. ane manda mona kiyannada...hima kata unu konkreet loke thani unu mage hithata rath unu beli mal watura tikak wage.. bohoma pin

    ReplyDelete
  5. ෂහ්... හරිම රසවත් උපමාවක්නෙ... හිතවත මම ඔබ සමග... ඔබ තනි නැත... මෙබඳු රසවත් පද ඇති අය කෙසේනම් තනි වෙත්ද...?

    ReplyDelete
  6. ස්තුතියි

    ReplyDelete
  7. වත් සොයුරියගෙ කතාවට මාත් එකඟයි. ලෝකයෙ විවිධ වූ සුන්දර බැඳීම් තියෙනවා. දූ දරු මා පිය බඳීම්, සොයුරු සොයුරියන් අතර බැඳීම් ආදීවු බොහොමයක්. ගැහැණියක් හා පිරිමියෙක් අතර බැඳීම මේ සියල්ලන්ගෙන්ම වෙනස් වන්නේ රාගික බැඳීම නිසයි. ඒ නිසාම එය කල් පැවැත්මටත් හේතු වෙනවා කියල තමයි මටත් හිතෙන්නෙ.

    ReplyDelete
  8. වර්‍ගයාගේ පැවැත්මට ධර්මේ දීපු දේ...

    ReplyDelete
  9. මේ ගොඩක් සින්දු ඉස්සර (1970 කාලේ) ගුවන් විදුලියේ සරළ ගී වලට කරපුවා. (දැන් තියෙන්නෙ තනු කොපි කරපු අලුත් සින්දු ). ආයේ ගුවන් විදුලියේ පර්යේෂණ ගී වලින් කරපුවා. ඒවා අහනකොට පුදුම හිතෙනවා. අතුල/ලාලනී සෝමසිරි(වැහි කුමරිය ), සුනිල් සිරිවර්දන, නාලනී රණසිංහ, නන්දා පතිරණ, ලෝරන්ස් මාටින්, අයිවෝ ඩෙනිස්. ටී එම්, නීලා... ආදීන් කියපු ෂෙල්ටන් ප්‍රේමරත්න, සී ද එස් කුලතිලක වගේ අය සංගීතය ලියපු .... හොයාගන්න අමාරු සින්දු.. තව දාන්න.

    ReplyDelete
  10. සහෘද හිතවත් හෂිත... කරුණාකර ඔබට මතක් වෙන සිංදු තියේනම් දන්වා එවන්න... වෙබ් අවකාශයේ ඊලඟ පරපුරට අප යමක් ඉතිරිකර ගියාවෙයි එතකොට... ඍජුවම ගියට සම්බන්ද නොවුනත් රසය නැමැති යෂ්ටිය අප හුවමාරු කලයුතුමැයි...

    ReplyDelete
  11. කොහෙන් හොයනවද බුදු අයියේ..... පට්ට....

    ReplyDelete

 
Blogger Wordpress Gadgets